කොහොමද කස්ටිය… දැන් ඔන්න බනින්නනම් එපා මේක දැකල යකෝ උබ ඒ ලෙවල් කරන්නෙ නැද්ද කියල එහෙම.මේක ඉතින් මගේ ආසාව තමා.ඒත් මේකෙන් පස්සෙනං මං ආයෙ ෆිලුමක් අරං එන්න බලාපොරොත්තුවෙන්නෙ ලබන අගෝස්තුවලින් පස්සෙ තමා. මේකටත් ඉල්ලල මේල් එකක් දැම්මෙ ඉන්නම බැරිතැන. මේ මගේ දෙවෙනි සබ් එක මේ සබ් එක කරන්න තෝරගන්නත් හේතුව උනේ…

කොහොමද කස්ටිය… දැන් ඔන්න බනින්නනම් එපා මේක දැකල යකෝ උබ ඒ ලෙවල් කරන්නෙ නැද්ද කියල එහෙම.මේක ඉතින් මගේ ආසාව තමා.ඒත් මේකෙන් පස්සෙනං මං ආයෙ ෆිලුමක් අරං එන්න බලාපොරොත්තුවෙන්නෙ ලබන අගෝස්තුවලින් පස්සෙ තමා. මේකටත් ඉල්ලල මේල් එකක් දැම්මෙ ඉන්නම බැරිතැන. මේ මගේ දෙවෙනි සබ් එක මේ සබ් එක කරන්න තෝරගන්නත් හේතුව උනේ මේකෙ තිබ්බෙ සබ් ලයින්ස් 660ක් විතරක්ම නිසයි. ඒ කරලත් මේක කරන්න සතියක් ගියා. මං පව් නේ. ඔව් ඔව් එහෙම තමා. ඒත් හිතට දැනෙන සතුට නම් පට්ට.
ඒ ඔයාලගෙ අදහස් ටික දැක්කම තමා ඉතින්. ඉතින් මේ මගේ දෙවෙනි සබ නිසා පලවෙනි එක වගේනම් නෙමෙයි ඒකෙ වැරදි ටිකක් තිබුන. ඒත් මේකෙ ඒ වැරදි අඩු කරගෙන තමා වැඩේට බැස්සෙම. කොහොම උනත් මගේ පලවෙනිම සබ් එකත් ඔයාලට බලන්න පුලුවන් ඒ ෆිල්ම් එක තමා Momentum (2015) කියලා බයිස්කෝප් අඩවියෙන්ම පල වුනේ.මේකට වගේ නෙමේ ඒකටනම් නොසෑහෙන්න දුකක් වින්දේ… ඒත් ඉස්සෙල්ල කිව්ව වගේම වැඩේ ඉවර වෙලා බයිස්කෝප් එකෙ පල උනාම පට්ටම සතුටුයි. අන්න ආයෙත් ඒ වගේ සතුටක් ලබන්න ඕනි නිසාම තමා මේකටත් අත ගැහුවේ. ඕගොල්ලො මේක කියවනව වගේම බලල සබ් එක ගැන සතුටුයි නම්. කොමෙන්ට් පාරක් දාලම යන්න ඕනි ඉතින් හොදද? මේත් එක්කම මතක් කරන්න ඕනි අපේ බයිස්කෝප් එකේ සහෝදරයින්ව මං දැනට දන්නෙනම් බොහොම පොඩි දෙනෙක්ව තමා…
ඒකට්ටියව නම් වශයෙන් කියන්න පුලුවන් මගේ මුල් සබ් එක කරන්න කියල දුන්න සමීර අයිය ඒ වගේම රොයිලි සහෝ අහ් මේ සබ කරල එවන්නත් රොයිලි සහෝ තමා මුලින්ම ඊ මේල් එකට රිප්ලයි කලේ ඕන්. ශාන් විමුක්ති සහෝ තමා අනික් එක්කෙනා මේ සබ කරල එවන්න කියලා එව්ව එක්කෙන තමා ඒ. එයාල වගේම බයිස්කෝප් ගෙදර අනික් හැමෝවමත් මතක් කරන ගමන්ම දැන්වත් හැරෙමු නේද ෆිලුම දිහාට.
