Watch Trailer

Gretel & Hansel (2020) Sinhala Subtitles | ග්‍රේටල් සහ හැන්සල් [සිංහල උපසිරසි]

අද නම් අරගෙන එන්නෙ දෙන්න බලාපොරොත්තුවක් තිබිලා ඒ බලාපොරොත්තුව නැති වෙලා ආපහු අහම්බෙන් කරන්න ලැබුණු චිත්‍රපටයක්. ඇත්තටම ඉක්මණින්ම උපසිරැසිය දෙන්න හිතුව චිත්‍රපටය ඇවිත් දැන් ටික කාලයක් වෙන නිසා. ඒ වගේම කොරෝනා නිවාඩුවත් ගෙවිල යන තත්වයක් තියෙන නිසා තව කල් දාන එක කොහොමත් තේරුමක් නෑ. එහෙනම් සරලව ලිපිය ලි…

අද නම් අරගෙන එන්නෙ දෙන්න බලාපොරොත්තුවක් තිබිලා ඒ බලාපොරොත්තුව නැති වෙලා ආපහු අහම්බෙන් කරන්න ලැබුණු චිත්‍රපටයක්. ඇත්තටම ඉක්මණින්ම උපසිරැසිය දෙන්න හිතුව චිත්‍රපටය ඇවිත් දැන් ටික කාලයක් වෙන නිසා. ඒ වගේම කොරෝනා නිවාඩුවත් ගෙවිල යන තත්වයක් තියෙන නිසා තව කල් දාන එක කොහොමත් තේරුමක් නෑ.

එහෙනම් සරලව ලිපිය ලියන්නම්. කතාවෙ නම ගොඩක් අයට පුරුදු ඇති කියල හිතෙනවා. මේක පොඩි කාලේ සුරංගනා කතාවක් විදිහට අපහු අය ඇති. ඒ සුරංගනා කතාවට ගොඩක් සමාන කතාවක් තමයි මේ චිත්‍රපටය තුලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නෙ.

ග්‍රේටල් සහ හැන්සල් කියන්නේ අක්ක මලෝ දෙන්නෙක්. එයාලගෙ අම්මට විඳින්න වෙන දුක් කන්දරාවන් නිසා ඇති වෙන මානසික ලෙඩක ප්‍රතිඵලයක් විදිහට මේ දෙන්නට ගෙදරින් එළියට බහින්න වෙනවා. මේ දෙන්න යන්නෙ කැලෑවක් තියෙන දිහාවකට. මොකද එයාලට දැනගන්න ලැබෙනවා කැලෑවෙ හිතවත් මිනිස්සු ජීවත් වෙනවා කියලා.

හැබැයි ඒ ගමන යන අතර මග මෙයාලට පොඩි ගෙයක් හම්බ වෙනවා. දෙන්නම ඉන්නෙ පුදුම බඩ ගින්නෙන්. ගේ ඇතුලේ තියන කෑම දැක්කම දෙන්නටම ඕන වෙනවා බඩ ගින්න නිවා ගන්න. හැබැයි මෙයාල දන්නෙ නෑ ගෙදර අයිතිකාර ගෑණු කෙනා ළමයින් බිල්ලට ගන්න මන්තරකාරියෙක් කියලා.

මේ දෙන්න ගෙදර නවතින්න තීරණය කලත්, දෙන්නටම විශේෂන්ම ග්‍රේටල්ට ගෙදර අභිරහස් එකින් එක දැනෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි මන්තරකාරි ග්‍රිටෙල්ට අරුම පුදුම බලයකුත් දෙනවා.

ග්‍රේටල් මේ ලැබෙන බලය කොහොම පාවිච්චි කරයිද? එයාගෙ මල්ලි හැන්සල්ට මොකක් වෙයිද? කියල කතාව අවසානයේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ ග්‍රේටල්ට රඟ පාන්නේ IT හොල්මන් චිත්‍රපටයේ ඔයාලට දැක ගන්න පුළුවන් Sophia Lillis. එතකොට එයාගෙ මල්ලි හැන්සල්ට රඟ පාන්නේ Sammy Leakey. නපුරු මන්තරකාරියගේ තරුණ සහ මහළු චරිත පිලිවෙලින් Jessica De Gouw සහ Alice Kringe විසින් රඟපානු ලබනවා. Horror වගේම Fantasy ගණයට වැටෙන මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Oz Perkins. චිත්‍රපටයේ IMDb අගය 5.3 ක් වෙනකොට Rotten Tomatoes අගය 64%ක් ගන්නවා.

එහෙනම් ලොකු පොඩි කාටත් එකට බලන්න පුළුවන් මේ චිත්‍රපටය ඔයාලගෙ watch list එකට එකතු වෙයි කියල හිතනවා.

නැවත හමුවෙමු.

හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

5,912 downloadsDownload Gretel-and-Hansel-2020.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,912 downloadsDownload Subtitles32 KB

18 comments

  1. Anonymous

    මන් මේක බැලුවා
    පට්ට චාටර් ෆිලුමක්

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Sub ekta Thanks Saho.

  4. indika75

    Thanks..

  5. Pasindu Madumal

    සබට තුති අහ් ❤️

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  9. suranuwan

    thanks bro...

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  13. D.Chamara

    bohoma sthuthi ...

  14. Anonymous

    එල

  15. Pramukmili

    Thanxxxxxx bro......................

  16. Anonymous

    thanx ban me 18+ ai ban meke

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Shaggy

    Thank you very much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.