Watch Trailer

The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitles | අවුරුදු 10කදී සිදු කළ වෙනස… [සිංහල උපසිරසි]

ඉතින් කොහොමද? සෑහෙන කාලෙකට පස්සේ අද උපසිරසි අරගෙන එන්නේ Earth Day එක වෙනුවෙන් Disney Plus වලින් ගෙනාපු documentary film එකකට. මේක තමයි Biggest Little Farm: The Return කියන චිත්‍රපටය. මේක 2018 දී ආව Biggest Little Farm කියන චිත්‍රපටයේ sequel එකක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් චිත්‍රපටය නම් මිනිත්තු 3…

ඉතින් කොහොමද? සෑහෙන කාලෙකට පස්සේ අද උපසිරසි අරගෙන එන්නේ Earth Day එක වෙනුවෙන් Disney Plus වලින් ගෙනාපු documentary film එකකට. මේක තමයි Biggest Little Farm: The Return කියන චිත්‍රපටය. මේක 2018 දී ආව Biggest Little Farm කියන චිත්‍රපටයේ sequel එකක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් චිත්‍රපටය නම් මිනිත්තු 30ක වගේ බොහොම කෙටි චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන ගොවිපළේ අයිතිකාරයා, John Chester විසින්. ඒත් එක්කම Erica Messer, Sandra Keats වගේ අයත් මේක නිෂ්පාදනය කරන්න දායක වෙලා තියෙනවා.

ඉතින් චිත්‍රපටිය දිහා බැලුවොත් එහෙම මේකේ පෙන්නන්නේ අවුරුදු 10කට පස්සේ ඇප්‍රිකට් ලේන් ගොවිපළේ (ඒකේ තමයි මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ) තත්ත්වය මොකක්ද කියන එකයි. ඇප්‍රිකට් ලේන් ගොවිපළ කියන්නේ අද වෙන විට ලෝකයේ තියෙන ජෛව විවිධත්වයෙන් වැඩිම ගොවිපළවල්වලින් එකක්. මේ ගොවිපළ පිටිපස්සේ බොහොම ලස්සන කතාවක් තියෙනවා. ජෝන් සහ මොලී චෙස්ටර් කියන්නේ මුලින්ම ලොස් ඇන්ජලීස්වල හිටපු පවුලක්. මෙයාලා LAවල නාගරික ජීවිතය අතෑරලා නිසරු ගොවිපළකට යනවා. ඊටපස්සේ එයාලා ස්වභාවධර්මය එක්ක බොහොම සමගියෙන් වැඩ කරමින් ඒක පත් කරනවා කැලිෆෝනියාවේ ජෛව විවිධත්වය වැඩිම ගොවිපළ බවට. ඉතින් මේකේ තියෙන්නේ, කලින් කිව්වා වගේම, අවුරුදු 10කට පසු මේකේ තත්ත්වය. එහෙනම් ඔයාලම බලන්නකෝ. තවත් සිංහල උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු. සුබ දවසක්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

3,142 downloadsDownload The-Biggest-Little-Farm-The-Return-2022.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

3,142 downloadsDownload Subtitles18 KB

15 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට... මේකෙ පලවෙනි ෆිල්ම් එකටත් සබ් කරන්න පුළුවන් නම්

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    1. ලහිරු රසදුන්

      මේකේ පලවෙනි කොටසට උපසිරසි දෙන්න plz
      මේ වගේ කෘෂිකාර්මික චිත්‍රපට වලට උපසිරසි ඔන

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    මේකේ පලවෙනි ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?

  4. Anonymous

    meke frist film ekatath sub denna, thanks

  5. ලහිරු රසදුන්

    මේකේ පලවෙනි කොටසට උපසිරසි දෙන්න plz
    මේ වගේ කෘෂිකාර්මික චිත්‍රපට වලට උපසිරසි ඔන

    1. Anonymous

      ඔවු අනේ...

  6. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. Udara Damith

    elaaaaaaaaaaaa

  8. Amil Gamage

    Thank you Very Much for the Sub

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Anonymous

    The farm movie eke sinhala subtitles dennako