Watch Trailer

Thani Oruvan (2015) with Sinhala Subtitles | නුඹ කවුරුදැයි පවසනු, නුඹේ හතුරා කවුරුදැයි පවසන්නම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම අද ඔයාලට අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු සුපිරිම දෙමළ චිත්‍රපටයක් අරන් තමයි. මම හිතන්නේ මේ වසරේ නිකුත් වුණු දෙමළ චිත්‍රපට අතරින් මේ ෆිලුම තමා සුපිරිම එක කියලා. බොහෝවිට මේ වසරේ නිකුත් වෙන චිත්‍රපට අතරින් මේක සුපිරිම එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම මම මේක කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. එි…

Thani Oruvan (2015)

ඔන්න යාළුවනේ මම අද ඔයාලට අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු සුපිරිම දෙමළ චිත්‍රපටයක් අරන් තමයි. මම හිතන්නේ මේ වසරේ නිකුත් වුණු දෙමළ චිත්‍රපට අතරින් මේ ෆිලුම තමා සුපිරිම එක කියලා. බොහෝවිට මේ වසරේ නිකුත් වෙන චිත්‍රපට අතරින් මේක සුපිරිම එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම මම මේක කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. එි තරමටම සුපිරි නිසා.

ඉතින් චිත්‍රපටය ගැන පොඩි පසුබිම් විස්තරයක් කියන්නම් නේ.. චිත්‍රපටයේ නම තමයි “තනි ඔරුවන්” මේකේ සිංහල තේරුම තමයි “තනි කෙනෙකු” කියන එක. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ “මෝහන් රාජා ” විසිනි. මොහු මෙම චිත්‍රපටයේ රඟන ප්‍රධාන නළුවා වන “ජෙයම් රවී” ගේ අයියා යි. ජෙයම් රාජා මේ වනතුරුම අධ්‍යක්ෂණය කරමින් සිටියේ රී මේක් ෆිල්ම් තමයි. ප්‍රථම වතාවට ඔහු ස්වයංව කතාව ලියලා අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටය මෙය වන අතර එයින් ඔහු ඔප්පු කරනවා තමන්ටත් හොඳට ස්වයං ෆිලුමක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා. මන්ද ෆිලුම ඒ තරමටම සාර්ථක වීමත් හොඳ ප්‍රසාදයක් ෆිලුමට ලැබීමත් නිසා. ඇත්තටම මෙහි කතාව ලියන්න පටන් අරන් තියෙන්නේ 2013 වසරේදී තමයි. ඒ තමාගේ මල්ලිව යොදාගෙන සුපිරි ෆිලුමක් අයියා විසින් අධ්‍යක්ෂණය කරන්න ඕනි කියන අදහසිනුත් තමාටත් ස්වයං කතාවක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා පෙන්වීමටත්ය. වසර දෙකක වෑයමකින් පසුව සුපිරි නිපැයුමක් තමයි එලියට ආවේ. ඒ වගේම මේ ෆිලුමේ දුෂ්ට චරිතය එනම් “විල්ලන්” චරිතය කලින්ම තීරණය කරලා තමයි නළු නිළියන් තෝරලා තියෙන්නේ කියලා බලපු කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ තරමටම ඒ චරිතය සුපිරියි. ඒ වගේම චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හිපි හොප් තමිලා හෙවත් “ආදී” විසිනි. ඒ ගැන ඉතින් කියන්නම වෙනවා. මොකද චිත්‍රපටයේ සංගීතය මෙන්ම පසුබිම් සංගීතය චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින්ම ඉවහල් වෙලා තියනවා. ඒ ඒ ස්ථාන වල වාදනය වන පසුබිම් සංගීතය ඒ තරමටම සුපිරියි ආ…. ආහ්.. මේකේ නළු නිළියන් කවුද කියලා කියන්නත් අමතක වුණා නොවැ ඉතින් මට. මෙහි ප්‍රධාන නළුවා තමයි “ජෙයම් රවී” ඒ වගේම නිළිය වෙන්නේ “නයනතාරා” යි. ඒ වගේම විල්ලන්ගේ චරිතය “අරවින්ද් ස්වාමී” විසින් රඟ දක්වනවා. බොහෝ කාලයකට පස්සේ “කඩල්” චිත්‍රපටය මගින් නැවත පැමිණි ඔහු එයට වඩා සුපිරි විදියට හිතේ රැඳෙන චරිතයක් මේ චිත්‍රපටය රංගනය තුලින් ඉදිරිපත් කරලා තියනවා. මේ චිත්‍රපටය දැනට IMDB අගය 9.1 ක් අත්පත් කරගෙන තියනවා ඉතින් මේක බලන්න වෙන කතා මොකටද නේහ්…

