The Albanian aka Der Albaner (2010) Sinhala Subtitles කලෙකට පස්සේ ලස්සන විදේශීය භාෂා චිත්‍රපටයක් අරගෙන ආවා. Der Alabaner එහෙම නැත්නම් The Albanian කියන්නේ 2010 වසරේ ජර්මනියෙදි නිකුත්වුනු ඇල්බේනියන් සහ ජර්මන් භාෂා චිත්‍රපටයක්.චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.1 හොඳ අගයක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 71%…

කලෙකට පස්සේ ලස්සන විදේශීය භාෂා චිත්‍රපටයක් අරගෙන ආවා. Der Alabaner එහෙම නැත්නම් The Albanian කියන්නේ 2010 වසරේ ජර්මනියෙදි නිකුත්වුනු ඇල්බේනියන් සහ ජර්මන් භාෂා චිත්‍රපටයක්.චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.1 හොඳ අගයක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 71% අගයක් තියෙනවා .ජර්මානු චිත්‍රපට අධ්‍යක්ෂක Johannes Naberවිසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. Nik Xhelilaj, Amos Zaharia, Xhejlane Terbunja, Ivan Shvedoff වගේ අය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ තියන සාර්ථකත්වය නිසාම සම්මාන කිහිපයකට නිර්දේශ වෙන්න වගේම ජයග්‍රහණය කරන්නත් හැකිවෙලා තියනවා. ඒ තමයි,
Antalya Golden Orange Film Festival – හොඳම නලුවා සම්මානය.
Moscow International Film Festival – හොඳම නලුවා සම්මානය, ජූරියේ විශේෂ සම්මානය.
Max Ophüls Festival – හොඳම චිත්‍රපටය සම්මානය.
Nuremberg Film Festival “Turkey-Germany” – හොඳම නලුවා සම්මානය, හොඳම චිත්‍රපටය සම්මානය.
මුලින්ම ඇල්බේනියාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඇල්බේනියාව කියන්නේ දකුණුදිග යුරෝපයේ තියන සුන්දර රටක්. නමුත් දූෂිත දේශපාලනය සහ උග්‍ර ආගමික අන්තවාදි කල්ලි, මැර කල්ලි,මත්ද්‍රව්‍ය වගේ දේවල් නිසා යුරෝපයේ තියන දුප්පත්ම රටක් බවට පත්වෙලා තියනවා. ඇල්බේනියා ජනතාවගෙන් බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් දෙකක් වගේ පොඩි මුදලක්. රටේ විරැකියා අනුපාතය ඉතාම ඉහලයි. මේ නිසා රටේ තරුණ තරුණියන් බහුතරයක් ජර්මනිය,ඉතාලිය,ප්‍රංශය වගේ රටවලට රැකියා සොයාගෙන සංක්‍රමනය වෙනවා.වර්තමානයේ අපේ රටට ගොඩක් සමානයි.
කතාව පැත්තට ගියොත්, ආර්බෙන් ශෙහු කියන ඇල්බේනියන් තරුණයා ආර්ථික ප්‍රශ්න නිසා පවුලේ අය එක්ක ග්‍රීසියට ගිහින් සුළුු වැටුපක් වෙනුවෙන් සේවය කරනවා. ආර්බෙන් තමන්ගේ ගමේ ඉන්න එට්ලේවා පෙට්‍රිටි කියන තරුණියට කාලයක ඉදන් ආදරය කරනවා.ඇල්බේනියාවේ සම්ප්‍රදාය අනුව පවුලේ තීරණ ගන්නේ වැඩිමහලු පිරිමි අය. එට්ලෙවාගේ තාත්තගේ තීරණය තමයි ආර්බෙන් එට්ලෙවා විවාහ කරගන්නවා නම් යූරෝ 10000ක් දෙන්න ඕන .ඇල්බේනියානු සම්ප්‍රදාය අනුව විවාහයකදි මනාලයා විසින් මනාලියගේ පවුලට දෑවැද්ද ලබා දෙන්න ඕන. මාසෙකට යුරෝ 500ක වත් ආදායමක් නැති ආර්බෙන්ට මේක ලොකු මුදලක්.
