Watch Trailer

Tapped Out (2014) Sinhala Subtitles | දෙමව්පියන්ගේ මිනීමරුවා සොයා. [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් මගේ පළමුවෙනි උපසිරසිය බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දීලා වැඩි දවසක් යන්නත් කලින් මගේ දෙවනි උපසිරසියත්ස ටහන් කරන්නයි යන්නේ. මුලින්ම මේ සිනමාපටයට උපසිරසි කරන්න භාර දුන්නු අශාන් විමුක්ති (විමා) අයියට ස්තූති කරන්න ඕනා. මේ සිනමා පටයත් පළවෙනි එක වගේම ටිකක් පරණ එකක් හැබැයි ගොඩක් ජනප්‍රිය වෙලා නැති…

ඔන්න එහෙනම් මගේ පළමුවෙනි උපසිරසිය බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දීලා වැඩි දවසක් යන්නත් කලින් මගේ දෙවනි උපසිරසියත්ස ටහන් කරන්නයි යන්නේ. මුලින්ම මේ සිනමාපටයට උපසිරසි කරන්න භාර දුන්නු අශාන් විමුක්ති (විමා) අයියට ස්තූති කරන්න ඕනා. මේ සිනමා පටයත් පළවෙනි එක වගේම ටිකක් පරණ එකක් හැබැයි ගොඩක් ජනප්‍රිය වෙලා නැති එක තමා මට තියන පුදුමය මොකද ඉතින් ඉන්දියාව,ලංකාව කියන රටවල් දෙකට Action movie එකක් ලේසියකට මිස් වෙන්නේ නම් නෑනේ. හරි හරි ඒ කොහොම වෙතත් දැන් අපි සිනමාපටය ගැන තොරතුරු ටිකක් බලමු.

මේක 2014 වසරේ තිරගත වුණු  Action|Drama ගණයට අයත් වෙන මූවී එකක්. මෙහි ධාවන කාලය මිනිත්තු 108 ක් වන අතර මෙය ලොවපුරා සීමිත රටවල් ගණනක පමනයි තිරගත වෙලා තියෙන්නේ මෙම සිනමාපටයට IMDb ratings 5.3 සහ Google පරිශීලකයින්ගෙන් 88% ක ප්‍රතිචාරයක් ලැබී තිබෙන අතර මේක අධ්‍යක්ෂණය වගේම කතාව රචනා කරලා තියෙන්නේ  Allan Ungar කියලා කෙනෙක්  ඒ වගේම මේකේ නිෂ්පාදකවරු වෙන්නේ Bruno Marino|Geoff Hart|Micheal Sousa කියන තුන්දෙනා මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක් වෙන්නේ  Cody Hackman කියන නළුවා මේ සලරුවේ තියන විශේෂ දෙයක් තමා දැන් කතා කරන්න යන්නේ ඒක තමා මෙහි සෙසු චරිත වලට රංගනයෙන් දායක වන පුද්ගලයින්ගෙන් තිදෙනෙක්ම  UFC එකේ සටන් වදින/වැදුනු  සුපිරිම චරිත 3 ක් ඔවුන් Anderson da Silva|Lyoto Machida|Krzysztof Soszynski යන තුන්දෙනා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

මයිකල් ශෝ කියන ලමයගේ අම්මයි තාත්තයි දෙන්නම එයා පොඩි කාලෙදී එයාගේ ඇස් ඉස්සරහම මරලා දානවා ඒත් පොලිසියට මිනීමරුවව අල්ලගන්න නම් හම්බ වෙන්නේ නෑ ඊට වසර 7 කට පස්සෙ මයිකල් කරාතේ උගන්වන තැනක වැඩට යනවා. මෙතනදී මයිකල්ට හමුවෙන විශේෂ යාලුවෙක් එයාව සටනක් බලන්න එක්කන් යනවා අන්න එතනදී මෙයාට අර අම්මවයි තාත්තවයි මරපු කෙනාව හම්බ වෙනවා. මේ යකා මුළු කතාවම  කිව්වා නේද..? දැන් අපි  බලන්නේ මොනවද කිය කිය බයින්න නම් එපා මොකද මේ කතාවේ පුංචි කෑල්ලක් විතරයි. ඉතින් මයිකල් මේ මිනීමරුවට මොනවා කරයිද..? එයාව මරලා හිරේ යයිද…? නැත්තන් මිනීමරුවා මයිකල්වත් මරයිද…? මොකද වෙන්නේ කියලා බලන්න මම ඔයාලට ආරාධනා කරනවා  එහෙනම් ක්‍රියාදාම වලින් සපිරුණු මිනිත්තු 108 ක් ගත කරන්න. මේ උපසිරසිය ගැන ඔබලාගේ අදහස් පහළින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු  සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙස ඉල්ලමින් මම සමුගන්නවා”

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,980 downloadsDownload Tapped-Out-2014.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,980 downloadsDownload Subtitles47 KB

16 comments

  1. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට ඉස්සරහටත් කරමු

    1. Anonymous

      Thanks...

    2. Anonymous

      Meka usa films ekakdha

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) .. දිගටම සබ් කරමු..
    ජය වේවා.!

    1. Anonymous

      thanks....

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Shamal manojan

    බොහොම ස්තුතියි........

    Request -----

    Rocky Balboa - 2006

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි .!!

  6. indika75

    thanks..

  7. Dewadithya

    Thanks for sub!

  8. suranuwan

    thanks.....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      thanks Royly aiyee........

  10. podda

    elama

  11. nish47

    ස්තූතියි සහෝ

  12. jagath55

    Thanks