ඔන්න එහෙනම් ටිකක කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්නයි කල්පනාව. අද අපි බොහොම කැමැත්තෙන් පොඩි කාලේ බැලුව “අපි රජ ඉබ්බෝ” කාටුන් කතා මාලාවේ නවතම චිත්‍රපටය තමයි ඔන්න එහෙනම් මේ ගේන්නේ. (අපි පොඩි කාලේ කිව්වේ මේ අපි පොඩි කාලේ හොඳේ, අපේ මාමාලා එහෙම පොඩි කාලේ නෙමෙයි 😉 ) අනික් කතා ක…

ඔන්න එහෙනම් ටිකක කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්නයි කල්පනාව. අද අපි බොහොම කැමැත්තෙන් පොඩි කාලේ බැලුව “අපි රජ ඉබ්බෝ” කාටුන් කතා මාලාවේ නවතම චිත්‍රපටය තමයි ඔන්න එහෙනම් මේ ගේන්නේ. (අපි පොඩි කාලේ කිව්වේ මේ අපි පොඩි කාලේ හොඳේ, අපේ මාමාලා එහෙම පොඩි කාලේ නෙමෙයි 😉 )
අනික් කතා කියන්න කලින් හැමදාම වගේ පොඩ්ඩක් මේ රජ ඉබ්බෝ ගැන වටපිටාව බලලා ඉම්මු. Turtle කියන ඉංග්‍රීසි වචනයේ සිංහල අරුත වෙන්නේ කැස්බෑවා හැබැයි ඉතින් අපි රුපවාහිනියේ දැක්කේ ඉබ්බා හැටියට. කොහෙන්ද මෙයාලා එන්නේ, මුලින්ම චිත්‍රකතා පොතක් හැටියට මෙයාලා මෙලොව එලිය දකින්නේ 1987 වගේ බොහොම ඈත කාලේ. ඒ Kevin Eastman හා Peter Laird අතින්. මේ මානවත්වරෝපිත කැස්බෑවා නම් වෙන්නේ යුරෝපයේ පුනරුද සමයේ උන්න කළාකරුවන් සිව්දෙනෙකුගේ නමින්. ඒ ලියනාඩෝ, රෆායෙල්, ඩොනටෙලෝ හා මයිකල්ඇන්ජලෝ ලෙසින්. පසුව ටෙලි කතා මාලා, චිත්‍රපට වගේම පරිගණක ක්‍රීඩා බවටත් මේ උදවිය පරිවර්තනය වුනා. මේ මෑතක් වෙනකම් මෙයාලගේ ජනප්‍රියත්වය බොහොම ඉහලින් තිබ්බ කාලය ලෙස සැලකුනේ 80 දශකයේ අග භාගය හා 90 දශකය. නිපදවුණ චිත්‍රපට සංඛ්‍යාව 5ක්.
නමුත් Jonathan Liebesman සිනමාවට නැවත වරක් මේ සහෝදරයන් හදුන්වා දීමත් එකක් ඔවුන් නැවතත් තරු බවට පත් වුනා (හැබැයි ඉතින් මේ වෙනකොට බොහොම සාර්ථකව දිවයන අලුත් ත්‍රිමාන ටෙලි කතා මාලාවක් නැතුවම නෙමෙයි ඉතින්). මේ වනවිට IMDB දර්ශකයේ 6.4 ක වගේ අගයක් ලබාගෙන තියෙන, ප්‍රදර්ශනය ආරම්භ වූ සතියෙම මිලියන 65 (මේ වන විට ලොව පුරා උපයා ඇති ආදායම මිලියන 349 කට අධිකයි, නිෂ්පාදන වියදම මිලියන 125 ) කට අධික අදායමක් උපයන්න සමත් වුන චිත්‍රපටයේ කතාව කොහොමද බලමු තව පමා නොකර.
