ඔන්න ඉතින් මම සෑහෙන්න කාලෙකට පස්සෙ ඔයාලත් එක්ක ආයෙමත් එකතු වෙන්නයි යන්නෙ. අනේ මන්ද මාව මතකද දන්නෙත් නැහැ. රාජකාරියේ ඇතිවෙච්ච කාර්යබහුලත්වය නිසා මට බයිස්කෝප් ලෝකෙ අහලකටවත් යන්න ලැබුනේ නැහැ. කාලෙකදි දවසට බයිස්කෝප් 6ක් 7ක් බලපු මේ මනුස්සයගෙ ෆන් ජීවිතේට හෙනහුරා පාත් වුනා. බයිස්කෝප් සිංහලෙන් තුලින් ඇතිව…

ඔන්න ඉතින් මම සෑහෙන්න කාලෙකට පස්සෙ ඔයාලත් එක්ක ආයෙමත් එකතු වෙන්නයි යන්නෙ. අනේ මන්ද මාව මතකද දන්නෙත් නැහැ. රාජකාරියේ ඇතිවෙච්ච කාර්යබහුලත්වය නිසා මට බයිස්කෝප් ලෝකෙ අහලකටවත් යන්න ලැබුනේ නැහැ. කාලෙකදි දවසට බයිස්කෝප් 6ක් 7ක් බලපු මේ මනුස්සයගෙ ෆන් ජීවිතේට හෙනහුරා පාත් වුනා. බයිස්කෝප් සිංහලෙන් තුලින් ඇතිවූ මිතුදම් ටිකෙන් ටික ඈත් වුනා. මක්ක කොරෙන්නේ නේද?
ඇස්වහක් කටවහක් නැහැ, දැන් ඒ කාර්යබහුලත්වය ටිකක් අඩු වුනා. ඉගෙනීමේ කටයුතුත් ටිකක් ඉස්ටේබල් වුනා, ජීවිතේට පොඩි වෙනසකුත් සිද්ධ වුනා. 😉
දැන් බයිලා ඇති. අද දවසේ බයිස්කෝප් එකට අවධානය දෙමු. මේක ටිකක් විහිළු තියෙන ආල කතාවක්. දැක්කනේ, ලේසි පහසු නිළියකුත් නෙවෙයි ඉන්නේ, Jeniffer Lopez. පිස්සු හැදෙයි නේ? 😉
කොහොම හරි කතාව කෙටියෙන් මෙහෙමයි. Zoe කියන්නේ තමන්ගෙ ජීවිතයට ලේසියෙන් කෙනෙක්ව ඇතුළු කර ගන්න කෙනෙක් නෙවෙයි. ඇයට හමු වෙච්ච කොල්ලො ගොඩක්ට සිද්ධ වුනේ එයාව මතක් කර කර කොට්ටයක් හපන්න තමා. හික්z.. Zoeගේ මේ ජීවන රටාවට හේතු වුනේ, Zoeගේ සැලසුම්ගත වෙච්ච ජීවිතය. ඇය හැමදෙයක්ම සැලසුම් කරලයි තිබ්බෙ. හැමෝටම ප්‍රශ්නයක් වුනා මෙහෙම ගිහින් Zoeට තනිකඩ ජීවිතයක් හිමිවෙයි කියල. හැබැයි ඒකටත් එයා ලඟ ප්ලෑනක් තිබ්බ. ඒ කෘතීමව දරුවෙක් පිළිසිදුවා ගැනීම. කොහොමෙන් කොහොම හරි Zoeට ඒ වැඩේ සිද්ධ කරන්න වෙනවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩේ දෙල් වෙන්නෙ මෙතනින් පස්සේ. නොහිතපු විදියට Zoeගේ සැලසුම් වල හිටිය සිහින කුමාරය ඇයට හමු වෙනවා. දෙන්න ආලයෙන් බැඳෙනවා. මල කෙලියයි, දැන් Zoeගේ කුසේ දරුවෙකුත් වැඩෙනවා.
Zoe ජීවිතේ අල වගාවක් කර ගනීද? නැතිනම් මල් වගාවක් කර ගනීවිද? බාගෙනම බලමු නේද?
32 comments
roy
ashan kandy
අල.. ද? මල්.. ද?
ගෝලයා
@roy : imdb ශ්‍රේණිගත කිරීමෙන් පමණක් චිත්‍රපටියක් මනින්න එපා. ඒ ශ්‍රේණිගත කිරීමට ලැබූ ඡන්ද සංඛ්‍යාවත් බලපානව සහෝ..
sameera
hik.. hik.. mara wede ne .
ෆා ද බ්ලොගී
තැන්කූ වේවා..! පරක්කු වෙලා හරි ඇවිත් දුන්නේ ලස්සන ෆිල්ම් එකක් නිසා..!
සෑම්
@ ගෝලයා නරකම නැ සහෝ...ඔයාගේ කතාව ඇත්ත..
