Watch Trailer

Mortal Kombat Legends: Scorpions Revenge (2020) Sinhala Subtitles | සුපිරිම ඇනිමේෂන් එකක් බලමුද ? [සිංහල උපසිරැසි ]

බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ? මම පහලින් පින්තුරයක් දෙකක් දානව. ඒක බලන්න. ඊට පස්සෙ ඔහොමම ට්‍රේලර් එක බලන්න ගිහින්. මේක රිලීස් උනේ 12 වෙනිදා ඒ වෙනකොට තිබ්බෙ IMDB රේටින් 6+ විදියට අද මම මේ ලිපිය ලියනකොට IMDB 7.7ක අගයක් ඇවිල්ල තියෙනව. ආයේ කිසිම සැ…

බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ? මම පහලින් පින්තුරයක් දෙකක් දානව. ඒක බලන්න. ඊට පස්සෙ ඔහොමම ට්‍රේලර් එක බලන්න ගිහින්. මේක රිලීස් උනේ 12 වෙනිදා ඒ වෙනකොට තිබ්බෙ IMDB රේටින් 6+ විදියට අද මම මේ ලිපිය ලියනකොට IMDB 7.7ක අගයක් ඇවිල්ල තියෙනව. ආයේ කිසිම සැකයක් නැහැ මේක ඔයාල කාලෙකින් බලපු සුපිරිම ඇනිමේෂන් එකක් වෙනව, අනිවා. ආයේ සෑහෙන කාලෙකට මේ වගේ එකක් බලන්න වෙන්නෙත් නැහැ. මොකද මේක එසේ මෙසේ සෙට් එකක් ඉන්න ඇනිමේෂන් එකක් නොවන නිසා. මේ තමයි මෝටල් කොම්බැට් ගේම් එකේ ඉන්න චරිත ඇසුරින් සෑදුන වෝනර් බ්‍රදර්ස්ලගේ අලුත්ම ඇනිමේෂන් එක. එනම්, ස්කෝපියන්, ජොනි කේජ්, සෝන්‍යා බ්ලේඩ්, සබ් සීරෝ, ෂැං සුං, ගෝරෝ, ලූ කැන්ග්, ආදී ගේම් එකේදී අපිට මුණගැහුණ හුරු-පුරුදු චරිත ටික. ඉතිං මේකට සබ් එක කරන්න අරගන්න හේතු දෙක තමයි කලින් ටිකක් දීර්ඝව පැහැදිලි කලේ. සරලවම කිව්වොත්, පලවෙනි එක මේක මෝටල් කොම්බැට් කතාවක් වීම සහ දෙවැනි එක වෝනර් බ්‍රදර්ස්ලගේ සුපිරිම ඇනිමේෂන් එකක් වීම. වෝනර් බ්‍රදර්ස්ල ලයිව් ඇක්ෂන් ෆිල්ම් අතින් මෑතක ඉඳල අසාර්ථක වුනාට තමන්ගේ ඇනිමේෂන්වල තත්වය මහා ඉහලින් තවමත් පවත්වාගෙන යනවා කියන්න තවත් එක උදාහරණයක් මේකත්. ඒ වගේම මේක ඇවිල්ල අලි ඇත්තු ඉන්න හොඳ හොඳ නැටුම් තියෙන පෙරහැරක් පසුපසින් එනවෝ කියාගෙන යන කස කරුවෙක්. වෝනර් බ්‍රදර්ස් බෙදාහැරිමේ ලේබලය යටතේ ලබන වසරෙදි Mortal Kombat (2021) කියල ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් එන්න නියමිතයි. ඒ ගැනත් කියාගෙනම ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙන්නම්. බලන අයට ඉතිං මෙතනින් එහා කියවීමත් අනවශ්‍යයි මම නම් හිතන විදියට. 😀

 

