Watch Trailer

The Basketball Diaries (1995) With Sinhala Subtitles | ආත්ම භාෂණය… [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ… ඔන්න අරගෙන ආව තවත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක්. මේක හැම තරුණ කොල්ලෙක්ම අනිවාරෙන් බලන්න ඕන කරන ෆිල්ම් එකක් කියල තමයි මටනම් හිතෙන්නෙ. ඒකට හේතුව තමයි ජීවිතේට ගතයුතු පාඩම් බර ගාණක් මේකෙ අඩංගු වෙලා තිබීම. මගේ මේ තුන්වැනි උපසිරැසි ගැන්වීම තුළින් ඔන්න මං මගේ ලොකු ආසාවකුත් ඉෂ්ට කර ගත්ත…

ඉතිං කොහොමද යාළුවනේ…

ඔන්න අරගෙන ආව තවත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක්. මේක හැම තරුණ කොල්ලෙක්ම අනිවාරෙන් බලන්න ඕන කරන ෆිල්ම් එකක් කියල තමයි මටනම් හිතෙන්නෙ. ඒකට හේතුව තමයි ජීවිතේට ගතයුතු පාඩම් බර ගාණක් මේකෙ අඩංගු වෙලා තිබීම. මගේ මේ තුන්වැනි උපසිරැසි ගැන්වීම තුළින් ඔන්න මං මගේ ලොකු ආසාවකුත් ඉෂ්ට කර ගත්ත. මේක උපසිරැසි ගන්වන්න මං ආස වෙන්න ලොකුම හේතුව තමයි මේකෙ ප්‍රධාන රංගනයට දායක වෙන රංගන ශිල්පියා මගේ ප්‍රියතමයෙක් වීම.

හරි චිත්‍රපටිය ගැන කිව්වොත් ප්‍රධාන රංගන ශිල්පියා ගැන නම් මං එක වචනයක්වත් කියන්න ඕන වෙන්නෙ නෑ. Leonardo DiCaprio නම කිව්ව පමණින් ඕන කෙනෙක් දන්නවනෙ පොර කවුද කියල කියන්න. මේකෙත් ඉතිං ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Leonardo DiCaprio තමයි. මේ චිත්‍රපටිය පුරාමත් DiCaprio ගෙ සුපිරි රංගනය එදා මෙදා කියල වෙනසක් නැතුව දැකබලා ගන්න පුළුවන්. තවත් එයා ගැන ආයෙ අමුතුවෙන් මං මොකුත් කියන්නෙ නෑ. අනිත් වැදගත් චරිතය තමයි Mark Wahlberg කියන්නෙ. Deepwater Horizen, Ted, Shooter වගේ ෆිල්ම් බලපු අය මෙයා ගැන හොඳට දන්නව. මේකට IMDb අගය සටහන් වෙලා තියෙන්නෙ 7.3/10 ක් විදියට. ගූගල් පාරිභෝගිකයොත් 87% කැමතියි කියල තියෙනව. 1995 වර්ෂයේ තමයි මේක විකාශය වෙලා තියෙන්නෙ. Biography, Crime, Drama ගණයට තමයි මේක අයත් වෙන්නෙ.

කතාව පැත්තට හැරුණොත්, ජිම් කියන කොලුවගෙ දිනපොතෙන් තමා කතාව කියාගෙන යන්නෙ. මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. ජිම් කියන්නෙ බාස්කට් බෝල් සෙල්ලම් කරන, හුරුබුහුටි කොල්ලෙක්. ජිම්ගෙ යාළුවො තමයි මිකී, නියුට්‍රෝන්, පේද්‍රෝ කියන්නෙ. මේ සෙට් එක වටා තමා කතාව ගලාගෙන යන්නෙ. ලංකාවෙත් අපි අතරෙ මේ වගේ චරිත ඕන තරම් ඇති. එහෙම ඉන්නවනම් කොල්ලනේ දැං හැදෙන්න කාලෙ හරි. ඉතිං මේ සෙට් එකට මොකද වුණේ කියල දැනගන්න ඕනෙද?

ඒකට නම් ඉතිං මේක බලන්නම වෙනව. මං එක දෙයක් කියන්නම්, මේක මුළ ඉඳල අගට කීප වතාවක් බැලුවත් පාඩු නෑ. මොකද තමන් යන පාර වෙනස් වුණා කියල දැනෙනවනම් දෙපාරක් හිතන්න එපා ආපහු හැරෙන්න. ඔන්න එහෙනම් මේකත් ඔයාලට බාර කරනව, ට්‍රයි කරල බලන්නකෝ…

බයිස්කෝප්වාසීන්ට ජය වේවා…!

 

The Basketball Diaries (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Basketball.Diaries.1995.720p.720p.BluRay.AC3-x264

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,134 downloadsDownload The-Basketball-Diaries-1995.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදයංග සම්පත්

Subtitles

6,134 downloadsDownload Subtitles55 KB

25 comments

  1. Krishan NiShalya

    මොකවත් කියන්න ඕනේ නෑ
    ලිපියකුත් ඕනේ නෑ
    කෙනා කවුද කියල
    පොටෝ එකෙන් දැක්කා
    වෙන මොන කතාද
    බාන්න දැම්මා ...
    .

    හුගක් ස්තුතියි සබ එකට
    ...
    කරන යන්න දිගටම
    ජය ..........!

  2. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. මමනම් අසම නළුවො දෙන්නෙක්. ගොඩාක් පිං. ජයවේවා!!

  3. C. R. ජයලත්

    Niayamai Saho Jaya Wewa!!!!!

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. අසිත

    elama saho thanks
    mageth asama naluwek

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  7. UD

    මේකනම් බලන්න වටින කතාවක් වගේ.
    ගොඩක් ස්තුතියි සහෝ......

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. ඉෂාන් මදූෂ

    නියමයි.ස්තූතියි සහෝ

  10. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. sanath srimal

    saub ekata bohoma isthuthiyo bro...
    digatama sub demu me wage supiri film walata....
    yajen jaya...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Chalana

    thnx bro...

  14. wiki

    Thanks

  15. Dulanga

    Thanks

  16. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  17. Kasun Sajitha

    Torrent link eka denne nane.. "Due to copyright issues, we do not provide any torrent links." hama film ekakama meka enawa

  18. Crathnayake

    thank u thawth me wage sub danna.

  19. comax

  20. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  21. Dilruwan nilaksha

    thank you

  22. Anonymous

    Thanks for the subtitles

  23. Kavishka dilshan

    Thunderstruck movie eke sinhala subtitles dannko

  24. Nerun

    මේ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ

  25. Malindu

    Meka download krnn bhne