ආයුබෝවන්! මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්වන උපසිරසි නිර්මාණය” යි. මුලින්ම මෙහි පාලක මඬුල්ලේ “රොයිලි සහෝදරයා” ප්‍රමුඛ මෙහි ක්‍රියාකාරිත්වයේ යෙදෙන සියලු සොයුරු සොයුරියන්ට මාගේ ස්තුතිය පුද කරන්නෙමි! එසේම පාලක මඬුල්ලේ “අසංක රණතුංග” සොයුරා මට පළමුවෙන්ම උපසිරසි කරණය සඳහා ඉතාමත් වටි…

ආයුබෝවන්! මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්වන උපසිරසි නිර්මාණය” යි. මුලින්ම මෙහි පාලක මඬුල්ලේ “රොයිලි සහෝදරයා” ප්‍රමුඛ මෙහි ක්‍රියාකාරිත්වයේ යෙදෙන සියලු සොයුරු සොයුරියන්ට මාගේ ස්තුතිය පුද කරන්නෙමි! එසේම පාලක මඬුල්ලේ “අසංක රණතුංග” සොයුරා මට පළමුවෙන්ම උපසිරසි කරණය සඳහා ඉතාමත් වටිනා උපදෙස් දුන් ප්‍රධානතමයා වන අතර මා විසින් යෝජනා කළ බොහෝ පැරණි ඉංග්‍රීසි සිනමාපට විශාල ප්‍රමාණයකට ඔහුගේ කැපවීමෙන් මෙම වෙබ් එකට උපසිරසි නිර්මාණය කර ලබා දීම පිළිබඳවද ඔහුට තවත් සුවිශේෂී ප්‍රණාමයක් පිරිනැමිය යුතුයි. එසේම සබ් කිරීමේදී ප්‍රයෝජනයට ගන්න මෘදුකාංග බොහොමයක්ද ඔහු මට ලබාදීමට කටයුතු කළා. “එවන් අය” මෙම වෙබ් එකට මහත් වටිනාකමක් එක් කරනවා. එමෙන්ම පාලක මඬුල්ලේ “සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)” සොයුරාද මේ සදහා වර්තමානයේ මට බොහෝ උපකාර කරනා කෙනෙක්, ඔහුටද මාගේ සුවිශේෂී ස්තුතිය පුද කරනවා.
එසේම මෙම වෙබ් එකට දැනට කලාත්මක ඉංග්‍රීසි සිනමාපට සඳහා උපසිරසි ලබාදෙන “රොෂාන් ශමීර ජයසිංහ” සොයුරා සහ 1990 දශකයේ හින්දි සිනමාපට බොහොමයකට උපසිරසි ලබාදුන් “දහරා මුතු අමා” සොයුරියටද මාගේ ස්තුතිය පුද කරනවා. ඒ අයගේ උපසිරසි නිර්මාණ මා නරඹන කෙනෙක් හැටියට. එසේම මෙම වෙබ් එකට මීට පෙර උපසිරසි ලබාදුන් බුද්ධික නුවන්, ජේම්ස් ඩී සී, වජිර රත්නායක, තරංග සඳ කැලුම්, බේනුක නිම්හාන් සේනාධීර, කසුන් හර්ෂණ, සිරි ජය යන අය, මා පුද්ගලිකව යෝජනා කළ සිනමාපට බොහොමයක් සඳහා සිංහල උපසිරසි නිර්මාණය කළ අයවලුන් විය. වර්තමානයේ ඔවුන් මේ වෙබ් එකට සබ් දීමෙන් ඉවත්වී සිටීම ඇත්තෙන්ම කනගාටුදායකයි. 2016 වර්ෂයේදී පමණ මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්.
ඒ වගේම, කාන්ත ඩී එල් ඒ, ෂාමල් මනෝජන්, උදය සමන්, කවිඳු, ශසිත් සඳරුවන්, හසිත මධුෂාන්, මයුර, දීඝායු අබේසේකර, සුපුන් කව්ෂල්‍ය, ඉන්දික, ඉසුරු ශ්‍රීනාත් යන අය මා විසින් නිර්මාණය කළ උපසිරසි වෙනුවෙන් මෙහි නිතර අදහස් දෙමින් ස්තුතිය පළ කළ සොයුරන් විය.