මෙහි අධ්‍යක්ෂණය සිදුවෙන්නෙ Lego DC Comics Super Heroes: The Flash (2018),  Scooby-Doo: Return to Zombie Island (2019), Freedom Fighters – The Ray (2018) සහ Avatar: The Last Airbender කතා මාලාවටද අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති Ethan Spaulding විසින්. ඒ වගේම කලින් කියපු විදියටම මේ ලිපිය ලියන මොහොත වෙනකොට IMDB 7.7ක අගයක් ලබාගෙන තියෙන මේ ඇනිමේෂන් සිනමාපටය තමයි මුල්ම වතාවට R රේටඩ් ලෙසින් වර්ගීකරණය වෙච්ච මෝටල් කොම්බැට් සිනමාපටය වෙන්නෙ. මිට පෙර මෝටල් කොම්බැට් ගේම් එක ඇසුරින් නිමවුන Mortal Kombat 1995 සිනමාපටයත්, අපගේ වෙබ් අඩවියේ මාරක සටන් ලෙගසිය පළමු කොටස සහ දෙවැනි කොටස ලෙසින් මං උපසිරැසි ලබා දුන්නු මිනි වෙබ් සිරිස් එකත්,  R රේටඩ් උනේ නැහැ. ඒත් මේක එහෙම නොවුන් නම් තමයි පුදුම. මොකද ඒ තරම් අමු අමුවේ කපා කොටාගැනිලි, ගහ-මරා ගැනිලි තමයි මේකේ තියෙන්නෙ.  ඉතිං ඊයේ දිනයේදී තමයි මේකේ පිටපතක් මුල්වරට නිකුත් වෙන්නෙ. වෝනර් බ්‍රදර්ස්ල බලාපොරොත්තු වෙනවා මේකෙන් පස්සේ ඉදිරියට තව ඇනිමේෂන්, මෝටල් කොම්බැට් සිනමාපට මාලාවක් අපට ලබාදෙන්න. බලමු ඉතිං ඒවා කොහොම වෙයිද කියල අනාගතයේදී. එහෙම නම් මේකේ මොනවද වෙන්නෙ කියල මෝටල් කොම්බැට් යුනිවර්ස් එක ගැන කෙටි විස්තරයක් එක්කම සඳහන් කරන්නම් මං. නැත්නම් අවුල් ජාලාවක පැටලවෙයි නොපුරුදුයි නම්.

මෝටල් කොම්බැට් විශ්වය නිර්මාණය කරන්නේ පෞරාණික දෙවිවරුන් විසින්. Realm එහෙමත් නැත්නම් රාජධානි 15ක් මේ විදියට නිර්මාණය කරනවා. ඒවා තමයි,

  1. Earthrealm
  2. Outworld
  3. Zaterra ( Outworld සමග එකතු වී ඇත )
  4. Vaeternus ( Outworld සමග එකතු වී ඇත )
  5. Arnyek Islands ( Outworld සමග එකතු වී ඇත )
  6. Osh-Tekk ( Outworld සමග එකතු වී ඇත )
  7. Hinpar ( Outworld සමග එකතු වී ඇතැයි සැලකේ )
  8. Edenia ( Outworld සමග එකතු වී ඇත, දෙවැනි කාල රේඛාවේදී )
  9. Orderrealm, ජනාවාස වී නොමැත.
  10. Chaosrealm
  11. Netherrealm
  12. Dreamrealm
  13. Nightmare Realm (නිවැරදිවම නොදනී)
  14. Heaven
  15. Rellim Ohcanep (නිවැරදිවම නොදනී)
  • ඉතිං මේ රාජධානි අතරින් Earthrealm විදියට හඳුන්වන්නෙ පෘථිවිය. මිට අදාලව වීඩියෝ ගේම් එකේ ඉන්න පිරිස තමයි පහත දැක්වෙන්නෙ.

