ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ කතාන්දරය ගෙතිලා තියෙන්නේ. ගෝමස් සහ මෝටීසියා කියන දෙදෙනාගේ විවාහ උත්සවයෙන් කතාන්දර…

ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ කතාන්දරය ගෙතිලා තියෙන්නේ. ගෝමස් සහ මෝටීසියා කියන දෙදෙනාගේ විවාහ උත්සවයෙන් කතාන්දරය පටන්ගන්නේ. නමුත් ඒක ලස්සනට කරගන්න නම් වෙන්නේ නෑ, මොකද කෝපයට පත් සාමාන්‍ය ගම්වාසීන් මෙතනට කඩා වැදිලා උත්සවය කඩා කප්පල් කරනවා, මේ වගේ අස්වාභාවික මිනිසුන් තමන්ගේ ගමට අවශ්‍ය නෑ කියමින්. ඒ නිසා මේ ඇඩම්ස් පවුලට සිදු වෙනවා පිළිසරණක් සොයා ගැලවී පලා යන්න සතර අතට. අලුත විවාහ වූ යුවලත්, තමන්ගේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න තැනක් හොයාගෙන යනවා.
මේ දෙදෙනාට හමුවෙනවා ඔවුන්ට වඩාත් ගැලපෙන, බිහිසුණු, අප්‍රසන්න, අපිරිසිදු, හොල්මන් ආත්ම පිරුණු මීදුමින් වැසී ගිය කන්දක් මුදුනේ හුදෙකලා වුනු උන්මත්තකාගාරයක්. නිකන් නෙවෙයි. ඔවුන්ට මෙහෙ කරන්න සද්ධන්ත මානසික-ව්‍යාධි ලෙඩෙකුත් එක්ක. ඉතින් මේ පවුලේ කතාවේ ඉතිරිය පටන් ගන්නේ එතන ඉඳන්. ඔවුන්ගේ පවුලට අලුතින් එකතු වෙන දරුවෝ, කාලයත් සමඟ ඔවුන්ගේ නිවාස අවට පෙදෙස් ජනාකීර්ණ සහ නාගරික වීමත් සමග ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙන ගැටළු, සහ විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සු හමුවේ ඔවුන්ට ඇතිවෙන කම්කටොලු ඔස්සේ කතාව ගලාගෙන යනවා.
ඉතින් ඒ ගැන එච්චරයි. වැඩි දුර කතාව නොකියා මුල ටික විතරක් පැහැදිලි කලේ කතා රසය නොමරා ඉන්න ඕනි නිසයි. මම නම් කියන්නේ සාමාන්‍යයෙන් අපි දකින ලස්සන සුරතල් ආදරණීය චරිත අඩංගු සජීවිකරණ චිත්‍රපටියකට වඩා වෙනස් මේක. ඒ නිසාම අරගෙන බලන්න. චිත්‍රපටියේ තත්ත්වය අරගෙන බැලුවොත් IMDB රේටින් 5.8ක් අරගෙන රොට්න්ටොමැටෝ අගය 43%ක් එනකම් අරගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 40ක බජට් එකකින් මිලියන 197ක් ආදායම් අරගෙනත් තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
14,746 downloadsDownload The-Addams-Family-2019-Blu-Ray.zip138 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
37 comments
Hashan M. Priyadarshana
subodha
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ එකට
chandika1975
thank you for the subtitle.
Shehan putha
Thanks bro
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Pasindu16022
Thanks for the sub bro.
indika75
thanks..
Shamal manojan
ස්තූතියි සබ් එකට.
The Addams Family - 1991
Addams Family Values - 1993
Addams Family Reunion - 1998
මෙ ෆිල්ම් වලටත් සබ් දෙන්න පුලුවන්ද?Thilanjika
Thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!arawindasunimal
ස්තුතියි උපසිරසියට (මාලින්ද පිටිගල) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
tharidu16
thanks machooooooooooo
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
පට්ට කතාවක් වගේ...gayanmagee
thanks
gayansanjeewa20
Tank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
K.c.r.perera
Thanks u
reshan-hasanga
Thanks
thushararox
sirase scooby doo eke munge gedetta giya neda?
Dewadithya
Thanks for Sub!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Asitha.pramoth
ස්තූතියි
YasasPerera
thanks mchn..
AsithaDilruwan
ela saho thanks
ruchiralakmal
Thanks for the sub !!!!!!!!
Thilanjika
Thanks
melinda
thank you
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජයම වේවා! ✌♥
Anonymous
thanks for sub
Anonymous
thanks
Pavith Wijesooriya
උපසිරසියට බොහෝම ස්තූතියි.ඉදිරියටත් ඇනිමේෂන් වලට සබ් ඕනේ...❤️
Anonymous
Thanks Brother
Bimbisha Adithya
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!