Dinushka Udara | රොකියා
හප්පේ මේ අපේ ගෝලයා නේන්නම්, අඩේ ජීවිතෙත් ලොකු වෙනසක් උනා කියලා කියුවෙ. උබ කසාද බැන්දවත්ද ?
මොනවා උනත් ෆිල්ම් එක නම් එල. ඒත් J.Lo ගේ රංගනය ගැනනම් මම මේ චිත්‍රපටිය තුල සෑහීමකට පත්වෙන්නෙ නෑ.ඒත් එල කතාව.Chathu
he he he....kalekata passe golayagen lipiyak.....dakinnath asai......:)
chamath
hmmmmmmmmm mat mekta wadiya kamathi na kamak na bagenama balanamko hmmmmmmmmmmmmmm.sory wenna one ehema kiwata.hmmmmmmmm
රොයිලි
අෆ්ෆා මෙන්න ගෝලයා ආපහු ඇවිල්ලා. ආපහු ගෝලයව ගේන්න මහන්සි වෙච්ච හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා :P (දන්නෝ දනිති)
Jennifer Lopez ගේ චිත්‍රපටි වලින් මම බලලා තියෙන්නෙ Shall we dance විතරයි. බලමු මේකත් බාලම. කතාව එල කියල කට්ටිය කියලා තියෙන්නෙ මෙන්න බෑවෝ. (මේක PG13 ද :P )
සරදියල්
වෙල් කම් බැක් සහෝ
උබ නැවත ආපු එක ගැන මට රොම්බ හැපි
ඒ වගේම පහුගිය දවස් ටිකේ මේක කරන් ගිය ගුරා සහ රොයිලිටත්. ඔවුන්ට නොමනා සහයක් දුන්න වාසල සහෝටත් බොහොම පින්. මමනම් මේ ටිකේ ආපහු කැලේ පැනල ඉන්නෙ :p ඒත් ආයෙ ඉකමනටම මේ පැත්තට එන්න බලාගෙන ඉන්නෙ. එහෙනම් හැමෝටම ජයවේවාලංකාවේ ජනප්‍රියම බ්ලොග් අඩවියට ජය..
--
සරාධනංජය
niyamai machan..ela film eka..
හිඟන්නා
හී හී එල බයිස්කෝප් එකක් වගේ , දාගෙනම බලන්න ඕනේ !!
Dar[K]
එලැස් වෙල්කම් බැක් !! මමත් මේක බලලා තියේ කියන්න තරම් වරදක් නම් නෑ
thusithadm
pothe gura koooo...
champike
mama mek giya irida baluwa. maara love story ekak. balanna vatinawa.
Ansh Lucky Sri Jay
aniwa, baanna oney meka nam..
:)Anonymous
This movie was so bad I made a point of looking up who directed it, because if this movie actually turns a profit, it just shows you with proper advertising and a celebrity you truly can make money out of garbage.
ගිශාන්
ගෝලයා අයියා ගොඩ කාලෙකින් ඇවිල්ලා, Welcome back, ෆිල්ම් එකට තැන්කූ වේවා.ඒක බාන ලිස්ට් එකට දැම්මා. අල ද, මල් ද, කියලා බලලා කියන්නම්.
අකිල ප්‍රනාන්දු
:P මමත් ඔය කතාවම එව්වා .පට්ට Story ලයින් 1ක් තියෙන්නේ.හැබැයි මේ චිත්‍රපටිය තුල J.Lo ගේ රංගනය ගැනනම් මමත් සෑහීමකට පත්වෙන්නෙ නෑ :(.එයාට ඕක තව හොදට කරන්න තිබ්බා:(.නියමයි සහෝ !:)
විදුර ඉමේෂ්
WELL COME BACK ගෝලයා අයියා!!බාන්න හිතුනා කියපු විදියට :D . ඔන්න මම බානවො
ගයන්ත
බානෝ.. තැංකූ වේවා..!!
Uraj Deemantha
පට්ට කතාවක් වගේ... :) බාලම බලමු... :D
ගෝල සහෝදරයත් ජීවිතේට නව වෙනසක් වුනා කිවුවේ.... අමාරුවේවත් වැටුනද ගෑණු පරාණයකට.... :P
හෆොයි..... :D
Buva No1
Zoe පිස්සුවක් කෙලගනීද....???
බලන්නම වෙනව......
Thnx මචන් බයිස්කොප් එකට.......සමන් කලුබෝවිල
ela...ela.....aniwaa banawa....nethnam golaya pawneeeeeeeeeeeeee..... thankx....
Ramraj
අප්පේ මේ ජෙනිපර් නංගිනේ. බලන්න වෙනවා.
Sha
i watched this movie.. a nice 1.. thank u very much,
Hasith
Ko Bro Sub1?
Kohenda Eka ganne? Help!rocky
thnx
jayashankaha555
sub aka gnne kohenda
THisara nuwan
Sub eka ganne kohomada
Kaushalya
Ey me Jenifer Lopez inna kisima move 1kakata subtitles netted? Kauru hari hadannako
The backup plan
Second act
Wedding planner
Hunters
Marry me
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
film eka nam chater. IMDB 4.