පෘථිවි වාසින් ලෙසින්
විශේෂ බලකාය – Cassie Cage, Cyrax, Jax Briggs, Jacqui Briggs, Kenshi, Johnny Cage, Sonya Blade, Kurtis Stryker
ලින් කුයි – Sub-Zero, Cyrax, Sektor, Smoke, Frost
ශිරායි රියු – Scorpion, Takeda, Forrest Fox
සුදු නෙළුම් සමාජය – Kung Jin, Kung Lao, Liu Kang, Kai
මටෝකා ගෝත්‍රය – Nightwolf.
බ්ලැක් ඩ්‍රැගන්ස් – Jarek, Kano, Kabal, Tremor, Kira, Kobra, Tasia, No Face
රෙඩ් ඩ්‍රැගන්ස් – Mavado, Hsu Hao
ටෙකුනින්- Triborg
වෙනත් – Mokap, Shujinko

පෘථිවි වාසින් නොවන
Raiden
Fujin
Li Mei
Bo’ Rai Cho

පිටුවහලුන්
Shang Tsung
Erron Black
Liu Kang, Kung Lao, Kitana, Kabal, Jade, Kurtis Stryker, Nightwolf, Smoke
Noob Saibot

  • ඊට පස්සේ මෝටල් කොම්බැට් විශ්වයේ තියෙන විශාලතම පාලන ඒකකය තමයි අවුට්ර්-වර්ල්ඩ් එක (Outworld). මෙහි පාලකය වෙන්නෙ අමරණීය දෙවි කෙනෙක් වෙන ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා.

අවුට්-වර්ල්ඩ්වාසින්
God/Immortal – Shao Kahn
Dragon – Onaga
Outworlder – Bo’ Rai Cho, Li Mei, Reiko, Skarlet
Shokan – Goro, Kintaro, Sheeva
Saurian – Khameleon, Reptile
Tarkata – Baraka
Centaurian – Motaro.
Osh-Tekk – Kotal Kahn, Kotal K’etz
Kytinn – D’Vorah
Naknada – Kollector
Edenian – Tanya, Rain
Vampire – Nitara
Other – Ermac, Mileena, Ferra/Torr, Meat, Khameleon

අවුට්-වර්ල්ඩ්වාසින් නොවන
Human – Kano, Shang Tsung, Shujinko, Erron Black
Seidan – Hotaru
 

ඉතිං තව ලෝක සහ තව චරිත තිබ්බත් අද අරගෙන ආව සිනමාපටයට වැදගත් වෙන්නේ  මෙන්න මේ ලෝක දෙක සහ නෙදර්-රෙල්ම් කියන තුන විතරයි. මේක නොසෑහෙන දීර්ඝ විස්තරයක් වීම වැලැක්වීම සඳහා මම මේකට අදාළ දේවල් විතරක් පහදන්නම්. මොකද මේක ඇවිල්ල මාවල් සිනමා විශ්වය ආරම්භ කරපු අයන් මෑන් ෆිල්ම් එක වගේ එකක්. මේකන් විතරක් මෝටල් කොම්බැට් විශ්වයම විස්තර කරන්න හරිම අමාරුයි.

ඉතිං මේ ලෝකය නිර්ණමය කල පෞරාණික දෙවිවරුන් විසින් පරම්පරාවකින් පරම්පරාවක් එළඹෙනකොට මෝටල් කොම්බැට්, එහෙමත් නැත්නම් මාරක සටන් තරඟාවලියක් පවත්වනව. මෙහිදි එක ලෝකයක් පිට පිටම 10 වතාවක් ජයග්‍රාහකයින් උනොත් ඒ ලෝකයට පුළුවන් පරාජිත ලෝකය අල්ලගෙන යටත් කරගන්න. එහෙම නොකර යුධ වැදිලා වෙනත් ලෝක ආක්‍රමණය කිරීම පෞරාණික දෙවිවරුන්ගේ උදහසට ලක්විය හැකි ක්‍රියාවක්. ඉතිං මේ වෙනකොට විශ්වයේ ප්‍රභලම පාලකයා විදියට ඉන්නෙ නෙරපා දැමුණු පෞරාණික දෙවියෙක් වෙන  ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා, ඔහුට පෘථිවිය රාජ්‍යයට ද්‍රෝහී වෙච්ච ෂැං සුං නමැති බලැති සටන් කරුවාගේ සහය හිමි වෙනව. මොහු විසින් නිර්මාණය කල, මේ ඉහත පැවසු ලෝක අතර කොහේටවත් අයිති නොවන තැනක තියෙන දුපතක තමයි තීරණාත්මක මාරක සටන සිදුවන්නෙ. ඉතිං තරඟාවලියට සත්කාරකත්වය දරණ ෂැං සුං ඉන්නේ ෂාහෝ ඛාන් අධිරාජ්‍යයගේ පැත්තේ කියල කියන්නේ වාසිය වක්‍රාකාරව ෂාහෝ ඛාන්ට හිමියි. ඒ විතරක් නෙමෙයි අවුට්ර්-වර්ල්ඩ් එකෙ තමයි ෂාහෝ ඛාන් පාලනය අරගෙන යන්නෙ.  දකින්න ඇතිනෙ අවුටර්-වර්ල්ඩ් එක තමයි විශාලම අධිරාජ්‍යය බව.

