Watch Trailer

The Adventures of Sharkboy and Lavagirl 3-D (2005) Sinhala Subtitles | මෝරකොල්ලයි ලාවාකෙල්ලයි….[සිංහල උපසිරසි]

කලින් උපසිරැසිය දීලා දවසක්වත් ගියේ නෑ ඔන්න තව එකක් බාර අරන් ඒකත් දවස් දෙකෙන් ගෙනාවා. ඉතිං මේ ෆිල්ම් එකටනම් මම හුඟක් කල් ඉඳන් උපසිරැසියක් දෙන්න බලන් හිටියත් අනිත් ෆිල්ම් එක්ක මේක පස්සට ගියා. ඒකට කමක් නෑ අද ගෙනාවනේ. මේක ඉතිං ටිකක් පරණ වුණාට සුපිරි ෆිල්ම් එකක් තමා. මම ගොඩක් කැමති නළුවෙකුත් මේකට ළමා චර…

කලින් උපසිරැසිය දීලා දවසක්වත් ගියේ නෑ ඔන්න තව එකක් බාර අරන් ඒකත් දවස් දෙකෙන් ගෙනාවා. ඉතිං මේ ෆිල්ම් එකටනම් මම හුඟක් කල් ඉඳන් උපසිරැසියක් දෙන්න බලන් හිටියත් අනිත් ෆිල්ම් එක්ක මේක පස්සට ගියා. ඒකට කමක් නෑ අද ගෙනාවනේ. මේක ඉතිං ටිකක් පරණ වුණාට සුපිරි ෆිල්ම් එකක් තමා. මම ගොඩක් කැමති නළුවෙකුත් මේකට ළමා චරිතයකින් දායක වීමත් මම මේකට කැමති වෙන්න හේතුවක්. ඉතින් අපි බලමු මේ ෆිල්ම් එක ගැන විස්තර ටිකක්.

2005 දී නිකුත් වුනු මේ චිත්‍රපටිය Adventure/Family කියන කාණ්ඩ වලට අයත් චිත්‍රපටියක්. පැය 1 යි විනාඩි 35 ක් වගේ ධාවන කාලයකින් සමන්විත මෙහි IMDb අගය නම් 3.5 වගේ තමයි තියෙන්නේ. ඒ වගේම කුණුතක්කාලි ප්‍රතිශතයත් 19% වගේ අඩු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. මේකෙ අධ්‍යක්ෂකවරයා ගැන කිවුවොත් මෑතකදී, ඒ කිවුවේ 2019 දී නිකුත් වුන හැමෝම දන්නා චිත්‍රපටියක් වන Alita: Battle Angel හි අධ්‍යක්ෂකවරයා වන Robert Rodriguez තමයි තමයි අපේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන්නේත්. මේකේ ප්‍රධාන චරිත වලින් එකක් වන මැක්ස්ට Cayden Boyd කියන රංගන ශිල්පියාත්, ලාවාකෙල්ලට Taylor Dooley කියන රංගන ශිල්පිණියත් රංගනයෙන් දායක වෙනවා. ඒවගේම මෝරකොල්ලට රංගනයෙන් දායක වන්නේ ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපට මාලාවක් වන Twilight Saga චිත්‍රපට මාලාවේ වෘකකොල්ලට රංගනයෙන් දායක වන Taylor Lautner කියන රංගන ශිල්පියායි.

මේකේ කතාව ගැන කෙටියෙන් කිවුවොත් හීන ලෝකෙක ජීවත් වන මැක්ස් කියලා කොල්ලෙක් ඉන්නවා. ඔය හීන සීන් එක හින්දම කොල්ලව ටිකක් කොන් කරලා තියෙන්නේ. ඉතින් මැක්ස්ගේ එක පුරුද්දක් තියෙනවා. ඒ තමයි දකින හීන පොතක ලියන එක. ඉතිං දවසක් පන්තියේ මැර සීන් එකේ ඉන්න කොල්ලෙක් මැක්ස්ගේ මේ පොත අරගන්නවා. ඒක ගෙදර ගෙනිහින් ඊළඟ දවසේ ඒක විකෘති කරලා ආපහු දෙනවා. ඉතින් ඔන්න ඔහොම පන්තියේ වලියක් යන්න යන වෙලාවේ මැක්ස් මවපු හීන ලෝකේ ඉන්න දෙන්නෙක් පන්තියට කඩන් පනිනවා. ඒ තමයි මෝරකොල්ලා සහ ලාවාකෙල්ල… ඉතින් ඉතුරු ටික බලන එක ඔබට බාරයි.

ඉතින් මේ සබ් එක කරන්න අවසරේ දුන්නු හසන්ත අයියටත් ස්තූතියි කියලා, අපේ අනිත් සහෝදරයන්ටත් ස්තූතියි කියලා මේ කොරෝනා කාලේ ඔය ලෙඩෙන් පරිස්සම් වෙලා ඉන්න කියන ගමන් මම සමුගන්නවා. ආ.. තව එකක්.. පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න. හාද?

නීරෝගී සම්පත වඩ වඩාත් ලැබේවා..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,345 downloadsDownload The-Adventures-Of-Sharkboy-And-Lavagirl-2005.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගීත් මිහිර සත්සර

Subtitles

2,345 downloadsDownload Subtitles42 KB

11 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි පොඩි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් .

  2. Pcvenom

    thanks awesome movie

  3. indika75

    thanks..

  4. Lahiru Dayan

    බොහොම ස්තූතියි සහෝ

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.......

    Request.......

    ජෙට් ලී...

    Once Upon a time in China 01 - 1991
    Once Upon a time in China 02 - 1992
    Once Upon a time in China 03 - 1992

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Gihan

    Sub ekata Thanks Saho

  8. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

    1. Heshara

      Thanks bro podi kale tv eke baluwata passe hari asawen hitiye ayth balanna eth sub nathi nsa baluwe na. Thanks a lot me flm ekata sub haduwata. Kiyanna wachana na jaya wewa.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!