Watch Trailer

Sinnga (2019) Sinhala Subtitles | නොනිමි සෙනෙහසයි, අම්මා. [සිංහල උපසිරසි] (50)

නිමේෂ් මධුශංක අයිය. මෙයා තමා මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යොමු කරන්න හේතු වුන කෙනා. කොටින්ම කිව්වොත් ෆීල්ම් වලින් මාව පිස්සෙක් කරපු කෙනා. බයිස්කෝප් අඩවිය 2009 මුලින්ම ආරම්භ කරන්න පෙර මෙන්න මේ කියපු කෙනා ෆීල්ම් එකක් ගෙනත් දෙනවා ඔන්න ඔය ඉන්න එකේ මේ ෆීල්ම් එක බලපන් කියලා. ඊට පස්සේ මනුස්සයාව හොය හොය ගිහින…

නිමේෂ් මධුශංක අයිය. මෙයා තමා මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යොමු කරන්න හේතු වුන කෙනා. කොටින්ම කිව්වොත් ෆීල්ම් වලින් මාව පිස්සෙක් කරපු කෙනා. බයිස්කෝප් අඩවිය 2009 මුලින්ම ආරම්භ කරන්න පෙර මෙන්න මේ කියපු කෙනා ෆීල්ම් එකක් ගෙනත් දෙනවා ඔන්න ඔය ඉන්න එකේ මේ ෆීල්ම් එක බලපන් කියලා. ඊට පස්සේ මනුස්සයාව හොය හොය ගිහින් ෆීල්ම් බලන්න පුරුදු වුනා. කොටින්ම ෆීල්ම් බලන්න ඇබ්බැහිම වුනා.

පස්සෙ 2009 බෙව් අඩවිය ගැන දැන ගන්නවා. එදා ඉදන් මේ වෙනකන් ලෝකයේ විවිධා රටවල විවිධ භාෂා වල ෆිල්ම්/ටීවි සීරිස් වලට තවත් ඇබ්බැහි වුනා.ඉතින් 2011 පොඩි ආශාවක් එනවා මේ උපසිරසියක් කරන්න කියලා.ඉතින් එච්චර දැනුමක් තිබුනේ නෑ මේ වැඩේ අරන් කරන්නෙ කොහොමද කියලා. කොහොම හරි notepad එකෙන් Vinnathandi Varuvaya 2010 ෆිලුම ලයින් ටිකක් කරා. පස්සෙ කර කර ඉද්දි ඒක වෙබ් අඩවියෙන් ලබා දුන්නා. ඊට පස්සේ රැකියාවක් ලැබනට පසුව ඒකට ගියාම මේ වැඩේ අතෑරැනා.

ආයෙමත් මේකට ආශාවක් ඇති වුනේ මෙන්න මේ කියන එක කෙනෙක් නිසයි.ඒ පැරණි හිංදි සිනමා උපසිරසිකරනයේ ලොකුම පුරුකක් වන ප්‍රියන්ත දයාකීර්ති අයියව. ඉතින් අයියගෙන් තමා මුලින්ම මේකට සම්බන්ධ වෙන වැඩේ ඉදන් අහගත්තේ. ඉතින් මේ වගේ පවුලක් ලබල දෙන්න මග පෑදුවට ඔබට බොහොම ස්තූතියි අයියේ.

අද නම් ජීවිතයේ මට ලොකු දවසක්, අමතක නොවෙන දවසක්, ඉතින් කවදාවත් හිතුවේ නෑ මේ තැනට එන්න පුළුවන් වෙයි කියලා. උපසිරසි ජීවිතේ පලවෙනි කඩයිම පහු කරන දවස. මේ කඩයිම පහු කරන්නනම් ඉතින් අවුරුදු 02 ක් වගේ කාලයක් ගියා. ඒකට ප්‍රධාන හේතුව ඉතින් කරන ජොබ නිසා තමයි,මැච් එකක වුනත් අර්ධ ශතකයක් ගහනව කියන්නේ කොහොමද , ලේසි නෑ නේද..? ඉතින් මේකත් ඒ වගේ ෆීල්ම් වලින්ම 50 ක්, ඒකත් දමිල, තෙලිගු වගේ ඒවගෙන්. බයිස්කෝප් කියන පවුලත් එක්ක එකතු වෙලා මගේ පලවෙනි සංධිස්ථානය පසු කරන්න තමයි එහෙනම් මේ හදන්නේ. 2018.04.15 වන දින Amarkalam (1999) දමිල චිත්‍රපටයෙන් පටන්ගෙන

