මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතාව ආරම්භ වන්නේ, “රූපා” නැමති තරුණිය හෝටලයක තුන්වන මහලින් පැන සියදිවි නසා ගැනීමේ සිදුවීමකිනි. එයට හේතුව ලෙස බොහෝ අය සළකන්නේ, එම හ…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතාව ආරම්භ වන්නේ, “රූපා” නැමති තරුණිය හෝටලයක තුන්වන මහලින් පැන සියදිවි නසා ගැනීමේ සිදුවීමකිනි. එයට හේතුව ලෙස බොහෝ අය සළකන්නේ, එම හෝටලයේ සංගීත කණ්ඩායමේ කෙනෙක් වන “රොකී” නැමැත්තා නිසා මෙම තරුණිය සියදිවි නසාගත් බවයි. ඔහුගේ නියම නාමය “අනිල්” වන අතර රොකී යනු අන්වර්ථ නාමයකි. රූපාගේ සොයුරිය වූ “සුනීතා” මෙම මරණයට වගකිව යුතු රොකීව සොයා මෙම හෝටලයට තම මිතුරියන් පිරිසක් සමඟ පැමිණේ. ඒ පැමිණෙන අතරතුර දුම්රියේ දී අනිල්ව හඳුනාගනු ලැබේ. පසුව ඔවුන් දුම්රියෙන් බැස ගියත් නැවත හෝටලයේ දී හමුවේ. එහෙත් මේ රොකී බව සුනීතා විසින් නොදන්නා නිසා ටික දිනකින් ඔවුන් අතර ප්‍රේමයක් හට ගනී. හෝටලයේ නර්තනය සිදු කරන “රූබි” නමැති තරුණිය ද අනිල්ගේ සිත දිනා ගැනීමට නිතරම උත්සාහ කරමින් සිටින අතර ඇය රූපාගේ මරණයේ අභිරහස දැන සිටියි.
මේ අතරතුර පොලිසියෙන් රූපාගේ මරණය මිනීමැරුමක් ලෙස තීරණය කර පරීක්ෂණ ආරම්භ කරයි. මෙය දැනගත් අනිල් ද මේ සම්බන්ධව සෙවීම සිදු කරයි. මියගිය රූපාගේ පැරණි පෙම්වතා මීට පෙර අනිල්ට තර්ජනය කර තිබූ නිසා ඔහු පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කරයි. මේ අතර සුනීතාට රොකී යනු අනිල්ම බව හෙළිවීම නිසා අනිල්ට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අවසානයේ නියම මිනීමරුවා හෙළිවේද? ශම්මි කපුර්, ආශා පාරෙක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි” “ප්යාර් කා මෝසම්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස් හයවෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Teesri Manzil Hindi Full Movie HD යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිපහයි, තත්පර දහඅටක ධාවන කාලයක් සහිත මෙගා බයිට් 588 ක වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1955 වර්ෂයේ තිරගත වූ “Azaad” පැරණි හින්දි සිනමාපටයයි.

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත Youtube හෝ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,114 downloadsDownload Teesri-Manzil.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
12 comments
හසිත මධුෂාන්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Saman
මතක් වුනත් එක්ක ලගදිත් මොකද සබ් එකක්වත් දුන් නැත්තෙ කියලා ලගදී..ඉතින් උපසිරසියට බොහොම තුති...ඔයාගේ ඒව අනිවා බලනවා.ඉතින් එහෙනම් ඔන්න මේකත් අරගත්තා..
Priyantha Dayakeerthi
උදය සමන් සොයුරා ඇතුළු අදහස් දක්වන සැමදෙනාට මාගේ ස්තුතිය!
Gihan Lakmal
Ela..... Digatama Sub denna aiye...
Deex
tnx bro...................!
next sub
awaara 1951
janwar 1965
madhumathi 1958
mother india 1957
sujata 1960Priyantha Dayakeerthi
"Sujatha" සිනමාපටයට ළඟදීම සිංහල උපසිරසි ලබාදීමට කටයුතු සලසන්නම්. Janwar හැර ඔබ දක්වා ඇති අනෙක් සිනමාපට තුනටම දැනට ලංකාව තුළ සිංහල සබ් කරලා තිබෙන්නේ. ඒවා සහ ලංකාව තුළ දැනට තිබෙන සිංහල සබ් කළ සියලුම පැරණි හින්දි සහ පැරණි ඉංග්‍රීසි සිනමාපට එතුමා ළඟ තිබෙනවා. ලබාගැනීමට අවශ්‍ය නම් 0714510793 අංකයට කතා කරන්න. ස්තුතියි, අදහස් දැක්වීමට!
Dilhani Susanthika
Lucky hindi fillm (2005) ekata subtitle denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට බොහොම ස්තූතියි සහෝ...
පැරණි හින්දි චිත්‍රපට රසිකයන් හට ඔබ මහඟු සම්පතක්.
දිගටම සබ් දෙමු..
ජය!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ප්‍රියන්ත සහෝ..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!