කතාව ගැනත් චුට්ටක් විතර කියන්නම් නේ.. කතාව පටන් ගන්නේ සෙංගල්වරායන් කියන පුද්ගලයාගෙන් මොහු එක්තරා පක්ෂයක ඉතා ලබැඳි පාක්ෂිකයෙක්. ඒ තරමටම පක්ෂය වෙනුවෙන් බැහැලා වැඩ කරනවා. මෙහෙම ඉද්දී දිනක් පක්ෂයේ නායකයා ගමට පැමිණෙන අතර මොහු ඒ වෙලාවේ කොඩිවැල් බඳිමින් ඉන්නවා. මෙහෙම ඉද්දී ඔහුගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී නායකයාගේ සයිරන් තියපු කාර් එකේදී ළමයා හම්බවෙනවා. පසුසේ මොහු “අරවින්ද් සාමි” ලොකුවෙලා 10 වසරෙන් පන්තියේ පළවෙනියා වෙලා සිය පියා සමඟ නායකයාව හමුවෙන්න යන අතර එතැන සිදුවන සිදුවීමකින් මොහු මිනීමැරුම් චෝදනාවක් බාරගෙන හිරේට යනවා. වසර කීපයකට පසු පොලිස් පාසලක සිටින අපේ කතා නායකයා මිත්‍රන්ව පෙන්වනවා. මොහු ඇතුළු යාළුවෝ සෙට් එකට පත්වීම ලැබෙන්න ආසන්නව තියෙන්නේ. මෙහෙම කාලය ගෙවිලා යද්දී සිද්ධි දාමයකට පසුව මොහු වැරදි කරන අය තුන් දෙනෙක් අතරින් කෙනෙක්ව තෝරා ගන්න කියලා කියනවා. තමාගේ මුළු කෝපයම පෙන්වන්න. පස්සේ මොහු දැනගන්නවා ඒ අයටත් උඩින් ඒ තුන්දෙනාවම එකතු කරලා තිබ්බා වගේ කෙනෙක් ඉන්න බව. පස්සේ මොහුගේ එකම ඉලක්කය ඔහු තමා. මේ වැරදි කාරයින් කවුද ? ඒ අයටත් උඩින් ඉන්න මහ මොළකරු කවුද ? ඔහු ඇත්තටම කවුද ? මිත්‍රන් තමාගේ කෝපය සංසිඳුවා ගනියිද ? සමාජයේ පොඩි පොඩි වැරදි වලට මුවා වෙලා ඊට පිටුපසින් සිදුවන සංවිධානාත්මක අපරාධ මොනවාද ? අවසානයේ කුමක් වෙයිද ? අම්මේ ප්‍රශ්ණ පත්තරයක් වගේ නේ.. බලන්නම හිතෙනවා නේහ්… බලන්න බලන්න..

