Watch Trailer

The Battle Roar to Victory (2019) Sinhala Subtitles | විජයග්‍රහනයේ දෝංකාරය [සිංහල උපසිරැසි ]

මේ කොරෝනා සමයේ ගෙදරට වෙලා ඉන්න ඔයාලට මෙදා පාර මං අරගෙන ආවේ කොරියානු චිත්‍රපටයක්. මේක සත්‍ය සිදුවීමක් අලලා නිර්මානය කරන ලද්දක්. මේ දවස් වල කොරියන් කතා වහක් වෙලා තියෙන හින්දා මේක අතාරින්නම් හිතන්න එපා. මොකද මේක ඒ තරමටම හොඳ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුවම චිත්‍රපටයේ විස්තරය ගැන කියලා ඉන්නම්. මේ චිත…

මේ කොරෝනා සමයේ ගෙදරට වෙලා ඉන්න ඔයාලට මෙදා පාර මං අරගෙන ආවේ කොරියානු චිත්‍රපටයක්. මේක සත්‍ය සිදුවීමක් අලලා නිර්මානය කරන ලද්දක්. මේ දවස් වල කොරියන් කතා වහක් වෙලා තියෙන හින්දා මේක අතාරින්නම් හිතන්න එපා. මොකද මේක ඒ තරමටම හොඳ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුවම චිත්‍රපටයේ විස්තරය ගැන කියලා ඉන්නම්.

මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නේ කොරියානු ඉතිහාසයට අදාල විශිෂ්ඨතම යුධ ජයග්‍රහනයක් උන බොන්ග් ඩොන්ග් වැටලීම අලලා. 1910 වසරේ සිට ජපාන අධිරාජ්‍යය විසින් කොරියාව යටත් විජිතයක් බවට පත්කරගැනීමෙන් පසුව එයට එරෙහිව නැගීසිටින්නට ගොවි ජනතාව පෙලගැසෙනවා. එලෙස ප්‍රතිප්‍රහාර එල්ලකරනා කොරියානු නිදහස් හමුදාවේ ප්‍රධානී හේ ශුල් තමන්ගේ රජයට අරමුදල් රැස්කිරීමට උත්සුක වෙනවා. නමුත් එයත් ලෙහෙසි කාර්‍යයක් නොවන්නේ ඔවුන් අතරම සිටිනා ඔත්තුකරුවන් විසින් ජපාන අධිරාජ්‍යයාට තොරතුරු සැපයීම නිසයි. කෙසේ හෝ තම කණ්ඩායම සමග සටනේ ඉදිරියටයි යන ඔහුට තරුණ ස්නයිපර් වරයෙක් හමුවෙනවා. ඔහුත් හමුදාවෙ නිලතලයක් දරන කොලුගැටයෙක්. නමුත් ඔහුගෙ මෙහෙයුම හේ ශුල්ගේ මෙහෙයුමට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මොකක්ද ඒ අනෙක් මෙහෙයුම?

එයින් පසුව?

එයින් පසුව පුර දින හතරක් කොරියානු සීමාව තුල ඔවුන් සිදුකරපු වික්‍රමය නරඹන්න මං ඔයාලට ආරාධනා කරනවා. මොකද කොරියානු ඉතිහාසයෙ විශිෂ්ඨතම සටනක් මෙ චිත්‍රපටයෙන් ඉතාමත් විචිත්‍ර ලෙස නිර්මානය කරලා තියෙනවා. ඒ Location,Realistic Fights වගේ දේවල් හිතාගන්නවත් බෑ. සාමාන්‍යයෙන් අපි කොරියන් යුධමය චිත්‍රපටයක් කිවුවම ටිකක් අවතක්සේරුවට හිතනවනේ. ඒත් මං නම් හිතන්නෙ පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටය ඔබෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනත් මගකට ගෙනියයි කියලා. අවිවාදයෙන් පිලිගන්න ඕන මෙ චිත්‍රපටයේ කැමරාකරණයනම් ඉතාමත් ඉහල් මට්ටමක තියෙනවා කියලා. සටන් අතරතුර කැමරාකරණයෙන් අපිට ලබාදෙන ඒ Thrill එකනම් කියලා වැඩක්. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ A Taxi Driver, Pirates, Veteran වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hae-Jin Yoo. දැනට සම්මාන 5කට නිර්දේශ වෙලත් තියෙනවා. එහෙනම් කයිවාරු ගැහුවා ඇති කියල හිතෙනවා. චිත්‍රපටය ගැන ඔයාලගෙ අදහස් පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

ප.ලි – මගෙ 100 වෙනි උපසිරැසි නිර්මාණයට අදහස් දක්වපු, ස්තූති කරපු නොකරපු සියලුම දෙනාට මගෙ හද පත්ලෙන්ම මගෙ ස්තූතිය පුදකරනවා. ප්‍රේක්ශකයින් නිසා තමයි අපි මේ තරම් දුරක් ආවේ. ඒ නිසාම දිගටම අපේ අඩවියත් සමග රැදී සිටින්න කියලා කියන ගමන් මගෙ ලිපිය මං අවසන් කරන්නම්.

හැකිතාක් නිවෙස් වලටම වී කොරෝනා උවදුර මැඩලීමට ඔබේ සහය ලබාදෙන්න!
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි  Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

4,670 downloadsDownload The-Battle-Roar-To-Victory-2019-720p-Korean.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,670 downloadsDownload Subtitles42 KB

20 comments

  1. Kavindu12345desilva

    thanks for sub

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් The Front Line (2011) එකටත් සබ් දෙන්න.

  4. rockz2020

    බොහොම ස්තූතියි සහෝ! ❤
    තවත් සුපිරි එක්කට ජය.✌

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  6. Amal Edirisingha

    Thank you very much

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. chinthaka_priyadrshana

    thank u bro. 403 error eka awa web history clear kalama hari giya .... ela.......

  9. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Keys to the heart (2018)
    Joint security area (2000)
    Thirst (2009) mewatath sub dennako

  10. M K I L

    Thanks brother.
    Waiting for long time for this sub.this is great movie.

  11. asankabalage

    tanks bro.digatama korean mvie karanna..thanks

  12. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    මං කොරියන් පිලුම් බලන්න ආස නැති වුනත් විස්තරය කියෙව්වාම බලන්න ආසාවක් ආවා..
    ජයවේවා...!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anonymous

    Meka downlod karanna link ekak danne nedda

  15. Thilee

    ස්තූතියී සහෝ... පුලුවන් නම් when the weather is fine ... korean tv series එකේ subtitles දෙන්නකො ...16 episodes .... හරිම ලස්සනයි

  16. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  17. Dewadithya

    Thanks for sub!

  18. Rishantha

    Thanks Brother

  19. danushka

    thanks brother...

  20. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.