ඒ වගේම අනියම් ආකාරයෙන් නෙදර්-රෙල්ම් එකේ සහයත් ෂාහෝ ඛාන්ට හිමි වෙනව. මොකද එහි පාලකයාව සිටි ෂිනොක් නමැති දෙවියව ෂාහෝ ඛාන් විසින් සිරකරගෙන ඉන්නවා, මොහුත් පෞරාණික දෙවියෙක් උනත්, නීති වලට පටහැනිව පෘථිවිය ආක්‍රමණය කරන්න හැදුව නිසා පෞරාණික දේවත්වයෙන් පහකොට අපායට පිටුවහල් කල කෙනෙක්. අහ්හ් නෙදර්-රෙල්ම් එක තමයි මේ ලෝක අතරින් අපාය කියල හදුන්වන්නෙ. මේ වෙනකොට එහි පාලකයා වෙන්නෙ ක්වාන් චී. ඉතිං මොහුත් අනියම් අයුරින් සහය වෙන්නෙ ෂාහෝ ඛාන්ට.

ඉතිං මේ වෙනකොට ෂාහෝ ඛාන් 9 වතාවක් අර්ත්-රෙල්ම් එක එහෙම නැත්නම් පෘථිවි රාජ්‍යය පරදා අවසන්. මේ තමයි පෘථිවියේ ආරක්ෂකයා වෙන ලෝඩ් රෙයිඩන්ට පෘථිවිය ආරක්ෂා කරගන්න ලැබෙන අන්තිම අවස්ථාව. මේ අවස්ථාවට ඔහු වසර ගණනාවක් තිස්සේ පුරුදු පුහුණ කල ඔහු විසින් තෝරාගත් තැනැත්තා,  සුදු නෙළුම් සමාජයේ ලූ කැන්ග් සමගින්, පෘථිවි විශේෂ බලකායේ සෝන්‍යා බ්ලේඩ් සමගින් ජනප්‍රියත්වය සිඳී යමින් පැවතිය සටන් නළු ජොනි කේජ්ව රැගෙන යනව. මේ තමයි පෘථිවියේ අන්තිම අවස්ථාව.

ඒ අතරවාරයේ ජපන් නින්ජා කෙනෙක් වෙන හන්සෝ හසාෂිගේ පවුලත් ගමත් සමුළ ඝාතණයට ලක් කරලා, ඒ වෙන කවුරුත් නෙමෙයි සබ්-සීරෝ විසින්. හසාෂි ඉදිරිපිටදී සබ්-සීරෝ ඔහුගේ පුතාව පවා මරා දමනවා. අන්තිමේදී හන්සෝ හසාෂිවත් මරා දමනවා. ටික වෙලාවකින් ඇස් ඇරල බලන හන්සෝ ඉන්නෙ අපායේ, එහෙමත් නැත්නම් නෙදර්-රෙල්ම් එකේ. වද විඳීම් සහ රාක්ෂයින් සමග සටන් කිරීමෙන් පසුව හසාෂිට, එහි ඒ වනවිට පාලකය වෙන ක්වාන් චී ඉදිරියට යනවා. ක්වාන් චි හසාෂිට අපුරු යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ ෂාහෝ ඛාන් විසින් ෂිනොක්ව සිරකරලා තිබෙන තැන යතුර තියෙන්නෙ ෂැං සුං ගේ දුපතේ, මෝටල් කොම්බැට් තරඟයට යන මුවාවෙන් ගිහින් අන්න ඒ යතුර අරගෙන ආවොත්, හසාෂිට ඔහුට අහිමි වී ගිය බිරිඳ පුතා සහ ඔහුට අහිමි වුණ මනුෂ්‍යය ජීවිතය නැවත ලබා දෙනවා කියල. ඒ විතරක් නෙමෙයි ඔහුගේ පරම සතුරා වී සිටින සබ්-සීරෝ මේ තරඟයට එනවා කියලත් ඔහු හසාෂිට පවසනවා. එතැන් පටන් හන්සෝ හසාෂි  “ස්කෝපියන්” බවට පත්වෙනවා.

