ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පසසේ නැවතත් කරළියට ආවා අළුත් උපසිරැසියක් ඇරන්. තාරෙයි තප්පටෙයි. සංගීතයට ආදරය කරන අය අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා පටයක්. දමිළ ජන සංගීතය තම ජීවිතය කර ගත් එක්තරා සොඳුරු මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටයේ සංගීතය ගැන මම කියන්න අවශ්‍ය නැහැ මොකද මෙහි සංගීත අධ්‍යක්ෂ…
ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පසසේ නැවතත් කරළියට ආවා අළුත් උපසිරැසියක් ඇරන්. තාරෙයි තප්පටෙයි. සංගීතයට ආදරය කරන අය අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා පටයක්. දමිළ ජන සංගීතය තම ජීවිතය කර ගත් එක්තරා සොඳුරු මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටයේ සංගීතය ගැන මම කියන්න අවශ්‍ය නැහැ මොකද මෙහි සංගීත අධ්‍යක්ෂක තුමා කවුදැයි ඇසූ පමණින් ඔබට වැටහේවි. ඒ තමයි ඉලයරාජා. ඊට අමතරව මේ චිත්‍රපටයේ සුපිරිම රංගනයක් සහ නර්තනයක් ඉදිරිපත් කරනවා වරලක්ෂ්මි සරත්කුමාර්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීන අධ්‍යක්ෂක බාලා. මෑත කාලයේ ජනප්‍රිය වුණ අධර්වාගේ සන්ඩි වීරන් චිත්‍රපටය නිෂ්පාදනය කලේ මෙතුමා තමයි. හොඳයි මම කතාව චුට්ටක් කියන්නම්.
පටන් ගැන්මම හරි අපූරුයි. ඩිස්කවරි නාලිකාවෙන් එනවා සෙට් එකක් සාමි-පුලවන් කියන පරණ කලාකරුවාව හොයාගෙන. ඒ අයගේ නාළිකාවට වඩසටහනක් පටිගත කරන්න. නමුත් සාමිපුලවන් ඉදිරිපත් කළ සම්භාව්‍ය වාදනය ඒ අයට ඇල්ලුවෙ නෑ. එයාලා අහනවා මේ සංගීතය මොඩ් කරලා ගන්න බැයිද කියලා. සාමිපුලවන් එයාලට බැනලා එළවගන්නවා. ඉතින් ඒක අහන් හිටපු මේ ගමේම තවත් සංගීත කණ්ඩායමක් නියම ෂෝ එකක් දෙනවා. සුද්දන්ට ෆුල් ආතල්. ඒ වෙන කවුරුත් නෙවෙයි සාමි පුලවන්ගේ පුතා- සන්නාසි. ඒ සෙට් එක නම් පට්ටම පට්ටයි. මේ සෙට් එකේ ඉන්න සුපිරිම කෙල්ල තමයි සූරාවලී. අඩියක් ගහලා තමයි නටන්නේ. එයාගේ නැටුම් බලන්න තමයි සෙනඟ ඇදෙන්නේ. පස්සේ මේ කණ්ඩායමට හොඳ ඉල්ලුමක් එනවා දෙස් විදෙස් සියළු දෙනාගෙන්.
සූරාවලී සන්නාසිට පණ වගේ ආදරය කරනවා. නමුත් සන්නාසි බොහොම නිහඬව තමයි ඇයට ආදරය කරන්නේ. පිටට පෙන්නන්නෑ. ඔය අතරේ කතාව වෙනස් අතකට හැරෙනවා. ඒ තමයි සූරාවලීට හොඳ සල්ලිකාර තරුණයෙක්ගෙන් විවාහ යෝජනාවක් ඒමත් සමඟම. සන්නාසි සූරාවලීට කොච්චර ආදරේද කියනවා නම්, සූරාවලී ඒ තරුණයාව බැඳලා හොඳ ජීවිතයක් ගත කරන එක ගැන සතුටු වෙලා ඔහු නිහඬව ඉන්නවා. සූරාවලී නික්ම යෑමත් සමඟම සියල්ල කණපිට හැරෙනවා. කණ්ඩායමට ජනප්‍රියත්වය නැතිවෙනවා. ඒ අතරේ සූරාවලීගේ ඉරණම නරක අතට හැරෙනවා. ඉතිරිය ඔයාලටම බලන්නැයි කියලා ආරාධනා කරනවා.