ඉතින් වෙනදා වගේම වරුණ රංගජිත් අයියාට ස්තූතිවන්ත වෙනවා ලිපිය සංස්කරණය කරලා දෙන එකට ඉතින් එහෙනම් මම සමුගන්නම් සෑම සමුගැනීමකම තියෙන්නේ නැවත හමුවීමක ආරම්භයක් කියලා කියනවා නොවැ නේ.. එහෙනම් ඉතින් ඉක්මනින්ම නැවත හමුවෙමු ඔයාලට ජයෙන් ජයම වේවා…!!!

යන ගමන් ඉතින් කට්ටිය මේ චිත්‍රපටයේ සිත්ගත් වගේම ෆිලුමේ සාර්ථකත්වයට බලපෑ දෙබස් ටිකකුත් කොටලා යන්නම් බලන්න නේ..

” නුඹේ හතුරා කවුරුදැයි පවසනු, නුඹ කවුරුදැයි පවසන්නම්”
” love at First Sight. Kill at First Betrayal”
“හොඳ දේ විතරක් කරන්න දෙවියන්ට පවා බැහැග අපි කවුද ? “
“මිනිසා එක්ක මිනිසා එකතු වෙලා ජීවත්වෙන එක තමා සතුට. ඒක නොදන්නා ඥාණය මොන ඥාණයක්ද ? ”
“ඔයා දීපු ජීවිතය මං බාරගත්තේ නෑ. ඔයා ඉල්ලපු ජීවිතය මම දුන්නා “
“නුඹේ මිතුරා කවුද කියලා දැනගත්තොත් නුඹේ චරිතය දැනගන්න පුළුවන් ඒත් නුඹේ හතුරා කවුද කියලා දැනගත්තොත් තමා, නුඹේ ධාරිතාවය ගැන දැනගන්න පුළුවන්”
“වාණිජ පුවත් කියන පැත්තම අපි කියවන්නේ නෑ. ඒ එක පැත්ත තමා, අනිත් හැම පැත්තකටම පුවත් ලබා දෙන්නේ “
“ජීවිතයේ එකම එක අදහසක් අරගන්න. ඒ අදහසම ඔයාලගේ ජීවිතය කරගන්න”

Thani Oruvan (2015) on IMDb

 

 

1.5 GB (720p) කොපිය මෙතනින් බාගන්න

c297303e50c6bab330dc0e1abbc676cf6391e49c

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4c40c6187f72cda955f6d662cf49760e3b386233

400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

c4361f20710972c0598fd3532c436f2414626e9d Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,029 downloadsDownload Thani-Oruvan-2015.DVD_.zip297 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

14,029 downloadsDownload Subtitles297 KB

54 comments

  1. Damith

    supiri film eka thanks saho sub ekata.............

    1. kavindugayshan

      720 hd rip ekatath sub denna

  2. Damith Ramanayake

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..

    මේක ඉතින් එනකන් බලන් හිටපු එකක්නේ.

    ගොඩක් අගය කරනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  3. saman

    supiri wedak sub ekata thanks saho

  4. වරුණ රංගජිත් (වරූ)

    පට්ට පට පට..
    මේක අදම දීලා නොවැ...
    උදේ ඔෆිස් එකේ ලිපිය ටයිප් කළා තාම මතකයි..
    හේ.... නියමයි නියමයි..
    මටත් මේක බලන්න ලොකු කුතුහලයක් තියෙන්නේ..
    හෙට දෙයි කියලා හිතලා මම හිතුවේ..
    කාම ෆිලුමේ 70% වගේ තමා බෑවිලා තියෙන්නේ..
    මොනා කරන්නද අද බලන්න වෙන්නේ නෑ දැන් ඉතින් 4 ටත් ළඟයිනේ..
    නියමයි සිරාජ් මලේ..
    දැන් සබ් මැෂිමක් වෙලා වගේ මේකා..
    සුපිරි ආ.....
    ඔන්න එහෙනම් සබ් එක අරගත්තා..
    ඉතින් ඊළඟ එකත් ඉක්මනටම දෙමු නේහ්..
    එහෙනම් ජයෙන් ජයම වේවා..
    ඉදිරියටම යමු..

