මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “Anthropoid (2016 ) ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි අදහස් දක්වපු , ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය…
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “Anthropoid (2016 ) ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි අදහස් දක්වපු , ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සම්බන්ධ උන හසන්ත වික්‍රමරත්න සහෝ ටත්. ඒ වගේම විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන මට මේකේ හොද කොපියක් හොයා ගන්න උදව් කරපු වාසල සහෝට.
මීට මාස කීපෙකට කලින් බොහොම අහම්බෙන් මගේ ඇහැ ගැටුනු පුවත්පතක (දිනමිණ හෝ සිලුමිණ) ජීවිතේ එක්වරක් හෝ නැරඹිය යුතු බොහොම ආදරනීය සිනමා සිත්තමක් ගැන ලස්සන ලිපියක් පලවෙලා තියනවා මම දැක්කා. නමුත් ඒ වෙලාවේ ඒක කියවන්න තරම් වෙලාවක් තිබුනේ නැති නිසා ෆෝන් එකෙන් ඒ ලිපියේ ෆොටෝ එකක් ගහ ගත්තා පස්සෙ වෙලාවක කියවලා බලන්නම් කියලා. ඒත් ඉතින් ඒක එහෙම්මම අමතක වෙල ගියා කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒත් පහුගිය දවසක අහම්බෙන් වගේ මගේ ෆෝන් එක අතට ගත්තු මගේ මිතුරියක් මේ ලිපිය කියවලා මගෙන් ඒ ගැන ඇහුවාම තමයි මටත් මතක් වෙලා ඒ ලිපිය කියවලා බැලුවේ. ලිපිය කියවපු මම ඒ වෙලාවෙම සියලු වැඩ අත්හැර මේ ෆිල්ම් එක හොයන්න ගත්තා. කොහොම හරි මේ ෆිල්ම් එක ගැන හොයද්දි බයිස්කෝප් අඩවියේ මේක ගැන සබ් එකක් නැතත් ලිපියක් තියනව දැක්කා. අන්තිමේදි වාසල සහෝගෙ උදව්වෙන් හොද කොපියකුත් හොයාගෙන ෆිල්ම් එක බලපු මම අනිත් වැඩ ටික පැත්තකට දාල මේකට සබ් එකකුත් දාලයි නතර උනේ. මොකද මල් ගස් වටේ කැරකි කැරකි සිංදු කියන සීනි බෝල ආදර කතා වලට වඩා හුගාක්ම වෙනස් ආදර කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තිබුනේ.
විවිධ සම්මාන උලෙළවල් වලදී සම්මාන 22කට නිර්දේශ වෙලා ඒවයින් 16 ක් ම දිනා ගත්තු IMDb දර්ශකයේ 7.9/10ක්, Rotten Tomatoes දර්ශකයේ 89%ක් ගත්තු මේ ආදර කතාව ගැන මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක වචන වලින් කියන්න බැරි තරමටම සුපිරි සිනමා නිර්මානයක් නිසා. ලැබිලා තියන සම්මාන ගානෙම්ම හිතා ගන්න පුලුවන්නෙ මේක මොනතරම් සුපිරි ආදර කතාවක්ද කියන එක ගැන. ඒත් මම පුංචි ඉගියක් විදියට එක ප්‍රශ්නයක් විතරක් අහන්නම්. ඔයාලට කවදා හරි තිබිලා තියනවද කියා ගන්න බැරි නිසා හිතින් විතරක් කරපු ආදරයක්? ඒ වගේම එයාගෙ කටහඩ ටිකක් අහ ගන්න, ඈත ඉදලා හරි දැක ගන්න, එයාගෙ මූනෙ පුංචිම හරි හිනාවක් දැක ගන්න ඕනෙ පරිප්පුවක් කන්න පුලුවන් විදියෙ ආදරයක්? මොනවා උනත් මේ සුපිරි සිනමා සිත්තම රසවිදින්න ආදරය කරන, ආදරය විදින, ආදරය හොයන හැම ආදරනීය හදවතකටම ආරාධනා කරනවා.
” නිසල වෙලා හද
නොසැලේ හසරැල්
ආදර රතදර යුගෙන් ඔබේ….
සසලව යයි සිත
මැලවුණු ඔබෙ වත
දෝවමි කඳුළැල්ලකින් මගේ….