පෘථිවිය බේරාගැනීමේ අවසන් උත්සාහය වෙනුවෙන් මාරක සටනට එළඹෙන ලෝඩ් රෙයිඩන්ගේ පුහුණු නුපුහුණු, තමන් තවත් ෆිල්ම් එකක් රුගත කරන්නයි මේ යන්නෙ කියල හිතාගෙන බොහොම විනෝදෙන් මේ ගමනට එකතු වෙලා ඉන්න ජොනි කේජ් වගේ තමන් ගැන හිතන මිනිහෙක් යන තිදෙනෙකුගෙන් සැදී කණ්ඩායමත්, තමන්ගේ බිරිඳ සහ දරුවන්ට නැවත ජිවය ලබා ගැනීමේ අරමුණ සහ සබ් සිරෝගෙන් පළිගැනීමේ චේතනාව පෙර දැරිව මාරක සටනට එළඹෙන ස්කෝපියන්ද, පෘථිවි රාජධානිය තමන්ට හිමිකරගැනීමට ආසන්නයේ සිටින ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා වෙනුවෙන් සිටින, අවසන් වටයට පැමිණෙන සටන් කරුවන් හට මුහුණ දීමට සිදුවන අති ප්‍රභල ගෝරෝද සමගින්.. ඔබ මෙතෙක් විඳ නොමැති කෘරත්වයක් විඳ ගැනීමට කෙරෙන ආරාධනයයි මේ. 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත් සඳහා ලබා දි ඇත.

17,088 downloadsDownload Mortal.Kombat.Legends.Scorpions.Revenge.2020.br_.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

17,088 downloadsDownload Subtitles62 KB

71 comments

  1. Pathum Winchester

    බොහොම ස්තූතියි උපසිරැසියට

  2. malithmadhushan45

    අම්මෝ පට්ට පට්ට විමා අයියේ

  3. Anonymous

    Ammooooooo elama

  4. Isirajanith

    Thanks supiri ela pluwanman Netflix the main event 2020 WWE film ekata sub dennko please supiri

  5. Anonymous

    Elaa

  6. Gathsara Umesh

    බොහෝම ස්තූතියිය් අයියේ..........

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා !

    1. Ishan Madusha

      සහෝ පුළුවන්නම් Dante's Inferno: An Animated Epic සබ් දෙන්න.

    2. madhawa_max

      ඒකත් සුපිරියක්

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. sachintha

      mortal kombat legacy සීසන් 02 එපිසෝඩ් 05 කට විතරද සබ් දාලා තියෙන්නේ මට අනෙක් කොටස් ටික හොයා ගන්න බැරි උනානේ ශාන් සහෝ... ලින්ක් එක දාන්න පුලුවන්ද?

    2. විමා

      ඒ කොටස අපිට දෙන්න මගහැරිලා වගේ සහෝ
      සමාවෙන්න න, මං ඒ කොටස් ටික දෙන්නම් හෙට.

  9. nirodha uthpala

    Ambo valimai thiyenne thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  10. Navodani Thilini

    Smoke ❤❤
    උපසිරසියට ස්තූතියි අයියෙ!

  11. YasasPerera

    thanks bro..

  12. Shaggie

    ෆිල්ම් එක දැක්කට ගන්නවද නැද්ද සැකෙන් හිටියෙ ඇනිමේ නිසා..දැන්නන් ලිපියට පිං සිද්ද වෙන්න ගන්නව..සබට බොහොම ස්තුතියි සහෝ

  13. ishan

    Thankqq vima

  14. Hasitha Madush

    මං Mortal Combat පිස්සෙක් Thank you විමා අයියේ...!!!!

