Watch Trailer

Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ අවිවේකි ජීවිතයේ විවේකි අවස්ථාවක ලැබුණු ඉඩ කඩෙන් ඔයාල වෙනුවෙන් 2022 අගෝස්තු මාසයේ නිකුත් වුණ Jai ගේ අලුත්ම Action චිත්‍රපටයට උපසිරැසිය අරගෙන ආවා. S.K. Vettri Selvan ගේ අධ්‍යක්ෂණය යටතේ Athulya Ravi, Vamsi Krishna යන අයට අමතරව විදේශීය රංගන ශිල්පීන් රැසක්ද දායක වෙනවා. IMDb අගය 7.2ක් අර…

ආයුබෝවන් යාළුවනේ අවිවේකි ජීවිතයේ විවේකි අවස්ථාවක ලැබුණු ඉඩ කඩෙන් ඔයාල වෙනුවෙන් 2022 අගෝස්තු මාසයේ නිකුත් වුණ Jai ගේ අලුත්ම Action චිත්‍රපටයට උපසිරැසිය අරගෙන ආවා.

S.K. Vettri Selvan ගේ අධ්‍යක්ෂණය යටතේ Athulya Ravi, Vamsi Krishna යන අයට අමතරව විදේශීය රංගන ශිල්පීන් රැසක්ද දායක වෙනවා. IMDb අගය 7.2ක් අරගෙනත් තියෙනව. මංකොල්ලයක් වටා ගෙතෙන කතාවේ පොඩි හැදින්වීමක් කරන්නම්.

කතිර් කාර්යාලයේ වැඩ කර කර ඉන්නකොට එයාගෙ ෆෝන් එකට මැසේජ් කීපයක් එනව, එවල තියෙන්නෙ යාළුවෙක් බැලින්නම් ලස්සන ගැහැණු ළමයෙකුගෙ ෆොටෝස් කීපයක්. ඒ කොලේජ් එකේ කතිර්ගෙ පස්සෙන් ආපු නර්මදා කියල ගැහැණු ළමයගෙ ෆොටෝස්. ඒ ලස්සන දැක්කාම කතිර්ගෙ හිතට නර්මදා ගැන ආදරයක් ඇතිවෙනවා. කොලේජ් කාලෙදි මෙච්චර ලස්සන කෙල්ලෙක්ද නැතිකරගත්තෙ කියල එයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කියල හිතාගෙන එයාගෙ යාළුවට කියනව නර්මදාව මුන ගස්සන්න කියල. නර්මදාව මුණ ගැහිලා සමාව ඉල්ලල කොලේජ් කාලේ නර්මදා යෝජනා කරපු එකට දැන් එයා කැමතියි කියල කියනව. මුලින්ම පිළිගත්තෙ නැතත් පස්සෙ නර්මදා කතිර්ව පිළිගන්නව, මොකද කොලේජ් කාලේ ඉදන්ම නර්මදාගෙ හිතේ තිබුණ ආදරේ වෙනසක් වෙලා තිබුණෙ නැති නිසා. පස්සෙ මේක ගෙවල් වලිනුත් දැනගෙන නර්මදාගෙ තාත්තා ජාතිය කියන බාල්දිය පෙරලන්න බැලුවත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. කතිර්ට නම් තාත්තා විතරයි ඉන්නෙ. දෙන්නගෙ ආදරේට දැන් දෙපැත්තෙන්ම කැමැත්ත හම්බවෙලා විවාහයට ඕන කරන රත්තරන් බඩු ගන්න කියල ස්වර්ණාබරණ සාප්පුවකට යනව දෙන්නත් එක්කම. කතිර් බයික් එක පාර්ක් කරන්න යන අතරේ නර්මදා ස්වර්ණාබරණ සාප්පුව ඇතුළට, ඒ ගිහින් ටික වෙලාවකට පස්සේ ඇහෙන වෙඩි හඩත් එක්ක කතිර් සාප්පුව ඇතුළට දුවගෙන යනවා. ඒ ගිහින් බල්ද්දි වුණ දේ කතීර්ට හිතාගන්නවත් බැරිවෙනවා. එහෙනම් ඒ විස්තරෙත් බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ආයෙත් චිත්‍රපටයකින් මුණ ගැහෙනකම් තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

8,463 downloadsDownload Yenni-Thuniga-2022.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

8,463 downloadsDownload Subtitles69 KB

24 comments

  1. Isuru

    Thank you puluwan nam pappan malayalam film ekath denna

    1. ඇනමෝනිස්

      ලොවෙත් ෆීනික්ස් කරනවා ඇති

  2. Kushan

    Sub akta thanks

  3. Pasindu Madumal

    උපසිරස ගැන්වීමට ස්තූතියි අයියේ ❤️

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  5. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Naveen Mbr

    ස්තූතියි ඔෂධ සහෝදරයා!

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  8. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaa

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Naveen

    උපසිරසියට තුති

  11. Rana

    Hey sinamika ekt sub ek lagadi denne nadda plz ekt sub ek dennko

    1. Anonymous

      Gon filumak bn

  12. Samith

    Thanks brother

  13. Anonymous

    මීට වඩා හොද ගුනාත්මක මලයාලම් ෆිල්ම් ඕනතරම් තියෙනවා බයිස්කෝප් සබ් නොදීපු ඒවටත් පොඩි ට්‍රයි එකක් දීපන් මචන්

  14. dulan

    ස්තුතියි !

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  17. Eranda

    Thanks brother

  18. Lakindu R

    දෙමල සබ් ටික දෙනවා සින් සින් ගාලා
    පාර ආ

  19. oshanda

    ස්තූතියි හැමෝටම.. මම මලයාලම් වලට වැඩිය දෙමළ පැත්ත තමයි කරන්නෙ සහෝ

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. Chandima

    Thanks Sub Ekata..

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P