ඔන්න එහෙනම් වැඩි කල් නොබලම තවත් අලුත් ඕස්ට්‍රේලියානු හොල්මන් සලරුවකට උපසිරස එක්කාසු කරන්නට හැකි වුණා. මේක හොල්මන් චිත්‍රපටි නරඹන, හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂකයින් සියළු දෙනාටම ඉතාමත් වෙනස් ගණයේ අත්දැකීමක් වේවි. මම මුලින්ම චිත්‍රපටිය කියලම වැඩේ පටන්ගන්නම්කෝ. චිත්‍රපටියේ නම The babadook (ද…
ඔන්න එහෙනම් වැඩි කල් නොබලම තවත් අලුත් ඕස්ට්‍රේලියානු හොල්මන් සලරුවකට උපසිරස එක්කාසු කරන්නට හැකි වුණා. මේක හොල්මන් චිත්‍රපටි නරඹන, හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂකයින් සියළු දෙනාටම ඉතාමත් වෙනස් ගණයේ අත්දැකීමක් වේවි. මම මුලින්ම චිත්‍රපටිය කියලම වැඩේ පටන්ගන්නම්කෝ.
චිත්‍රපටියේ නම The babadook (ද බාබාඩුක්) කියලා ඔයාලා දන්නවනේ. මුළු චිත්‍රපටියම දිවෙන්නේ එක්තරා අත්භූත ගණයේ පොතක් එක්ක. ඒ පොතේ නම The babadook. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවණ, ඇමෙලියා කියන්නේ මවක්. සැමුවෙල් කියන්නේ ඒ මවගේ ළමයාට. සැමුවෙල්ගේ තාත්තා භයාණක රිය අනතුරකින් මරණයට පත්වෙලයි ඉන්නේ. ගෙදර තනිවෙලා ඉන්නේ මේ පුංචි පුතයි අම්මයි දෙන්නා විතරයි. දවසක් රෑක, අම්මා තම ගෙදර තිබුණු පොතක් අරගෙන මේ පුංචි පුතා සැමුවෙල්ට කියවනවා. ඒ පොත මම කලින් සඳහන් කළ The babadook. පොත පෙරලන පෙරලන පිටුවක් පාසා තියෙන්නේ, දරුණු ගණයේ රූප. මේ රූප දැකලා පුංචි සැමුවෙල් බය වෙනවා. ඒ දවසේ ඉඳන් සැමුවෙල් පිස්සුවෙන් වගේ විකාර දොඩවන්න පටන්ගන්නවා. සැමුවෙල් හිතන්නේ බාබාඩුක් නමින් හදුන්වන අර පොතේ හිටපු රාක්ෂයා තමුන් සහ තමුන්ගේ මව බිලි ගැනීම සදහා පැමිණෙන බවයි… මම වැඩිපුර කියන්න යන්නේ නැහැ. චිත්‍රපටියේ ඉතිරි පෙළගැස්ම බාර ඔබටයි. අපි දැන් බලමු මේකේ වටාපිටාව දිහා.
“The babadook (ද බාබාඩුක්) කියන්නේ ඕස්ට්‍රේලියානු හොල්මන් සිනමා සිත්තමක්. මෙහි IMDb අගය ගැන කතා කලොත් 7.0ක් ද, Rotten Tomatoes හි විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරය 97% (දළ වශයෙන් 8.0ක්) ද ඒ වාගේම, Metacritic රේටිංස් 86ක් ද වශයෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් බාබිඩුක් සිනමා සිත්තමට හිමිවී තිබීම විශේෂයක්. සාමාන්‍යයෙන් IMDb හි හොල්මන් චිත්‍රපටයකට ඉතා ලේසියෙන් රේටින්ග්ස් ගන්න බැරි බව ඔයගොල්ලො හැමෝම දන්නවානේ. එහෙම තිබුණත් තියෙන්නේ, හොල්මන් චිත්‍රපටි අතළොස්සක් විතරයි. ලෝකයේ දස අත සිටින හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂක ජනතාවගේ ඉහළම ජනාදරයක් මෙන්ම ඉහළම ගෞරවයක් මෙම චිත්‍රපටිය සඳහා ලබා දී තිබෙන බව කිව යුතුයි. චිත්‍රපටය අන්තර්ජාලයේ දැක්වෙන හැටියට සිනමා සම්මාන උළෙලයන් 8කදී ඉතා විශිෂ්ඨ ලෙස මෙම චිත්‍රපටිය නිර්දේශගත වී තිබෙනවා. Austin Fantastic Fest සිනමා උළලේ දී මෙන්ම සහ තවත් සිනමා උළෙලයන් 6 කදී මෙහි අධ්‍යක්ෂක මෙන්ම තිර රචනා කාරිනිය වන Jennifer Kent ඉහළම අධ්‍යක්ෂක/තිර රචක සම්මාන වලින්ද පිදුම් ලැබී ඇති බව කිව යුතු කරුණක්. මුළු චිත්‍රපටයම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5ක් ගණන් බලා තිබෙන අතර, ඇමෙරිකානු ඩොලර් 3,917,000ක් මේ වන විට උපයා අවසන්.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම තිර රචනා කරන්නේ ඉහතදී පැවසූ පරිදි Jennifer Kent විසින්. මේ චිත්‍රපටිය දිවෙන්නේ Jennifer Kent විසින්ම 2005 දී නිර්මාණය කළ “Monster” යන කෙටි චිත්‍රපටයේ අනුසාරයෙන්. ඒ වගේම චිත්‍රපටය තුළදී, Essie Davis ඇමලියා ලෙසත්, Noah Wiseman සැමුවෙල් ලෙසත් ඉතා විශිෂ්ඨ රංගනයකින් දායක වී ඇති බව කිව යුතුමයි. “
“If it’s in a word,
Or
It’s in a look,
You can’t get rid of…”
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
a41d63a0d16db9fc8f07642416b9e78cd08407d21.27 GB (BR) කොපිය මෙතනින් බාගන්න
5421ac9b999a41e7970c8e9a2f51452cdb5b44ca ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,512 downloadsDownload The-Babadook-2014.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
39 comments
නලින්
shashika
plz help karanna meke page eka aulne....
