Watch Trailer

The Purge: Election Year (2016) with Sinhala Subtitles | නීතිගත කල ඒ මිනිස් ඝාතන රාත්‍රිය නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩාක් උදවිය මග බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. මේක ආපු දවසේ ඉඳන් ඉතින් කලේ හරි ඉංග්‍රීසි සබක් හොයාගන්න දඟලපු එක. තිබුන එකක්වත් හරියට ගැලපුන ඒවා නෙමෙයි. කොහොමහරි යන්තම් ලඟින් යන එකක් හොයාගෙන අසා ලිවීමකුත් එක්කම වැඩේට බැහැලා දවස් දෙකක් විතර යනකොට විමා සහෝ මාව දැනුවත් ක…

The Purge-Election Year (2016)

ඔන්න එහෙනම් ගොඩාක් උදවිය මග බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. මේක ආපු දවසේ ඉඳන් ඉතින් කලේ හරි ඉංග්‍රීසි සබක් හොයාගන්න දඟලපු එක. තිබුන එකක්වත් හරියට ගැලපුන ඒවා නෙමෙයි. කොහොමහරි යන්තම් ලඟින් යන එකක් හොයාගෙන අසා ලිවීමකුත් එක්කම වැඩේට බැහැලා දවස් දෙකක් විතර යනකොට විමා සහෝ මාව දැනුවත් කලා හොඳ එකක් ඇවිත් කියලා. ඉතින් ඊයේම වැඩේ අහවර කරලා අද ඔයාලාට අරන් ආවා.

කලින් ආපු The Purge 2013 සහ The Purge: Anarchy (2014) බලපු අය මේ ෆිලුම කොහොමද කියලා ඉතින් දන්නවා ඇති. මේ තමයි එතකොට purge චිත්‍රපටි මාලාවේ පැමිණි තුන්වෙනි චිත්‍රපටිය. මේක බලන්න ඉතින් කලින් ඒවා බලලා තියෙන්නම ඕන නෑ. බලපු නැති අය ඉන්නවා නම් බලන්න කියලා ආරාධනා කරනවා මොකද මේවා මගහැර නොගෙන බලන්න වටිනවා. The Purge, “පවිත්‍ර කිරීම” මොකක්ද මේ ඇත්තටම පවිත්‍ර කරන්නේ ? ඇමෙරිකාවේ දුගී ජනතාව වැඩි වෙලා රජයේ වියදම් ඉහල ගිහින්, ඉතින් එයට රජය ගන්න පියවර තමයි දුප්පත් ජනගහනය අඩු කරන්න පියවරක් ගන්න එක. ඇමෙරිකාවේ රජය එක් රාත්‍රියක පැය 12ක කාලයක් සියළු අපරාධ සඳහා නීතියෙන් අවසර ලබාදෙනවා. එහීදී අතමිට තියන කෙනා ආරක්ෂා වෙනවා. දුප්පතාට ජීවිතෙන් සමුදෙන්න වෙනවා. ඒ තමයි පවිත්‍ර කිරීමේ රාත්‍රිය. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James DeMonaco.ඒවගේම ප්‍රධාන රංගන තරු අතර Frank Grillo, Elizabeth Mitchell, Mykelti Williamson සිටිනවා. චිත්‍රපටිය මිනිත්තු 105ක කාලයක් දිවෙන අතර දැනට මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 89.4ක් බව සඳහන් වෙනවා.

ඉතින් කතාව දිහාවට ටිකක් හැරුනොත්, පෙර පවිත්‍ර කිරීමේ රාත්‍රියක චාර්ලි රොන්ගේ පවුලේ අය කෙනෙක් විසින් මරලා දානවා. රොන්ව ඉතුරු කරනවා. ඉතින් වසර 18කට පස්සේ , ඊලඟ පවිත්‍ර කිරීමේ රාත්‍රියකට දවස් දෙකකට කලින්, සෙනෙට් සභික චාර්ලි රොන් (Elizabeth Mitchell) විවාදයකට පැමිණෙනවා. එහිදී ඇය පවිත්‍ර කිරීමට විරුද්ධවයි කතා කරන්නේ. ඒ කියන්නේ මෙයින් පීඩාවට පත්වෙන දුප්පත් ජනතාව වෙනුවෙන්. ඇයට එදිරිව සිටින්නේ එඩ්විජ් අවන්ස් (Kyle Secor) කියන ඇමති කෙනෙක්. මේ එඩ්විජ් NFFA කියන සංවිධානයේ අපේක්ෂකයෙක්. NFFA එක තමයි මේ පවිත්‍ර කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ දෙන්නා පවිත්‍ර කිරීමේ රාත්‍රිය ගැන විවාද කරනවා. කොහොමහරි මේ දෙන්නා තමයි මීලඟ ජනාධිපතිවරණයට තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා.ඉතින් රොන් මේ සංවිධානයට ඇත්තටම තර්ජනයක්. ඇය ප්‍රකාශ කරනවා තමන් බලයට ආවාම මේ පවිත්‍ර කිරීමේ රාත්‍රිය නැතිකරලා දානවා කියලා. මේ හින්ඳා NFFA එක රොන් එක්ක ඉන්නේ තරහින්.ඉතින් පවිත්‍ර කිරීමේ දවසට කලින් ඔවුන් මාධ්‍ය හරහා ප්‍රකාශ කරනවා 10වෙනි මට්ටමේ රාජ්‍ය නිලධාරින් පවා පවිත්‍ර කිරීමට ඇතුලත්වෙනවා කියලා. ඒ කියන්නේ රොන් පවා මෙයට ඇතුලත් වෙනවා කියන එක. NFFA එක උත්සාහ කරන්නේ රොන්ව ඉවරයක් කරලා එයාලාට එන මේ තර්ජනය ඉවත් කරගන්න. මේ කතාවේ එක පැත්තක්.