  15. සචින්ත කල්හාර බෙනට්

    අම්මෝ... ආවා විතරයි... මෙච්චර ඉක්මණට දීලා. නියමයි. මේක නම් අනිවා බෑමක් තමා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, ශාන් අයියේ. ජය වේවා...!

  16. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  17. සචින්ත කල්හාර බෙනට්

    අම්මෝ... ආවා විතරයි... මෙච්චර ඉක්මණටම දීලා. නියමයි. මේක නම් අනිවා බෑමක් තමා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, ශාන් අයියේ. ජය වේවා...!

  18. chinthaka madusanka

    THANKS . MAN HITHUWE NE SUB EKEK DAVI KIYALA MAN KALIN DOWNLORD KARALA BELUWA . SUB EKA NISA AYE BELUWA ......................THNKSSS

  19. madhawa_max

    Thank you brother ❤️❤️❤️

  20. D.Chamara

    bohoma sthuthi

  21. rockz2020

    සබ් එක බලාපොරොත්තුවෙන් හිටියෙ සහෝ! ✌
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  22. Ayesh Prashan

    hammo vistharenam supiri.ps games nogahuwata mobile game ekenam man veteran player kenek.pattama asai mk universe ekata.eeye rae aluth update ekekuth awa.godaak thanks sub ekata

  23. Hemal

    Thanks bro

  24. Anonymous

    Tnx sub ekat.film eka maru

  25. Chanu mikhail

    thank u

  26. Pitcher bro

    niymai bro.

  27. Anonymous

    Thanks bro

  28. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි විමා

  29. ASitha

    බොහොම ස්තූතියි

  30. Shehan Naveen

    sub ekta thnx bro. e wagma lipiyth thnx .mortal kombat game eka ghla thibbta me wge wisthrayk dngna htye na. digtma sub danna Good luck!

  31. muditha

    thanks wima.comment ekak dagena yannama ona hinda damma.mama film eka pereda download kala.sub eka ada awa.
    elel digatama sub demu aaaa

  32. Anonymous

    Sub ekata thank you.

    Mekanam patta action thiyena animation film ekak. 2021 Di ena film eka balanakan iwasillak na. Monada meka e tharama Tama supiri.

  33. TNB

    Thanx For the letter & Sub brooo

  34. Chathura Amurthaweera

    Bro description ekata Jade wath add karanna. Eya edenian

  35. Anonymous

    godak sthuthi upasirasa dunnata

  36. Ravindu Rukshan

    තැන්ක්ස්

  37. isuru srinath sjs

    මරු .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!

  38. Sandeepmadushan

    Sub eka supiri..elah..

  39. Sajithlakshan

    thanks ...........................

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Shehan

    සබට තෑන්ක්ස් සහෝ❤️

  42. Amila Mudalige

    Sub ekata Thanks

  43. Pathum Winchester

    කාලෙකින් බලපු සුපිරිම ඇනිමේශන් එකක්, මේ වගේම ඇනිමේශන් සීරීස් එකක් ආවොත් සුපිරියි, සබ් එකට තෑන්ක්ස් අහ්හ්

  44. Anonymous

    ස්තුතියි සහෝ ...

  45. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  46. Supun Preemal

    ලිපියට සහ උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  47. Shehan putha

    ස්තුතියි විමා...

  48. Anonymous

    ෆිල්ම් එකට සබ්ටයිටල් එකත් හදලා ඒක ගැන විස්තරයකුත් කරලා කරලා.
    මේ නම් මිනිස්සු වෙන්න බෑ
    බෑ
    අනිවාර්යයෙන්ම දෙවිවරු වෙන්නම ඕන.
    අන්න ඒ කැපකිරීමට හිසනමා නමා ආචාර සමාචාර කරනවා සහෝදරයා.
    සුභ පැතුම්

  49. Anonymous

    tz sub ekata....

  50. Dewadithya

    Thanks for sub!

Load more comments