මා විසින් පළමුවරට සිංහල උපසිරසි නිර්මාණය කළ “ඇන් ඊවිනින් ඉන් පැරිස්” සිනමාපටයේ සිංහල උපසිරැසිය මෙහි පළ වූයේ 2015 මාර්තු 31 වන දිනයේ දීය. එතැන් සිට මේ දක්වාම එකම ආරයේ, එනම් පැරණි හින්දි සිනමාපට සඳහාම පමණක් මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කළෙමි. මේ එකක් වත් මා විසින් අසා තිබූ ඒවා මිස නරඹා තිබූ ඒවා නොවේ. නමුත් මේවායේ ඇති ජනප්‍රිය භාවය මා අසා තිබුණා. මේ බොහෝ සිනමාපට එකළ කොළඹ “ක්‍රවුන්” වැනි සිනමාශාලාවල දිනපතා 10.30/ 02.30/ 06.30/ 09.30 දර්ශන වාර හතරක් බැගින්, එක් සිනමාපටයක් නොකඩවා දින 1000 ඉක්මවා ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ “හින්දි භාෂාව නොදන්නා සිංහල ජනතාවක්” විසින්. අද වැනි “සිංහල උපසිරසි” ක්‍රමයක් එදා තිබුණා නම් කොහොමද?
අද ඒ සියල්ල කනපිට හැරිලා. පරිඝනක ක්‍රීඩා ආකාරයේ සිනමාපට තමා බිහිවෙන්නේ, කිසිම කලාත්මක භාවයක් නැහැ. නමුත් මම ඒවා නැරඹීම හෙළා දකින්නේ නැහැ ඒ මන්ද රුපවාහිනී චැනල් වලින් ඔලුවට දාලා තියෙන්නේ ඒවාම පමණයි. මෙය විවිධ නව රුචිකත්වයන් තිබෙන යුගයක් නිසා කොහොමත් ඒවාට මුල් තැන ලැබෙනවා.

අද මම “පනස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ මෙම වෙබ් එකේ මගෙන් කීපදෙනෙක්ම සිංහල උපසිරසි ඉල්ලා සිටි එකළ ඉතාමත් ජනප්‍රිය “ජුග් ගයා ආස්මාන්” පැරණි හින්දි සිනමාපටයයි. එහි හින්දි ගී තනුවලට අනුව ජෝතිපාලයන් ගැයූ “සුදු පාට මීදුම් ගලාලා,” “කොයි යන්නේ බඳ නළවාලා” වැනි ගීත අපේ සිංහල ගීතාවලියට එකතු වී තිබෙනවා. මෙය පැරණි හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයක්. රාජේන්ද්‍ර කුමාර්, සහිරා භානු ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයක්.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්”, “දොන්”, “කාලියා”, “ද ග්‍රේට් ගැම්බ්ලර්”, “ෂාහෙන්ශා”,”අමර් අක්බාර් ඇන්ටනි”, “දූල් කා පූල්”, “වික්ටෝරියා 203″, ද ට්‍රේන්” යන පැරණි හින්දි චිත්‍රපට එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුවත් මෙම සිනමාපට පසුගිය කාලයේ රුපවාහිනී නාලිකාවක හෝ ඩීවීඩී තැටියක් ලෙස හෝ ඇහැට දකින්නටවත් නොතිබුණි. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි හින්දි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Jhuk Gaya Aasman {HD} Rajendra Kumar යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස් හයයි, තත්පර තිස්දෙකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!
![]()
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,070 downloadsDownload Jhuk-Gaya-Aasman-1968.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
35 comments
එල්.සී. දමැල්
Uvindu119
උපසිරසි 50 කඩයිමට සුභපතනව
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු...රොෂාන් ශමීර ජයසිංහ
50 වෙනි සිංහල උපසිරසිය... නැත්නම් සිංහල උපසිරසි මහගෙදර පළවෙනි කඩඉම පසු කරන, හැමදාමත් උපසිරසිකරුවන් දිරිගන්වන ප්‍රියන්ත සහෝදරයාට මගේ හදපිරි උණුසුම් සුබ පැතුම්...
