Watch Trailer

Under the Hawthorn Tree (2010) AKA Shan zha shu zhi lian Sinhala Subtitles | බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Birds of Passage (2018) ලොවට කියනු මැන විහඟුනි….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකා…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Birds of Passage (2018) ලොවට කියනු මැන විහඟුනි….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මානය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නාවූ විශිෂ්ට සිනමාපට රැසක් අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී යන්නාවූ වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමක උපසිරැසියක් ලබා දෙන්නයි.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ චීන සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. මේක IMDb දර්ශකයේ 7.1ක් rotten Tomatoes වර්ගීකරනයේ 76%ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 7ක් සහ තවත් නිර්දේශවීම් 7ක් ලබාගත්තු සුපිරිම චීන සිනමා සිත්තමක්. මේ සිනමා සිත්තම ගැන මටත් දැන ගන්න ලැබුනේ මුහුණු පොතේ මිතුරෙකු වූ Renuka Dinupa විසින් තියපු සටහනකින්. ඔහු නොවන්නට මටත් මේ සිනමා සිත්තම ගැන දැන ගන්නට නොලැබී යන්නට ඉඩ තිබුනා. ඒ වෙනුවෙන් ඔහුට ස්තූතියි…!

මේ සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නේ (1960 – 1970) අතර කාලයේදී චීනයේ සිදුවූ සංස්කෘතික විප්ලව සමය තුල සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කරගෙන 2007 වසරේදී Ai Mi විසින් රචිත “Hawthorn Tree Forever” නවකතාව පාදක කර ගනිමිනුයි. තවත් දෙයක්, මේ ආදර කතාවේ සැබෑ ආදරවන්තිය මේ නවකතාවේ කතුවර Ai Mi ගේ සැබෑ දිවියේ මිතුරියක්ද වන බව ඇය විසින් පසුව ප්‍රකාශ කර තිබුනා. මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා.

හමුවීමක් නැති, දුරින් හිද මැවූ හීන
කොච්චරක් නම් ඇත්ද….
හුස්මකින් ඉපදී, හුස්මක් දුරින් නැවතුනු හැඟීම්
කොච්චරක් නම් ඇත්ද….
හිතේ ඉපදී හිතේම මිය ගිය, ආදර කතා නම්
කොච්චරක් නම් ඇත්ද….
නොහිතපු වෙලාවක සොයාන ආ, ආත්මීය බැඳීම් නම්
කොච්චරක් නම් ඇත්ද….
ආදරය මෙකී නොකී ලෙස හදෙහි ඉපදී
සිත් සතන් කොපමනක් නම්
රිදවන්න ඇත්ද…..
සුව කරන්න ඇත්ද….
ඉතින් සමහර ඒ මැරුණ මතකයන්ට,
පණ දෙන්න පුලුවන් මහා ඝන අන්ධකාරයට….
සෙමෙන් හමන සීතල සුළගත් එක්ක,
ඒ මතකයන්ට පන ආවාම….
හිත අතීතෙටම ඇදිල යනව හීන් සීරුවට….
ඒ මතකයන් හදවත රිද්දනව හරිම අපූරුවට….

ආදරය විඳින, විඳවන, සොයන,
හැම ආදරණීය හදවතකටමයි මේ ආරාධනය….
එන්න හාතෝර්න් ගස පාමුලට,
ඒ ආදරය ආයෙමත් විඳ ගන්න….
” බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…. “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. තවත් වෙනස්ම විදියේ නෝර්වීජියානු සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,861 downloadsDownload Under_the_Hawthorn_Tree_2010.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,861 downloadsDownload Subtitles44 KB

46 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට....
    ජය වේවා.!

  2. Udara Damith Dissanayaka

    ela

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. Udaya Saman

    බොහොම ස්තූතියි හසන්ත අයියා ඔයා මේ වගේ ෆීල්ම්ස් දෙනවට..හැමදාම කමෙන්ට් කරන්න හිටියට වෙලාවක් නැතුව යනවා.ඉතින් ඒකට සමාවෙන්න ඕනි...

