ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් නවවන උපසිරැසිය අරගෙන ආව. ටාර්සන් ගේ චිත්‍රපටයක්. ඔයාල දන්නවා ටාර්සන් කියන්නේ කවුද කියල. එඩිගර් රයිස් බරෝස් විසින් නිර්මාණය කරන ලද මේ චරිතය ලෝකයේ තියන ජනප්‍රියම මනංකල්පිත චරිත කිහිපයෙන් එකක්. එයා ටාර්සන් කතා විසි හතරකට ආසන්න ප්‍රමාණයක් ලියල තියනවා. එම…

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් නවවන උපසිරැසිය අරගෙන ආව. ටාර්සන් ගේ චිත්‍රපටයක්. ඔයාල දන්නවා ටාර්සන් කියන්නේ කවුද කියල. එඩිගර් රයිස් බරෝස් විසින් නිර්මාණය කරන ලද මේ චරිතය ලෝකයේ තියන ජනප්‍රියම මනංකල්පිත චරිත කිහිපයෙන් එකක්. එයා ටාර්සන් කතා විසි හතරකට ආසන්න ප්‍රමාණයක් ලියල තියනවා. එම ජනප්‍රියබාවය හින්දම එයාගේ මරණින් පස්සෙත් එයාගේ නමින් වෙනත් ලේඛකයෝ කිහිපදෙනෙක් ටාර්සන් කතා ලියනවා. ඒ වගේම ඔයාල දන්නවා එම කතා විසි හතරෙන් දා හතරක් සිංහලට පරිවර්තනය වෙලා තියනවා. ඒ වගේම විත්‍රපට විශාල ගණනක් (මේ අවුරුද්දෙත් එකක් ආවා), රුපවාහිනී කතා මාලා බොහොමයක් මේ ආශ්‍රයෙන් නිර්මාණය වෙලා තියනවා. එයින් එකක් තමා මේ මම ඔයාලට සිංහල උපසිරසි සමග අරන් එන්නේ.
ඔයාල දන්නවා ලෝකයේ නිර්මාණය වෙච්ච ගොඩක් ටාර්සන් චිත්‍රපට කාටුන් සහ ඇනිමේෂන් චිත්‍රපට. ඒත් එසේ නොවන ආකාරයේ සැබෑ නළු නිලියන් යොදා නිර්මාණය වෙච්ච ටාර්සන් චිත්‍රපට කිහිපයෙන් එකක් තමා මේක. කලාත්මක පැරණි චිත්‍රපටයක් උනත් ටිකක් විතර චිත්‍රපට ලෝකයේ කතා බහට ලක්වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියත් අධ්‍යක්ෂක වරයත් අඹු සැමියන්. එමනිසා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය රඟපාන ලද සමහර දර්ශන ලෝකයේ විවේචනයට ලක්වූවා. එසේම සමහර විචාරකයන් මේ චිත්‍රපටයට ටාර්සන් නම යොදාගැනීමට පවා විරෝධය දැක්වුවා. හරියට මාවල්ලා ඩෙඩ්පූල් වැඩිහිටියන්ට සුදුසු වෙන විදියට නිර්මාණය උනාම විචාරකයෝ කතා කළා වගේ. කොහොම උනත් අදායම් අතින් අති සාර්ථක වෙච්ච ලෝකයේ තියන ටාර්සන් චිත්‍රපට කිහිපය අතරින් එකක් වෙන මේක මේ ප්‍රශ්න නිසාම IMDb අගය 3.2 වනි අඩු අගයක් ගත්තත් CSI රුපවාහිනී කතා මාලාවේ සහ ඔයාලට Sharknado 3: Oh Hell No චිත්‍රපටයෙන් හමු උන බෝ ඩෙරක් නිළිය ජේන් ගේ චරිතය රඟපාන සුපිරි චිත්‍රපටයක්.
