Watch Trailer

Phantom (2023) Sinhala Subtitles | නිදහස වෙනුවෙන් සටන [සිංහල උපසිරැසි] (50*)

Phantom (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! මේක තමයි මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් මේ අවුරුද්දේ සබ් කරන්න පටන් අරන්, මේ අවුරුද්දෙම පළවෙනි කඩයිමට යන්න පුළුවන් වෙච්ච එක ලොකු සතුටක්. 2023 ජනවාරි 15 වෙනිදා තමා Spiritwalker (2020) මූවි එකට සබ් කරලා වැඩේ පටන් ගත්තේ. සබ් කරන්න පුළුවන්ද කියලා අ…

Phantom (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම! මේක තමයි මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් මේ අවුරුද්දේ සබ් කරන්න පටන් අරන්, මේ අවුරුද්දෙම පළවෙනි කඩයිමට යන්න පුළුවන් වෙච්ච එක ලොකු සතුටක්. 2023 ජනවාරි 15 වෙනිදා තමා Spiritwalker (2020) මූවි එකට සබ් කරලා වැඩේ පටන් ගත්තේ. සබ් කරන්න පුළුවන්ද කියලා අහලා මේල් එකක් දැම්මම රිප්ලයි කරලා, උපදෙස් දුන්න විමා අයියවයි, මැසේජ් එකක් දාලා මොනාහරි ඇහුව ගමන් රිප්ලයි කරන රවිදු හේෂාන් අයියවයි, හිරාන් අයියවයි, The Glory, Duty After School වගේ සීරීස් කරන්න මාවත් සම්බන්ධ කරගත්ත ඔලිව සහෝදරයවයි විශේෂයෙන්ම මතක් කරනවා වගේම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම සබ්වලට කමෙන්ට් කරලා අදහස් දක්වපු හැමෝටමත් ස්තූතියි.

පෞද්ගලිකවම මන් වැඩියෙන්ම කැමති කොරියානු සිනමාවටයි, කතාමාලාවලටයි. ඒ හින්දා සබ් කලේ කොරියන් ඒවාට විතරයි. ඉස්සරහටත් කොරියන් ඒවටම තමා උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සබ් පනහේ වැඩි හරියක් තියෙන්නේ ටීවී සීරීස්. ඒවයිනුත් මන් කැමතිම එක නම් MOVING. ඔයාලත් ඔයාලගේ කැමතිම එක කමෙන්ට් කරන් යන්න. ආ තව දෙයක්.. මේකත් එක්ක මේ වෙනකම් දුන්න සබ් පනහම කොහොමද කියලත් අදහසක් කියාගෙන යන්න, ඒ අදහස් තමා මේ වැඩේ දිගටම කරගෙන යන්න ලොකු හයියක් වෙන්නේ. 

 

හරි එහෙනම් දැන් ෆිලුම පැත්තට යං. අද අරගෙන ආවේ මේ අවුරුද්දේ මුල ආපු ගින්දර ෆිලුමක් අරන්. නම තමා Phantom. කොරියානු බසින් ගත්තොත් යුර්යොන්ග්. මේ අවුරුද්දේ ජනවාරි 18 වෙනිදා තිරගත වෙච්ච මේ ෆිලුම OTT රිලීස් වුනේ නම් මේ ළගදි. බොක්ස් ඔෆිස් වාර්තා තියලා ඩොලර් මිලියන 5.2 ක් උපයන්න Phantom සමත් වුනා. Action, Thriller, Historical, Crime කියන Genres වලට අයිති වෙන මේ ෆිලුමේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් සිදු කරලා තියෙන්නේ Tale Of The Nine Tailed 1938 (2023) සීරීස් එකේ Chief Producer සහ Believer (2018) මූවි එකේ Screenwriter & Director වෙන Lee Hae Young විසින්.

පැය දෙකයි මිනිත්තු දහතුනක් පුරාවට ගලන් යන මේ ෆිලුම මුල ඉදන් අගටම මාරම Entertaining. Top Cast LineUp එකක් ඉන්න පට්ටම වැඩක්. කාස්ට් එකේ Performance ගත්තොත් ආයේ පර්ෆෙක්ට්. විශේෂෙන්ම Park Hae Soo බොසාගේ. මන් පෞද්ගලිකවම කැමතිම නළුවෙක් තමා Park Hae Soo. ආයේ Villain චරිත ඇතුළු ඕන චරිතයක් හම්බුනාම සුපිරියටම කරන කෙනෙක් තමා Park Hae Soo කියන්නේ. මේකෙත් බොසාගේ Top Notch Villain Act එකක් බලාගන්න පුළුවන්. ආ.. Sol Kyung Gu ගැනත් නොකියම බෑ.