ඔබ නැතිදා මේ ලෝකේ
තනිවේ මා දැවෙන සිතින්….”
ප.ලි
මේ ෆිල්ම් එකේ හොද කොපියක ටොරන්ට් ලින්ක් TORRENTKING, thepiratebay වගේ වෙබ් අඩවි වලින් ගන්න පුලුවන්. ඒවගෙ තියනවා 1.37GB සහ 700Mb කොපි දෙකක්. සබ් එක ඔය කොපි දෙකටම ගැලපේවි. IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්රපට 250 අතුරින් 78 වන ස්තානයේ වැජඹෙන Requiem For a Dream (2000) චිත්රපටයේ සිංහල උපසිරැසියත් සමඟ නැවත හමු වෙමු.
2010 මාර්තු 12 වාසල සොහොයුරා විසින් පල කළ ලිපිය.
කට්ටිය බැලුවද මන්දා Memoirs of a Geisha ෆිල්ම් එක.එහෙම නැත්නම් Crouching Tiger, Hidden Dragon.මෙන්න මේ දෙකේම ඉන්න සුරූපී නිළිය මතකද?අන්න එයා තමයි ඔය පින්තූරේ ඉන්නේ.
ඉතිං අද ගේන්න යන්නේ මෙන්න මෙයා ඉන්න ලස්සණ ආදර කතාවක්….
මේක හැබැයි බටහිර බයිස්කෝප් එකක් නෙමෙයි.චීන බයිස්කෝප් එකක්….
පිටිසර බද පළාතක තරුණියක් හා පාසලේ ගුරුවරයෙක් අතර ගලායන ආදර අන්දරයක්.
මේකෙදී අපට කතාව කියන්නේ Zhao Di(Zhang Ziyi)ගේ පුතා.ඔහු නගරයේ සිට ගමට පැමිණෙන්නේ තාත්තගේ මරණය සැලවීමෙන්.ගමට ඈතින් ඇති රෝහලේ තියන පියාගේ සිරුර වාහනයකින් ගෙනෙන්න ඔහු කටයුතු කලත් අම්මා එයට එකහෙලා අකමැති වෙනවා.ඇගේ තීරණය වන්නේ චාරිත්‍රාණුකූලව එය පාගමණින් රැගෙන එන්න.අන්තිමේදී පුතා ඇතුලු ගමේ පිරිසට සිදුවෙනවා එයට එකඟ වෙන්න.ඉතිං ඒ සඳහා සූදානම් වෙන අතරේ තමයි අපට අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව පුතා අපට කියන්නේ….
ඒ ටිකනම් බගෙනම රසවිඳිමු නේද….?
රේටින් එහෙම සලකා බලනවනම්, 7.7/10 (IMDb)…..
සම්මාන ගැන කියනවනම්,දිනලා තියන ගාණ 15ක්…..
ආ…. තව දෙයක්,සාමන්‍යයෙන් ෆිල්ම් එකකදී අතීතයේ සිද්ධි කළු සුදු වලින් පෙන්නුවත් මේකෙදි ඒක අනෙක් පැත්ත.ප්‍රධාන කතාව වෙන්නේ අතීතයේ සිද්ධි දාමය නිසා වෙන්න ඇති ඒ….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
318 downloadsDownload The-Road-Home-1999.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
30 comments
James DC
හසිත මධුෂාන්
ඒ ෆිල්ම් IMdb Top 250 වල තිබුනු ඒවා. ටිකක් පරන උනාට පට්ට ස්ටෝරි තියෙන්නේ.
බොහොම ස්සතූතියි සහෝ....!
Thilina weerasinghe
Mama kalin me film eka balala thiyenava.....
Supirima supiri movie ekak......
Meka baluvama mata therune ape adare kochchara
Bolada adarayakda kiyala....
Thanks for sub....
Sub ekkaala ayeth balanava.......හසිත මධුෂාන්
මටත් ඕකම හිතුන සහෝ........
බොහොම ස්තූතියි.......!
ආසිරි ප්‍රියන්ත (හේවා)
කොරියන් කතා නම් වැඩිය බැලෙනවා අඩුයි ඉතින්
මුන්ගේ මූණු හොයාගන්න බෑ නේ. ඒකනේ සීන් එක.
