2015 ජුනි 26 වෙනිදා තිරගත වුන යුනිවර්සල් සමාගමේ විනාඩි 106 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය උපසිරසගත කිරීමට කාලයක් ගත වීම ගැන මුලින්ම මම සමාව ඉල්ලනවා. ටිකක් කාර්යබහුල නිසා කාලය කළමනාකරණය කර ගන්න අමාරු උණා. කෙසේ හෝ අවසාන ප්‍රතිපලය ගැන 100%ක් ම සතුටු වෙන්න පුළුවන් චිත්‍රපටයක්. මේක බාගත කරගන බැලුවා කියලා අ…
![Ted 2 [2015]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/Ted-2-2015-.jpg)
2015 ජුනි 26 වෙනිදා තිරගත වුන යුනිවර්සල් සමාගමේ විනාඩි 106 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය උපසිරසගත කිරීමට කාලයක් ගත වීම ගැන මුලින්ම මම සමාව ඉල්ලනවා. ටිකක් කාර්යබහුල නිසා කාලය කළමනාකරණය කර ගන්න අමාරු උණා. කෙසේ හෝ අවසාන ප්‍රතිපලය ගැන 100%ක් ම සතුටු වෙන්න පුළුවන් චිත්‍රපටයක්. මේක බාගත කරගන බැලුවා කියලා අපරාදේ කියලා හිතෙන එකක් නම් නැහැ. මෑත කාලයේ බලපු හොදම කොමඩි චිත්‍රපටය මේක කියලා අවංකවම කිව්වොත් මම හරි.
IMDb ශ්‍රේණිගත කිරීම් වලින් කොමඩි චිත්‍රපට වලට අඩු ශ්‍රේණිගත කිරීම් ලැබුනත් මේකට 7.0 ක් වගේ ඉහල අගයක් ලැබිලා තියනවා. කතාව ගෙතිලා තියෙන්නේ පන තියන ටෙඩි බෙයාර් කෙනෙක් ගැන. මෙයා ටිකක් අමුතුම විදියේ කෙනෙක්.බැලුවම තේරෙයි. ඒ වගේම මෙයාට සුපිරි බොලිවුඩ් තරුවක් වන මාර්ක් වොල්බර්ග් කතාවේ ජෝන් බෙනට් ගේ චරිතය තුලින් අනර්ඝ රංගන දායකත්වයක් දෙනවා.(ට්‍රාන්ස්ෆොර්මර්ස් 3 ප්‍රධාන නළුවා) ඔහුගේ ඒ රංගනයට අනර්ඝ කියන වචනය පාවිච්චි කරන්නම වෙනවා. ඒ තරමටම ඔහු හාස්‍ය චිත්‍රපටයට ගේන්න කැප වෙලා තියනවා.
කතාව මෙහෙමයි. ජෝන් බෙනට් කුඩා කාලයේ කරපු ප්‍රාර්ථනාවක් නිසා ටෙඩිට පන ලැබිලා තියෙන්නේ. ඒවා තියෙන්නේ මේකේ පළමු චිත්‍රපටයේ. පසුව ටෙඩි, ටැමි ලින් නම් කාන්තාවක් විවාහ කර ගන්නවා. විවාහ ජිවිතයේ ගැටළු ඇති වීමත් එක්ක දරුවෙකු හදන්න ඔවුන් දෙදෙනා උත්සාහ ගන්නවා. ටෙඩි කෙනෙක්ට ළමයි හදන්න බැහැනේ. වෙන ක්‍රමයකින් හෝ සත්‍ය දෙමාපියන් වීමට නම් ඔහුගේ සැබෑ නීතිමය පුද්ගලභාවය නිතිය ඉදිරියේ පෙන්වන්න ඕනා වෙනවා. මෙන්න මේක වටේ තමයි කතාව ගෙතෙන්නේ. ඔහුව පුද්ගලයෙකු ලෙස නිතිය ඉදිරියේ ඔප්පු කර ගන්න නීතිඥයන් පස්සේ දුවන අතරේ අන්තිමේ සෙල්ලම් බඩු සමාගමක් මෙයාව අල්ල ගන්නත් යනවා. ඒ අතරේ අලුත් යාලුවෙකුත් හමුවෙනවා මේ සසිද්ධිය වටේ ගෙතුණ හාස්‍ය නොඅඩුව තියන මේ චිත්‍රපටය නරබන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ස්තුතියි මීලග උපසිරසියෙන් හමුවෙමු.