බොහොම ආදර්ශමත් කතාවක්, කවදාවත් තමන් ආදරය කරන දේවල් බලෙන් දාලා යන්න එපා. නිවාඩු කාලය දිග නිසා තවත් උපසිරැසියක් ළඟදීම ඇරන් එන්නම්. චිත්‍රපටය රසවිඳින්න. ජයවේවා !
700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
5AD5E9ACC4F793AFB9F3475820FFB27C0B2E9E5F ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,431 downloadsDownload Tharai-Thappattai-2016.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
25 comments
kanthaDLA
thushanga
he he thanks
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Chathuka Tharanga Paranagama
Thank u very much 4 waisted Ur valuable time for us....go on....good luck
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි අයියේ.
ගොඩ කාලෙකට පස්සේ වගේ.
තවත් එකක් ඉක්මනින් ගේන්නකෝ.
සිංහල සබ් එකට ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!prasad madushaN
tnx mcn manna supiriyak
Dil Ru
Thanks bro
janaka
thanx
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා..
නිවාඩු කාලය දිග නිසා තවත් උපසිරැසියක් නෙවෙයි උප සිරැසි ගොඩක් අරන් වරෙන්.....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Hivin Aßeywanshe
සබට තුති මචන් ...
සුභ අලුත් අවුරුද්දක් වේවාvii gabadawa
vii gabadawa Apr 1, 2016 at 7:52 pm
මධුකප්‍රිය පෙරේරා thnx kolla :)
meka kiyala yannama ona nisa akamaththen uwada type korami!
clip ekak eli bahala dawas 2 k or 3k athulatha sub denna barinam baiscopeik ekath vii gabadawak korapan !
ehema nathnam oke weba ain wela eka lamayekta dipan .
eth barinam wahala dapan !
balana Admin meka balala Coment eka full publish nokara edit korahan !
habai loku ayata kiyala thiyahanpenawane dapu dawasa Hariyata karanna barinam Ranil Uncleta kiyala Araganin ! Thope site ekata hena gahala akulolama palayan !
vii gabadawa
Meka damme The walking dead TV Series ekata adalawai !
Kasun Upeksha
ඇයි ඔයා ඇවිත් සබ් දෙන්නද? නිකන් වැඩක් බලන් ඉදහන් මහත්තයො... මිනිස්සු ජාතියක් ඉන්නවා අපෙන් අහලා ලිදෙන් නාලා ලිද කාගෙද අපෙන් අහන, මහත්තයට කේන්ති ගිහින් තියෙන්නෙ බයිස්කෝප් එකෙන් ලබාදෙන උපසිරැසි වලට යම්කිසි ගෙවීමක් කරනවා වත්ද, නොදන්න කමට අහන්නෙ, එහෙම වෙනවනම් කේන්තිය සාධාරණයි...
Sadun Danushka
උඹ මේ කිය තියෙන දෙයට මොකුත් නොකියා යන්න හිතෙන්නේම නැහැ.
තොපි වගේ කාලකන්නි ඉදල හිටල ඇවිත් අපි කරන වැඩ වලට පොඩි පොඩි
නෝන්ඩි දානවා. ගොඩක්ම අපි ටැමිල් ෆිල්ම් වලට උපසිරැසියක් දුන්නොත්
උඔලට නිකන් කහනවා වගේ නේද ? උඹට අපි සබ් එකක් දෙනකම් බලන් ඉන්න
බැරිනම් නිකන් හිටපිය. අපේ සයිට් එකේ සබ් වැටෙනකම් බලාගෙන ඉන්න
ගොඩදෙනෙක් අපිට ඉන්නවා.Saman Prasad
මේකට කමෙන්ට් එකක් නොදා ඉන්නම් කියලා හිටියද අන්තිමට දාන්න හිතුනා.