දමිල චිත්‍රපට – 33
මලයාලම චිත්‍රපට – 03
තෙළිගු චිත්‍රපට – 10
කන්නඩ චිත්‍රපට – 04

යන චිත්‍රපට සදහා උපසිරසි දෙන්නට හැකි වුනා. ගොඩක් අය හම්බවුනාම හරි, කොහොමින් හරි අහන ප්‍රශ්ණයක් තමයි උඔට ඕක කරනවට උඔට මොනවත් හම්බ වෙනවද කියලා..? ඉතින් ඒ අයට අද අවස්ථාවක් කර ගන්නවා මට හම්බ වුනේ මොනවද කියලා මතක් කරන්න, මොනවත් නෑ තමයි, ඒත් දේවල් දෙකක් හම්බ වුනා,

  1. මගේ පවුල වගේම පවුලක් වෙන බයිස්කෝප් කියන පවුල.
  2. ඔය පහල ඉන්න (ගොඩක් නම් ලියන්න බැරි නිසා ටික දෙනයි) ඒ පවුලේ සාමාජිකයන්….

ඒ පවුලත් එක්ක පවුලේ සාමාජිකයන් එක්ක බෙදාගත්ත මතකයන් ඒවා කවදාවත් මිළ කරන්න බෑ, ඒ වගේම හැමදාටම ඒවා හදවතේ රැදිලා තියෙනවා, අන්න ඒවා තමයි හම්බ වුනේ. ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම වෙබ් අඩවියේ ආරම්භකයා ඉසිර ගුණතිලක අයියවත්, ඇඩ්මින් මණ්ඩලයේ, රොයිලි අයියා, හසන්න අයියා, ආසිරි අයියා,සමීර අයියා, විමා, සිසිල අයියා, සමන් අයියා, නිර්මානි අක්කා, සුධීර මාලන් අයියා, යශෝධ, තිසර නියෝ, ලෝගන් අයියා, නලින් අයියා, මේ මොහොතේ මතක් කර සිටිනවා.

ඒ වගේම තරිදු රුක්ෂාන් අයියා, තාරක නුවන්, සදුන් අයියා,ඔෂධ ධනංජය, දිල්ෂාන් සචින්ත මල්ලි, රවිදු මල්ලි, ශසිත් සදරුවන් (සදේ) අයියා, චන්දිම (සෑර්) , දසන් බුද්ධික , යුශාන් අයියා, දේවක අයියා, ඉන්ද්‍රජිත් අයියා, චමල් මලයා, දිනිදු සම්පත්, සොනාළි නංගි, දිලේකා නංගි, සොහාන් මල්ලි, කසුන් ජලිත, කවිණු වීරක්කොඩි, කවිශල් රසින්ත, චානක ඉදුනිල්‍, පුබුදු ප්‍රසන්න අයියා, හසිත මධුශාන්, චමෝද් රස්මික, මලිත් මධුශාන්, යුරාන් ධනුක‍, නිශ්ශංක රුවන් අයියා, මලිත් වීරමුණි මල්ලි‍් , උදයංග සම්පත්, සුරේනි අක්කා, නිර්මාණි අක්කා, හිරාන් එරන්ද මලයා, සෙව්මිණි නංගි,පසිදු මදුමාල් මලයා. කාගෙහරි නමක් ගමක් මෙතන මට අමතක වුනානම් ඒකට මං  සමාව ඉල්ලනවා. ඒ වගේම මුහුණු පොතෙන් හම්බවුන යහළුවෝන්වත් මතක් කරනවා.ඉතින් අන්තිමට අනිත් උපසිරසිකරුවන් කියනවා වගේම අපේ ප්‍රධාන පුරුක අපි කරන උපසිරසි අරගෙන බලන ප්‍රේක්ෂක ඔබලා ,වෙබ් අඩවියට නිතිපතා එන, යන සහේදර ඔබ  සියලු දෙනාත්, ආදරයෙන් මේ වෙලාවේ මතක් කරනවා. මොකද ඔයාලා දාල යන කමෙන්ට් එක අපිට මාරම ගැම්මක් දෙන්නේ. අදවන තුරු කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව බයිස්කෝප් අඩවිය හරහා කෙනෙකුගේ විනෝදාස්වාදය උදෙසා පැයගණනින්, දවස් ගණනින් වෙහෙසන උපසිරසි කරුවන් සියලු දෙනාටම ඔබෙන් ලැබෙන ප්‍රථිචාරය තමයි වැදගත්ම දේ. හැමෝම නැතත් හැමදාම කමෙන්ට් එකකින් හරි දිරිගන්වන කිහිප දෙනෙක් ඉන්නවා, එයාලට ආයෙත් සැරයක් ස්තූති වන්ත වෙනවා.