  5. Sadu..

    බොහොම ස්තුතිය් සහො සබ් එකට.විස්තර වල හැටියටනම් පට්ට ෆිලුමක් වෙන්න ඔනේ.බාගෙනම බලමුකො කොහොමද කියලා.සහො peranmai එකත් කරලා දෙනවනම් ගොඩක් වටිනවා අප්ප.ඊලගට ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා සහො ඉක්ම්නටම් සබ් එක දේවි කියල.අපේ සතුට වෙනුවෙන් වැය කරන ඔබලාගේ වටිනා කාලයට බෙහෙවින් ස්තුති වන්ත වෙන ගමන් සමුගන්නවා. ((( බය්ස්කෝප් ))) එකට ජය වේවා...තෙරුවන් සරණය්!!!

  6. වස්සානය

    දෙමල බලන්නැ ඒත මෙක බානවා මේකේ රේට් එක හින්දමයි ඒ.... ජය වේවා... තෙරැවන් සරණයි...

  7. yasasa

    adenawaa,,, enakam balan hitiye,, :D :D obata thuthi sahoo...

  8. kgm

    maru maru thawa onee?????

  9. nish

    Thanks bro... (Y)

  10. Ravindu Sandeepa

    අඩෝ මම තමයි ඕකට මුල ඉඳලම සබ් එක කරන්න ආසාවෙන් හිටියේ,
    නමුත් ඊට කලින් උඹ සබ දීලා නොවෑ.
    මේක නම් මම මේ අවුරුද්දේ දමිළ චිත්‍රපටවලින් බලපු හොඳම ලස්සන කතාවක් අඩංගු චිත්‍රපටයක්,
    අනිවා මේ චිත්‍රපටය නම් කවුරුත් මිස් කර ගන්න එපා, අනිවා බලන්න,
    ඒ තරමටම සුපිරිම සුපිරි කතාවක් තියෙන්නේ.
    Anyway Thanks මචං සබ් එකට...

  11. Akib Maaj

    no words to say top class move

  12. D Chamara

    niyamai sahoo niyamai

  13. buddhika

    meke sub eka enakam hitiye...thanx...ohomama yan.....

  14. Tharindu_Rukshan_Perera

    බොහෝම ස්තුතියි මලේ දෙනකම් බලාගෙන හිටියේ ඔබට ජයෙන් ජය..!

  15. nishshanka

    woow nice bro thank you for the sub

  16. Kulanjana Maduranga

    niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. තිසල්

    අඩො මරුනෙ බන් උබ සුපිරි හොදෙ එනකම් බලන් හිටියෙ මැක්සා බඩුවක් මෙක තැන්ක්ස් සහො

  18. විමා

    සිරාජ් මලයා ෆෝම් උනාම සෙල්ලම් නෑ වගේ ආ
    ලඟ නමනවා හිටු කියලා
    ඔන්න එහෙනම් කියන නිසාත් ලිපිය දැක්කම බලන්න ඕනා කියල හිතෙන නිසා බාන්න දානවා
    වරුණ ලිපිය එලටම ලියලා.
    බොහොම ස්තුතියි සිරාජ් මලේ උපසිරසට
    ඉකමනටම ලඟ නමලා මෙ අවුරුද්දෙම පනහ ගහමු නේද :D

  19. ruchira

    ela.

  20. Eranga Sandaruwan

    උප සිරසියට බෝම ස්තූතියි. ජය වේවා

  21. sara

    tnx brother......vedhalam tamil movie 1 sub 1t ikmnatama denna..

  22. achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    දෙනකං බලං හිටපු ෆිල්ම් එකක්...
    අනිවා බානවා...
    ජය!!!

  23. Hemal

    බොහොම පිං සහෝ

  24. silent$

    thanx bro !!!!!!!!