  5. Krishan NiShalya

    බොහොම ස්තූතී.. මේවගේ ෆිල්ම් වලට දිගටම සබ් කරන්න.. ❤️

    කලින් සබ් පෝස්ට් එකේ දැම්මා ඕනෙ ෆිල්ම් ටික

    1. හසිත මධුෂාන්

      ඒ ෆිල්ම් වලින් හුගක් ඒවා මම බලලත් නෑ.... හොද ෆිල්ම් සෙට් එකක්. මම බලලම කියන්නම් කොහොමද කියලා....

  6. geeganagamage

    බොහොම ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් වගේ .

  7. Damith Priyankara

    බ‌ොහ‌ොම ස්තූතියි උපසිරසියට !!!

  8. jagannatha

    චිත්‍රපටය හඳුන්වා දුන්නාටත් උපසිරැසි හෙළ බසින් දුන්නාටත් ස්තූතියි. මේ කාර්යය සඵල වීමට නම් ‍ලින්ක් සපයන අදාළ වෙබ් පළෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට ටොරන්ට් හා ඩිරෙක්ට් ලින්ක් සැපැයූවානම් තමයි හොඳ. මෙහි බ්ලූරේ රිප් බොහෝ විට ජී.බී. පහකටත් වඩා විශාල දාරිතාවකින් යුතුය. ඒවාටද සීඩ් තිබේදැයි නොදනිමු. උපසිරැසි දීමේ නියම ඵලය අත්පත් වන්නේ වීඩියෝ පිටපතක් බා ගැනීමටද පිටිවහලක් සැපැයූවොත් පමණි. ස්තූති.

    1. baiscopelkishu

      baisopedownload site eke thiyenwa bro

    2. හසිත මධුෂාන්

      අදහසට බොහොමත්ම ස්තූතියි....! මේ සබ් එකට ගැලපෙන 700mb සහ 1.3GB බ්ලූරේ කොපි බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ පලකරල තියෙනවා. ඒ දෙකෙන් කැමති එකක් බා ගත්තනම් හරි....

    3. jagannatha

      සලරුව නැරැඹීමෙන් පසු ලියමි. මේ සලරුව හා සම්පර්කයට පත්කිරීමෙන් කරුණ රසයෙන් හදවත් පුරවාලීමට ඉඩ හසර පෑදූ හසිත සොහොයුරාණෙනි, ඔබට බොහොම පින්!

  9. baiscopelkishu

    thanx bro

  10. thanujamilandi

    THank you soo much sub ekata... do\igin digatama me wage katha walata sub denna.. aththatama lasssnai.. jaya wewa!! BS!!

  11. Savinduinduwara

    Thank you

  12. sujithhakmana

    ලස්සන කතාවක් ස්තුතියි

  13. mmadhushankha

    thanks lokka..

  14. nam woohyun

    mulk(2018) hindi movie ekatath sub dennako...plzz

    1. හසිත මධුෂාන්

      දැන් කාලෙට ගැලපෙන කතාවක් වගේ නේද සහෝ.. මම බලලම කියන්නං.....

  15. gayanmadu3333

    ලස්සන කථාවක් මචෝ.මේ ෆිලුම බාන ගමන්.ගොඩාක් ස්තුතියි.

    1. jeewa sirlanka

      කරුණාකරලා මට අලුත් ෆිල්ම් ටිකක ලින්ක් වට්ස් අප් එවන්න පුලුවන්ද ප්ලිස් 0767468056
      මට ඩවුන්ලෝඩ් කර ගන්න ෆෝන් එකෙන්...

    2. jeewa sirlanka

      0767468055

  16. Chanu mikhail

    lassana kathawak math lagadi thamai baluwe...
    aththatama lassanai...
    thanks...
    jaya..!!

  17. MadhuBandara

    Thank You Yaluwa

  18. KH2130

    thank you for the subtitles.

  19. D.Chamara

    bohoma sthuthi sahoo

  20. liyanage077a

    kiyanna wachana nee. niyama film eka

  21. Geethi

    Thank you for sub.

  22. EDIRAPPULI

    වීඩියෝ එකට ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?

