Watch Trailer

Varane Avashyamund (2020) Sinhala Subtitles | සීමා මායිම් නොමැති ආදරය… [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Sh…

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි.

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

අවසාන වශයෙන් මේ උපසිරැසිය බාරදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාටත් උපසිරැසිගැන්වීමට එක් වුනු චානක ඉඳුනිල් මලයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

22,996 downloadsDownload Varane-Avashyamund-2020.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සහ “ශසිත් සඳරුවන් (සඳේ)” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,996 downloadsDownload Subtitles80 KB

28 comments

  1. kalpajith

    1st cmnt eka

  2. Anonymous

    Thanks for subtitle.

  3. Thashmila Abhishek

    Thanks bro ,bln hitye sub dankn

  4. Kavinu

    ආයෙ මොනාද ඉතින්.. වෙඩි වගේ!
    බොහොම තුති උපසිරැසියට...
    DQගේ ෆිලුම් නොබලා ඉන්න පුලුවන් යැ... ජය වේවා!!

  5. යුරාන් ධනුක (දනුවා)

    සහෝලා දෙන්නටම බොහෝම ස්තූතියි

    1. Sandun lakshitha

      පට්ටයි tanks ආදරේ මැරිලත් පැයක්

  6. ruchira yasas

    THANK YOU FOR THE SUB

    1. dushansf

      කොහොමද මේක download කරන්නෙ.?

  7. malithmadhushan45

    ස්තුතියි චානක සහො සදේ අයියෙ දෙන්නටම මෙක පට්ට

  8. Hemantha De Silva

    ස්තුතියි චානක...
    ස්තුතියි සඳරුවන්...
    ජයවේවා...!

  9. Achi

    බොහොම ස්තුතියි බ්‍රෝ....ආදරේයි...

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි දෙන්නටම :) :)
    පුළුවන් නම් Red Wine (2013) Malayalam film එකටත් සබ් කරන්න..

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. Deshani

    Thank you

  13. isuru srinath sjs

    මරු නෙ.. බොහොම ස්තුතියි දෙන්නටම...!!

  14. Anonymous

    Thanks machn la sub ekata...

  15. Anonymous

    Thank You

  16. rangika Kariyawasam

    බෝම ස්තුතියිිි සහෝ.සුපිරියක් .ජය වේවා

  17. Anonymous

    Thank youuuu

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Anonymous

    Thank You Bro......

  20. D.Chamara

    bohoma sthuthi

  21. nish47

    ස්තූතියි සහෝ

  22. Ishini_A

    Sub 1ta thanks. අනේ කරුණාකරලා ' Mundasupatti (2014) tamil ' movie එකට සිංහල උපසිරසි ලබා දෙන්න. සිංහල sub එක්ක movie එක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.

  23. Anonymous

    Bohoma isthuthi

  24. Vishwa sasanka

    Thank you

  25. Mohotti

    ඩවුන්ලෝඩ් කරගත්තා,
    තෑන්ක්ස්

  26. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