මෙතන උපසිරසි කරන අයගෙ රස්සාව නෙවෙයි මේක.
මේක මේ මිනිස්සු විනෝදෙට කරන දෙයක්.
මේ මිනිස්සුන්ගෙ ඉගෙනීම් කටයුතුයි, රැකියා කටයුතුයි, වෙන ප්‍රශ්නයි ඒ හැම දෙයක්ම අස්සෙ තමා එම දේවල් කරන්නෙ. ඒ වැඩ අස්සෙ පුළුවන් ඉක්මණට තමා මේ මිනිස්සු සබ් දෙන්නෙ. ඒ නිසා ඒ මිනිස්සුන්ගෙ ඒ මහන්සියට පොඩ්ඩක් වටිනාකමක් දුන්නොත් හොඳයි නේද මහත්මයා. ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ නේද? අනික ඔබතුමා මෙහෙම කමෙන්ට් එකක් දාලා තියෙන්නෙ පැහැදිළි ඊර්ෂ්‍යාවට කියලත් පේනවා.
මේ කමෙන්ට් එක සයිට් එකේ හැම උපසිරසි දායකයෙක්ම වගේ දැක්කා. ඒ වුනාට මෙතන කවුරුවත් කමෙන්ට් කරන්න ආවේ නැත්තෙ ඔබතුමාලා වගේ මිනිස්සුන්ට ඕන කරන්නෙත් ඒකම නිසයි. මෙතන කමෙන්ට් කරලා අපි ලේ පුච්චගන්නවා දකින එක. දාලා තියෙන නමෙන්ම පේනවා ඔබතුමාගෙ ඔළුව ඇතුලෙ වී ගබඩා කරන්න පුළුවන් තරමට ඉඩ තියෙනවා කියලා. ඒ වුණත් ඔය ඔළුව ඇතුලෙ වැලි කැටයක තරමට හරි මොළ කෑල්ලක් ඇතියි කියලා හිතලා තමා මේ කමෙන්ට් එක දැම්මේ. ඔබතුමා ඔය කියන තරම්ම ඉවසගෙන ඉන්න බැරි නම් ඔබතුමාට, එපිය ඇවිල්ලා පැය ගාණකින් subscene එකට English සබ් එක එනවා. ඒක එක්ක ඔබතුමාට බලන්න පුළුවන්. අපි ඒක සිංහලේට හරවලා දානකම් බලාගෙන ඉන්න ඕන නෑ. අපේ උපසිරැසිය ඕනමයි කියලා හිතෙන කෙළෙහිගුණ දන්න මිනිස්සු අපේ සයිට් එකෙන් සබ් එක දෙනකම් ඉවසගෙන ඉඳලා සබ් එක අරගන්නවා. මොකද ඒ මිනිස්සු දන්නවා මෙතන සබ් හදන අය ඒ සබ් දෙන්නෙ එයාලගෙ වැඩ අස්සෙ පුළුවන් ඉක්මණට කියලා. ඒ නිසා ආයෙත් කියන්නෙ ඉවසන්නම බැරි නම් ඔබතුමා subscene එකෙන් සබ් එක අරගෙන බලන්න.
ජය වේවා...!!!විමා
Never hate people who are jealous of you, but respect their jealousy because they’re the ones who think you’re better than them
By the way, Jealousy is a terrible disease…Get well soon S.O.B !
දිනේෂ් (සිරා)
උපසිරසියට තන්කුයි වේවා...
නිරෝෂ්
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.ජයවේවා !
DJC
නියමයි..ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Kulanjana Maduranga
niayamai…tamil 1k nm aniwa balanawa.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinuka
Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata lkalinwath danawada?
Supun Piyumantha
Niyamai saho thawa sub deepan hode :) :) :)
Lakshman
Thanks,bro................... Tamil nam aniwa balana............. elah............ jaya wewah!!!!!!!!!!!!!!!!!! Uda comment eka daapu "vii gabadawata" hena gahapan.pissek.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!