ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම… ඔන්න මං තවත් චිත්‍රපට මාලාවක් සම්පූර්ණ කරලා ඒ චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසිය අරන් ආවා. Death Wish මුල් චිත්‍රපට බලපු ඔයාලට පෝල් කර්සි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොහොම සාමකාමී විදිහට නීතිගරුකව තම පවුලත් එක්ක ජීවත් වෙන පෝල් කර්සිට, නගරයේ සිටින ඇ…

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම…

ඔන්න මං තවත් චිත්‍රපට මාලාවක් සම්පූර්ණ කරලා ඒ චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසිය අරන් ආවා.

Death Wish මුල් චිත්‍රපට බලපු ඔයාලට පෝල් කර්සි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොහොම සාමකාමී විදිහට නීතිගරුකව තම පවුලත් එක්ක ජීවත් වෙන පෝල් කර්සිට, නගරයේ සිටින ඇතැම් මැර කල්ලි විසින් එයාගේ පවුලේ උදවිය කර්සිගෙන් ඈත් කරද්දි, නීතියෙන් සරණක් නැති තැන ඔහු නීතිය අතට ගන්නවා යුක්තිය ඉටු කරන්න.

නිර්නාමිකව සිදු කරන මේ පලිගැනීම නිසා ඒ මැර කල්ලි විනාශවෙලා යනවා. ආරක්ෂක අංශ වලටත් ඒක යම් අස්වැසිල්ලක්. වතක් දෙවතාවක් නෙවෙයි සිව් වතාවක්ම අවාසනාව පෝල් කර්සිව හොයාගෙන එනවා. මේ සියළු හැලහැප්පීම් අවසානයේ පෝල් කර්සි, පෝල් ස්ටුවර්ට් ලෙස ගෘහ නිර්මාණ ශිල්පය උගන්වන මහාචාර්ය වරයෙක් විදිහට අළුතින් ජීවිතේ පටන් ගෙන තම සහකාරිය විදිහට තෝරාගන්නේ නීතියෙන් වෙන්වුන ඇදුම් විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන ඔලිවියා රීජන්ට්වයි. ඒත් ඇගෙන් වෙන්වුන සැමියා ටොමී ඔෂේයි ඇගේ ව්‍යාපාර කටයුතු වලට එබිකම් කරන්නේ තම නීතිවිරෝධී කලු සල්ලි මේ ව්‍යාපාරය හරහා මාරුකරගන්නයි. තවමත් කර්සිගෙන් අවාසනාව අයින් වෙලා නෑ. අද හෙට විවාහ වෙන්න හිටිය ඔලිවියාගේ වියෝවත් එක්ක පෝල් කර්සි නැවතත් නීතිය අතට ගන්නවා.

Death Wish විත්‍රපට මාලාවේ පස්වන කොටස

Death Wish V: The Face of Death

1994 ජනවාරි 14 වනදා මුලින්ම තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය Allan A. Goldstein විසිනි. Damian Lee නිෂ්පාදනය කල මෙම චිත්‍රපටයේ සුපුරුදු පෝල් කර්සි ලෙස Charles Bronson රංගනයෙන් දායක වේ. තවද Lesley-Anne Down ඔලිවියා ලෙසත්, Michael Parks ටොමී ලෙසත්, Saul Rubinek බ්‍රයන් ලෙසත් මෙහි රංගනයෙන් එකතු වෙනවා. විනාඩි 95ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 5ක් වුවත් බොක්ස් ඔෆීස් ආදායම නම් එච්චර සුබදායි නැහැ. IMDb අගය 4.8 වන අතර ගූගල් පරිශීලකයින්ගෙන් 82%ක මනාපය ලැබිලා තියනවා.

පොරොන්දු වන විදිහටම ඔන්න Death Wish චිත්‍රපට මාලාව සම්පූර්ණ කලා.

ඒ වගේම 1974 තිරගත වුන Death Wish පළමු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් Death Wish 2018 තිරගත වුනා. මෙය මේ චිත්‍රපට මාලාවේ 06 වන චිත්‍රපටය කියලත් හඳුන්වනවා. බයිස්කෝප් අඩවියේ ලහිරු ප්‍රසාද් සහෝදරයා එම චිත්‍රපටය සිංහල උපසිරසි ගන්වලා තියනවා. ඒ චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අදට මං සමුගන්නවා.

ඔයාල හැමෝටම සුබදායී දවසක්.

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

953 downloadsDownload Death.Wish_.The_.Face_.Of_.Death_.1994.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

953 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. මේ වගේ පරණ චිත්‍රපට වලට සබ් දෙන එකනම් ගොඩක් වටිනව. ජයවේවා!

  3. Anonymous

    Thanks.....jayawewa...!

  4. Dewadithya

    Thanks for sub!

  5. Anonymous

    Thanks, Old is gold!

  6. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    මෙම සිනමාපට මාලාවම ඔබේ උපසිරසි වලින් නැරඹුවා. මෙයටත් ස්තුතියි! නැවත මෙවන් වටිනා පැරණි සිනමාපට සඳහා අපට උපසිරසි ලබාදෙන්න.

  7. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Anonymous

    Great work, Thanks! These are Ever green films. But unfortunately our new generation is addicted to computer effect movies and Tamil movies only.

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  11. indika 75

    thanks..

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.