කොහොමද යාළුවනේ………. හැමෝම හොදින් නේද.. ඔන්න මම මෙදා සැරේ අරගෙන ආවේ පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් සුපිරි දමිළ බයිස්කෝප් එකක් ඔයා දමිළ බලනවනම් මේකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මේක බලනකොට කිසිම පාළුවක් දැනෙන්නේ නෑ… අනික බොක්ස් ඔෆිස් වාර්තා තියපු එකක් ඒකට හේතුව විදිහට කියලා තිබ්…

කොහොමද යාළුවනේ………. හැමෝම හොදින් නේද.. ඔන්න මම මෙදා සැරේ අරගෙන ආවේ පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් සුපිරි දමිළ බයිස්කෝප් එකක් ඔයා දමිළ බලනවනම් මේකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මේක බලනකොට කිසිම පාළුවක් දැනෙන්නේ නෑ… අනික බොක්ස් ඔෆිස් වාර්තා තියපු එකක් ඒකට හේතුව විදිහට කියලා තිබ්බේ නම් සංකල්පනය හොඳ නිසා කියලයි..
නම තමයි Tamizhuku En Ondrai Azhuthavum මේක තිරගත කිරීම ආරම්භ කළේ නම් 2015 පෙබරවාරි 20 මේකට IMDB මීටරෙන් 6.8 ලැබිලා තියෙනවා. මේකෙ Nakhul, Dinesh, Bindhu Madhavi, Aishwarya Dutta සහ දෙමළ සුපිරි විකට නළුවන් දෙදෙනෙකු වන Satish, Manobala (මේ දෙන්නගේ වැඩ ගැන දන්නවනේ) සහ තවත් විශාල නළු නිළියන් ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙලා තියෙනවා
හොඳ කොපියක් ඇවිලා නම් ටික දවසක් වෙනවා…. (දැන් බලනවා ඇති මේක දෙන්න මූ මෙච්චර පරක්කු වුණේ ඇයි කියලා නේද.. ?) ඒකටත් සාධාරණ හේතුවක් තියෙනවා හොදේ… සමීර චතුරංග අයියා තමයි මට මේ බයිස්කෝප් එක හොයල දුන්නෙ.. ඉතින් වැඩේ කරන්න පටන්ගන්නකොටම වැඩේ අවුල් මොකද මේකට නිකුත්වෙලා තියෙන ඉංග්‍රීසි උපසිරසියේ ටයිම් අවුල් කතාව කොහෙදෝ උපසිරසිය කොහෙදෝ (තව ගොඩක් ප්‍රශ්න තිබ්බා හොදේ…) ඇවිල්ලා තියෙන කිසිම කොපියකට සෙට් වෙන්නෙ නෑ….. ඉතින් මම බයිස්කෝප් රසික රසිකාවියෝ වෙනුවෙන් කොපියට හරියන්න ලයින් ගාන හැදුවා හැබැයි ලයින් ගාන 2200 කටත් වැඩියි (මාරම කට්ට්ක් කෑවේ අප්පා.. ) මේකෙ තිබ්බ අඩුපාඩු සේරම හදලා බලනකොට ටිකක් කල් ගිහින්… දැන් ඇති… අපි කතාව පැත්තට යමු..
ත්‍රස්තවාදීයෙක් නගරයේ බෝම්බයක් පිපිරීම සඳහා පැමිණෙනවා.. ඒකට මොහු යොදාගන්නේ කුලීරථ රියෙදුරෙක් වන රාජගේ (Satish ) කුලීරථය නමුත් රාජා මේ ගැන දන්නෙ නෑ.. ඒත් ත්‍රස්තවාදිය එක හේතුවක් නිසා බෝම්බය පුපුරන්න බෑ… එදාම එක්තරා හේතුවක් නිසා චෙන්නායි නගරයේ සම්පූර්ණ ජංගම දුරකථන ජාලයම ඇනහිටිනවා… ඒ අතර මුකිල් (Dinesh) අමාරුවෙන් කැමැත්ත අරගත්ත එයාගේ පෙම්වතිය සිමී (Bindhu Madhavi) මුකිල් වැඩකරන තැන වළක හිරවෙනවා.. හැබැයි එක හේතුවක් නිසා ඇයත් ලොකු අවදානමක එතනින් ඇයට බේරෙන්න තියෙන එකම විදිහ මුකිල්ට යවන කෙටි පණිවිඩය… මේ අතර දක්ෂ තාක්ෂණික වැඩකරුවෙක් වන වසන්ත් (Nakhul) හදන්නේ මේ ගැටලුව නිරාකරණය කරන්න… මේ කාරණා සියල්ල එකි නෙකට ලස්සනට සම්බන්ධ කරලා තියෙනවා..