ඉතින් නිවාඩුවට එන්නෙත් දවස් 06 හෝ 07 ක්. ඒ ආවම කොහොමින් හරි එක උපසිරසියක් හරි කරලා වෙබ් අඩවියට දෙන්න ඕනි කියන එක කවදාවත්ම අමතක කරන්නේ නෑ. ඉතින් මෙහෙම ගෙදර ආවම සමහර වෙලාවට රෑ , බේවෙනකන් කොම්පියුටරේ ඉස්සරහා ඉදන් කී බෝඩ් එක තලනව දකින මගේ දෙම්පියෝ දෙන්නගෙන් බැනුමක් අහන්නේ ළමයො ආව දවස් ටිකේවත් ටිකක් විවේක ගන්න, ඕක කඩාලන්නෙ නැතුව ඔච්චර කියලා බැනුමකුත් අහන ගමන් තමයි. කොහොමින් හරි මේ කරන වැඩේ මොකක්ද කියලා ලොකුවට තේරුමක් නැති වුනාට මේ හැම දේටම ලොකු හයියක් වෙන තේ එකක්, කන්න මොනවා හරි ලගට ගෙනත් දීල හෙවණැල්ලක් වගේ ඉන්න දෙමව්පියන් දෙදෙනාටත්, දැනුම ලබා දුන් මාගේ ගුරුවරුන්ටත් මගේ සොහොයුරිය සහ සොහොයුරන් දෙදෙනාටත් විශේෂයෙන් උචිත අරෝෂන් අයියටත් (බැරි දේවල් වලදි ගොඩක් උදව් වෙන කෙනා) මාගේ නමස්කාරය පුද කරනවා.

දරුවෙක් හදන වෙලාවේ
යමරජු එක්ක සටන් කරන කෙනයි
මව කියන්නේ…
තමන්ගේ ලමයා වෙනුවෙන්
කව්රු එක්ක වුනත්
සටන් කරන්න ලෑස්ති වෙන කෙනෙක් තමයි
මව කියන්නේ……
සිංගා ඔයාගේ සතුට වෙනුවෙන්
මට ඔයාගේ සතුට
බලන්න ඕනි මගේ පුතේ……
මේ ලෝකයේ සප්ත මහා සාගරය බදු සෙනෙහසක් වේනම්
ඒ අම්මාගෙනි..
ඒ තරම් සුවිශේෂි වූත්, අව්‍යජවවූත් ආදරයක් ලැබෙන්නේ ඇයගෙන් පමණි.
අම්මාගේ ගුණ කිසිවෙකුටත්, කෙදිනකදීවත් කියා නිම කල නොහැකිය.
එය පරම සත්‍යයකි.

අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාලේ, සියක් වසරක් කර මත හිදුවාගෙන රැක බලා ගත්තත්, මව්පියන්ගෙන් ගත් ලේ,කිරි සහ දාඩියවල ණය ගෙවිය නොහැකි බවයි.

