Watch Trailer

The Animal (2001) Sinhala Subtitles | සත්ව මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම බලපු විහිළු චිත්‍රපටයකට සබ් අරගෙන ආවා. මේ මගේ 17වෙනි සිංහල උපසිරසිය. හැබැයි මං මුලින්ම මතක් කරන්න ඕනේ, මේක විහිළු වුනාට පවුලේ අයත් එක්ක බලන්න ටිකක් අමාරුයි. ඒ වගේම පොඩි ළමයින්ටත් බලන්න දෙ…

ආයුබෝවන්…! සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම බලපු විහිළු චිත්‍රපටයකට සබ් අරගෙන ආවා. මේ මගේ 17වෙනි සිංහල උපසිරසිය. හැබැයි මං මුලින්ම මතක් කරන්න ඕනේ, මේක විහිළු වුනාට පවුලේ අයත් එක්ක බලන්න ටිකක් අමාරුයි. ඒ වගේම පොඩි ළමයින්ටත් බලන්න දෙන්න එපා. කලින් චිත්‍රපට වලට මං උපසිරසි හදනකොට සමහර දෙබස් ඒ විදියටම නැතුව හදලා දැම්මේ හැමෝටම බලන්න පුළුවන් විදියටයි. නමුත් මේකේ එහෙම හැදුවොත් ඒකේ කිසි රසයක් නැති වෙනවා. අනික මේ චිත්‍රපටයේ සෙක්ස් කොටස් නැතත් ඒ ළගින් යන සීන් තියනවා. ඉතින් කලින්ම දැනුම් දුන්නේ ඒකයි.

පෝස්ටරේ දකිනකොටම දන්නවා මේක කොමඩියක් කියලා. මොකද Rob Schneider කියන්නේ කොමඩි වලටම ඉන්න කෙනෙක් නිසා. චිත්‍රපටය දිගහැරෙන්නේ මාර්වින් නම් පොලිස් නිළධාරියෙක් වටා. මෙයා හරිම නෝන්ජල් මනුස්සයෙක්. පොලිසියෙත් ලිපිකරුවෙක් විදියටයි ඉන්නේ. හැබැයි තාත්තා වගේ ලොකු පොලිස් නිළධාරියෙක් වෙන්න මෙයා හීන දකිනවා. ඒ අතරෙ දවසක් මංකොල්ලයක් ගැන පොලිසියට එන ඇමතුමක් ගන්නේ මේ මාර්වින්. හැමෝම තරගයකට ගිහින් නිසා මෙයා යනවා මං කොල්ලය සිද්ද වෙන තැනට. ඒ යන අතර මග මෙයාට අනතුරක් වෙලා ලොකු ප්‍රපාතයකට වැටෙනවා. එතනින් මාර්වින්ව ගන්න එක විකාර දොස්තර කෙනෙක් මාර්වින්ව සනීප කරන්නේ අත්හදා බැලීමකුත් එක්කයි. ඒ සත්තුක්ගේ අවයව මාර්වින්ට බද්ධ කරලා. ඊට පස්සේ තමයි කතාවේ හොදම හරිය. මේ මිනිස් සත්වයා නැත්නම් සත්ව මිනිසා සමාජයේ හැසිරෙන විදිය.

මේ චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ Tom Brady විසින් සහ තිර රචනය Rob Schneider සහ Tom Brady විසින්ය. Barry Bernardi සමග Carr D’Angelo සහ Todd Garner නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Luke Greenfield ය. Rob Schneider සමග රංගනයෙන් Colleen Haskell, John C. McGinley, Guy Torry සමග Ed Asner එකතු වෙනවා. 2001 ජූනි මස 01 වනදා තිරගත වූ මේ චිත්‍රපටය විනාඩි 83ක් ධාවනය වෙනවා. චිත්‍රපටය ආරම්භ වූ සති අන්තයේ ඩොලර් මිලියන 19.6ක දළ ආදායමක් ලබාගන්නට සමත් වෙලා තියනවා. ලොවපුරා ප්‍රදර්ශණයෙන් මේ චිත්‍රපටය ඩොලර් මිලියන 84.7 ක් උපයා ගන්නට සමත් වී ඇති අතර චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 47කි.

එහෙනම් අදට මං සමුගන්නවා. ආයෙත් දවසක සිංහල උපසිරසියක් එක්ක මං ඔයාලව හම්බවෙන්න එන්නම්. එතෙක් යාළුවෝ හැමෝටම නිදුක් නිරෝගී සුබ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,148 downloadsDownload The.Animal.2001.Baiscopelk.com_.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

4,148 downloadsDownload Subtitles29 KB

12 comments

  1. malithmadhushan45

    Supira porak thama hot chick eketh patta acting thama
    Thanx saho sub ekata

  2. Thilina Jayarathna

    ammooo bn ubata pin .mn mekta sub ilalala godak msg kra thq bn ..

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට :) :)

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. D.Chamara

    bohoma sthuthi

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කොමඩියක් වගේ....
    මේ වගේ ෆිල්ම් වලට දිගටම සබ් අරන් එමු....

  7. indika75

    thanks..

  8. chamarar

    thanks for sub thriple gem bless

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  10. Sandeepmadushan

    Thanx sub ekata... supiri

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    Thanks