කතාව විදියට අප්‍රිකාවේ කැලයේ ඇත් සොහොනක් හොයාගෙන යන ජේම්ස් පාකර් කියන ගවේෂකයෙක් ට සුදු වානරයෙක් ඉන්නවා කියල දැනගන්න ලැබිලා එයා හොයන්න යනවා. ඒකට එයාගේ දුව වන ජේන්වත් එකතු වෙනවා. ඉතින් වනයෙදි ටාර්සන් ගේ මුණගැසීම, සත්තු එක්ක ගැටුම්, වනචාරීන්ට අසුවීම වැනි ටාර්සන් ගේ කතාවල ඇති සියලුම සිදුවීම් මේ චිත්‍රපටිය තුල ඇතුලත් වෙනවා. ඒ අතරේම ටාර්සන් සහ ජේන් ආදරයෙන් බැඳීම ගැනත් කතාවෙනවා. කලාත්මක චිත්‍රපට කැමති අය මේ චිත්‍රපටයට ගොඩක් කැමති වෙනවා කියන්න පුළුවන්.
මේ චිත්‍රපටියේ තියන සමහර දර්ශන හේතුවෙන් මේ චිත්‍රපටය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් විදියට වර්ග කරන්න පුළුවන්. එත් කියන්න තියෙන්නේ මේක කුණුහරුප චිත්‍රපටයක් නෙවි. මේකේ පරුෂ වචන නැ. ඒත් අවස්ථානුකුලව උදාහරණයක් විදියට උඩුකය නිරුවත් ගෝත්‍රිකයින් සහ ජේන් ගේ සමහර වනගන දර්ශන මේ චිත්‍රපටයේ ඇතුලත් හින්ද තමා මේක වැඩිහිටියන්ට පමණක් විදියට වර්ගීකරණය වෙන්නේ. ඉතින් පැරණි කලාත්මට මෙන්ම සම්බාව්‍ය චිත්‍රපට බලන්න කැමති අය මේක බලන්න. අනිත් යාලුවෝ සහ අවුරුදු දහ අටට අඩු යාලුවෝ මේ චිත්‍රපටය බාගත කිරීමෙන් වලකින්න.
මම ඊළඟට දෙන්නේ නටන්න ගයන්න කැමති යාලුවොන්ට අල්ලලා යන චිත්‍රපටයක්. මම කලින් දුන්නේ නැති වර්ගයේ චිත්‍රපටයක් උනත් මේක බයිස්කෝප් එකේ තියෙන්නම ඕන එකක් හින්දා මම අරන් එන්නම්. නම දැක්ක ගමන් ඔයාලට උනත් ඒක හිතේවි. ඔන්න එහෙනම් මම ගියා. එන්න බලන්නම් ඉක්මනට.
බුදු සරණයි ….!
Due to copyright issues, we do not provide any torrent links.
Tarzan, the Ape Man 1981 DVDRip Xvid LKRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,751 downloadsDownload Tarzan-the-Ape-Man-1981.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
34 comments
nilantha
Tarzan
ටාර්සන් ද අපේ මෑන් :D
නිලන්ත
im 1st
pradeep dasanayake
ලෝකේ හදපු බාලගනයේම Tarzan film එකලු බන් මේක. කොහොම වෙතත් බොහොම ඉස්තුති සහො subtitle එකට.
මිලාන්
මෙකෙ රගපාන්නෙත් ලංකාවෙ මිනිස්සු. අප්‍රිකාවේනුත් සෙට් එකක් ගෙන්නුවා.
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ 40 වෙනි උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴kasun
කනගාටුදායක කාරනය කියන්නේ මෙය උපසිරසි ගන්වපු සහොදරයවත් දන්නෙ නෑ මෙම චිත්‍රපටය තනිකරම රූගත කරෙ ශ්‍රීලංකාවේ කියල.
dulaj
වැඩිහරියක් ලංකාවෙ රූගත කරෙ. ශිෂෙල්ස් දුපත්වල බොහොම පොඩ්ඩයි රූපගත කරෙ.
kasun
තව චිත්‍රපට තියනව ලංකාවේ රූගත කරපු. පොඩ්ඩක් හොයලා බලල එවටත් උපසිරැසි දෙන්න.