බ්‍රහ්මති මාතා පිතරෝ..
බුදුරජාණන් වහන්සේ අම්මා සහ තාත්තා මහා බ්‍රහ්මයා වගේ යැයි දේශනා කර තිබේ. එනම් සතර බ්‍රහ්ම විහරණ ඔවුන් දෙදෙනා තුළ තිබෙන බැවිනි. අම්මා ළඟ දරුවන් වෙනුවෙන් මෛත්‍රී ධර්මය කොයිතරම් තිබේදැයි කියන කාරණාව මවකගේ උණුසුම ලද ඕනෑම දරුවෙක් දන්නා කාරණයක්. තමන්ගෙ ජීවිතයට වඩා තම දරුවන්ගේ ජීවිතය කෙරෙහි දැඩි අවධානයක්, ආදරයක් අම්මා සතුයි. ඇගේ සිරුරේ රතු ලෙය කිරි බවට පරිවර්තනය වන්නේ අම්මාට සොබා දහමින් දුන් තිළිණයක් වශයෙනි. තමන් ප්‍රියකරන දේ අතහැර දරුවා ඉල්ලන දේ ලබා දීමට තරම් මවුවත්කම කාරුණිකය.

කරුණා ගුණය
‘පරදුක්ඛේ හදේ කම්පනන්ති කරුණා…’
තමන්ගේ දරුවන්ට හිරහැරයක්, කරදරයක් බව ආරංචි වුවොත් මවක් කෙතරම් කලබලයට පත්වේද? මුළු මහත් සමාජයක්ම දරුවාට අකාරුණික වන තැන අම්මා දරුවාට කාරුණික වේ.

මුදිතා ගුණය
මවගේ කුසට දරුවකු පිළිසිඳගත් බව දැනගත් දා සිටම මගේ කුසට දැන් මාස දෙකයි, මාස තුනයි යැයි ඇඟිලි ගනිමින් ඇය සතුටට පත් වේ. මුදිතා ගුණය එයයි. මවක් තම දරුවකුගේ වර්ධනය වීමේ, දියුණුවීමේ තතු දැන ගනිමින් සතුටු වීමයි

උපේක්ඛා ගුණය
මවගේ ගුණ ගැන කතා කිරීමේදී උපේක්ඛා ගුණය අති ප්‍රබලයි. එනම් දරුවකුගෙන් වචනයකින් හෝ හිත් රිදුමක් පීඩාවක් ආවත් මව එය උපේක්ෂා සිතින් විඳ දරා ගැනීමයි.

එසේ නම් ඔබේ උපන් දිනය දා අන් අයට සංග්‍රහ කරනවාට වඩා මවට තිළිණයක් ලබාදීම සුදුසුයි. බුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද, ආහුන්‍යෙ… ගුණය මාපියන් සතු බවයි. එනම් දුර සිට ඇවිත් යමක් ගෙනෙත් දීමට සුදුසු බවය. එහෙත් අම්මා තාත්තා ළඟට නොආ ඔබ රන් ආභරණ ගුවනින් එවුවත් ඵලක් නම් නොවේ.

වානිජකරණ වූ ලෝකයේ ඔබ ඔබේ අම්මාගේ තාත්තාගේ වටිනාකම මහ ඉහළින් දකින්න. ඇත්තෙන්ම ඔබට ජීවය දුන් ඒ අම්මාගේ තාත්තාගේ උපන් දිනය ඔබට මතකද? මේ පැනයට ඔබ නිරුත්තරනම් ඔබ කෙතරම් ඉහළ සමාජතලයක සිටිය ද පලක් නොවේ. මුළු මහත් ලෝකයටම ඔබ එකම එක අයකු පමණි. එහෙත් මවකගේ පියකුගේ මුළු ලෝකයම ඔබ පමණි. එවන් මවකට, පියෙකුට සැලකීමේ උත්තම ගුණය ඔබ තුළ ඇතිකර ගන්නේ නම් දෙලොවම සැනසීම උදාවනු ඇත.

අම්මලා, දූ වරුන්ට වඩා පුතුන්ට වැඩි ඇල්මක් දක්වන බවත්, පුතුන් තම පියවරුන්ට වඩා මව්වරුන්ට වැඩි ඇල්මක් දක්වන බවටත් සමාජයේ මතයක් පවතී හෙි සත්‍යතාව 100% ක් නොවූවදමෙම මතයේ යම්කිසි සත්‍යතාවයක් පවත්නා බවට බොහෝ දෙනා තර්ක කරති.