සිංහල උපසිරසිය නිර්මාණයට මං ආ දා සිට දැනුම බෙදාගත් නිහතමානී සහෝදරයා,
50 වන උපසිරසියේ ලිපියේ මාවත් මතක් කරමින් සඳහන් කලාට මගේ අවංක ආදර ස්තුතිය පුදකරමි..
තව තවත් සිංහල උපසිරසි නිර්මාණය කරමින් බයිස්කෝප් වෙබ් අඩවිය සරසන්නට අවැසි දිරිය ශක්තිය වාසනාව කාලවේලාව ලැබේවා..
ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..
~ ජය වේවා ~Anonymous
Thanks for subtitle
Sohan Jayasooriya
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා.. පැරණි සිනමා රසිකයෝ වෙනුවෙන් නොසෑහෙන්න කැපවීමක් කරන කෙනෙක.. තව තවත් උපසිරැසි කරන්න හැකියාව, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Udaya saman
පලමු කඩඉමට මාගෙන් සුබ පැතුම් අයියා.ඒ වගේම මාවත් මතක් කරාට ස්තුතියි.පැරණි හිංදි සිනමාවේ උපසිරැසි රජු ඔයයි.ඒ වගේම මාත් ඔබගේ උපසිරසි සහිත චිත්රපට බොහොමයක් නරබා තිබෙනවා.බොහොම ස්තුතියි එවැනි පැරනි හිංදි සිනමා රසවින්දන්නට සැලැස්සුවාට..ඉදිරියටත් මේ කර්තව්‍යය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
yohan
50 weni upasirasiya wenuwen subapethum! hekiyawak thiyenam perani bengali film walatath upasirasi labadenna kiyala illanawa. kipayak denata site eke thiyanawa. me karana sewaya ithama watinawa.. downloads pramanaya adu unata kamak ne. balana tika denata bohoma watinawa.
දහරා මුතු අමා
පලවෙනි කඩයිම ට උණුසුම් සුබ පැතුම් අයියෙ. ඒ වගේම මාවත් මතක් කලාට බොහොම ස්තූතියි. ඔයා දීපු සබ් ඔක්කොම ගොඩක් ඒවා බලල තියෙනවා. බොහොම ස්තූතියි ඒ කාලෙ ගිය ලස්සනම චිත්‍රපටි ටිකක් අපිට බලන්න සැලැස්වුවට. ඉතිරි කඩයිම් පහු කරන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. එක පාරක් නම් බැලුවා සබ් නැතුවම. ආයෙ පාරක් බලමු ඉතින්. කෝන් හේ ජෝ සප්නෝමේ ආයා... කොහොම අමතක කරන්නද? බොහොම ස්තූතියි උපසිරැසියට
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට පලමු කඩඉමටත් සුබ පැතුම්.....
ඇත්තටම ගොඩක් අය පරණ ෆිල්ම්වවට සබ් දෙද්දි අපෝ මේ මොනාද ඊයා කියල පවා කමෙන්ට් දාලා තිබ්බ ඒත් ඒ අදහස් නිසා පරණ ෆිල්ම්වලට සබ් කරන එක අතාරින්නෙ නැතුව පරණ ෆිල්ම් රසවිඳින්න මෙහෙම සබ් කරන එක ගොඩක් වටිනවා ගොඩක් අය පරණ ෆිල්ම්වලට සබ් කරනවත් අඩුයි ඩවුන්ලෝඩ්ස්, කමෙන්ට්ස් අඩු නිසා.... රොෂාන් ශමීර එහෙම 1950ගනන්වල ඉංග්‍රීසි ෆිල්ම්වලට පවා සබ් කරා ඒත් එයත් දැන් සබ් කරන එකෙන් අයින් වෙලාද මන්දා හුඟ දවසකින් එයගෙ සබ් එකක් සයිට් එකේ දැක්කෙ නෑ..... ලිපියෙ මගෙ නමත් සඳහන් කරාට තෑන්ක්ස් ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවානිර්මාල් විමුක්ති
පනස්වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් එක්කරනවා....