කොරියානු සිනමාවේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක් කියලා හදුන්වන්න පුළුවන් කෙනෙක් තමා Sol Kyung Gu කියන්නේ. කොරියන් මූවීස් බලන කෙනෙක් නම් එයා ගැන නොදැන ඉන්න විදියක් නෑනේ. ෆීමේල් ලීඩ් දෙන්නා ගැනත් විශේෂෙන්ම කියන්න ඕනෙ. Park So Dam & Lee Hanee ❤️ මේ ෆිලුමේ පට්ටම Badass Role දෙකක් මේ දෙන්නා කරන්නේ . Top Notch Performance එක්ක Awesome Cinematography & Stylish Action එකතු වුන මුල ඉදන් අගටම Entertaining වැඩක් තමා මේක.

 

 

《CAST – රංගන දායකත්වය》

  • Sol Kyung Gu – මුරයමා ජුන්ජි
  • Lee Hanee – පාක් චා ක්යුන්ග්
  • Park So Dam – යුරිකෝ
  • Park Hae Soo – තකහරා කයිටෝ
  • Seo Hyun Woo – චොන් යුන් හෝ     

 

《SUMMARY – සාරාංශය》

 

 

1933 දී ජොසොනය ජපානයේ යටත් විජිතයක්. ඔය කාලේ වෙද්දි ජොසොන්වල කලබල වැඩියි. නිදහස ලබා ගැනීම වෙනුවෙන් නිදහස් ව්‍යාපාර හරියට ක්‍රියාත්මක වුනා. (මේක මන් මේ දවස්වල සබ් කරන GYEONGSEONG CREATURE සීරීස් එකේදිත් බලාගන්න පුළුවන්) ඔන්න ඔහොම නිදහස් ව්‍යාපාර සංවිධානයක් තමා සෙවණැලි බලකාය කියන්නේ. ඒ සංවිධානේ ඔත්තුකාරයින්ව හදුන්වන්නේ යුර්යොන්ග්ලා විදියට. 

දවසක් ඔන්න ජොසොන්වලට නව ආණ්ඩුකාරවරයෙක් පත්වෙලා එනවා. ඉතින් පදවි ප්‍රාප්ති උත්සවයට මෙයා ග්යොන්ග්සොන්ග්වලට එනවා. ආණ්ඩුකාරවරයා ග්යොන්ග්සොන්ග්වලට එන දවසේ සෙවණැලි බලකාය විසින් ආණ්ඩුකාරවරයාව ඝාතනය කරන්න සැලැස්මක් හදනවා. ඒත් ඒ සැලැස්ම අන්තිමේදි අසාර්ථක වෙනවා.

 

ඉතින් මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදියට යුර්යොන්ග්ලා සේරමව මුලිනුපුටා දැමීමේ මෙහෙයුමක් ජපන් අධිරාජ්‍ය හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙන්න මේ මෙහෙයුම භාරදෙන්නේ ආරක්ෂක ප්‍රධානි වන තකහරා කයිටෝට.ආණ්ඩුකාරවරයා ග්යොන්ග්සොන්ග්වලට එනවයි කියලා දැනන් ඉදියේ බුද්ධි අංශෙ කීපදෙනෙක් විතරයි හින්දා තකහරා එයාලගෙන් ප්‍රශ්න කරන්න එක හෝටලයකට සේරමව රැස් කරනවා. එහෙම රැස්කරන්නේ මුරයමා ජුන්ජි, පාක් චා ක්යුන්ග්, යුරිකෝ, අංශ ප්‍රධානි චොන් සහ ලී බෙක් හෝ කියන අයව. එතන් ඉදන් මුළු ෆිලුමම ගලන් යන්නේ මේ හෝටලේ ඇතුලේ. ඉතින් මේ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලය මොකක් වෙයිද? ඇත්තටම යුර්යොන්ග් කවුරු වෙන්නැතිද? ඒක දැනගන්න අනිවාරෙන් Phantom නරඹන්න කියලා ආරාධනා කරනවා!