මුලින්ම ෆිලුම ගැන කියනවනම් කවුරුත් දන්නවනෙ Walt Disney Production ගැන. 1941 ඔක්තෝබර් 23 වෙනිද තමා මේ ෆිල්ම් එක රිලීස් උනේ. 1941 උනාට ඇනිමේෂන් බලන කස්ටියනම් මේක මග අරින්න එපා. මේක මමත් පොඩි කාලෙ බලල තියෙනව. ඒ කාලෙ නොතේරුන නිසා දැන්නම් බලන්නම ඕනි හොදේ. හරි මෙහෙමයි කතාව මේ කතාවෙ ප්‍රධානම චරිතෙ වෙන්නෙ අලියෙක් ඒත් එයාගෙ පොඩි විශේෂත්වයක් තියෙනව ඒකනම් ෆිල්ම් එකෙන්ම බලන්ට. ඒ විශේෂත්වය මුලින්නම් මේ පුංචි අලි පැටියට වදයක්. අන්තිමටනම් වදයක් වෙයිද දන්නෙ නෑ. මෙයා මෙයාගෙ පුංචි මී යාලුවත් එක්ක තමන්ට කරදර කරපු හැමෝටම හොද පාඩමක් උගන්නනවද කොහෙද? හී හී හී……………..
මේ ෆිල්ම් එක මිනිත්තු 64ක් පුරාවට දිවෙන අපූරු කතාවක්. 1940 යුගයේ භාවිතා උන වචන ඔක්කොම කනපිට ගහල හදල දැම්ම ඕන්…හොදේ.කරන දේ හරියට කරන්න එපැයි. ඒ වගේම මං මේකෙ තියන වැඩිපුරක්ම සිංදු වලටත් සබ් දැම්ම ඉතින්. ඒත් ඒව හරිම කුජීතයි අප්ප. සින්දුවෙ තාලෙනන් අපේ සින්හල වචන එක්ක ගලපනව බොරු. එච්චරටම ටිකක් නොතේරෙන වචන තමා තියෙන්නෙ. මේ ෆිලුමත් බාගෙනම බලන්න ඉතින් YTS ලගෙ ටොරන්ට් එකක් තමා තියෙන්නෙ එක නිසා විශ්වාසයිත් එක්කනෙ. ආහ් අමතක කරනව තව චුට්ටෙන් මේකට අපි නිතරම හොයන අගය IMDB එක 7.3ක් ලැබිලනම් තියෙනව. කියෙව්ව වැඩීද මන්දා!හරි හරි එහෙනං කස්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපිටනං අවුරුදු නෑ ඕං. A/L මානසිකත්වය පුතා…..
500 MB (BR) කොපිය මෙතනින් බාගන්න
e3d8cc5242914f4e9b91ea11ce489e46c4618b05 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
512 downloadsDownload Dumbo-1941-1.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/SinethWic.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් වික්‍රමසිංහ
Subtitles
16 comments
naweej
janith
Thanks saho...
Tharaka
මමත් හරි ආසයි කාටුන් චිත්‍රපටි බලන්න. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි මචෝ! අනේ ඔයාට පුළුවන්නම් වෙලාවක Pinocchio (1940) කාටුන් එකටත් සබ් දෙන්න.
Sineth Wickramasinghe
දෙන්නම් දෙන්නම් සහෝ...... ලයින්ස් ගාන බලල ගොඩනං ලගදිම දෙනව. pinnochio ත් .
ස්තූතියි,
සුභ අලුත් අවුරුද්දක් වේවා.
Tharaka
එල... එල... ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ!
සචින්තන
උපසිරැසියට තුති…… :)
අසිත
තෑන්ක්ස් මචන්.....
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ උපසිරස දුන්නට…
මේක සුපිරි බයිස්කෝප් එකක් වගේ සහෝ; මාත් අරගත්තා…
මේ වගේ තවත් උපසිරසකින් ආයෙමත් මුණගැසෙන තුරු ඔබට ජය…තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Randil
එල බ්‍රෝ...
Hivin Aßeywanshe
බොහොම තුති සහෝ උපසිරසට
සුභ අලුත් අවුරුද්දක් වේවාKulanjana Maduranga
niayamai…thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Niluka
A lovely movie.
Thanks for your great effort to bring this with subtitles.
Great work, Good luckHummerDanu
thanks bro
Thisara Prabhath Senarathne
Thnks broh
Advertisement

බොහෝම ස්තූතියි සිනෙත් සහෝදරයා... අප වෙනුවෙන් කරන්නාවූ මහගු සේවයට...