Watch Trailer

Child’s Play (1988) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ හතලිස් හතර වන නිර්මාණය අරන් ආවා. ඉතින් මුකුත් කියන්න ඕන නැනේ චිත්‍රපටයේ නම දැක්කම. මම දන්නවා චිත්‍රපට ඉතිහාසය දන්නා යාලුවෝ ඔක්කොම මේ චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා. ඇත්තටම මේක චිත්‍රපට හයක් ඇතුලත් චිත්‍රපට මාලාවක පලවෙනි එක. Child’s Play(1988), Child’s Play…

Child's Play (1988)

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ හතලිස් හතර වන නිර්මාණය අරන් ආවා. ඉතින් මුකුත් කියන්න ඕන නැනේ චිත්‍රපටයේ නම දැක්කම. මම දන්නවා චිත්‍රපට ඉතිහාසය දන්නා යාලුවෝ ඔක්කොම මේ චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා. ඇත්තටම මේක චිත්‍රපට හයක් ඇතුලත් චිත්‍රපට මාලාවක පලවෙනි එක. Child’s Play(1988), Child’s Play 2  (1990 ), Child’s Play 3 (1991), Bride of Chucky (1998), Seed of Chucky(2004),  Curse of Chucky (2013). මේ ටිකෙන් අන්තිම තුන බයිස්කෝප් එකේ සිංහල උපසිරසි දීල තියනවා. එත් මුල් තුන නැ. අන්න ඒක සම්පුර්ණ කරන්න තමා මේ උත්සාහය. IMDb අගය 6.5 ගත්ත Fantasy, Horror වර්ගයේ චිත්‍රපටයක්.

ඇත්තටම මෙම චිත්‍රපටිය තිරගත වෙච්ච අවදියේ තිබුන හොඳම හොල්මන් චිත්‍රපටය තමා මේක. මට මතකයි අපි මේ චිත්‍රපට ගන්න වීඩියෝ සෙන්ටර් ළඟ විඳපු දුකක්. මොකද දැන් ඔයාලට වගේ මොන ඩවුන්ලෝඩ් ද. ගමටම තියන වීඩියෝ සෙන්ටර් එකේ තියෙන්නේ කොපි දෙකයි, නැත්නම් තුනයි. ඉතින් පෝලිමේ ඉඳල සෙන්ටර් එකේ අයියට පගාවත් දීල තමා ඩේක් පිස් එක සවුත්තු වෙන්න කලින් බලන්න ඉල්ලා ගන්නේ. කොහොම නමුත් සිංහල උපසිරසි සමග ඔයාටල බලන්න අවස්තාව. ඒවගේම කියන්න ඕන මේකේ හත්වන කොටසකුත් ලබන අවුරුද්දේ එන්න තියනවා.

කතාව ගැන කියන්නම් කෙටියෙන්. චකි කියන්නේ බෝනික්කෙක්. මිනි මැරුම් ගනනාවක් කරපු මිනිමරුවෙක් වෙඩි වැදිලා අසාද්‍ය තත්වයේ ඉඳන් මැරෙන්න ඔන්න මෙන්න තියලා එයාගේ ආත්මය ගුප්ත ක්‍රමයකින් මේ බෝනික්කට ඇතුල් කරනවා. ඉතින් පස්සේ මේ බෝනික්කා මිනි මරන්න පටන් ගන්නවා. ඒ වගේම එයා මිනිහෙක් වෙලා ඉඳපු කාලේ හිටිය එයාගේ සතුරන්ගෙන් පලිගන්නත්. ඉතින් අතිශය දරුණු මෙයා කරන වැඩයි මෙයා පරද්දවන එකයි තමා චිත්‍රපටය. ලස්සන කතාවක් වගේම හොල්මන් උනත් කලාත්මකයි කියල කියන්න පුළුවන්.

ඔයාලට ඉතින් කියන්න දෙයක් නැනේ. මගේ ඊළඟ චිත්‍රපටය මොකක්ද කියල. මේකේ දෙවෙනි කොටසින් ඔයාල හමුවෙන්න එන්නම්. ඉතින් ඔන්න මම යනවා. ඔයාල මේ චිත්‍රපටය ගැන සහ මගේ මේ වැඩ ගැන හිතනා අදහස කියන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මම ගියා. එන්නම් ඉක්මනට.

 

බුදු සරණයි…!

 

 

Child's Play (1988) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

717 downloadsDownload Childs.Play_.1988.Baiscopelk.com_.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

717 downloadsDownload Subtitles45 KB

25 comments

  1. ishan madusha

    නියමයි සහෝ.උපසිරැසියට ස්තුතියි.ජය වේවා!

    1. Rumesh Nilantha jayaweera

      Thank for sub shao onna man film 6yama download wenna danma. Puluwan jenner body 2009film ekata sub denna mama meta kalinuth comment ekak damma oyata. Bubu saranai

  2. තරිඳු

    බොහොම ඉස්තුති සහෝ. ඔබට පින්. පුලුවන්නම් yip man 1,2 කියන films දෙකට sub දෙන්න පුලුවන්ද ?

