අද මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ තිරගත කෙරුණු Thriller ගණයේ හොලිවුඩ් සිනමා නිර්මාණයක්. The Amityville Murders (2018) සිනමා නිර්මාණය 1974 වසරේ සිදු වුණු සුප්‍රකට ඇමිටිවිල් මිනීමැරුම සම්බන්ධ සත්‍ය කතා ප්‍රවෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේ ඝාතන සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වුණු අද්භ…
අද මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ තිරගත කෙරුණු Thriller ගණයේ හොලිවුඩ් සිනමා නිර්මාණයක්. The Amityville Murders (2018) සිනමා නිර්මාණය 1974 වසරේ සිදු වුණු සුප්‍රකට ඇමිටිවිල් මිනීමැරුම සම්බන්ධ සත්‍ය කතා ප්‍රවෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේ ඝාතන සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වුණු අද්භූත සිදුවීම් පාදක කරගෙන ලියැවුණු පොත් මෙන්ම නිර්මාණය වුණු චිත්‍රපට ද බොහොමයි. මේ විස්මයජනක සත්‍ය කතාව ගැන වැඩිදුර කියවීමට අවශ්‍ය නම් ඔබට බයිස්කෝප් මංසලේ පළ කළ ලිපියෙන් මෙතනින් එය කියවීමට හැකියි. 2018 ඔක්තෝබර් මස 15 වැනි දින තිරගත වීම ඇරඹුණු මෙම සිනමාපටය Daniel Farrands ගේ අධ්‍යක්ෂණයක්. මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 4.8/10 ක කුඩා අගයක් ලබා ගත්ත ද, ඩිෆේයෝ ඝාතන ගැන නිර්මාණය වුණු අනෙකුත් සිනමා නිර්මාණ වලට ලැබුණු රේටින්ග්ස් අතර එය සැලකිය යුතු තරමේ හොඳ අගයක්.
මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ:
- John Robinson – බුච් ඩිෆේයෝ ලෙසින්
- Chelsea Ricketts – ඩොන් ඩිෆේයෝ ලෙසින්
- Paul Ben-Victor – රොනල්ඩ් ඩිෆේයෝ ලෙසින්
- Diane Franklin – ලුවිස් ඩිෆේයෝ ලෙසින්
- Noa Brenner – ඇලිසන් ඩිෆේයෝ ලෙසින්
- Zane Austin – මාක් ඩිෆේයෝ ලෙසින්
- Kue Lawrence – ජෝඩි ඩිෆේයෝ ලෙසින්
- Burt Young – බ්‍රිජන්ට් ලෙසින්
- Sky Liam Patterson – ස්ටීව් පෙල්ස්කි ලෙසින්
- Steve Trzaska – රැන්ඩි ලෙසින්
මෙහි සත්‍ය නම් ගම් එළෙසම යොදාගෙන ඇති අතර 112 ඇමිටිවිල් නිවෙස 1974 කාලයේ තිබුණු අන්දමින්ම ත්‍රිමාන සජීවිකරණ භාවිතයෙන් සාර්ථකව ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. ඒ දර්ශන මනා ලෙස සකස් කළ නිවෙස අභ්‍යන්තරයේ දර්ශන හා හොඳින් සුසංයෝග කර තිබෙනවා. ඝාතන සිදුවුණු ආකාරය ද සිය රංගන ශිල්පින් යොදාගෙන ප්‍රතිනිර්මාණය කිරීමේදී අධ්‍යක්ෂක ඇතුළු කාර්ය මණ්ඩලය බොහෝදුරට සාර්ථක වී ඇති බව පෙනී යන කරුණක්.
සිය නිර්මාණය ගැන අධ්‍යක්ෂක ෆෙරන්ඩ්ස් මෙසේ පවසනවා,
“මේ චිත්‍රපටයේ වාර්තා වැඩසටහන් කොටස් ද අන්තර්ගත වෙනවා. අවසානය දක්වාම නාට්‍යානුසාරයෙන් කතාව ඉදිරිපත් වෙනවා. අවසානයේදී අප සිදුකළේ සත්‍ය සිදුවීම හා සම්බන්ධ කරමින් චක්‍රය සම්පුර්ණ කිරීමයි. මට අවශ්‍ය වුණේ මේ සියල්ල සත්‍ය සිදුවීම් බවත් මේ නිවෙස ඇතුළත දී සත්‍ය මිනිසුන් වෙඩි තබා ඝාතනය වුණු බවත් දැනෙන්න සලස්වන්නයි.”