මාලින්
සබට තෑන්ක්ස්, බට් - 700mb එක ගන්න බෑනෙ මල්ලි
#YasmikaSH
කිසිම ප්‍රශ්ණයක් නැහැ සහෝ. බාගන්න පුළුවන්..
මාලින්
Try කළා, බෑ, “Firefox can't establish a connection to the server at 182.79.237.182“ Massage එකක් එනවා..මං හිතන්නෙ මගෙ Machine එකේ හරි Network එකේ හරි Fault එකක් වෙන්න ඇති. Sorry මල්ලි.
shashika
aiyo 182.79.237 kiyala watenawa mokada karanne???page eka penne nane...
madusanka jayasooriya
පටිට මචන් ෙමිකට සබි ෙදනකමි බලාෙගන හිටිෙය්.තැන්කු
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මම මේ ලිපිය කියවන්න කියලත් ආවේ අමුතු මාතෘකාවක් නිසා.
පේන විදියට නම් හොඳ කතාවක් වගේ.
ඉඩ තියෙන වෙලාවක බාගන්නවා සහෝ.
උපසිරැසියට ස්තුතියි සහෝ.... :)ck
Hungama (2003) hindi film 1ta sinhala sub ekak karannako...
Jack
නියමයි සහෝ.
හොද හොල්මන් කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.DILAN
patta boring machanlaa..math aran baluuwa
#YasmikaSH
ඒ වුණාට කතාවේ හොඳ තේරුමක් තියෙනවා සහෝ :)
DILAN
ekanam attha....
DILAN
sub ekata tnx
ධනු
හොරෝර් කොතනද අපේ යක්මික මලය එතන තමා ඇත්තටම...
හොදා....එල වැඩක්....බාන්න වෙනවා සිරාවටම
බාලම බලමුකො එලද කියල
හොද රෑන්ක් එකකුත් තියෙන්නේ ඔය දලා
ඊගාව එකත් ගේමු (හෝරොර්) ඉක්මනට
ජය!Kulanjana Maduranga
niayamai…thanks YASMIKA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
me
Thanks
අසිත
නියම හොල්මන් ෆිල්ම් එකක්."The Conjuring (2013)" හොල්මන් ෆිල්ම් එක බැලුවට පස්සේ බැලුව මතක හිටින ෆිලුමක් තමා මේක.අමුතු රහක් තියෙන්නේ.බගෙන බලන්න.පාඩුවක් නෑ.
ravindu
මට නම් කියන්න තියෙන්නේ මහම ගොන් horror චිත්‍රපටියක් තමයි මේක ගත යුත2 කිසිම දෙයක් නැ හැබැයි මම ඔයාට දෙන්න එලකිරි චිත්‍රපටි ටිකක් ඔයාට පුලුවන් නම් මෙි චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්නකෝ හැබැයි මෙිවා horror ගනයට වැටෙන එවා හැබැයි ඉතින් මෙිවා එලකිරි කියලා තමයි මල්ලියෝ කියන්න තියෙන්නේ ඔයාට පුලුවන් කමක් තියෙනවා නම් සබ් කරලා දෙන්න. තව තියෙනවා එවා ඉදිරියට දෙන්නම් මේ ටිකෙන් පුලුවන් එකක් දෙකක් හෝ වත් සබ් කරලා දෙනවා නම් ඔයාට ගොඩක් තැන්ක්ස් ඔන්න මම ගියා චිත්‍රපටි ටික පහල අැති අවුරැදු ටිකත් එක්ක
1.the cave(2005)
2.the fog(2005)
3.below(2002)
4.deep rising(1998)
5.rogue(2007)Indika
Mewa holman newei ne...
The fog vitarai holman
Below ekat tikak holman kiyanna puluwan
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Global
ගොඩක් ස්තුතියි යශ්මික සහෝට....!
Dimuthu
Holman filmes nam ela. thank you...
“චූටී මල්ලි”
බාබඩුක් නෙහ්
බලමුකෝ ට්‍රයි එකක් දීලා
බලන්න යස්මික එල
සබට තුති
ඔබට ජය.......dewaka
ela ela.....................
indika
thnq :)
Sanjaya
Patta Kathawa Saho.... Thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොෂාන්
නියම කතාවක් හොදේ , ස්තුතියි උඹට :)
ashan lankanath
thanks
Sandaruwan
thnQu macho! niyama flm eka.............
Arrow T
Thanks
mdarshana1997
Thanx
S.Yapa
Thanks...
Ravinatha
Thank you very much for the Sub!!! :)
Samitha
Thank You So Much !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Babadook (2014) | බ බා-බා ඩුක්.. ඩුක්.. ඩුක්..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/The-Babadook-2014-.jpg)

ස්තුතියි යෂ්මික සහෝ..! මෙක ආපු ගමන් බැවා එත් බැලුවේ නැහැ ...
දැන් ඉතිං සබත් එක්කම බලනවා..
ජය වේවා!