2019 වසරේ ජුලි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කරන ලද අධ්‍යක්ෂනය Vijay Kiran අතින් සිදු කල .කතාව M. Muthaiah අතින් නිර්මානය වු මේහි ප්‍රධාන නලුවා ලෙස කන්නඩ නළු Chiranjeevi Sarja රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Prabhudeva රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස P. Ravi Shankar / Tara වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දිඇත.සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි.එහෙනම් මේකට උපසිරසි ගන්වන්න වෙන්කරල දුන්න විමා සහෝටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් චිත්‍රපටය ගැන පොඩි අදහස් ටිකක බලමු.

උඩ මං කියලා තියෙනවා වගේ අම්මගෙ ආදරේ ගැන කියනෙ කතාවක් තමයි මේකෙ තියෙන්නේ. අම්ම කෙනෙක්ට වටිනාම දේ තම පුතායි. මේ කතාවට අනුව ජානකම්මා ගේ එකම පුතා සිංගායි. මෙයාගෙ අම්මගේ එකම ප්‍රාර්ථනය තමයි සිංගා තම පුතාට විවාහයක් සිදු කර ගන්න එයාට හරියන මනමාලියක් හම්බ වෙන්න කියන එක. ඉතින් මෙයානම් මේ විවාහය, ආදරය කියන දේට පොඩ්ඩක්වත් කැමතිම නෑ. මොකද එයා බයයි මේ දේවල් කරලා එයාට මොනවගේ දෙයක් වෙයිද කියලා.ඒ මෙයාට හැම තැනම මෙයාගේ හතුරො ඉන්න නිසත්, මෙයාව මරන්න තැත් කරන නිසත්. ඉතින් අම්මනම් හැම දේවාලෙකටම නවා, පූජාවල් තියනවා මෙයාට ගෑණු ළමයෙක් හම්බ වෙන්න කියලා.

කොහොම හරි මේ ගමට අළුතෙන් ඉංජිනේරු පවුලක් එනවා. මේ පවුලේ දුවෙක් ඉන්නවා. එයානම් ඉතින් මේ සිංගට වඩා චණ්ඩි පාටයි. ඉතින් දවසක් කොහොම හරි සිංගගේ අම්මා මෙයාව දකිනවා. ඒත් කා එක්කොදෝ වලියක් දාන ගමන් ඉද්දි. ඉතින් එදාම අම්මා හිතා ගන්නවා මෙයා තමයි එයාගේ පුතාගේ මනමාලිය නැත්තම් අම්මගේ ලේලි කියලා.ඉතින් මේක ගැන සිංගටත් කියනවා. එයානම් පොඩ්ඩක්වත් කැමති නෑ, ඉතින් දවසක් අම්ම ඔට්ටු අල්ලනව පහුවදා සිගව හොයාගෙන ඇය ගෙදරට එනවා කියලත්, ඇති ඇති වැඩිය කියන්න යන්නේ නෑ. මවගේ ආදරය කොපමණද කියලා බලාගන්න ඔයාට ඉතිරි කරනවා. සිංගා අන්තිමේදි ආදරය කරන්නත්, විවාහ වෙන්නත් කැමති වෙයිද කියලා ෆිලුම අරන් බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා. සියළු දෙනාටම තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්

අධ්‍යක්ෂණය : Vijay Kiran
නිෂ්පාදනය : Uday K Mehta
වර්ගීකරණය : Action,Drama
රංගන ශිල්පීන් : Chiranjeevi Sarja, Aditi Prabhudeva, P. Ravi Shankar
ධාවන කාලය : 130 mins
තිරගත කල දිනය : 19 July 2019
සංගීතය : Dharma Vish

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

3,731 downloadsDownload Sinnga-2019.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,731 downloadsDownload Subtitles60 KB

29 comments

  1. malithmadhushan45

    මගේ උණුසුම් සුබ පැතුම් සහෝ 50 කඩයිමට. සුහද හමුවෙන් හම්බ වෙලා මෙච්චර දුරක් ආපු එකට සතුටුයි. කැම්පස් එක පැත්තේ හම්බෙලා ගෙදර ආපු වෙලේ දුන්න සංග්‍රහයට ස්තුතියි සහෝ. දවසක මෙහෙම සෙට් වෙමු ආපහු 100 කදයිමත් ඉක්මනට දෙමු
    ජය වේවා

  2. Kavinu

    පළවෙනි කඩයිමට දෙවෙනි කමෙන්ට් එක මගෙන් එහෙනම්!
    සුබ පැතුම් අයියේ.... දෙවෙනි කඩයිමටත් ඉක්මනටම ලගා වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ටැමිල් පැත්තට තමා වැඩියෙන්ම බර ඉතින්!!!
    ජය වේවා!!! සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ආයෙම වතාවක් සුබ පතනවා...
    ෆිලුමත් ලිස්ට් එකට දාගත්තා එහෙනම්...