33,658 downloadsDownload Ted-2-2015-UPDATE.7z43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් සේනානායක
Subtitles
72 comments
ඉසුරු දිල්ශාන්
Tharaka
Thanks br apuwama balanawa
විමුක්ති
මරූ
Chamalka Madushan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
බලන්න ආසාවෙන් හිටපු සුපිරි ෆිලුමක් =D
ජයවේවා!shenal
meka dunnata thanks
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
මං මේකේ පලමු එකවත් තාම බැලුවේ නෑ.
ලිපියේ හැටියට නම් පලමු එක බලලා හිටියොත් දෙවැනි එක ඉතා හොදින් රසවිඳින්න පුළුවන් වගේ .
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!!“චූටී මල්ලි”
patta bluray awama update karanna
නලින්
ස්තුතියි සිනෙත් සහෝ...
ජය වේවා!
achi
ස්තුති සහෝ!!! ජය!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!nelson
Good Work Friend, Thanks!
indu
niyamai saho..mama maka gdak illuwa..mama make 1a gana dana gattet torrent 1k 2 tyenawa dakala..okktama kalin itn 1 blala htya subt tyena nisa.. Ita paxe 2a blnnamai unne..pattma comady tediya dana athal nam suppa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
janith dulanjana
අප්පා....නියමයි..දෙනකන් බලන් ඉදියේ..thankz sub එකට..
sam
thnkss sahooo...sub denkn hitiyee..elzzzzzzzz...//
Suresh Jayathilaka
හම්මේ..... දෙනකන් හිටියෙ. එල!
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sithija
Thank You Bro ! onama welawata dunne.sub eka nathuwa hari balanawa kiyala hita gatte.ela !thnx
prabhath
thanks godak ela
සිතාරා
thnxxx
Tharuka
ela machan thanku wewa!
Elderman
Thank you.
D.Chamara
hamme niyam kathwa denakm balagena hitiya thanks sahooo
sankha sandaruwan
thx for sub. good luck
Kulanjana Maduranga
niayamai…thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
dulmina
sub eka ganna ba ne bn mokada karanne ekata
dulmina
sub downlod eka clik karama page ekak open wela kotu kotu watnawane
.3tiron
thankzzzzzzzzzzzzzzzzzzz
dulmina
sub eka ganna hati kiyapanko bn pzzzzzzzzz
thisal
උපසිරැසියට තුති… blu ray AWama blmu
Tharindu
Thank you very much saho...!!!
Hirushan
Thanks
Amil
බොහොම ස්තූතියි උපසිරසියට...
nalinda
thanks
panduka
Sub eka txt format ekenne download wenne.srt newe.wadakaranneth na.text editor open karth akurakwath penne na.poddak balahallako machn.download karapu kenek innawanam ane link ekak diyanko upload karala
Bunny
ස්තූතියි සබ් එකට.
සබ් ෆයිල් එක firefox වලින් බෑවෙන්නැ.. මයික්‍රොසොෆ්ට් E එකෙන් බැවෙනවාKasun
Samsung අපි බලන්නේ කොහොමද ????
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මේකේ නං හොද කොපියක් එනකම් ඉන්නවා ජය වේවා !!
indika
ස්තුතියි .....ජය වේවා!...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DShammi
400mb withara copy ekak thibba nam maru. loku copy apita kepa nethooooo..
Idiyaa
Ted 1 ekai Ted 2 ekai sinhala sub download karaganne bane sahoo
plz poddak e gana balanne sahooMalinda
Sub eka down wenne na ne...
Udhira Gunasekara
sub eka download wenne .txt format eken... upload karla thiyena zip file format eke aulak wage... puluwannm fix karla denna..thanx.
Lasitha
tnks
sanath
thankz machan sub ekata….
samitha
BR copy danne kawadda mxhnzz????
visal
Thanks bro
Kasun
කෝ බං subtitles වැඩ කරන්නේ නැහැනේ.
sineth
sub wada ban km player ekata adala danne nathuwa right click karala subtitle load karala denna
Niranga
sub eka download wenne .txt format ekenne...
Gappiya
Please Update The Sub :) :p
Arjuna Vidanagama
menna mekata poddak update karanam hodai neda :)
Ted 2 2015 1080p WEB-DL x265 450MB
Nuwan
max machan thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අඩේ මේක දෙනකම් හිටියේ!
පට්ට තෑන්ක්ස්!
මං එක වගේ