    1. හසිත මධුෂාන්

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ මේ සබ් එකට ගැලපෙන වීඩියෝ පිටපත් පලකරල තියෙනව සහෝ...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Asa U

    Thanks bro

  25. jagannatha

    හසිත සොහොයුර. ඔබට හැකියාවක් ඇතිනම් පහත දැක්වෙන ඊශ්‍රායල් චිත්‍රපටයට සිංහල උපසිරැසි ලබා දෙන්න. සලරුව අරාබි බසින් නිෂ්පාදනය වූවකි. හොඳ පිටපත්. ඉංගිරිසි උපැසිරැසි ඇත. Sand Storm (2016) [Sufat Chol]. ස්තූති.

    1. හසිත මධුෂාන්

      අනිවාර්යයෙන්ම සබ් එකක් හදන්නං සහෝ..... මටත් මග ඇරුන හොද ෆිල්ම් එකක්. ඔත්තුවට බොහොම ස්තූතියි... තව බාර ගත්තු සබ් ටිකක් තියෙන නිසා මාසයක් වගේ ඇතුලත දෙන්නම්. තවත් මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් තියෙනව නං කමෙන්ට් එකක් දාල යන්න....

  26. AsithaDilruwan

    ela saho thanks

  27. sanjeewakbg

    Thanks bro...

  28. BTC

    Thanks bro...

  29. jagannatha

    හසිත සහොදරයා, තවත් හොඳ චිත්‍රපටයක් ගැන ඔත්තුවක් දීමට මෙය ලියන්නේ. තායි නවකථාවක් ඇසුරින් එම බසින්ම නිස්පාදනය වුණු jan dara (2012), jan dara (2013) එම චිත්‍රපටයයි. එකම කථාවේ කොටස් දෙකකි. මෙහි කොටස් දෙකම එකම ටොරන්ට් ෆයිල් එකකින් බාගත හැක. ඉංග්‍රිසි අපසිරැසි ගොනු ද අන්තර්ගතයි. උසස් තත්වයේ බ්ලූ රේ පිටපත්ය. එනමින් ම 2001 නිපදවුණු සලරුවක් ද ඇත. එයටත් වඩා මෙම කොටස් දෙකකින් යුත් සල රුව හොඳ බව හැගේ. බොහො දෙනාගේ උසස් වින්දනයක් සඳහා සිංහලෙන් උපසිරැසි ලබා දෙන මෙන් ඉල්ලමි. එබ ආමන්ත්‍රණයට ඊමේල් එක ලබා ගත හැකි නම් අපට බෙහෙවින් ප්‍රයෝජනවත්ය.

    1. හසිත මධුෂාන්

      බොහොමත්ම ස්තූතියි ඔත්තුවට.... මටත් මග ඇරුන හොඳ ෆිල්ම් එකක් වගේ.

      Sand Storm සබ් එකත් හදල ඉවරයි. අඩු පාඩු බලලා තව දවස් දෙක තුනක් යනකොට දෙන්නම්.
      පුලුවන් කමක් තියෙනව නං පහලින් තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඒ ෆිල්ම් දෙක බා ගන්න පුලුවන් ටොරන්ට් ලින්ක් එකක් එවන්න. පුලුවන් ඉක්මනින්ම සබ් එකක් හදන්නම්.

      hasitha.m.sky@gmail#com (# සලකුණ ඉවත් කර . යොදන්න)

  30. ricadodamien

    Thank U very much Hasitha brother & baiscope team for the sub, it was so beautiful & emotional, That tears came from my eyes, what a great movie it was, all the best to baiscope team............

  31. kites

    thank you!

  32. Gayan Chathuranga

    සබ් එකට ගොඩක් ස්තුතියි !

  33. බොබී

    කමෙන්ට් එකක් දාන්න කියලා සබ් එකේම තිබුනනේ. ඒක නිසා ෆිල්ම් එක බලපු හැටියෙම ආවේ. ලස්සන කතාවක්, සහෝ. සබ් එකේ අඩුපාඩුවක් තිබුනෙත් නෑ. අපිට තවත් මේ වගේ උපසිරැසි ගෙන එන්න හැකිවේවා කියලා පතනවා. ජයම වේවා!

  34. Shanaka

    මේ වගෙ Film එකක් ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ගොඩක් ස්තූතියි.

  35. Damnidu S Rajapaksha

    thanks for sub!

    #requests

    01. mary is happy, mary is happy(2013)
    02.OMG! oh my girl(2022)
    03.seasons change(2006)
    04.jaifu story(2022)
    05.our times(2015)

  36. chamod

    Thank You

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.