  3. PaSindu MaDumal

    සමන් අයියා...ගොඩක් සතුටුයි අද. සයිට් එකේ ඉන්න කාටත් අහිතක් නැති අහිංසක කෙනෙක් කිව්වොත් මන් නිවැරදියි. 50* උපසිරැසියට උණුසුම් සුබ පැතුම් අයියේ. ගමන් සුබයි ඔහොම යමු අනිත් කඩයිමට. වාසනාවන්..!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට සුබ පතනව 50වෙනි සබ් එකට ඉක්මනටම 100න් හම්බෙමු බ්‍රෝ :) :) ...
    ජය වේවා.!!

  5. oshanda

    සුභ පැතුම් සමන් සහෝදරයා...බයිස්කෝප් එකේ ළගින්ම හිටපු හිත හොද සහෝදරයෙක්.මෙතෙක් ආ ගමන් මගට සුභ පතනවා වගේම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය පතන ගමන් ඉක්මනින්ම් ඊළග කඩඉමට එනකන් බලාගෙන ඉන්නවා....ජයෙන් ජය..සහෝදරයා...

  6. Kolitha4

    Thanx bro

  7. [email protected]

    ela bro thanks sinhala sube ekata {rular 2019 telugu} film ekatath sube dannako

  8. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    ඕන වෙලාවක උදව්වක් ඉල්ලුවම බෑ නොකියන බයිස්කෝප් පවුලෙදි මුණගැසුණු සොයුරෙක් විදියට හඳුන්වන්න පුලුවන් අනුන් වෙනුවෙන් කරන්නාවු මේ කටයුතු වලින් තමන්ට ලැබෙන ආත්ම තෘප්තිය මිස වෙන මුකුත් නැතිබව දැන දැන ඔබ මේ කරන්නාවු සුවිශේෂිවු කැපවීමට උපහාරය ඔබ⁣ගෙ සියලු කටයුතු සාර්ථක වේවා.! ඉක්මනින්ම අනිකුත් කඩඉම් කරා යන්නට අවකාශය ලැබේවා.

  9. -චානක ඉඳුනිල්-

    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව සහෝ!
    කියන්න ආඩම්බරයි අපේ ප්‍රදේශයෙම සහෝදරයෙක්,
    බයිස්කෝප් සයිට් එකෙන් මුන ගැහුනු තවත් එක් නිහතමානී චරිතයක්,
    ඔහොමම 100ත් ගහමු ඉක්මනින්ම, අනාගතයට සුබ පැතුම් සහෝ!
    උපසිරැසියටත් ස්තූතියී...!

  10. හසන්ත වික්‍රමරත්ත

    50 වෙනුවෙන් සුබ පැතුම් මල්ලි! ඉදිරියටත් උපසිරැසි කරන්න ඉඩ ලැබේවා කියල පතනවා! ජය!!

  11. gihan perera

    පට්ට සහෝ පට්ට.... නියමයි හැඳින්වීම.....50ට උණුසුම් සුභ පැතුම්..... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි....ජය වේවා.....

  12. කවිශල් රසින්ත (කවී)

    බයිස්කෝප් අඩවියේ තවත් ඉන්දියානු සිනමාපට ලයිස්තුව බබලවන කෙනෙක්ගේ පලමු කඩයිම.. බොහොම සතුටුයි අයියේ... ඒ වගේම උණුසුම් සුභ පැතුම් අර්ධ ශතකයට. උදව්වක් ඉල්ලන පරක්කුවට කරලා දෙන්න නොපැලිකෙන සහෝදරයෙක්.. ඉතින් ඉදිරියටත් මේ කාර්‍ය්යේ නියලෙන්න හැකියාව ධෛර්‍යය ලැබෙන්න ඕන වගේම ජීවිතේ ඉදිරි කටයුතු පවා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා...!! ❤️❤️