කතාවේ තවත් පැත්තක් ගත්තොත් ජෝ ඩික්සන් (Mykelti Williamson) සහ ඔහුගේ සහයක මාර්කොස් (Joseph Julian Soria) සාප්පුවක් කරගෙන යනවා. ඉතින් ඔය අතරේ ගෑණු ලමයි දෙන්නෙක් කඩේට ඇවිත් කඩේ බඩු හොරකම් කරනවා ජෝ සහ මාර්කොස් දකිනවා. එතනදි ජෝ එයාගේ කඩේට එන තව හිතවතියක් වන ලැනී රකර් (Betty Gabriel) එක්ක එකතුවෙලා අර ගෑණු ලමයි දෙන්නාට සත්තම දාලා ආපහු හොරකම් කරපුවා අරගන්නවා. ඉතින් ඔතනදී කොහොමහරි මේ ලමයි දෙන්නා ජෝ එක්ක වෛර බඳිනවා. පවිත්‍ර කිරීමේ දවසේ රෑ එයාලා එනවා ජෝගෙන් පලිගන්න. කොහොමින් කොහොමහරි මේ අයයි රොන් සහ රොන්ගේ ආරක්ෂකයා ලියෝ (Frank Grillo) හැමෝම එකතුවෙනවා. අවසානයේ හැමෝගේම මෙහෙයුම වෙන්නේ රොන්ව පවිත්‍ර කිරීමේ රාත්‍රියෙන් ආරක්ෂා කරන එක. මේ වෙනකොට ඇවිත් තියෙන්නේ හාඩ් සබ් පිටපත්. ඉතින් ඔයාලාට බලන්න ලේසි වෙන්න උපසිරැසි සකස් කරලා තියෙන්නේ. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තව හොඳ උපසිරැසියක් එක්ක හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!

උපසිරසි Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.

The Purge: Election Year (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Purge.Election.Year.2016.720p.BluRay.x264-GECKOS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

10,636 downloadsDownload The.Purge_.Election.Year_.2016.Br_.Baiscopelk.com_.rar41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

10,636 downloadsDownload Subtitles41 KB

47 comments

  1. Nipun

    patta a.................... thanks for sub.....

    1. nilantha

      thanks

    2. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. praneeth madu

    thank mcn

  3. නිරෝෂ්

    ස්තුතියි නුවන්ත.ජයවේවා !

  4. Hiruni

    Thank you........... :D

  5. Rashmika

    waw super......Thank you saho

  6. Manju

    Mcn berida phone walin downlord karannath puluwan link ekak denna ?

  7. Dulanga

    Thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. mithun

    මචන් මෙක නම් blurry අපූ ගමන් එලටම අප්ඩෙට් එකක් දෙන්න ඔන ඔන්න. සුපිරි ෆිල්ම් සෙට් එක කලින් එව නම්. මෙක උපසිරැසි ගැන්නුවට ස්තුතියි ඔබට

  10. Jack

    පට්ටයි මචන්..
    මේක නම් HC උනාට කමක් නෑ.. අනිවා බානවා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  11. Dhanu

    අම්මෝ ඇති යන්තම් ඉංග්‍රීසි එකකට සබ් දීල බොහොම ස්තුතියි පහුගිය දවස් වල එපා වෙලා හිටියේ නිකන් ඉන්දියාවට ගියා වගේ බන් හින්දි , දෙමල විතරයි තිබුනේ....

    1. Kalana Randika

      machn link eka diyanko :(

  12. kalana

    mata link eka dennako download karanna plz :(

  13. Kalana Randika

    meke link eka dennko download karanna plz

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  15. AJI TH

    මෙකෙ පොස්ට් දාන්න පට්ට අමාරුයිනෙ

  16. Amila

    Thanks mchn...!

  17. priyan

    meke sinhala sub nane
    chinese pennanne

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Harshana

    thank you bun.

  20. maduranga

    thanks macho///

  21. ෂම්මා

    ස්තූතියි මචං

  22. d

    Thnq

  23. ashan lankanath

    thanks

    1. heshan

      මේකේ web පිටපත් අැවිල්ලා.

  24. අසිත

    elama thanks

  25. sammika

    5gb copy ekak neda thama tiyanna 720p blu-ray

  26. silent$

    thanxxxxxxxxx

  27. silent$

    Thanxxxxxxxxxxx

  28. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ

  29. Amila Mudalige

    Thanks saho sub ekata

  30. LAKSHAN

    බොහොම ස්තුතියි සහෝ

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  32. udara pushpanjana

    thanks bro..!

  33. muthuhara

    thnxx kollo

  34. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  35. Janith Chamika JC

    supiri film eka sub ekata thanks

  36. tharindu19971117

    Thank you

  37. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ...

  38. chamith555

    ft

  39. Supun_no

    Ela

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  41. Dewadithya

    Thanks for sub!

  42. kevin pradeep

    thanks for .sub!

  43. sahangayantha

    thanks a lot saho sub ekata