Watch Trailer

Justice (2017) with Sinhala Subtitles | භීෂණයට එරෙහිව…! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් ටික කාලෙකට පස්සෙ ඔයාලට තවත් වෙනස්ම විදිහෙ කතාවක් රැගත් සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2017 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 22 Newport Beach International Film Festivalහි දීයි. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ…

හොඳයි එහෙනම් ටික කාලෙකට පස්සෙ ඔයාලට තවත් වෙනස්ම විදිහෙ කතාවක් රැගත් සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2017 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 22 Newport Beach International Film Festivalහි දීයි. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 15. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Call of the Wild (2009), InSight (2011) සහ The Wrong Woman (2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Richard Gabai නම් අධ්‍යක්ෂකවරයා විසින්. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ John Lewis, Shawn Justice, D.C. Rahe සහ Jeff Seats යන අය විසිනුයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගන දායකත්වය ලබාදෙන්නෙ True Blood රූපවාහිනී කතාමාලාවේ James ලෙසත්, The Originals කතාමාලාවේ Jackson Kenner ලෙසත් චරිත නිරූපණය කළ Nathan Parson සහ Twilight (2008), The Twilight Saga: Eclipse (2010) සහ The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) යන චිත්‍රපට ත්‍රිත්වයේ Jasper Hale ලෙසත් මෑතකදී විකාශය වූ The Last Ship සිව්වැනි කතාමාලාවේදී Giorgio ලෙසත් රංගනයෙන් දායක වූ Jackson Rathbo විසිනුයි. සෙස චරිත සඳහා Jamie-Lynn Sigler,Stephen Lang,John Lewis සහ Ellen Hollman යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. මෙක්සිකෝවේ Santa Fe හිදී රූගතකිරීම් සිදු කළ මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Chasing Butterflies Pictures, Splash House Pictures සහ Check Entertainment යන සමාගම් මඟිනුයි. Universal Pictures සමාගම මඟින් ලොව පුරා බෙදාහැරීම සිදුකළ මේ සලරුවට ලැබිල තියෙන්නෙ නම් 4.1/10ක ටිකක් අඩු මට්ටමේ IMDb අගයක්.

මිනිත්තු 92ක් පුරාවට ගලා යන මේ සලරුවේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ තියෙන්නෙ 1861-1865 අතර කාලවකවානුව තුළ සිදුවූ ඇමෙරිකානු සිවිල් යුද්ධය ට පසු කාලවනවානුවකදී ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ කුඩා නගරයක ඇතිවන දරුණු සිදුවීම් දාමයක් පිළිබඳවයි. ඉතින් කතාව ගැන කෙටියෙන් කියනව නම්, සිවිල් යුද්ධයට කලින් වහල් වෙළඳාමෙන් තමන්ගෙ සාක්කු පුරෝගත්තු දාමරිකයෙක් වුණි පියර්ස් කියන හාදයා යුද්ධය ඉවරවුණාට පස්සෙ තවත් මැර කණ්ඩායමක් එකතුකරගෙන මේ කියන පොඩි ටවුමට ඇවිත් බලහත්කාරයෙන් නගරාධිපතිකම අරගන්නවා. පියර්ස්ගෙ සේරම යටිකූට්ටු වැඩවලට උදව් කරන්නෙ පියර්ස්ගෙ දකුණු අත වගේ ඉන්න රෙබ් කියන මැරයා. කලින් සාමකාමී ටවුමක් විදිහට තිබුණු මේ ප්‍රදේශය මැරවරයින්ගේ පාලනයට නතු වුණාට පස්සෙ දූෂණය, භීෂණය වගෙම නොයෙක් ආකාරයේ නීති විරෝධී වැඩ වලට තෝතැන්නක් බවට පත්වෙනවා. ඉතින් මිනිස්සුන්ට සිද්දවෙන අකටයුතුකම් ඉවසන්න බැරිම තැන ටවුමෙ පල්ලියේ දේවගැති තෝමස් මැකෝඩ් මේ භීෂණයට එරෙහිව නැඟී සිටිනවා. ඒත් ටික කාලයක් යද්දි ධාර්මික විදිහට මේ භීෂණය නවත්තන්න බැරි බව දැනගත්තු දේවගැති තුමා එයාගෙ අයියගෙන්, ඒ කියන්නෙ ජේම්ස් මැකෝඩ් ගෙන් උදව් ඉල්ලලා පණිවිඩයක් යවනවා. මේ ජේම්ස් මැකෝඩ් කියන හාදයා නම් ධාර්මික හාදයෙක් නෙවෙයි. එයා ඇමෙරිකානු මාෂල් කෙනෙක්. ඔය අතරෙ දේවගැතිතුමා නගරාධිපතිට විරුද්ධව වැඩ කරනවා කියල දැනගත්තු රෙබ් ඇවිත් දේවගැතිතුමාව මරල, පල්ලියත් ගිණිතියල දානවා. ඉතින් තමන්ගෙ සහෝදරයගෙ උදව්වට එන ජේම්ස් මැකෝඩ් තමන්ගෙ මල්ලිව පණපිටින් පුච්චලා මරපු බව දැනගත්තම මොනව කරයිද… සියල්ල නරඹන ඔබට බාරයි.

“සමහර වෙලාවට මට තේරෙනවා
බරපතළ වැරදි වලට ගන්න ඕනි මොනවගේ ක්‍රියාමාර්ගද කියල”
– තෝමස් මැකෝඩ්.

.

~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

Justice (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,993 downloadsDownload Justice-2017.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,993 downloadsDownload Subtitles42 KB

22 comments

  1. දමිත්

    ස්තුතියි ඉසුරු සම්පත් සිරිසේන සහෝ සබට.
    ජයෙන් ජය.

  2. thisan

    thx bro

  3. දිල්ශාන් සචින්ත

    එල එල...

  4. අසිත

    elama saho thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  7. pasindu

    සුපිරි machan

  8. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  9. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!

  10. Krishan Madusanka

    ela ela biscop set eka me dawas tike hd film walata subtitle dunna thanks

  11. widuranga

    elamaaaaa

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dulanga

    Thanks

  15. සදෙව් බණ්ඩාර

    ස්තූතියි උපසිරැසියට..

  16. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  17. Lushan Kuruppu

    thanks Bro! Keep it on!

  18. Bobby

    Thank you very much

  19. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  20. Nishan Fernando

    Thanx bro

  21. Pasan

    Thankz bro...

  22. Udaya Fdo

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.