මේ සම්බන්ධය මොකක්ද? ත්‍රස්තවාදියට බෝම්බය පුපුරන්න හැක්වෙයිද? වසන්ත් මේ ගැටලුව නිරාකරණය කරන්නේ කෙසේද? ඔහුට මෙය කරන්න පුළුවන් වෙයිද? ජංගම දුරකථන ජාලය ඇණ හිටියේ ඇයි? දුරකථන ජාලය නැවත වැඩකරයිද? මුකිල්ට තම පෙම්වතිය බේර ගැනීමට හැකිවෙයිද? රාජා බෝම්බය ගැන දැන ගනීද? මේවට පිළිතුරු දැන ගන්න නම් මේක බලන්නම වෙනවා..
මෙය වෙනස්ම වෙනස් කතාවක්……. ඒක බැලුවොත් තේරෙයි…. මේකෙත් වැරදි අඩුපාඩු තිබ්බොත් කියන්න හොදේ… ඒ වගේම මම කාපු කට්ට්ට හරියන්න අදහසක් දාලා යන්න හොදේ….තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ජය වේවා…..
705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
799e22772820cda8e100bd80513f0281ef7124fd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,852 downloadsDownload Tamiluku.En_.Ondrai.Aluthavum.2015.baiscopelk.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/chamika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
35 comments
එල්.සී. දමැල්
Kulanjana Maduranga
niayamai…me wge 1k atharinne kohomada...dnma banawa.thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
yashmitha
අපෝ මේක සුරංගනා කතාවක් වගේ, මෙලෝ රහක් නෑ!
Menu
සුරංගනා කතාවක් උනත් මහන්සිය අගය කරන්න ඔනා... මට නම් මේ film එක නියමයි :) වෙනස් කතාවක්...
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !!! සුභපැතුම් ඉදිරියටම යන්න !!!
Vithanage Priyantha Dayakeerthi
උපසිරසියට තුති!
ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!Sisira Hegoda
Thanks.
thilina
Thanks Bro.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!NILANTHA
wadak nathi film ekak
Janith
Thanks, Please continue upload Ancient Aliens.
niro
සිරාවටම මචෝ උඹලගේ මේ කැපවීමට ප්‍රසංසා කරන්න වචන නෑ..... උඹලා නිසා තමා අපි ඇඩ් කන්නෙ නැතුව ෆිල්ම් බලන්නේ.... තෑන්ක්ස් මචෝ ගොඩාක්
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
නලින්
සබට බොහොම ස්තුතිවන්ත වෙනවා සහෝ සමහරු
න්ට මේක නිකන් දුන්නහම අගයක් නැහැ ඒකයි කෑ ගහන්නේ සුරන්ගනා කතාවක් උනත් මහන්සිය අගය කරන්න ඔනා ඒකයි වටින්නේ .....ඔබට ජය දිගටම කරගෙනයන්න...indika
thn Q :)
තාරක නුවන් දිල්හාර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට :)
ඊළඟ එකෙන් හමුවෙමු ;)
ජය වේවා....!!!රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Migara Rajapaksha
Thanks machan.. ;) Great job..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !anurA
thnzzz sahooo....oyagee mahansiyata godakma thnzzzz ....jayawewaaaa
Pa$indu Damsara
sub ekata thnx
පොඩි මෑන්
Saho tamil nan api aniwa :) thawath tamilakma denna. Oyatath Baiscpoe eke
hamotamath godak Sthuthiy :lol: :lol:shan
thanks bro
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබා ජය...........වරුණ රංගජිත් (වරූ)
මේක අද බෑවා
ලොකු කොපියක් වෙනම සර්ච් කරලා බෑවා
සබට තුති
ජය වේවාdenuwan
niyameta thiyenawa sub ekata thanx
Nishan Lahiru
Tnx Macho patta film1k
Rajitha Abeysinghe
thank you!!
DD
Ala ala ala
Niyamaie Sahooo.Sanjaya
Sub akata Bohoma Pin Saho....
shanuka
supiri film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz
sachintha
මචං ,
ඔයාලගේ කැපවීම හදවතින්ම අගය කරනවා.
ෆිල්ම් එක ලස්සනයි.
ස්තුතියිDoN
නොදන්නා නළුවන් නිළියන් උනාට ලස්සන story එකක් තියෙන්නේ.. හැමෝම බලන්න.. Sub එකට සහ Film එකට ස්තුතිය...
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයrushan sandaruwan
avangers 2 movie එකේ සබ් එකත් ඉක්මනට දෙන්නකො
channa
උපසිරැසියට තුති……
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අද මමද මන්දා එක...
උපසිරැසියට තුති සහෝ....
ජය වේවා...