Watch Trailer

Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා. Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට…

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා.

Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට ඔහු ගොඩක් චිත්‍රපටිවල රඟපාලා තියෙනවා Arya, Arya 2 , Race Guram, Iddarammailitho, Julai, Badrinath, Sareinodu, Ala Vaikuntupuramolo, vedam, Paragu, Vaduru ඔහුගේ ජනප්‍රියම වුණු චිත්‍රපටි. Allu සිනමාවට පිවිසියේ 1985 දී. ඒ කියන්නෙ අවුරුදු තුනේදී විතර, ඒත් හරි විදාහට ගත්තොත් Allu ⁣තේරෙන වයසකදී රඟපාපු පලවෙනි චිත්‍රපටිය තමයි ගංග්‍රෝති. මේක 2003 තිරගත වුණු චිත්‍රපටියක්, මේක අධ්‍යක්ෂණය කළේ අල්ලුගේ තාත්තා ⁣Allu Aravind විසින්. Allu අවුරුදු 20 විස්සක විතර පොඩි කොල්ලෙක් එතකොට, අල්ලු එක්ක,මේකේ Adithi Agrawal, Prakash Raj ප්‍රධාන චරිත නිරූපණය කරනවා, Prakash Raj කියන්නෙ ඉතින් හැම චිත්‍රපටියකම වගේ ඉන්න අති විශිෂ්ට නළුවෙක් කියලා ඔයාලා දන්නවානේ.

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් පරණ තාලේ , ලස්සන කතාවක්, නීලකන්තම් නයිදු කියන්නෙ ධනය, මැර බලය මේ සේරම තියෙන, ප්‍රභූවරයෙක්, ඉතින් එයාගේ උදව්වට එයාගේ අක්කත් ඉන්නවා. එතකොට නීලකන්තම්ට හැම වැඩකටම ඉන්න එයාව ආරක්ෂා කරන, එයාගේ හොඳම ගෝලයා තමයි නරසිම්හාම්, මේකේ අල්ලු ඉන්නෙ නරසිම්හාම්ගේ පුතා සිම්හද්‍රි විදිහට.

නීලකන්තම්ට දුවෙක් ඉන්නවා. එයා තමයි ගංග්‍රෝති. දරුවො හතරදෙනෙක් ඉපදෙන්න කලින් නැති වෙලා තමයි මේ දුව ලැබෙන්නේ. දරුවා ලැබෙන වෙලාවේ ජෝතිශ්‍යවේදියෝ කියනවා. මේ දරුවා නිසා නීලකන්තම්ට ධනය උතුරනවා කියලා ඒ වගේම ආයුෂත් වැඩිවෙනවා කියලා. ඒත් ඒක ප්‍රශ්නයක් තියෙනවා. දරුවගේ ජීවිතේට ජලයෙන් අනතුරක් තියෙනවා කියලා. ඒක දුවගේ ජීවිතේට ලොකු තර්ජනයක් කියලා. කොයි වෙලාවේ කොහොම මේ අනතුර එයිද කියලා කියන්න බෑ කියලා. ඉතින් නීලකන්තම් මේකෙන් ගොඩක් කලබලවෙනවා. දුවගේ ජීවිතේ බේරගන්න විදිහක් ගැන කියන්න කියලා නීලකන්තම් ආයාචනා කරනවා. ඉතින් ජෝතිශ්‍ය වේදියෝ ඒකට ක්‍රමයක් කියනවා. එ්ක ඔයාලා චිත්‍රපටිය බලලම දැනගන්න. ඉතින් මේකේ සිම්හද්‍රි, ඒ කියන්නේ අපේ වීරයා අල්ලු, එයා තමයි ගංග්‍රෝතිගේ ආරක්ෂකයා වෙන්නේ, ඉතින් කොහොමද ඒක වෙන්නේ කියලා ඔයාලම බලන්න.

ඉතින් යාළුවනේ තවත් අලුත් උපසිරැසියකින් ආයේ හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

5,520 downloadsDownload Gangotri-2003.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධවී සඳපාමිණී වෙත්තසිංහ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-21
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,520 downloadsDownload Subtitles63 KB

37 comments

  1. malithmadhushan45

    බොහොම ස්තුතියි උපසිරසට. ඒ වගේම පලවෙනි උපසිරසටත් මගෙන් සුබ පැතුම්, අල්ලු ඉන්න එකක් නම් අනිවා බලනවා. ජයවේව

    1. සඳපාමිණී

      ගොඩක් ස්තූතියි! මාත් කැමතිම අල්ලුට තමයි ඉතින්*****

  2. එල්.සී. දමැල්

    පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් මාධවී සොහොයුරිය!
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම දිගටම උපසිරසකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා පතනවා!
    ජය... :D

    1. සඳපාමිණී

      ගොඩක් ස්තූතියි! වෙලාව තියෙන විදිහට බලමුකෝ ඉතින් නේද?********

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සඳපාමිණී

    1. සඳපාමිණී

      Welcome!!!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. සඳපාමිණී

      Welcome!