  25. Lakshan Nilanka Jayasuriya

    ඒල ඒල සිරාජ්......මේකනම් පට්ට සුපිරි වගේ......තව මේ වගේ සුපිරි ඒ්වා දෙමු......උපසිරැසි කරන්න ගත් මහන්සියට බෙහොම තුති ඒහෙනම්....ජය වේවා.....!

  26. spd

    තෑන්කූ හොදේ. ‍ෆිලුම නම් බැලුවා. හැබැයි සබ් නැතුව දැන් ඉතිං සබ දීලනේ. එහෙනම් අයේත් බලන්න බාගන්නම්.

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Udaya Saman

    meka enakan maga balan hitiye.thanx sahooo.jaya

  29. dinushan

    thanks bro

  30. DeeX

    Ela

    Idiriyatath Hambawemu........................

  31. dilshan

    thankz

  32. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සිරාජ් සහෝ උපසිරැසියට.

  33. Lakshan

    niyamai ela saho............................

  34. Tharindu Nirmal Pieris

    mulinma sub 1kta thanks mchn, නුඹ කවුරුදැයි පවසනු, නුඹේ හතුරා කවුරුදැයි පවසන්නම් නෙවෙයි ඔකේ නියම තේරුම
    නුඹේ හතුරා කවුරුදැයි පවසනු නුඹ කවුරුදැයි පවසන්නම්............................ :D

  35. Shehan Madhusanka

    thanks machan

  36. #ChalinduDeshan(කිනා)

    බැලුවා.
    දවස් දෙකක් ගේම දීලා ඔන්න අද තමා ඉවර කරගත්තේ.
    සුපිරිම කතාවත්.
    පර්සනල් ගැරන්ටි ඈ.
    ජය!

  37. Senehas Mystry Frodo

    පට්ටයි සහෝ... සුපිරි...
    සබ් එක නම් පට්ටයි...
    සුදු පාට නැතුව වෙන පාටවල් පාවිච්චි කරපු නිසා තව තවත් සබ් එක ලස්සනයි...
    සින්දු ටිකත් ලස්සනයි...
    මේ අවුරුද්දෙ බලපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ...

  38. kavi

    jayama veva sahoo...jayama vewa !!!!11

  39. ranidu

    thanks mcho

  40. Tharindu Kanishka Hettiarchchi

    thanks kolla

  41. Amila

    බොහොම ස්තුතියි මල්ලියෝ... උබලට ජයෙන් ජයම veva

  42. suren

    no words to say top class move

  43. Chami

    thank you

  44. Nipuna Weerasekara

    "‍ත‍නි ‍කෙ‍නෙ‍කු, ‍සි‍තු‍ව‍හොත්‍..."
    "‍මේ ‍ලෝ‍ක‍යේ ‍බා‍දා‍වන්‍ ‍නෑ."
    -தனி ஒருவன் நான்...

  45. Gihan

    film eka balanna godak aswen hitiya..... ekath ekka oyage subtitle tibba nisa eka watinaka wedi una. Thanks.

  46. NIRAMENU

    Kiyanna wachana na ayye.. oya kiwa wage hithanna godak dewal thiyena kammali nathuwa balanna puluwan fattama filumak thama.. thank u.thank u baiscopelk.com.me wage ewa thawath denna.all the best.

  47. S.K.Ruchiranga

    thz sub ekata

  48. Oshan

    මේ වසරේ හොදම දමිල ෆිලුම. තව කතා කුමටද...? 9.1 reting. ඈ වැරදිලාද. ඔන්න බෑවා . Thank you very much අලේ

  49. Nuwan

    SATHURANGA VETTAI (www.imdb.com/title/tt3711164/)කියන ෆිල්ම් එක සබ්ටයිටල් කරන්න පුළුවන්නම්! මම හැමතැනම හෙව්වා ඉන්ග්‍රීසි එක වත් නෑ..

  50. Suu

    thank u

Load more comments