ක්‍රමානුකුලව මත්ද්‍රවය ඇබ්බැහිවීමටත් තරමක උන්මත්තක භාවයකටත් දක්වා පරිහානියකට ඇදවැටෙන බුච් ඩිෆේයෝගේ චරිතය John Robinson විසින් අතිදක්ෂ ලෙස ප්‍රබලව නිරුපණය කරනවා. කාරුණික ඉවසිලිවන්ත මවක වන ලුවිස්ගේ චරිතය Diane Franklin විසින් සාර්ථකව නිරුපණය කෙරෙනවා. 70 දශකයේ විලාසිතාවකට සැකසු ඇයගේ කොණ්ඩා මෝස්තරය ද සත්‍ය ලුවිස් ඩිෆේයෝගේ හැඩරුවට අතිශයින් සමාන වන අන්දමින් අපුර්ව ලෙස හැඩගන්වා තිබෙන අන්දම දැකිය හැකියි.
අධ්‍යක්ෂක ෆෙරන්ඩ්ස් ලෝන් අයිලන්ඩ් වල සිදුවුණු මේ අද්භූත සංසිද්ධීන් ගැන කෙරුණු රුපවාහිනී වාර්තා වැඩසටහනක (History’s Mysteries) කොටස් කිහිපයක් නිෂ්පාදනයට ද දායක වුණා. ඇත්ත වශයෙන්ම, ඔහුට සුප්‍රකට ලට්ස් යුවළ සමඟ හිතවත්කමක් ද තිබුණා. මේ වසර ගණනාව මුළුල්ලේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රශ්නය වුණු, “ලට්ස් යුවළගේ කතාව ඇත්ත ද බොරු ද?” යන්න ගැන ෆෙරන්ඩ්ස් සිත්ගන්නාසුළු අදහසක් ඉදිරිපත් කරනවා.
“මම ජෝර්ජ් ලට්ස් සහ පවුල හොඳින් දැනසිටියා, ඔහුගේ මරණය දක්වාම. මේ සිනමාපටය එක් ආකාරයකින් ඔවුන්ට කෙරුණු උපහාරයක්. ඒ නිවසේ දී ඔවුන් යම් සංසිද්ධියකට මුහුණ පෑවා. ඔවුන් සමඟ මගේ තිබුණු දිගු සම්බන්ධතාවය අතරතුර, ඔවුන් දැඩිලෙස විශ්වාස කළේ ඒ නිවසේ යම් නපුරු බලවේගයක් ක්‍රියාත්මක වී තමන් එම නිවසෙන් එළවා දැමු බවයි. එයින් ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම වෙනස් කළා!”
චිත්‍රපටයේ කතාව ගැන මා වැඩි යමක් කියන්නේ නැහැ. ඒ මේ කතාව අද්භූත සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රිය නිසා. අවසානය අප දැන සිටියත් අවසානය කරා සිදුවීම් පෙළගැසෙන ආකාරය කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි අන්දමින් සිනමා පටය නිර්මාණය වී ඇති බව කිවයුතුයි. එසේ නම් අපි ඇමිටිවිල් භීෂණය සම්බන්ධ නවතම අද්භූත චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව රස විඳිමු. දිගටම බයිස්කෝප් අඩවිය හා රැඳී සිටින්න!
තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,548 downloadsDownload The-Amityville-Murders-2018.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
22 comments
djknight
nipun himasha
machan prebudda patta aaa...... ekenma ........gamene.......kolloneeeeeeeeeeeeee..........
Farmchemie_Roshan
Thanks saho...
malithmadhushan45
බොහොම ස්තුතියි සබ් එකට
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
dulakshitha
thanx bro
Kulanjana Maduranga
subata thanks
Tharaka
THANKS..............
Rasitha Illangasinghe
Thanks sub ekata..
AsithaDilruwan
ela saho thanks
denidu
Thanks
harshani11112
ස්තුති ප්‍රබුද්ධ සහො
අවසන් කරද්දි තෙරැවන්සරණයි කියලා දාලා...ඒක ගොඩාක් වටිනවා...
තෙරැවන්සරණයි ඔයාලාටත්YasasPerera
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madura Lakshan
Thanks sub ekata
suranuwan
thanks...
MAALnath
Thanks .................good luck ....................
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Chamal0101
Polaroid horrer movie sub eka dinnako
Shaggy
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ft