  13. maikee

    තැන්ක්ස් . ජයවෙවා , 50 ට සුබ පැතුම් මචො. දිගටම හදන් පලයන් සබ් . එලම

  14. Priyantha Dayakeerthi

    උදය සමන් කුමාර සොයුර,
    ඔබගේ 50 වන සිංහල උපසිරසියට මාගේ සුබපැතුම්! මා දන්නවා ඔබ දමිළ සිනමාවට විශේෂ රුචිකත්වයක් දක්වන කෙනෙක් බව. ඒ වගේම මම පැරණි හින්දි සිනමාවට විශේෂ රුචිකත්වයක් දක්වන කෙනෙක්. ඉතින් අපි දෙදෙනා ඉදිරියේදීත් ඒ ඒ රසිකයන් වෙනුවෙන් මේ සේවය දිගටම කරගෙන යමු. ඔබට ජය පතමි!!!

  15. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. Anonymous

    Mulu film eka purama 50 balagena inna epai

  17. දහරා මුතු අමා

    50ට උනුසුම් සුබ පැතුම්. තවත් කඩයිම් පසු කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.

  18. Kasun Jalitha

    පළමු කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියෙ. ආත්ම තෘප්තිය වෙනුවෙන් මේ කරන සේවයට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඊලඟ කඩයිමත් ඉක්මනටම පහු කරමු. ඉතින් සියළුම කටයුතු සාර්ථක වේවා !!!
    ❤️❤️❤️

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ...!
    ඒ වගේම 50වෙනි කඩඉමටත් සුබ පැතුම් සහෝ...
    දිගටම මේ වගේ සබ් දෙමු සහෝ....

  20. Dayal

    Congratulations...
    Thanks you..

  21. Hiran Eranda

    50 වෙනි උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝ...සබ් එකට බොහෝම ස්තූතියි. ඊලග කඩයිමෙන් නැවත හමුවෙමු.

  22. isuru srinath sjs

    50ත් ගැහුවා නේද සහෝ..?? ඇත්තටම සතුටුයි බං.. තවත් කඩයිම් තියෙනවා.. ඒවත් පසු කරන්න ශක්තිය , ධෛර්ය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. !!
    ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා. !!

  23. Anonymous

    Congratulations මල්ලි තෙරුවන් සරණයි තවත් චිරන්ජිව් සාර්ජාගෙ ලස්සන ෆිල්ම් ටිකක් දාන්නකෝ

  24. රොයිලි

    උණුසුම් සුබපැතුම් උදය මල්ලි. මෙතනින් නොනැවති හැකි ඉක්මනින් 100 ට යන්න ලැබේවායිපතන ගමන්ම වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  25. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට සීතල සුබපැතුම් කිව්වා. ටික දවසක් ගිහින් නෙව. :P බයිස්කෝප් පවුලෙන් හඳුනාගත්තු තවත් එල කොල්ලෙක්. ගෙට් ⁣එකෙන් තමයි ඉතින් හොඳටම ෆිට් වුනේ. එදා ඉඳන් ඉතින් බොහොම ලඟින් ආශ්‍රය කරන්න ලැබුණා වගේම එකතු වෙලා සබ් එකක් කරන්නත් අවස්තාව ලැබුණා නෙව. ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් උපසිරැසි අරන් ඇවිත් තවත් කඩඉම් පහු කරන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. මේ උපසිරැසියටත් බොහොම තුති කිව්වා ජය!

  26. යුරාන් ධනුක (දනුවා)

    පලවෙනි කඩයිමට සුබ පැතුම් සහෝදරයා !!!
    සුහද හමුවෙන් මුණ ගැහුන තවත් හොදම මිතුරෙක් තමයි.
    පුලුවන් විදියට කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් ඉක්මනටම උපසිරැසි දෙන
    සුපිරි චරිතයක් කියලා හදුන්වන්න පුලුවන්.
    ඉක්මනටම 100ත් දෙමු . . . ජය වේවා !!!

  27. jeewan

    Thank's bro

  28. isuru dilshan

    50ට සුභ පැතුම් උදය සහෝ... දිගටම උපසිරැසිකරණයේ නිරතවෙමු කිව්වා.. ජයවේවා!!

  29. මංගල

    උපසිරසි ලබාදීම වෙනුවෙන් ඔබට තුති...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.