Watch Trailer

The Banker (2020) Sinhala Subtitles | කළු ජාතිකයන් වෙනුවෙන් හඩ නැගූ බැංකුකරු. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ, ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වූ සත්‍ය කතාවක් ආශ්‍රිතයෙන් නිර්මාණය කළ The Banker චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.ඔයාල දන්නවනෙ ඉතින් ඇමෙරිකාවේ තියෙන කළු සුදු භේදය.ඉතින් අද කාලේ ඕක එච්චරටම ගනන් ගත්තෙ නැතත් විටින් විට ඇමෙරිකාවෙන් අදටත් කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන්…

කොහොමද යාලුවනේ, ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වූ සත්‍ය කතාවක් ආශ්‍රිතයෙන් නිර්මාණය කළ The Banker චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.ඔයාල දන්නවනෙ ඉතින් ඇමෙරිකාවේ තියෙන කළු සුදු භේදය.ඉතින් අද කාලේ ඕක එච්චරටම ගනන් ගත්තෙ නැතත් විටින් විට ඇමෙරිකාවෙන් අදටත් කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර ගැටුම් ඇතිවෙනවා අපි දැකලා තියෙනවා.ඒකට හොදම උදාහරණය මේ මෑත කාලයේ පොලිස් නිලධාරියෙක් විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමේ සිද්ධිය.නමුත් 1960 වර්ෂය වන විට මේ තත්වය දැනට වඩා දරුණුයි.ඒ කියන්නෙ කළු ජාතිකයින්ට බෙහෙවින් සමාජයෙන් කොන් වෙලා තමයි ඉන්න වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ පුරවැසියෙක් විදියට ලබන්න පුලුවන් සියලුම අයිතිවාසිකම් වගේ මේ කළු ජාතිකයින්ට ලැබෙන්නෙ නෑ.

  • නිවාස මිලදී ගන්න බෑ.
  • ව්‍යාපාර පටන් ගන්න බෑ.
  • බැංකුවකින් ණයක් ගන්න බෑ.

ඒ මං කිව්වේ ඒවායින් ටිකක්.ඉතින් ඔහොම සමාජයක තමයි මේ අපේ බෙනාර්ඩ් ගැරෙට් කියන පුද්ගලයා උපත ලබන්නෙ.එයාට අවශ්‍ය වෙන්නෙ ව්‍යාපාරයක් කිරීම තුළින් පෝසතෙකු වන්න ඒ කියන්නෙ සල්ලි හොයන්න.නමුත් සමාජය ඒකට ඉඩ දෙන්නෙ නෑ.ඉතින් මේ බෙනාර්ඩ් ගැරෙට් තමන්ගේ ඉලක්කය සපුරාගන්නෙ කොහොමද? සමාජයේ පවතින විශමතාවය නිවැරදි කරන්නෙ කොහොමද? කියන මේ කරුණු පදනම් කොටගෙන George Nolfi ගේ අධ්‍යක්ෂණයෙන් Anthony Mackie,Nicolas Hoult,Nia Long යන නළු නිලියන්ගේ රංගන දායකත්වය සමඟින් IMDB දර්ශකයේ 7.3 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 76% ක අගයක් ලැබූ මේ The Banker චිත්‍රපටය 2020 වර්ෂයේ මාර්තු 6 වෙනිදා ලොවට නිකුත් වෙනවා.Apple tv+ ආයතනය බෙදාහැරීමෙන් දායකත්වය ලබාදෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 120ක්.ඇමෙරිකාවේ බැංකුකරණ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලපු මේ බෙනාර්ඩ් ගැරෙට් මහතාගේ කතාව බලමු එහෙනම්.😊

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,729 downloadsDownload The-Banker-2020.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,729 downloadsDownload Subtitles63 KB

9 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. PahasaraDv

    Thankz 4 sub....

  7. Tharindu07

    Thanks for sub....!!!

  8. Anonymous

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතිියි

  9. Anonymous

    Thanx for the sub bro️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.