එව්වා කෙසේ වෙතත් කලින් ෆිල්ම නම් බැලුවා.
පට්ට.
සබට තැන්ක්ස් හොදේ.
දිගටම සබ ගේමු.හසිත මධුෂාන්
මමත් නම් කොරියන් බලනවා අඩුයි තමයි.
මේක නම් චීන ෆිල්ම් එකක්.
බොහොම ස්තූතියි සහෝ….!
a
Meka nam supirima kathawam mama meka gana dapu lipiyak fb eke damma thxxx me wage nirmana laba denawata.hamoma denne ekama widihe nirmana me wage sammana hambawechcha wenasma katha dena eka godak watinawa.ape rasawindanaya unath hoda wenawa thxx sub ekata
හසිත මධුෂාන්
මටත් බලපු ගමන් හිතට අල්ලලා ගියා සහෝ.
බොහොම ස්තූතියි සහෝ….!
Tharaka
මේක හොඳ ෆිලුමක්. අනිවාර්යයෙන් බලනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ….!
asitha
elama saho thanks..
Requiem For a Dream (2000) ekata ikmanata sab demuහසිත මධුෂාන්
දැනටමත් කරගෙන යන ගමන් සහෝ...
ආයෙනම් පරක්කු කරන්නෙ නෑ. පුලුවන් තරම් ඉක්මනින් දෙන්නම්.
බොහොම ස්තූතියි සහෝ….!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ….!
himashi
Suddenly Seventeen (2016) mekatath sub dennako pls?
හසිත මධුෂාන්
මම දැනට කරන්න බාර ගත්තු ෆිල්ම් වගයක් තියනවා. ඒ ටික ඉවර කරලා, ඒ වෙනකොටත් මේකට සබ් එකක් කරලා නැති උනොත් මම සබ් එකක් හදන්නම්.
Chalana
thnx bro...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ….!
chanu mikhail
elazzzzzzzzzzzzzzzz ✌✌
mewage lassana film denna,
on banawooo✌✌හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
iayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tilantha1
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි :)Hiran
සුපිරිම චිත්‍රපටියක්..
හැමදෙනෙක්ටම නරඹන්න ආරාධනා
කරනවා..ricado
O M G it was a such a lovely movie, thank you for the sub very much hasitha madushan, a very good choice to do sub for it, may god bless u on your work & your life, tks again...........
sfdsf
dsfsdf sdfsf
malith
Ela ela
Hassy
මේ ෆිල්ම් එක ගැන නම් කියලා වැඩක් නෑ Titanic ෆිල්ම් එකට පස්සේ romance category එකේ බලපු හොඳම ෆිල්ම් එක මම. මේකේ තියන නිදහස් ගැමි පරිසරයත් එක්ක වෙනම ලෝකෙකට ගියා වගේ. මාරම ලස්සන ෆිල්ම් එකක්. වෙනත් භාෂා වල හොඳ ෆිල්ම් එකක් හොය හොය ඉන්නකොට මේක හම්බුනේ. sub තියෙයි කියලා හීනෙකින් වත් හිතුවේ නැහැ. මේක බලලත් දැන් අව්රුද්දකටත් වැඩයි.. ආයේ මේ පොස්ට් එක දැක්ක නිසා මතක් උනා.
මේ වගේ සිත නිවෙන තව ෆිල්ම් එකක් තමා "spring summer fall winter and spring" කියන ෆිල්ම් එක. මාර ලස්සන ෆිල්ම් දෙකක්.. ඊට පස්සේ මේ ජාතියේ ෆිල්ම් තව තියෙනවද හෙව්වා. මට නම් හම්බුනේ නෑ මේ දෙක වගේ ඒවා වෙන.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ස්තුතියි!හසිත මධුෂාන්
අදවෙනකල් බලන්න මග ඇරිල තිබුන ෆිල්ම් එකක් සහෝ...
බොහොම ස්තූතියි ඔත්තුවට...
අදම බලන්න ඕනෙ...
Akila Dilhara
Thanks Brother...
Advertisement
නියමයි. ඔයා මේ වෙනකං දීපු ෆිල්ම් සේරම ටික බැලුවා. ඔක්කොම සුපිරියි. දිගටම ඒ වගේ පරණ හොඳ ෆිල්ම් ඇදලා අරන් සබ් දෙන්න.