චිත්‍රයක් කියන්නේ සර්වකාලීනව රස විඳිය හැකි දෙයක්..විශ්ව භාෂාවක් කියන්නත් පුළුවන්…හය හතර නොතේරෙන වයසේදි දරුවෙක් අකුරු කරනවාට කලිනුයි පාට කූරෙන් බලි කුරුටු අඳින්න පුරුදු වෙන්නේ..එතකොට ඒ පුංචි මනස වචන වලට පෙරලන්න බැරි හැඟීම් ප්‍රකාශ කරපු මාධ්‍ය තමයි ඒ…කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ චිත්‍රයක් අඳින එක මහල…

චිත්‍රයක් කියන්නේ සර්වකාලීනව රස විඳිය හැකි දෙයක්..විශ්ව භාෂාවක් කියන්නත් පුළුවන්…හය හතර නොතේරෙන වයසේදි දරුවෙක් අකුරු කරනවාට කලිනුයි පාට කූරෙන් බලි කුරුටු අඳින්න පුරුදු වෙන්නේ..එතකොට ඒ පුංචි මනස වචන වලට පෙරලන්න බැරි හැඟීම් ප්‍රකාශ කරපු මාධ්‍ය තමයි ඒ…කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ චිත්‍රයක් අඳින එක මහලොකු වැඩක්ද කියල…. කතාවේ ඒ හැටි වැරද්දකුත් නෑ ඇත්තටම, මොකද චිත්‍රයක් කියන්නේ අපි දකින අපේ ඇස දකින දේකින් අපි තුල නිධන්ගත වෙන රූපයේ අනුරුවක්. ඕක කෙනෙකුට පුළුවන් බලි කුරුටු බැරි නම් ඕන විදිහට ඉදිරිපත් කරන්න..කඩදාසියක් පාටකුරක් පැන්සලක් තිබ්බ නම් ඇති. හැබැයි නිර්මාණාත්මක්ව චිත්‍රයක් අඳිනවා කියන්න ඕකට නෙවේ..නිර්මාණාත්මක චිත්‍රයකට පැන්සලක් පාට කුරක් පින්සලක් කඩදාසියක් කැන්වසයක් විතරක් තිබිල මදි..ඒකට සංයමයක් පරිකල්පන ශක්තියක් වගේම හැකියාවක් තියෙන්න ඕන. නියම සිත්තරා එන්නේ ඔතෙන්දියි.. නියම සිත්තරෙකුට පුළුවන් කෙනෙකුට චිත්‍රයක් දනවන්න.. ටිකකට නතර වෙලා චිත්‍රය දිහා බලං ඉන්න සලස්වන්න.. චිත්‍රය ගැන කුතුහලයක් කෙනෙකුට දනවන්න.. චිත්‍රයත් එක්ක චෛතසික සංවාදයක නිරත කරවන්න..කෙනෙකුගේ මනස ටිකකට සන්සුන් කරවන්න..කතාවටත් සමහරු කියන්නේ චිත්‍රයක් දිහා බලං ඉන්න එක භාවනාවක් වගේ කියල. ඒ වගේ චිත්‍ර අඳින්න හැමෝටම බෑ. ඒ අතරිනුත් මාස්ටපීස් එකක් කරනවා කියන්න ලේසි පහසු වැඩක් නෙවේ සිත්තරා දක්ෂයොන්ගෙත් දක්ෂයෙක් වෙන්න වෙනවා එහෙමනම්. නම් වශයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ අග්‍රගණ්‍ය නිර්මාණ ලොවට දායාද කළ විශිෂ්ට ශිල්පීන් ලෝකේ පුරාම ඉන්නවා ඉඳල තියනවා..ඔවුන්ගේ නිර්මාණ ගැන අදටත් කතාබහට ලක් වෙනවා අදටත් වෙන්දේසි වල ඉහල මිල ගණන් වලට විකිණෙනවා..ඉහල ඉහල මිල ගණන් වලට ඒවා මිල දී ගන්නත් ඕනෑ තරම් කට්ටිය පෙළගැහිලා ඉන්නවා වෙන්දේසි වලට රොක් වෙන.. The Best Offer එහෙමත් නැත්තම් La migliore offerta කියන්නේ Giuseppe Tornatore කියන විශිෂ්ට ඉතාලියානු අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කල psychological thriller කාණ්ඩයට අයත් වෙච්ච ඒ වගේ චිත්‍ර එකතු කරන අපූරු වෙන්දේසිකරුවකු වටා ගෙතුණු අපුරුම අපූරු චිත්‍රපටයක්.