ඒප්‍රිල් ඕ’නීල් කියන්නේ මාධ්‍යවේදිනියක් හැබැයි ඉතින් ඇයට ලැබෙන්නෙම බොහොම නොවැදගත් ප්‍රවෘත්ති. මේ කාලයේම පා කල්ලිය නමින් සංවිධානයක් තමුන්ගේ මැරකම් නිව්යෝක් නගරය පුරා පතුරවමිනුයි ඉන්නේ. දවසක් දා මේ කල්ලියේ හොර ජාවාරමක් දකින ඒප්‍රිල්ට තවත් අදහා ගන්න බැරි දෙයක් දකින්න වෙනවා ඒ මේ කල්ලියට විරුද්ධව සටන් කරන්නෙක්. හැබැයි ඇය මේක තමුන්ගේ නාලිකාවේ උපවියට කිව්වට ඔවුන් ගන්න ගන්නේ නැහැ… ඇයට රැකියාව අහිමි වෙනවා කොහොම හරි…. පා කල්ලියේ අරමුණ නගරයට විෂා වායුවක් මුදා හැරිමයි… සැකස් නම් ධවනත් විද්‍යාඥයා නගරය බෙගාරනිම වෙනුවෙන් මුදල් යොදවන්නෙක්… මේ හැමෝම එකිනෙකට සම්බන්ධයි…
හැබැයි ඉතින් මම ඔන්න අපේ වීරයෝ ගැන හිතා මතා මොකුත් නොකියා හිටියා ඒ ඔබට බලන්න ඕනේ නිසාවෙන්… බලන්නකෝ මේ සෙසු චරිත කොහොමත් වීරයන් හා එකතු වෙන්නේ කියලා. තවත් දෙයක් කියන්නම ඕනේ කලින් දැක්ක ඉබ්බෝ වගේ නම් නෙමෙයි මේ වතාවේ ඉබ්බෝ පුදුම හැඩිදැඩි ඒ වගේම පවුලේ සැමට බලන්න හැකි තරම් විනොදාත්මකයි ඒ වගේමයි ක්‍රියාදාම කෝටියයි හැබැයි පරිගණක සජීවිකරණ හා ත්‍රිමාන රූ පුදුමයි…
මේ වතාවෙන් කරමුද කියලා ඇහුව මගන් එකපයින් කැමති වුන විමාට ස්තුතියිවන්ත වෙන්න ඕනේ.. ඒ වගේම පොඩි කොපි පේස්ට් පාරක් දාලා උදව් වුන අපේ ඩිලා අයියටත් ස්තුතියි කියන ගමන් අපි යනවා එහෙනම්…
එහෙනම් තවත් උපසිරැසක් එකක් හමුවෙනකම් ඔබ සැමට ජය වේවා !
382 MB (HD) කොපිය මෙතනින් බාගන්න
D649F076163FB582AA67A238E6BC9C9842C9C2B6525 MB (HD) කොපිය මෙතනින් බාගන්න
3B5540B02768760999F5F5D3D492EFA31B7C903E700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1E54579BB101519B299FB40109C7F5A6D2B93C19706 MB (HD) කොපිය මෙතනින් බාගන්න
C729FFDE65F428DA09AEA07B86C4F0343A9BA487805 MB (BR) කොපිය මෙතනින් බාගන්න
15145E7B7C9CDC81C0FE4C1790F5155908AFB4BB1.31 GB (HD) කොපිය මෙතනින් බාගන්න
D316F19EF9512880DBD83CEC0EDF71A4DC35509D1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න
95D61DB3651F144B32FD1C995638DF7339C8928E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
28,570 downloadsDownload Teenage-Mutant-Ninja-Turtles-2014-BR.zip445 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” හා “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
125 comments
sf
Harsha
ela ela thank machan
janith
ela ela thanx
ANJANA
thanks...
කැලුම් එදිරිසිංහ
මේක ඊයෙ මම ඩව්න්ලෝඩ් කරේ...සුපිරි අද බයිස්කෝප් එකෙන් සබ් එක දිලා.... බයිස්කෝප් ඉතින් කවදත් 1 තමා...සබ් එක ඉක්මනින්ම දුන්නට සමීර සහෝදරයටයි වීමා සහෝදරයටයි ගොඩක් ස්තුතියි....මට තාමත් මතකයි ඉස්සර සිරස ටිවි එකන් මේකෙ කටුන් එක බලපුහැටි.....ඉස්සර ඉතින් ඉස්කෝලෙ ඇරිච්ච ගමන්ම ගෙදර දුවගෙන එන්නෙ අපි රජ ඉබ්බෝ බලන්න තමයි....ඒ මතකයන් හරිම සුන්දරයි.....නැවත සැරයක් සමීර සහෝදරයටයි වීමා සහෝදරයටයි ගොඩක් ස්තුතියි...ඒ වගෙම බයිස්කෝප් අඩවියෙන් මේ කරන සේවයෙ වටිනාකම නිමක් නෑ....බයිස්කෝප් අඩවියට සැමදා ජයෙන් ජය ....
dilhara
thanks baiscope
Dilshan kalinga
අයියෝ සල්ලි....
ටිකයිනෙ කරන්න ලැබුනේ.
මම උදේ අනිත් ටික කරන්න බලද්දී මේක දීලනේ.
සමාවෙන්න ඕනේ.
මම නම් ඉතින් BR එකක් එනකම් ඉන්නවා.
දෙන්නටම සබට තුති.CyberJayn
Bohoma sthuthi!
