Watch Trailer

Thamma (2025) Sinhala Subtitles | ගුප්ත ආදර අන්දරයක්… [සිංහල උපසිරසි] [200*]

Thamma (2025) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි. Thamma (2025) කියන අළුත්ම හින්දි චිත්‍රපටය තමයි මං අද අරගෙන ආවේ. Thamma (තාමා) කියන්නේ ආදිත්‍ය සර්පොට්දාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමාන්විත – ප්‍රහසනාත්මක- ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකෙ පිටපත රචනා කළේ නිරෙන් භාට්, සුරේෂ් මැතිව් සහ අරුන් ෆලාර…

Thamma (2025) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි. Thamma (2025) කියන අළුත්ම හින්දි චිත්‍රපටය තමයි මං අද අරගෙන ආවේ. Thamma (තාමා) කියන්නේ ආදිත්‍ය සර්පොට්දාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමාන්විත – ප්‍රහසනාත්මක- ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකෙ පිටපත රචනා කළේ නිරෙන් භාට්, සුරේෂ් මැතිව් සහ අරුන් ෆලාරා විසින්. ඒවගේම නිෂ්පාදනය කළේ දිනේෂ් විජාන් සහ අමර් කෞෂික් විසින්. මේ සිනමාපටයේ සංගීත ඇල්බමය රචනා කරන ලද්දේ සචින්-ජිගාර් විසින්. මේක Maddock Horror Comedy Universe හෙවත් මැඩොක් ත්‍රාසජනක ප්‍රහසනාත්මක සිනමා විශ්වයේ පස්වැනි නිර්මාණයයි. මීට කළින් මේ සිනමා විශ්වයේ නිකුත් වුණු සිනමා නිර්මාණ තමයි, Stree (2018), Bhediya (2022), Munjya (2024) සහ Stree 2 (2024) යන චිත්‍රපට. සමස්තයක් ලෙස ඉන්දියානු රුපියල් කෝටි 365ක පමණ පිරිවැයක් දරා ඉන්දියන් රුපියල් කෝටි 1519ක් උපයන්න මේ සිනමා විශ්වය සමත්වෙලා තියෙනවා. Thamma (2025) චිත්‍රපටයෙහි ආයුෂ්මාන් කුරානා, රශ්මිකා මන්දනා, නවාසුඩින් සිද්දිකි සහ පරේෂ් රාවල් රංගනයෙන් දායක වේවෙනවා.ප්‍රධාන ඡායාරූපකරණය 2024 දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ අතර, ප්‍රධාන වශයෙන් දිල්ලි, මුම්බායි සහ ඌටි හි සිදු වූ අතර 2025 මැද භාගය වන විට අවසන් වුණා.  Thamma (2025)  චිත්‍රපටය 2025 ඔක්තෝබර් 21 වන දින දීපවාලි උත්සවයට සමගාමීව සම්මත, IMAX, 4DX සහ D-Box ආකෘතිවලින් තිරගත කෙරුණා. මෙම චිත්‍රපටය විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබූ අතර බොක්ස් ඔෆිස් හි අර්ධ ජයග්‍රහණයක් සමඟ 2025 දී වැඩිම ආදායමක් උපයාගත් 9 වන හින්දි චිත්‍රපටය බවට පත්වුණා. ඒ එහි නිෂ්පාදන වියදම වන ඉන්දීය රුපියල් කෝටි 145ක පිරිවැයට එදිරිව කෝටි 170ක ආදායමක් ලබාගන්නට සමත් වෙමින්.  IMDb දර්ශකයේ 6.2/10ක් ලබාගත්තා වගේම Rottentomataoes වෙබ් අඩවියේ 72%ක  Popcornmeter අගයකුත් ලබාගන්නට සමත් වුණා. මේ තමයි මං මගේ 200 වැනි සිංහල උපසිරැසි නිර්මාණයයි. මං බයිස්කෝප් අඩවියට එකතු වුණේ BBC නාලිකාවේ විකාශය වුණු Jamaica Inn (2014) කෙටි ටෙලිවෘතාන්තය එක්ක 2016 පෙබරවාරි 26 වැනිදායි. එහෙම පටන් ගත්ත ගමන ටික ටික ඇවිත් අවුරුදු දෙකකින් මගේ පනස්වැනි සිංහල උපසිරැසි නිර්මාණය විධියට Early Man (2018) කළේ 2018 මැයි 12 වැනිදායි. ඒවගේම සියවැනි උපසිරැසි නිර්මාණය විධියට Exhuma (2024) උපසිරැසිය පළ කළේ  2024 මැයි 20 වැනිදා, ඒ කියන්නේ පනස්වැනි කඩඉමෙන් අවුරුදු 6කට පස්සේ. එච්චර කාලයක් ගත වුණේ මේ වැඩේ මං අඛණ්ඩවම කරගෙන ආවේ නැති නිසයි. කෙසේ වෙතත් මේ වනතුරු මම ඉංග්‍රීසි ටෙලිනාට්‍ය, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වගේම හින්දි ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වලටත්, කොරියන් සහ ස්පාඥ්ඥ සිනමාපට එක බැගිනුත් සිංහල උපසිරැසි ගන්වලා තියෙනවා. මගේ 150 වැනි සිංහල උපසිරැසි නිර්මාණය විධියට Wolf Man (2025)  සිනමා පටයට උපසිරැසිය පළ කළේ 2025 අප්‍රේල් 06 වැනිදා. 