  3. දහරා මුතු අමා

    ශා ලස්සන ෆිල්ම් එකක්. පොඩි කාලෙ බය වෙවී බලපු ඒව තමයි මේ
    මෙන්න ගන්නවා.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. Tharaka

    චිත්‍රපටයට උපසිරැසි ලබා දීම ගැන ගොඩක් ස්තුතියි! ඔන්න බාන්න දැම්මා. මාත් හොල්මන් ෆිල්ම් බලන්න ගොඩාක් කැමතියි. ඉතින් ඔයාගෙ වැඩ ගැන හිතනා අදහස් කියන්න කියලා ඉල්ලලාත් තියනවානේ. මුලින්ම කියනවානම් විවිධ රස වින්දන තියන අය ඉන්න නිසා මේ විදියේ එකිනෙකට වෙනස් ෆිල්ම් වලට සබ් දෙන එක ගොඩාක් හොඳයි. ඒ වගේම ඔයාගේ තේරීම් ගොඩාක් පැරණි චිත්‍රපට වීම ගැනත් මම අගය කරනවා. මමනම් කාල භේදයක් නැතිව හොඳයි කියා හිතෙන ෆිල්ම් බලනවා. ඒත් පැරණි චිත්‍රපට වලට සබ් දෙන අය ඉන්නේ කිහිප දෙනයි. ඉතින් ඔයා මෙහෙම පරණ ඒවාට උපසිරැසි දෙන එක ගොඩාක් වටින්නේ ඒ නිසයි. අනික එක එක කාලවල් වල බිහිවුන සිනමා නිර්මාණ වලට කැමති බොහෝ පිරිසුත් බයිස්කෝප් එකට එනවානේ. ඔයා වගේ ගොඩාක් මහන්සි වෙලා වටිනා සේවයක් කරන කෙනෙක් මේ වෙබ් අඩවියේ ඉන්න එක ගැන මට හරිම සතුටුයි. ඔයාගේ සිංහල උපසිරැසිත් හොඳ ගුණාත්මක මට්ටමක තියනවා. ඉතින් ඉදිරියේදී මේ වගේ හොඳ imdb රේටින්ස් තියන එකිනෙකට වෙනස් ෆිල්ම්ස් තව තවත් අප වෙත ගෙන එන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. මම හරි ආසයි විද්‍යා ප්‍රබන්ධ වලට. පුළුවන්නම් සහෝ අපී නොබලපු ලෝක විනාශයන් ගැන තිබෙන හොඳ පැරණි හෝ අළුත් චිත්‍රපට එක දෙකකට හරි ඉදිරියේදී උපසිරැසි දෙන ලෙසත් මම ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් නීරෝගී සුව සමඟ ඔයාගේ ජීවිතයේ සියළු පැතුම් සපල වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බයිස්කෝප් වෙබ් අඩවියටත් ඔබටත් ජයෙන් ජයම වේවා! සම්මා සම්බුදු සරණයි!

  6. praneeth madu

    නියමයි සබ් එකට ස්තුතියි සහෝ..

  7. kavinda

    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට. අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

  8. praveen

    torrent link eka comment karannako.

  9. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Asitha

    okkoma balala thiyenawa.
    paata film set eka.
    thanks machan.

  11. Sajith Anthony

    මේක ඉස්සර බැලුව ඩෙක් එකෙන්, ආයිත් බලනව සිංහල සබ් එක්කම,
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  12. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර, බයිස්කෝප් වෙබ් එකට ඔයා තවත් ෆිල්ම් එකක් දාලද කියලා මම බොහෝ විට බලනවා. ඉතිං අදත් එකක් තියෙනවා, මම බලලා නැති එකක්, ඒ වගේම පැරණි එකක් ඒ නිසා බලන්නම ඕන. හැකිනම් 1960/1970 දශකයේ "Shane Lee" රඟපෑ 'Drcula" ෆිල්ම් එකකට උපසිරසි දෙන්න. මෙහි සාමජිකයින්ට එය වෙනස්ම අත්දැකීමක් වේවි. මම, ඔහු රඟපෑ ෆිල්ම් ගොඩක් බලලා තියෙනවා. එත් සිංහල උපසිරසි සහිතව නැවත ඒවා බලන්න ආසයි. ස්තුතියි! ඔබට ජය...

    1. Withanage Priyantha Dayakeerthi

      මගේ ඉහත කොමෙන්ටුවේ පොඩි වැරදීමක් වුණා. "Shane Lee" රඟපෑ නොවේ "Christoper Lee" රඟපෑ යනුවෙන් වෙනස් විය යුතුයි. Dracula has risen from the grave(1968), The whip and the body(1963). මෙම චිත්‍රපට දෙක උපසිරසි කරනවානම් මෙම වෙබ් අඩවියට වැදගත් වේවි යයි මා සිතන්නෙමි. ස්තුතියි!

  13. Rumesh Nilantha jayaweera

    Thank for sub shao onna man film 6yama download wenna danma. Puluwan jenner body 2009film ekata sub denna mama meta kalinuth comment ekak damma oyata. Bubu saranai

  14. Lahiru Lakmal

    Thanks for sub....
    Puluwanam jungle book sub dhennakoo....

  15. Denuthu Kawinda

    Thanks........

  16. Udara Damith B\K

    ගොඩක් ස්තූතියි

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. keshan

    thank you broooooo

  19. sasindu

    Ko b sub aka dennane 4to akak download wenda pennanwne bn

  20. Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

  21. arawindasunimal

    thanks sub ekata - jayawewa

  22. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  23. Anonymous

    THANKS