බයිස්කෝප් හිතවතුනි හිතවතියනි, අද මම ඔයාල වෙනුවෙන් ගෙනාවෙ The Priest Aka Pop නම් රුසියානු සිනමාපටයයි. පුරා පැය දෙකකට වැඩිය කාලයක් තුල ධාවනය වෙන මේ සිනමාපටය Drama, History, War කාණ්ඩවලට අයත්වෙනවා, Vladimir Khotinenko විසින් අධ්‍යක්ෂණය කල මේ සිනමාපටයට Sergey Makovetskiy, Nina Usatova, Elizaveta Arzama…

බයිස්කෝප් හිතවතුනි හිතවතියනි, අද මම ඔයාල වෙනුවෙන් ගෙනාවෙ The Priest Aka Pop නම් රුසියානු සිනමාපටයයි. පුරා පැය දෙකකට වැඩිය කාලයක් තුල ධාවනය වෙන මේ සිනමාපටය Drama, History, War කාණ්ඩවලට අයත්වෙනවා, Vladimir Khotinenko විසින් අධ්‍යක්ෂණය කල මේ සිනමාපටයට Sergey Makovetskiy, Nina Usatova, Elizaveta Arzamasova ඇතුලු තව බොහෝ දක්ෂ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායකවෙනවා, Golden Eagle Awards සම්මාන උලලේදි සම්මාන ලබාගත් මේ සිනමාපටයෙ රංගනය ගැන බොහෝ දෙනෙක් ප්‍රසංශා මුඛයෙන් කතාකරනවා, සාමාන්‍ය යුධ චිත්‍රපටියකට වඩා එහා ගිහින් යුද්ධයේ ඇති භයානක බව මැනවින් ප්‍රදර්ශනය කරන්න මේ සිනමාපටයට හැකිවෙලා තියෙනවා, ගොඩක් නාට්‍යමය ස්වරූපයෙන් ගමන්කරන මේ චිත්‍රපටයෙ සටන් දර්ශන කිසිවක් නොමැතිවීම විශේෂත්වයක් හැටියට හඳුනගන්න පුලුවන්.
දෙවන ලෝක යුද්ධෙ කාලෙ වෙනකොට ඇලෙක්සැන්ඩර් පියතුමා, ඉතා කුඩා ගම්මානයක පල්ලියක දේව මෙහෙයුම් සිදුකරමින් ඉන්නවා, මේ කාලෙ වෙනකොට ජර්මානුවන් රුසියාවෙ සමහර ප්‍රදේශ අල්ලාගෙන සිටි අතර ඇලෙක්සැන්ඩර් පියතුමාටද ජර්මන් පාලනය පවතින ප්‍රදේශයක පල්ලියක් සූදානම් කරන්න සිද්දවෙනවා, ආගම්විරෝධී ස්වරූපයක් ගත් සෝවියට් පාලනයත් ජාතිවාදය මත්තේ ගමන්කොට ම්ලේඡ්චයන් බවට පත්වූ ජර්මන් හමුදාවත් සමග ඇලෙක්සැන්ඩර් පියතුමාට ගනුදෙනු කරන්න වෙනවා, එහිදි විවිධ ගැටලුවලට ප්‍රශ්නවලට මූන දෙන ඔහු තමන්ගෙ ජීවිතය ගැන නොහිතා කටයුතු අවස්ථා කීපයක්ම දැකගන්න ලැබෙනවා, සිනමාපටය තුල ඉතා ආකර්ෂණීය තිර පිටපත දක්ෂ රංගනයෙන් ආලෝකමත්වෙලා තියෙනව, වෙනද වගෙම ඉඩක් වෙන්කරදීම වෙනුවෙන් බයිස්කෝප් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන අතර මා මෙතෙක් කලක් උපසිරසි නිර්මාණය කල චිත්‍රපට නැරඹූ ඔබවත් සිහිපත් කරනවා, ඔබ සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
1,736 downloadsDownload The-Priest-2009-Aka-Pop.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
7 comments
Kantha_DLA
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
lol
මේ චිත්‍රපටියට ඔයාලට baiscopedownloads (.) co වෙතින් බාගන්න පුලුවන්
කවිඳු ජයවර්ධන
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.දිගටම මේ වගේ movies වලට සබ් දෙන්න..!!!ඔබට ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Palmer (2021)