මේ කරන උපසිරසිකරණය ඉදිරියටත් කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....-චානක ඉඳුනිල්-
congratulations for 50th subtitle!
also thanks for subtitleKantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Ek Phool Do Mali (1969)Shamal manojan
50 වෙනි උපසිරැසියට වන ප්‍රියන්ත සහෝගේ පළමු කඩයිමට මාගේ උණුසුම් සුභ පැතුම්. ඔබේ මේ උපසිරැසි සියල්ල සුවිශේෂී වන්නේ උපසිරැසි 50 ම tv series එකතු නොවුනු දුර්ලභ සිනමා නිර්මාණ 50 ක් වීම නිසයි. ඇත්තටම ඔබ බයිස්කෝප් අඩවියට ඉතා වටිනා කෙනෙක් කියා මා සිතනවා.
ඔබේ මේ සිනමා කෘති 50 ම මා නරඹා නෑ. අතරින් පතර කැමති ඒවා පමණයි බැලුවේ. මා පැරණි හින්දි චිත්‍රපට වලට වඩා පැරණි ඉංග්‍රීසි චිත්‍රපට වලට කැමති කෙනෙක්. බයිස්කෝප් අඩවියෙහි මා නොබලපු පැරණි ඉංග්‍රීසි චිත්‍රපටයක් නොමැති තරම්. ඔබ විසින් ලබාදුන් The Cassandra Crossing 1976 හා Bicycle Thieves 1948 යන චිත්‍රපට මා ඉතා අගය කරනවා, ඔබ විසින් ලබාදෙන ලද මා කැමතිම අමිතාබ් බච්චන් ගේ චිත්‍රපට වලටත් වඩා මා ඉහත කී චිත්‍රපට දෙක ප්‍රිය කරනවා.
ඔබට පුලුවන් ආකාරයට උපසිරැසි 51 සිට 100 දක්වා යන ගමෙනේදී පැරණි ඉංග්‍රීසි චිත්‍රපට දෙකක් නොව වැඩි වැඩියෙන් උපසිරැසි කරන ලෙස ඉල්ලමි. නැතහොත් ඔබ ලිපියේ සදහන් කල ආකාරයට ඔබ සිතන වටිනා දුර්ලභ පැරණි ඉංග්‍රීසි චිත්‍රපට ඇත්නම් ඒවා වෙනත් අය ලවා හෝ උපසිරැසි කරවන්නේ නම් බෙහෙවින් ස්තූති වන්ත වෙමි.
kavindu
50 වැනි උපසිරැසියට මගේ උණුසුම් සුබ පැතුම්..පැරණි හින්දි චිත්‍රපටි නියම විදියට රස විදින්න වසර ගනණාවක ඉඳලා ප්‍රියන්ත සහෝදරයා ලබාදෙන උපකාරය ඉතාම වටිනවා.ඔබගේ මේ වෑයම නොවන්නට අනර්ඝ පැර්ණි හින්දි චිත්‍රපටි බොහෝමයක් මඟ හැරී යාමට ඉඩ තිබුනා..
ඔයාලගේ මහන්සිය හා උත්සාහය මෙන්ම අපි වෙනුවෙන් කැප කරපු කාලය නිසා තමයි Baiscope Site එක අද මේ වගේ තැනක තියෙන්නේ..
උපසිරැසි කරලා දහස් ගානක් මිනිස්සු සතුටු කරන මේ පිනම ඇති අයියට කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න.ඉදිරියටත් ගුණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමට අවශ්‍ය හැකියාව,ශක්තිය,ධෛර්යය,වාසනාව හා කාලය වැඩි වැඩියෙන් ලැබේවා!!
ජය වේවා!!!!Upali Marasinghe
Pl add padosan hindi movie alsp. Thanks for the sub titlea
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
මයුර
පලවෙනි කඩයිමට සුබ පතනවා අයියේ.
බයිස්කෝප් අපිට ඉන්න ලොකුම වත්කමක් ඔයා.
මේ මෙහෙවර මෙතනින් නොනවත්වා දිගටම කරගෙන යන්න අවශ්‍ය
ශක්තිය ප්‍රාර්ථනා කරනවා.