මේ මුදල හොයාගන්න ජර්මනියේ රැකියාවකට නිත්‍යානුකූල නොවෙන විදියට යන්න ආර්බෙන් තීරණය කරනවා. මේ අතරේ එට්ලෙවා ගැබ් ගන්න නිසා ආර්බෙන්ට සිද්ධ වෙනවා කොහොමහරි මාස කිහිපයක් ඇතුලත යූරෝ 10000 හොයාගන්න.ජර්මනියට යන්න කලින් ආර්බෙන් එට්ලෙවාට පොරොන්දුවෙනවා දරුවා ලැබෙන්න කලින් සල්ලි හොයාගෙන ආයෙත් ඇල්බේනියාවට එනවා කියලා. ස්ථීර රැකියාවක් නැති ජර්මානු භාෂාව අකුරක් වත් බැරි නීත්‍යානුකූල වීසා බලපත්‍ර නැති ආර්බෙන්ට පුලුවන් වෙයිද යුරෝ 10000ක් හොයාගන්න. ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා
මුල ඉඳන් අවසානය වෙන තෙක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන සිනමා නිර්මානයක් වගේම සමහර තැන් වලදි හිතෙනවා දියුණුයි කියන යුරෝපේ ඇතුලේ මේ වගේ රටවල් තියනවද කියලා. තව දෙයක් තමයි රුමේනියාවට, ඇල්බේනියාවට ගිහින් හොර පාරෙන් ඉතාලි, ජර්මන් යන්න ඉන්නවා නම් දෙපාරක් නෙමෙයි සිය පාරක් වත් හිතන්න ඕන. මේ චිත්‍රපටයට අදාල ටොරෙන්ට් කිසිම එකක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තත්වෙක නෑ. YOUTUBE එකේ තියන එකත් ඒ තරම් පැහැදිලි නෑ.හොලිවුඩ් චිත්‍රපටි වගේ නෙමෙයි විදේශීය භාෂා චිත්‍රපටි හොයාගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා BAISCOPEDOWNLOAD වෙබ් අඩවියෙන් සහ Baiscope Downloads ටෙලිග්‍රෑම් චැනලයෙන් නිකුත් කරලා තියෙන චිත්‍රපටිය පමනක් ඩවුන්ලෝඩ් කරගන්න. ලඟදිම තවත් මේවගේම සිනමා නිර්මාණයකින් මුණගැහෙමු.
හැමෝම චිත්‍රපටය රසවිඳින්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BAISCOPEDOWNLOAD වෙබ් අඩවියෙන් සහ Baiscope Downloads ටෙලිග්‍රෑම් චැනලයෙන් ලබා දී ඇති වීඩියෝ පිටපත සඳහා පමණක් අදාළ වේ.
2,134 downloadsDownload The-Albanian-aka-Der-Albaner-2010.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිලින සඳරුවන්
Subtitles
- #Amos Zaharia
- #Der Alabaner
- #Editor's Pick
- #Ivan Shvedoff
- #MaxxA
- #Must Watch
- #Nik Xhelilaj
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Albanian
- #The Albanian aka Der Albaner (2010) Sinhala Subtitles
- #Xhejlane Terbunja
- #You Decide
- #උපසිරැසි
- #තිලින සඳරුවන්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා !
එක දිගටම උපසිරසි ලැබෙයි කියල හිතනවා ආයේ වතාවක්... :)මොහොට්ටි
ගොඩක් ස්තූතියි සබ් එකට බාගත්තා
Akila Dilhara
Thanks Brother...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Albanian aka Der Albaner (2010) Sinhala Subtitles | ඇල්බේනියානුවා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/The-Albanian-02.jpg)

සෑහෙන කාලෙකින් පට්ට ෆිලුමකට සබ් අරං ඇවිත්...
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..