Chanaka Hasitha Naveendra
enakal balan hitiye supperrrrrrr
Laksh!tha
Thanks Bro...!!!
daminda
enakan balan hitiye.
thanx sub walata digatama karagena yanMalin
thanks mama meka enakan balan hitiye onna mama gaththa
යශෝධ
දෙන්නටම බොහෝම ස්තූතියි උපසිරසට.. මේකට නම් ඉතින් BR එනකන් ඉන්නම වෙනවා. ජයම වේවා..! එලස්ස්ස්.......
rasika
NIYAMAI AAA
නුවන්ත දුලාන්
නියමයි සහෝලා.....
සුපිරි ෆිලුමක්.....
බොහොම ස්තූතියි.....!!!!Tharindu
Thank you very much saho..!!!
නලින්
එළ! එළ!! බොහොම ස්තුති වෙන්න ඹනේ සමි හා විමාට රිලස් වෙලා සැනින් සිංහල සබ ගෙනාවට...
අපි පොඩි කාලේත් ඔහොම තමා ඔක බැලුවේ. තාමත් සාකියා, රයිනා, සුකරයාව මතකයි. අපේ වීර කැස්බෑවෝ ටික වගේම...
ඔන්න මමත් බිඩියක් එනකල්ම ඉන්නවා.මෙච්චර හිටිය එකෙ.
සබට තුති කොල්ලනේ .....ජය වේවා...!!!
සමීර චතුරංග
ආපු ගමන් දුන්න එක නම් නියමයි ඔන්න
දෙන්නම එක්ක එකතු වෙලා..
වෙලාවක් ලැබුණු ගමන් බලන්නම්..
දෙන්නටම ස්තුතියි කියන ගමන්..
ඔන්න අපි ගියා..
ජය වේවා!!!
තිලංක
මේ ෆිල්ම් එක එනකම්මයි උන්නේ....... ගොඩාක් පිං “සමීර කරුණාරත්න” හා “ශාන් විමුක්ති [වීමා]”
ජය වේවාD.Chamara
thans sahoo niyamai denakan balagena hitya..... thamks
තිසර නියෝ (Thisara Buddhika)
අම්මෝ. හදන කාලෙ ඉඳන් බලන්න මග බලන් හිටපු ෆිල්ම් එකක්.
ලෙනී, රාජයියා, ඩික්මන්, මෝනිස් මල්ලි, චූටිගේ වැඩකිඩ බලන්නත් ආසයි ආපහු සැරයක්.
Br rip එක එනකල්ම ඉන්නවා.
දෙන්නටම බොහොම ස්තූතියි.
ජයවේවා.අදිත ප්‍රවීන්
මොකෝ මේ අලි බබාලා දෙන්නෙක් කාටූන් එකක් දාලා !!!
හොඳයි හොඳයි !
බොහොම ස්තුතියි උපසිරැසියට !
:Dsanka
හෙ හෙ මෙක මම ඉස්සර පිස්සුවෙන් වගෙ බලපු එකක් තන්කු අය්යලා
cd word kekirawa
ela kiri niyama film eka tanx bais
ලක්ෂාන් නිලංක
මේවෘ කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිල්ම් නොවෑ....විමා-සමීර දෙන්නටම බොහොම ස්තූතියි....ජය වේවා.....!
yasasa lakmintha
මේ සිලුමේ Trailer එක එලියට දාපු ගමන් සිලුම එනකම් බලන් හිටියේ, :) Brrip එක දීපු ගමන් බලනවා. මේ පට්ට සිලුමට සුබ් දුන්නට විමා සහ සමීර සහෝදරයන්ට තුති..! ජය වෙවා.. :)
kavinda
Br rip එක එනකල්ම ඉන්නවා.
දෙන්නටම බොහොම ස්තූතියි.
ජයවේවා.kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakshan
thnx machan sub ekata :D
චන්දිම අමරසිංහ
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු...
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා...!%$Sam
bohoma thnks sahoo..sub eka dankn hitiyeee...
elzzzzzzzz......ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල කස්ට්ය....
මම නම් ඒ දවස් වල ඉඳන්ම අපි රජ ඉබ්බෝ ඒ තරම් කැමැත්තකින් බැලුවේ නැහැ...
බලලා තියෙනවා ඒ උනාට...
ඒ නිසා මෙන්න මේක ගන්නවා..