බොහොමත්ම තුති!Anonymous
50 වෙනි උපසිරසිය වුනාට comment 18යි
එකෙනුත් 95/100ක් විතර උපසිරසිකරුවන්ගෙම comment
ඒ නිසා බහුතරයක් බලන් ෆිල්ම් එකකට sub දුන්නනම් හොද නැද්ද???(යෝජනාවක් පමනි)Priyantha Dayakeerthi
Anonymous (නිර්නාමික) රසිකයා හා සමාන අදහස් දරන අය වෙත,
දහස් ගණනක් සාමාජිකයින් සිටින "පැරණි හින්දි චිත්‍රපට සංගමය" යනුවෙන් රසික එකමුතුවක් මේ රටේ තිබෙනවා, මම මේ උපසිරසි සකස් කරන්නේ ඒ අය වෙනුවෙන්, එහිදී මෙම උපසිරැසිය සහිත ඩී වී ඩී දහස් ගණනක් ඒ අය අතර බෙදී යනවා. එය කරන්නට ප්‍රධාන වන කෙනෙක්ද සිටිනවා. ඉතිං මම එයින් උපසිරසි කීපයක් වරින් වර මේ වෙබ් එකට දානවා, කැමති කෙනෙකුට පමණක් අවශ්‍ය නම් නරඹන්නට.
ඔබ වැනි අදහස් දරණ අයට තමා ටී වී චැනල් ගණනාවක සහ මෙම වෙබ් එකෙත් දිනපතා වැහි වැහලා වගේ අලුත් ෆිල්ම් යන්නේ, ඒ නිසා ඔබේ මව,පියා, මාමා, නැන්දා, සීයා, ආචිචිලටත් මේ කලාව රස විඳින්න ඕනනේ. ඒ නිසා මට එකඟ වෙන්නට නොහැකි ඔබේ මේ යෝජනාවට ස්තුතියි!
W T Ajith
ඔබේ උපසිරසි සහිතව නැරඹුවා, හොඳ සිනමාපටයක්. ස්තුතියි! හැකිනම් Guddi- 1971 හින්දි සිනමාපටයට උපසිරසි ලබාදෙන්න.
James DC
50 වෙනි උපසිරසියට සුභ පතනවා.
දිගටම උපසිරස නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!hasitha jayasingha
පලමු කඩයිමට උණුසුන් සුභ පැතුම්.ඔබ විසින් ලබා දුන් උපසිරැසි කිහිපයක් මමත් බලලා තියෙනවා..ඉදිරියටත් පැරණි චිත්‍රරපටි වලට උපසිරැසි ලබා දෙන්න..
Anonymous
thnx
praveen
ඔය විදිහටම 100ත් ගහමු..ජය වේවා..සබට තුති..
අජේ
50ට හදවතින්ම සුභ පතනව අයියෙ.හැම ෆිල්ම් එකටම comment දාන්න බැරි උනත් ඔබ ලබා දුන් උපසිරැසි වලින් පැරණි හින්දි ෆිල්ම් කීපයක්ම බලල තියෙනවා.අපි වෙනුවෙන් කරන මේ සේවයට බොහොම ස්තුතියි.මේ විදිහටම 100ත් ගහන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා..
ANONYMOUS
Congratulations for the 50th sub & also thank you for this subtitle..wish you all the best !!!
gayan
thank you very much aiye.digatama sab dila 100th gahamu.jaya
Ajith
සිංහල උපසිරැසියට බොහොම පින් අයියේ.
රොයිලි
50 ට සුබ පැතුම්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
film eka download karaganna ba machoo.. puluwannam link ekak denna..:)
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
50වෙනි උපසිරැසියට සුබ පැතුම්.. ඉදිරියටත් මේ වගේ ෆිල්ම්වලට සබ්දෙන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.. කරන කියන සියපුම වැඩකටයුතු සාර්තක වේවා....Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
50 ට සුභපැතුම්..100 දීත් හමුවෙමු.ජයෙන් ජයම වේවා !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් හදවතින්ම උණුසුම් සුභපැතුම් එක් කරනවා :)
ප්‍රියන්ත මහත්මයා කළේ වටිනා වැඩක්.
දිගටම මේ සත්කාරය තුළ නිරත වන්නට කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