2016 ඉඳන් මේ දක්වා බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මා හඳුනාගත්ත යහලු මිත්‍රාදීන් බොහොමයක් ඉන්නවා. මේ වෙලාවේ මං එයාලා හැමෝම මතක් කරනවා, නම් සඳහන් කරන්නේ නැහැ ලිපිය දිගු වෙන නිසා. ඒ වගේම මේ මොහොතේ මං කැමතියි මේ දක්වා මා එක්ක සහයෝගයෙන් වැඩ කළ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයටත් මගේ ගෞරව පූර්වක ස්තුතිය පළ කර සිටින්නට. ඒ වගේම වැදගත්ම දේ මේ තරම් කාලයක් මේ වැඩේ කරන්න කමෙන්ට් දාලා අපිව ධෛර්යමත් කරන ඔයාලා හැමෝම ලබාදෙන සහයෝගය හේතු වෙලා තියෙන බවත් මේ මොහොතේ කෘතඥතා පූර්වකව සිහි කරන්න ඕනෙ. ඔයාලගේ කමෙන්ට් වලින් තමයි බයිස්කෝප් උපසිරැසි කරුවන් ධෛර්යමත් වෙන්නේ මේ වැඩේ දිගටම කරගෙන යන්න. හොඳයි, අපි ඉදිරි කඩඉම් වලින් නැවත හමුවෙමු! හොඳයි එහෙම නම් වැඩි විස්තර නැතුව එහෙම නම් අපි චිත්‍රපටයේ කතාවට යොමුවෙමු.    චිත්‍රපටයේ කතාව මොකක්ද? යාළුවො දෙන්නෙක් එක්ක කඳුකර වනාන්තරයක ඇවිදින්න යන ඔහු හදිසියේ වලසෙකුගේ ප්‍රහාරයට ලක්වෙනවා. යාලුවො දෙන්නා දිවි ගළවාගන්නට පළා යන නිසා ආලෝක් මහා වනයේ තිරිසන් සතා සමඟ තනිවෙනවා. මේ අතර හදිසියේ කැළයෙන් මතු වුණු තාඩ්කා නම් සුන්දර තරුණිය ආලෝක්ගේ ජීවිතය බේරා ගන්නවා. ආලෝක් හිතන්නේ ඇය මේ කඳුකරයෙ ගම්මානයක ජීවත්වෙන තරුණියක් කියලා. ඇය සමඟ පළමු බැල්මෙන්ම ඔහු ආදරයෙන් බැඳෙනවා. තාඩ්කා වේතාල යුවතියක්. ඒ කියන්නේ වැම්පයරු වගේ රුධිරයෙන් පෝෂණය වන අමනුෂ්‍ය කණ්ඩායමක කෙනෙක්. ආලෝක් වලස් ප්‍රහාරයෙන් සුවය ලබන තුරු ඔහුව බලාගන්නට තාඩ්කා පොරොන්දු වෙනවා. ආලෝක්ව වේතාලයන්ගේ අඩවියට රගෙන ඒම ගැන අනෙක් වේතාලයන් උරණ වෙනවා. ඔවුන්ගේ නායක යක්ෂාසන් නම් වේතාලයා ආලෝක්ගේ රුධිරය උරාබොන්නට සූදානම් වන අවස්ථාවේ තාඩ්කා ආලෝක්ව රැගෙන වේතාල අඩවියෙන් පළා යනවා. කෝපයට පත් වේතාලයන් ඔවුන් දෙදෙනා හඹා එනවා. ඔවුන්ට වනාන්තරයෙන් පිටවන්නට හැකිවෙනවා. ආලෝක්ගේ නිවෙසට තාඩ්කා කැඳවාගෙන යාමෙන් පස්සෙ තවත් ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. මේ අතර හදිසියේ තාඩ්කාගේ ගම්මානයේ වේතාලයො ආලෝක්ව හොයාගන්න ඔහුගේ නගරයට එනවා. ඉන්පස්සෙ වෙන්නේ මොකක්ද? ආලොක් යළි වේතාලයන්ට හසුවෙයිද? තාඩ්කා වේතාල යුවතියක් බව ආලෝක් දැනගත් පසුව කුමක් සිදුවනු ඇතිද? ආදරයත්, අන්‍යෝන්‍ය පරිත්‍යාගයත්, ත්‍රාසයත්, අද්භූත රසයත් එකට කැටි කරගත් මේ අපූර්ව සිනමා නිර්මාණය නරඹලාම ඉතුරු ටික දැනගනිමු එහෙනම්! අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි! Thamma (2025) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත සඳහා අදාළ වේ.

1,842 downloadsDownload Thamma-2025.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,842 downloadsDownload Subtitles57 KB

7 comments

  1. Sahan Gayantha

    thanks a lot Prabudda saho sub ekata

  2. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Buddhika laKMal

    200වෙනි උපසිරැසියට සුබ පැතුම් ප්‍රබුද්ධ සහෝ..........
    ඉස්සරහටත් ඉඩක් තියෙන වෙලාවට සබක් ගේන්න ලැබේවා...
    උපසිරැසි 200ක් වෙනුවෙන් ඔයාගේ කාලය වැයකලාට බොහෝම ස්තූතියි....
    ඔයාගේ කරන කියන සියලුම වැඩකටයුතු සාර්තකම වෙන්න ඕන.......
    ❤️❤️❤️❤️❤️❤️❤️
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ.............

  4. Chaminda Priyanga

    Thanks saho sub 1ta. ikmanatama 300ta yanna haki wewa

  5. Asiri Priyantha

    200 වෙනි සබ එකට සුබ පැතුම් කේසර.
    මට සෙට් වුන එලටම සබ් කරන කෙනෙක්,
    දිගටම කරගෙන යමු.
    ජයවේවා!!!

  6. Viraj

    Thanks

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