  5. Shamal manojan

    90 දශකයේ හෝ 2000-2010 කාලයේ හින්දි චිත්‍රපට කිහිපයකට උපසිරැසි දෙන්න පුලුවන් නම්.

    1. සඳපාමිණී

      වෙලාව තියෙන විදිහට උපරිම උත්සහ කරන්නම්කෝ යාළුවා.....

  6. OshankaNW

    දැන් නම් Allu ගෙ ඔක්කොම movies වලට sub තියෙනවා.උපසිරැසියට බොහෝම ස්තුතියි
    සහෝදරී.....
    පුළුවන් නම් suriya ගෙ
    Nandha (2001) movie එකටත් sub එකක් දෙන්න ......
    ජයවේවා ......

    1. සඳපාමිණී

      ගොඩක් ස්තූතියි යාළුවා...Nanda Movie එකටත් සබ් එකක් දෙන්න බලන්නම්කෝ..

  7. Pasan ranasinghe

    අල්ලුගෙ මේක විතරයි බලල නැත්තේ.දැන් ඒකත් හරි.thx sub 1ට

    1. Anonymous

      *****ගොඩාක් ස්තූතියි ඉතින්*****

    2. සඳපාමිණී

      බොහොම ස්තූතියි !!

  8. chanaka.n.k

    me movie eka download karanna na ne, biscopdownload.co eke???????

    1. සඳපාමිණී

      baicecopedownloads වල තියෙනවා එතනින් download කරන්න පුළුවන්. එතනින් ගන්න.

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. සඳපාමිණී

      ගොඩක් ස්තූතියි. දිගටම සබ් කරමුකෝ නේ..*****

  10. indika75

    thanks..

    1. සඳපාමිණී

      Welcome!

  11. Anonymous

    meke movie eka naa hoyaganna

    1. සඳපාමිණී

      baicecopedownloads වල තියෙනවා එතනින් download කරන්න පුළුවන්. එතනින් ගන්න.

  12. Dilip Kumara

    me movie eka naane hoyaganna

    1. සඳපාමිණී

      baicecopedownloads වල තියෙනවා එතනින් download කරන්න පුළුවන්. එතනින් ගන්න.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. සඳපාමිණී

      ගොඩක් ස්තූතියි..මේ මගේ පළවෙනි උපසිරැසිය..ඔයා ඉතින් ගොඩක් සබ් කරලා තියෙනවානේ. ඒවට ගොඩක් ස්තූතියි!

  14. isuru srinath sjs

    පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා !! පුලුවන් වෙලාවට, පුලුවන් විදියට උපසිරැසියක් ලබාදෙන්න.. ඒක ලොකු සේවයක්.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය!!

    1. සඳපාමිණී

      ගොඩක් ස්තූතියි. පුළුවන් තරම් සබ් කරන්න වෙලාවට හොයාගන්න බලනවා ඉතින්...

    2. සඳපාමිණී

      ස්නිතූතියි..අවාර්යෙන්ම ඉස්සරහටත් සබ් කරනවා....අල්ලු තමයි ඉතින් කැමතිම......

  15. St tharuka

    goda kalayak balan hitiya me film ekata sub denakan..bohoma sthuthi sub eka dunnata..

  16. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  17. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසියට සීතල සුබපැතුම්...
    තව තෙලුගු ඒවට සබ් ඕන ඈ...
    අල්ලු ෆේවරිට් කියන්නෙ ඉතින් මේ පැත්ත අමතක කරන එකක් නෑ... :P
    දිගටම සබ් දෙමු ආ... ජය!

  18. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  19. Lahiru Prabath

    Dhruwa film eke sinhala sub. ganne kohomada?

  20. Kasun Harshana

    අල්ලු ෆෑන් කෙනෙක් මං. මේකට ඔයාට ගොඩක් ස්තූතියි. ඒත් පොඩ්ඩක් බලන්න බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ දාල තියෙන ලින්ක් එක. ඒකෙන් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. බලන්න තියෙන ආසාව නිසා මං වෙනත් ක්‍රමයකින් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගත්ත. සුබ පැතුම් සහෝදරී පළමු සිංහල උපසිරැසිය වෙනුවෙන්. ලස්සන පරණ තෙලිඟු ආදර කතා තියෙනව තාම සබ් නොකරපු. ඒවටත් හොයල සබ් කරන්න.

  21. Prabashu

    Chehre 2021 movie eke sinhala sub dendko

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.