Giuseppe Tornatore ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති වෙයි කියල හිතනවා 1988 නිකුත් වුණ Cinema Paradiso, සුරූපී වැන්දඹුවක් හා පෙමින් වෙළුණු අවුරුදු 13 කොලුවාගේ කතාන්දරය Malèna(2000) සහ 1998 නිකුත් වුණ The Legend of The Legend of 1900 අමතක කරන්නම බැරි නිර්මාණ තමයි එතුමාගේ…ඒ කීපයක් විතරයි ඇත්තටම කියනවා නම්.. ඒ වගේ සෑහෙන කතාබහකට ලක්වෙච්ච නිර්මාණ රාශියක් බිහි කරපු අති දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් තිර පිටපත් රචිකයෙක් තමයි Giuseppe Tornatore කියන්නේ. The Best Offer එහෙමත් නැත්තම් La migliore offerta කියන්නේ 2013 වසරේ නිකුත් වෙච්ච එතුමාගේ තවත් එක බොහොම අපූරු නිර්මාණයක් කියන්න පුළුවන්.
මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ හොලිවුඩ්හි නමක් උසුලන චරිතයක් Geoffrey Rush. කවුරුත් දන්නේ කැප්ටන් බාබෝසා විදිහටයි Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ. මීට අමතරව Jim Sturgess, Sylvia Hoeks, Donald Sutherland, Philip Jackson, Dermot Crowley, Liya Kebede ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
IMDB අගය 7.8 කරකවගෙන ප්‍රේක්ෂක පැසසුම දිනා ඇති මේ සිනාමාපටය සම්මාන උළෙවල් රාශියකටම යෝජනා වී සම්මාන 13ක් දිනා ගන්නට සමත් වී තිබෙනවා….සේරම සම්මාන යුරෝපයෙන් පමණක්ම වීම ප්‍රශ්නාරථයකට තුඩු දෙන කාරණයක්..ඒ වසරේ ඔස්කා ලැයිස්තුවට වැටෙන්න තිබුණ කලා නිර්මාණයක් කියලයි මට නම් හිතෙන්නේ..ඒ අතින් අසාධාරණයකට ලක් වෙලා තියෙනවා කොහොම වුණත්…

හරි එහෙම නම් කතාව ගැන වචනයක් කියනවා නම්, මේක ඇවිල්ලා හරි අපූරු කතාවක්. එක විදියකට ගුප්ත, එක විදියකට කලාත්මක, තව විදියකට ප්‍රේමණීය, එක රසකට ගොනු කරන්න බැරි, වරින් වර රස වෙනස් වෙන වෙනස් විදියෙ කතාවක්. කතාව පටන් ගන්නෙ වර්ජිල් ඕඩ්ල්මන් කියන පෞරාණික භාණ්ඩ, මිල කළ නොහැකි සිතුවම් තමා සන්තකයේ තබාගෙන ඉන්න, අවශ්‍ය විට විකිණීම් ආදී වූ කටයුතු වල නිරත වෙන පුද්ගලයෙක් වටා. වර්ජිල් ගැන කිව්වොත් වරෙක ඔහු ව්‍යාපාරිකයෙක් වෙනව වගේම ඔහු සතු රහස් කුටියක ඉතා සුන්දර කාන්තා රුවක සිතුවම් තබාගෙන සිය රසඥතාව ලෝකයෙන් යම් මට්ටකට වහන් කරගත් කෙනෙක්. ඒ වගේම ඔහු හැම අවස්ථාවකම අත්මේස් පාවිච්චි කරනු ලැබුව. ඔහු කිසිම වෙලාවක සිතුවම් හැර වෙන කිසිවත් ඔහුගෙ නිරුවත් දෑතින් ස්පර්ශ කළේ නැහැ. ඒ වගේම පෞරාණික භාණ්ඩ පිළිබඳ ඔහු සතුව පැවතුණු හසල දැනුම ඉතාම සූක්ෂම ලෙස භාවිතා කරන්න ඔහු කිසිම විටෙක පසුබට වුණේ නෑ. මේ කර්තව්‍යයන් මේ ආකාරයට වෙන අතරෙ තමයි වර්ජිල් හට අබිරහස් දුරකථන ඇමතුමක් ලැබෙන්නෙ.