අසංක ප්‍රදීප් රණතුංග
ඔව් සහෝ දැනගෙන හිටියේ නැ. එත් දැන් මම ගුගල් කරලා බැලුවා. මේකෙ දර්ශන ලංකාවේ සහ ශිෂෙල්ස් දුපත්වල තමා රුගත කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියල දුන්නට.
dasun perera
ow seashells islands wala muhuda ine podi podi kali wagayak karala thiyenne. naththan thanikarama kare nuwara udawaththakale saha peradeniya gardens wala.
kasun
ela bro. Thank you
අසංක ප්‍රදීප් රණතුංග
මේ චිත්‍රපටය හොයා ගන්න අමාරු නම් Tarzan, the Ape Man 1981 DVDRip Xvid LKRG කියල සර්ච් කරන්න. එතකොට හොයා ගන්න පුළුවන්.
sanka
තෑන්ක්ස් කොල්ලො මෙකත් සබ් කරමුකො මේක ටාසන්ගෙම කොමඩි එකක්
George of the Jungle (1997)
Withanage Priyantha Dayakeerthi
අසංක සොයුර, මගේ අදහස අනුව ඔබ උපසිරසිකළ එකක්නම් එය නැරඹිය යුතුම එකක් විය යුතුයි. මෑත කාලයේ ඔබේ උපසිරසි මා බලන්නට පටන් ගත්තේ. ඔබ මේ වෙබ් එකට වෙනසක් රැගෙන එන කෙනෙක්. එයට මාගේ ගෞරවය පුද කරනවා! එමෙන්ම නැවතත් මෙවැනිම "කල් පවතින ස්වර්ණමය" උපසිරසියක්ම ගේන්න කියා යෝජනා කරනවා. ස්තුතියි!
Chalana Rukshan
thnx bro..
අසංක ප්‍රදීප් රණතුංග
ඔයාලට දීල තියන සබ් ෆයිල් එකේ නමින් ගුගල් කරන්න. එතකොට ඔයාලට වීඩියෝ එක හොයා ගන්න ලේසියි. 820MB ෆයිල් එකක්. සීඩ්ස් හොඳයි. මට 4G වලින් ඩවුන්ලෝඩ් කරන්න ගියේ විනාඩි විස්සයි.
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි. ඔන්න බාන්න දැම්මා.
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
dharshana...
Thanks..
pramoda
සබ් එකට ගොඩක් ස්තුතියි! ගොඩක් ජනප්‍රිය එකක් ඔබ නැවතත් සමාජගත කළා. එවැනි දේවල් නැවත ගෙන ඒම හැමෝටම කරන්නට බැහැ කියා මට සිතෙනවා. ඒ මන්ද පොදු සාමාන්‍ය දැනුම ඇති අය ගොඩක් අඩුයි. ඔබේ ලිපිය වුවත් අනෙක් ඒවාට වඩා අපව දැනුවත් කරනවා.
Rishin Anjula Maldeniya
අපි කුඩා කාලෙ වරද්දන්නෙ නැතිව බලපු කතා මාලාවක්, නැවතත් ඒ අතීතයට ඇදල දැම්ම වගේ දැනෙන්නෙ. ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් දරන මහන්සියට......
Waruna Mithun
kaalayak thisse films download karata comment kare na ne.onna apith patan gaththa commentuwak daanna :P
thanks hodekanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Darshana Tharanga
(Oya karana wade niyamai. Bohoma Sthuthi. Thawa thawath me wade sarthaka wenna one. Me film walatath sub denna puluwanda? Galaxy Quest - 1999, King Cobra - 1999, Tarzan, the Ape Man - 1981, Robin Hood: Prince of Thieves - 1991, 12 Rounds - 2009) July 3 wanida mama dapu me kament eke thiyena Tarzan film ekata sub dapu ekata oyata bohomo isthuthi. Me karana wade thawath hodata karaene yanna labwewa!
Gayanaka
Ela bro..
Wasanga Ama
ටාසන් ද අපේ මෑන් මතක් උනා බන්.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dulaj
ඒක description එකට දැම්මොත් වටිනව සහෝ.
Tharindu dushyantha
Me film eke shooting karala thiyenne lankawe
dulaj
ලංකාවෙ shoot කරපු එක.
d
godak sthuthi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta bro thank for sub.............