Watch Trailer

The Big Hit (1998) with Sinhala subtitles | පැහැර ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමෝමට තෙරුවන් සරණයි! කට්ටියම හොඳින් කියලත් හිතනවා, ඒ වගේම ඔයාල ආස තවත් සුපිරි චරිත දෙකක් ඉන්න ෆිල්ම් එකක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කිව්වොත් මං මේ ෆිල්ම් එක ඉස්සර වෙලාම බැලුවෙ වීසීඩී ප්ලේයර් තියෙන කාලෙ, දෙපාරක් වුනත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ප්‍රධාන චරිත…

The Big Hit (1998)

ඉතින් හැමෝමට තෙරුවන් සරණයි! කට්ටියම හොඳින් කියලත් හිතනවා, ඒ වගේම ඔයාල ආස තවත් සුපිරි චරිත දෙකක් ඉන්න ෆිල්ම් එකක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කිව්වොත් මං මේ ෆිල්ම් එක ඉස්සර වෙලාම බැලුවෙ වීසීඩී ප්ලේයර් තියෙන කාලෙ, දෙපාරක් වුනත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ප්‍රධාන චරිත දෙක විදිහට රඟ දක්වන්නෙ Mark Wahiberg, Bokeem Woodbine, මේ දෙන්නගෙ ෆිල්ම් කියන්නෙ ඉතින්, බලපු නැති කෙනෙක් නැතුව ඇති, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 අප්‍රේල් 24 වෙනිද, IMDB අගය 6.1 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kirk Wong කියල කෙනෙක්, ඉතින් හොඳ අධ්‍යක්ෂණයක් කියල කිව්වොත්, ඒත් නිවැරදියි, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත්, පුංචි ස්තූතියියක් එක්කම, චුට්ටක් විතර බැන්නත් කමක් නෑ.

ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම් මේ විදිහට, ෆිල්ම් එකේ හැටියට මාක් වොහිබර්ග්ට කියන්නෙ මෙල්වින් කියල, එයාට ඉන්නව යාළුවො තුන් දෙනෙක්, එයාලගෙන් එක්කෙනෙක් තමයි බොකීම් වුඩ්බයින්, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ක්‍රන්ච් කියල, ඒ වගේම සිස්කො, වින්ස් කියන්නෙ අනිත් යාලුවො දෙන්න, ඉතින් මෙයාල හතර දෙනාම කුලී ඝාතකයන්, මෙයාල සම්බන්ධ වෙලා ඉන්නෙ පැරිස් කියන ප්‍රධාන අපරාධ සාමාජිකයෙක් එක්ක, පැරිස්ගෙ නියෝග වලට අනුව තමයි මෙයාල වැඩ කරන්නෙ, මෙයාල ඔහොම ඉන්න අතරෙ සිස්කොට ඕන වෙනවා පැරිස්ගෙ නීතියට පිටින් පැහැර ගැනීමක් කරන්න, මුලින් මේ වැඩේට මෙල්වින් කැමති වෙන්නෙ නෑ, මොකද පැරිස්ගෙ නියෝගයට පිටින් කරන්න හදන වැඩක් හින්ද, කොහොම හරි ඉතින් ඒ වැඩේට ටිකෙන් ටික මෙල්වින් කැමති වෙනව සල්ලි හින්දම, නීෂි කියල ජපන් ජාතිකයෙක්ගෙ දුවක් තමයි මෙයාල පැහැර ගන්නෙ, නීෂි ගැන වැඩි වික්ස්තරයක් මෙයාල හතර දෙනාම දන්නෙ නෑ, කොහොම හරි මේ හතර දෙනා නීෂිගෙ දුවව පැහැර ගන්නව, ඊට පස්සෙ මෙයාල නීෂිගෙන් සල්ලි ඉල්ලන අතරෙ සිස්කොට දැන ගන්න ලැබෙනවා මේ නීෂි කියන්නෙ පැරිස්ගෙ බොස් කියල, පැරිස් මේ වැඩේ දැන ගත්තට පස්සෙ එයාට ගොඩක් තරහ යනව, සිස්කො මේ ගැන දැනගෙන මොකුත් නොදන්නා විදිහට මෙල්වින්ව පාවල දෙනව, එතන ඉඳල සෑහෙන පිරිසක් මෙල්වින්ට විරුද්ධ වෙනව, එයාට ලොකු සටනක් දෙන්න වෙනව අර චරිත ටිකට විරුද්ධව, ඉතින් ඒ විදිහට තමයි ෆිල්ම් එක ගැන විස්තර කරන්න වෙන්නෙ, කොහොම හරි ඉතින් පුංචි විස්තරයක් කියන්නම් කිවුවට දිග විස්තරක්ම කියන්න වුනාද මන්ද, කරන්න දෙයක් නෑ, ඉතින් හැමදාම වගේ සියළුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරන අතර සියළුම දෙනාට බුදු සරණයි!

“පණු කැලට නිවෙස් වූ මස් වැදැල්ලකි මේ ශරීරය”

The Big Hit (1998) on IMDb

 

 

1,455 downloadsDownload The-Big-Hit-1998.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,455 downloadsDownload Subtitles42 KB

16 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  2. නලින් පෙරේරා

    ස්තූතියි වේවා දිණූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  3. Thisal

    ස්තූතියි වේවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. asiri

    thankssss

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Sajith Anthony

    පරන වුනාට සුපිරි ෆිල්ම් එකක්,
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  8. විමා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. LAKSHAN

    උපසිරැසියට තුති…

  11. නලින් පෙරේරා

    ස්තූතියි වේවා දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  12. Prasad Kandamulla

    පරණ උනාට හොඳ ෆිල්ම් එකක් වගේ......
    ''මාර්ක් වෙල්බර්ග්'' කියන්නේ මගේ ප්‍රියතම නළුවෙක්...
    මේ ෆිලුම නම් කලින් බලල නැහැ....

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ........

  13. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  14. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  15. sahan

    damage wela file eka

    1. Ravindu Heshan - Admin

      Dan Wada kranawa Saho