එහෙනම් 50 වෙනි කඩයිම මේ විදියට අවසන් කරනවා. අන්තිම වශයෙන් ආයෙමත් ඉල්ලන්න තියෙන්නේ කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. එක වචනයක් හරි කමක් නෑ ඒක ගොඩක් වටිනවා. දිගටම උපසිරැසි දෙන්න ඒක ගොඩක් බලපාවි. එහෙනම් මේ ෆිලුම බලලා ඉන්නකෝ. GYEONGSEONG CREATURE සීරීස් එකේ තුන්වෙනි එපියෙන් හම්බෙමු එහෙනම්. හැමෝටම සුභ දවසක්!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

15,079 downloadsDownload Phantom-2023.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

15,079 downloadsDownload Subtitles31 KB

21 comments

  1. sachintha

    THANKS FOR SUB

  2. Hiran Ganepalla

    50 වැනි උපසිරසිය වෙනුවෙන් උනුසුම් සුබපැතුම් නයන සහෝ. ඊලග කඩයිමටත් ඉක්මනින් ලගාවීමට හැකියාව ලැබේවා කියලා වගේම පෞද්ගලික ජීවිතයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයෙන් ජය!

  3. Bimsara Yashan(ඔලිව)

    50 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබපැතුම් සහෝ. සයිට් එකේ වැටිල තිබුන කොරියානු පැත්ත ආයෙත් පණ ගහල ගත්ත කෙනෙක් තමා ඔයා. ඉස්සරහටත් මේ වගේම සුපිරිම කොරියානු චිත්‍රපට, කතාමාලාවන් අපිට ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව තවත් උපසිරැසි කරන්න කාලය හැකියාව ලැබෙන්න කියලා වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  4. යුරාන් ධනුක (දනුවා)

    පළමු කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි. සයිට් එකේ කොරියන් පැත්තෙන් ලොකු සේවයක් කරන කෙනෙක් තමයි ඔයා. ඒ වගේම හැමතිස්සෙම ගුණාත්මක නිර්මාණ අරන් එනවා. ඉතිං 50 කියන්නේ ආරම්භය මිසක් අවසානය නෙමෙයි. ලබන වසරේ තවත් කඩයිමකට ලඟා වෙන්න හැකියාව ලැබේවා. ඒ වගේම පෞද්ගලික කටයුතු සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උපසිරසියට බොහෝම ස්තූතියි නයන සහෝ.
    ජය වේවා!!!

  5. baiscopelk ishu

    සුභ පැතුම් සහෝ...

  6. Hasitha

    Ghilli movie eke 720p sub eka dennako plz baiscope team

  7. nishu

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්!

  8. Gathsara Umesh

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්... ඉක්මට 100ත් මෙහෙම්ම ගහමූ..! ❤️

  9. Buddhika Lakmal

    පළවෙනි හාෆ් සෙන්චරියට සුබ පැතුම් බ්‍රෝ....
    ඔයා දීපු හැම සීරිස් එකක්ම වගේ බැලුවා... සබ් කොලිටිඑකට තියෙනවා මචං....
    මූවින් සීරිස් එක තමයි ඒවගෙන් පට්ටම සීරිස් එක.... සීසන් 2ක් ආවෝත් ආපුගමන්ම සබ් දෙන්න හොදේ....
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ.....

  10. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට සුබපැතුම් මල්ලී...
    දිගටම සබ් දෙමු ආ....
    පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්තක වේවා!
    ජය!

  11. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට...
    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් නයන සහෝ! :)
    100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  12. J.kaushalya

    Subapathum...hamawelema uparima hodatama sub eka denna ganna mahansiyata thank you....

  13. Madhu sooriyabandara

    Thanks sub ekata
    Mother korean movie ekatath sub dennko

  14. Gayan

    S.W.A.T season 1 eke sabtails denna ko

  15. prasad

    sthuthi saho,lassana film ekak. su ekath supiri

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    50 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  18. ශසිත් සඳරුවන්

    පළමු කඩඉම වෙුනවෙන් සුබපැතුම් මල්ලී...
    කොරියන් කියන්නෙත් වෙනම රහක්.
    ඉතින් ඒ රහට කැමති අය වෙනුවෙන් තව තවත් සබ් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dewadithya

    Thanks for Sub!

  21. Anonymous

    thank you and good luck mchn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.