ජය වේවා දෙන්නටම..Dilshan
thx machan....... ikmanatama BR copy ekath dannako awa gaman
danushka
Baiscopelk team එක වෙතයි
මුලින්ම කියන්න ඔන ඔයගොල්ලන්ගෙ සයිට් එක සුපිරි එකක් මම මෙකේ ගොකක් films බලලා තියනවා මගේ අදහස් කීපයක් තියනවා පුලුවන්නම් මෙ විදියට වෙනස් කරන්න බලන්න
මේකේ දැනට තියන category system එකේ ප්රනශ්නයක් නැ එත් පුලුවන්නම් මේ category ටිකත් ඇතුල් කරන්න. එකක් 3d ඇනිමෙශන් ෆිල්ම්ස් හරියට ශ්රේක්, රියො වගේ 3ඩි ෆිල්ම්ස් තියන category එකකුයි පවුලෙ සැමට වගෙම පොඩි ලමයින්ට බලන්න පුලුවන් එකක් මම මේ category එක ගැන කියනවනම් මෙ category එකේ කිසිදු ආකරයෙ වැඩිහිටි දසුනක් නැති වෙන්න ඔන මොකද එ වගේ ගොඩක් හොද කතා මෙකෙ තියනවා උදාහරනයක් ගත්තොත් හොටෙල් ටන්සිල්වෙනිය එ කතාවා අන්තිම වෙනකම්ම ගොඩක් හොදයි එත් අන්තිම තප්පරේ kissing sean එකක් එක්කයි තියෙන්නේ ගොඩක් කතා love story එහෙම නැතිව ලමයින්ට පමනක් අතිශයින්ම ලමයින්ට පමනක් පෙන්නන්න පුලුවන් කතා category එකක් තියනවානම් හොදයි එවත් 3d quality එවානම් ගොඩක් තව Alien and other planet, UFO සම්බන්ද කතා විතරක් තියන හැදුවොත් හොදයි හොදයි එවගේම දැනට තියන category වල පොඩි ප්ර ශ්නයක් තියනවා ගොඩක් category වල TV series වල කොටස් කවලමෙ තියෙන්නෙ සිංහල සබ් category එක අවුලක් නැ අනිත් එවගේ තීයන entry අයින් කරල තිබුනනම කැමති films හොයාගන්න හරිම ලෙසි වෙයි. අනික TV series වලට main category එකක් තියනවනේ. තවත් පුලුවන්නම් හැම film post එකකම අන්තිමට ඒ film එකෙ preview එක තියනවනම් හොදයි youtube එකෙම්න්ම ලින්ක් අරන් දාන්න පුලුවන්නෙ තව අදහස් තිබුනොත් එවන්නම් සිංහල සබ් හදන සියලුම සහොල ඇතුලු Baiscopelk team එකටම ජය වෙවාKulanjana Maduranga
niyamai ahhhhhhhhhh...me filuma denakm hitiye.balan idapu 1ke BR copy 1ka enakalma innawa.thanks SAMEERA & VIMA sahola dennatama..... digatama sub denn.jaya wewa.........
indika
thnq :)
හර්ෂ ලහිරු
එලකිරි සහොලා මේක එනකම් මග බලබලා හිටියෙ :D
ආපු ගමන්ම වගේ දුන්නු එක නම් අදහන්න වටිනවා |:D
බොහොම ස්තුතියි සහොලා :P :P ජයශාන් විමුක්ති [විමා]
සමීරට බොහොම ස්තුතියි රසවත් සිනමාපටයක් ගෙන ඒම සඳහා මාව එක්කාසු කරගත්තට
ඇත්තටම වැඩි මහන්සිය සමීර සහෝගේ
බොහොම ස්තුතියි!janaka kalu
thanks machoooo
Pushpa
supiriiiii... thanx macho
Umesh
Tanx!!
janith
thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks machoooo
Jack
එලකිරි මචන්ලා.
එනවත් එක්කම සබ් එකත් දීලානේ.
මේකත් එනකම්ම හිටපු එකක් තමයි.
දෙන්නටම බොහෝම ස්තුතියි.
ජය !!අශේන් මදුශංක
නියමයි.... බොහොම ස්තූතියි..! එනකං බලං හිටියෙ.
රොයිලි
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ujitha
ela ela kattiyatama..
meke downloads 1000 penala tibbata comment 1000 nehe.. eka mekata mahansi una ayata karana asadaranayak.eka nisa comment ekak danna eyalage mahansiya wenuwen..
jaya wewa...!#ChalinduDeshan (කිනා)
ඒ උනාට ඕව බලු වැඩ ඈ. රොයිලි මාමිටයි හසන්ත මාමිටයි ඔහොම මාමිලාගේ වයසේ නෙමේ කියන එක හරිනෑනේ :P
එල වැඩක් දෙන්නම කරල තියෙන්නේ.
ජයම වේවා!
මේක ඉතිං බෑමක් තමා, ඊලග මාසේ 1වෙනිදට :Dශාන් විමුක්ති [විමා]
ඒ අය ඒ තරම් වයසද කිනෝ
අදනේ දන්නේ බන් :o
ruwan kasun
niyamay...thanks dear......
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata
pamuditha
ගොඩක් කල් තිස්සේ බලාගෙන හිටපු film 1ක් ඔන්න 480p දෙැන් බානවා
thank U වේවා. ;)rosahnd
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අපි රජ ඉබ්බෝ නියම වැඩක් කොල්ලෝ