ඇමතුම ලැබෙන්නෙ සොඳුරු කටහඬක් ඇති ක්ලැරී නම් වූ තැනැත්තියකගෙන්. ඇමතුමේ ආකාරයට ක්ලැරීගෙ දෙමාපියන් හදිසියේ මියගිහින්. ඒ නිසා ඇගේ මන්දිරයේ ඇති සිතුවම් සහ පුරාණ ගෘග භාණ්ඩ විකුණා ගැනීමට ඇයට අවශ්‍ය වෙනව. ඉතිං ඇය මේ සඳහා සම්බන්ධ කර ගන්නෙ වර්ජිල් ඕල්ඩ්මන්. වර්ජිල් තරමක් කපටි පුද්ගලයෙක්. හැබැයි ඔහුට ක්ලැරී නම් වූ මේ තැනැත්තියගෙ කටහඬෙහි යම් අමුත්තක් දැනෙනව. ඔවුන් යොදා ගන්න පළමුවැනි හමුවට ක්ලැරී පැමිණෙන්නෙ නැහැ. ඇය නිදහසට හේතුව ලෙස දක්වන්නෙ ඇගේ කාරය අනතුරට ලක් වුණු බව. ඉන් පසු දිගින් දිගට මේ ලෙස ඔවුන්ගේ හමුවීමේ අවස්ථා ඇය මඟ හරිනව. ක්ලැරීගෙ මේ මන්දිරයට මිලදී ගන්න තක්සේරුකරුවන් බොහෝ සංඛ්‍යාවක් ඉදිරිපත් වෙනව. මේ අතර වර්ජිල් මේ මන්දිරයේ මුරකරු සමඟ මිත්‍රකමක් ඇති කර ගන්නව. හැබැයි ඔහු පවා ප්‍රකාශ කරන්නෙ වසර ගණන මන්දිරයේ සේවය කළට්ජ් මේ ක්ලැරී කියන තැනැත්තියක කිසිදා තමන් දැකල නෑ කියල.
ක්ලැරීගෙ කටහඬට වශී වෙන වර්ජිල් තීරණය කරනව කෙසේ හෝ ඇයව දැක ගන්න ඕනෙ කියල. ඉතිං මේකට ඔහු උපක්‍රමයක් පාවිච්චි කරනව. දවසක් ඔහු විශාල සිතුවමක් පිටිපස්සෙ හැංගිලා ඉන්නව. සාමාන්‍යයෙන් ක්ලැරී, විශාල බිතු සිතුවකින් ආවරණය කර සඟවා තබා තිබුණු මන්දිරයේ ඇගේ කුටියෙන් එළියට එන්නෙ මන්දිරයේ සියළුම දෙනා ඉවත්වෙලා ගියාට පස්සෙ. ඉතිං වර්ජිල් මේ අවස්ථාව වෙනතෙක් හැංගිලා බලන් ඉන්නව. ක්ලැරී කුටියෙන් එළියට එනව. ඇය තරුණයි, සුදුමැලියි. ක්ලැරී දකින ඔහු දහදියෙන් පෙඟෙනව. ඔව් මෙතනින් එහාට තමයි කතාව ආරම්භ වෙන්නෙ.ඉතිං මුළු කතාවම කිව්වොත් වැඩක් වෙන්නෙ නෑනෙ. මෙතනින් ඔබ්බට සියළුම පරිකල්පනයන් ඔබට බාර කරනව.
ලිපිය – උදයංග සම්පත්ගෙන්.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,027 downloadsDownload The-Best-Offer-2013.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
13 comments
හසිත මධුෂාන්
Sanath1990
Balapu supirima ekak... thanks bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
ෆිල්ම් එක නම් මීට කලින් බලලා තියෙනවා.. සුපිරියක්... බයිස්කෝප් අඩවියට මේ උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තුතියි .!!
D.Chamara
bohoma sthuthi
indika75
thanks..
Geethika
ඉතාමත් අනගි චිත්‍ර්පටියක්. කුතුහලෙන් තමා බැලුවේ. වෙලාව ගියා හැනුනේ නෑ. අවසානය මාවත් ගල් කරා. ගොඩක් අය නොබලන එක නම් අපරාදේ. ඇයි මිනිස්සු හොඳ දේවල් බලන්නැත්තේ. දෙවනි ඉනිමට බැන බැන ඔයාලා මෙතන කරන්නෙත් ඒ දේම නේද? හොඳ දේවල් තියෙද්දි කිසිම රසයක් නැති ඒවා කබරයෝ වගේ කාගෙන කාගෙන යන්නේ.
එන්න අපි වෙනස් වෙමු.
සැවොම.එක්වෙමු එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවාලමු
විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
R_deshan
ලොකු කුතුහලයක් නැති උනත් නාට්‍යමය අතින් ඉතා අනර්ඝ මට්ටමේ නිර්මාණයක්...සබ් එකට තෑන්ක්ස් අචින්ත සහෝ!!(ලිපියෙ ක්ලෙයා' කියන නම ක්ලැරී විදියට වැරදියට දක්වල තියෙන්නෙ)
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Rishantha
Thanks Brother
S.H Tharaka prabhath
Thanks for the sinhala sub bro...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!