ඔන්න හැමෝම බලාගෙන හිටපු තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ කෙණහිලිකම් සහ කාලගුණයෙ වෙනස් කම් නිසා උන විදුලි බිඳ වැටීම් එක්ක අමාරුවෙන් මේක කරගත්තේ. ඒ වගේම නිකුත් වෙලා තියෙන ඉංග්‍රිසී උපසිරසියෙත් ගොඩක් වැරදි තිබුනා. ඒ නිසා තමයි මේ තරම් පරක්කු උනේ. ඉති…

ඔන්න හැමෝම බලාගෙන හිටපු තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ කෙණහිලිකම් සහ කාලගුණයෙ වෙනස් කම් නිසා උන විදුලි බිඳ වැටීම් එක්ක අමාරුවෙන් මේක කරගත්තේ. ඒ වගේම නිකුත් වෙලා තියෙන ඉංග්‍රිසී උපසිරසියෙත් ගොඩක් වැරදි තිබුනා. ඒ නිසා තමයි මේ තරම් පරක්කු උනේ. ඉතිං ඔයාලා මේ වසරෙම නිකුත් උන Uncharted (2022) බලන්න ඇති නේද ? අන්න ඒ වගේ චිත්‍රපටිවලට ආස යාළුවොනම් මේකට ගොඩක් කැමති වෙයි කියලා හිතනවා. ප්‍රසිද්ධ නළු නිළියෝ කිහිප දෙනෙක් මේකට සම්බන්ධ වෙලා තියෙන නිසා හිනා වෙවී කම්මැලි නැතුව මේක බලන්න පුළුවන් කියලා මම වග කියනවා.
මේ චිත්‍රපටයේ වැඩ ආරම්භ කලේ 2020 වසරෙදි. ගොඩක් රූගත කිරීම් කරලා තියෙන්නේ ඩොමිනිකානු ජනරජයේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Adam Nee සහ Aaron Nee එහෙමත් නැත්තම් හැමෝම දන්න විදියට Nee සහෝදරයෝ තමයි. මේ වෙද්දි යහපත් රසික ප්‍රතිචාර ලබාගනිමින් The Lost City චිත්‍රපටය IMDb හි 6.4ක සුපිරි අගයකුත්, කුණු තක්කාලි අගය 78%ක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 68ක වියදමිකින් ඩොලර් මිලියන 163.8ක ආදායමක් ලබාගන්නත් මෙයට හැකි වෙලා තියෙනවා. සුපිරි නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. Speed (1994), The Heat (2013), Minions (2015), Bird Box (2018) වැනි චිත්‍රපටවලින් හමු වූ හොලිවුඩයේ සුපිරි නිළි Sandra Bullock “ලොරේටා සේජ්” ලෙසත්, White House Down (2013), Smallfoot (2018), The Vow (2013), Dear John (2010) තුලින් හමු වූ කඩවසම් නළු Channing Tatum “ඇලන් මික්මෑන්” ලෙසත්, හැරී පෝටර් ලෙස ලොව පුරා රසික ජනාදරයට පත් Daniel Radcliff “ඇබිගේල් ෆෙයාෆැක්ස්” ලෙසත්, World War Z (2013), Troy (2004), Seven (1995), Megamind (2010) සමඟින් හමුවූ හුරුපුරුදු, හොලිවුඩයේ පතාක චරිතයක් වෙන සුපිරි නළු Brad Pitt “ජැක් ට්‍රේනර්” ලෙසත් රංගනයෙන් එක් වෙනවා.
ආදර නවකතා කතුවරියක් වෙන ලොරේටා සේජ්, “ඩෑශ්” සහ “ලව්මෝර්” යන ප්‍රබන්ධිත චරිත දෙක ඇසුරින් නවකතා මාලාවක් රචනා කරලා අති ප්‍රසිද්ධියට පත් උන ලේඛිකාවක්. එයාගේ පොත්වල කවරයට ඩෑශ් චරිතය වෙනුවෙන් ඇලන් මික්මෑන් කියන නිරූපන ශිල්පියගේ රූපය යොදාගන්නවා. ඒ නිසා මේ ඩෑශ් කියන චරිතෙට ලොකු ප්‍රසිධියක් ලැබෙනවා වගේම මේ ගැන ලොරේටාට පුංචි ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. මේ කතා මාලාවේ සඳහන් වෙන්නේ නැති වූ නගරයක ඉපැරණි ශිෂ්ඨාචාරයක නටබුන් අතර තිබෙන පුරාවෘත්තගත “අග්නි කිරුළ” සොයාගෙන යන ඩෑශ් සහ ලව්මෝර්ගේ වික්‍රමයන් තමයි. මේ අස්සේ ඇබිගේල් ෆෙයාෆැක්ස් කියන බිලියනපතියා ලොරේටාගේ පොත්වල සඳහන් වෙන නැති වූ නගරය අත්ලාන්තික් සාගරයේ දූපතක තිබිලා හොයාගන්නවා. ඉතිං මේ කතාමාලාවේ නවතම කෘතිය එළිදක්වන දවසේ ලොරේටව මේ ෆෙයාෆැක්ස් හාදයා පැහැරගෙන මේ දූපතට අරන් ගිහින් අග්නි කිරුළ හොයන්න උදව් වෙන්න කියලා බලකරනවා. මේ ගැන දැනගන්න ඩෑශ් එහෙමත් නැත්තම් ඇලන් තවත් යාළුවෙක් එක්ක ලොරේටව බේරගන්න උත්සහ කරනවා. පොත්වල වීරයෙක් උනාට ඇලන් සැබෑ ජිවීතයෙදි මොන්ටිසොරි ළමයෙක්ටත් අන්තයි. ඒ නිසා මෙයාලට ලොකු අකරතැබ්බවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතිං මෙයාලට ලොරේටව බේරගන්න පුළුවන් වෙයිද ? ඇලන්ගේ යාළුවා කවුද ? අග්නි කිරුළ හොයාගන්නේ කොහොමද කියලා ඔයාලා බලන්නකෝ. මට මේක වෙන් කරලා දීපූ අපේ චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූති වෙනවා. එහෙනම් ඔයාලා උපසිරසිය බාගෙන වෙච්ච මහන්සියට කොමෙන්ටුවකුත් හලාගෙන යන්න කියලා ඉල්ලනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.
අරගලයට ජය !!!
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
22,368 downloadsDownload The-Lost-City-2022-Blu-Ray.zip123 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
49 comments
Prabath
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ෆිල්ම් එක බාගෙන තියාගෙන හිටියා සබ් එක දෙනකල්ම. ජයවේවා!
oshanda
thaks sahoo
Anonymous
Yts eke web copyata sub wadada bro
යුරාන් ධනුක (දනුවා)
Web කොපි ඔක්කොටම වැඩ සහෝ
Sanjeewa2010
Pattaaaaaaaaa
Anonymous
Thanks for sub
Kushan
Sub akta thanks
lakshan
thanks .............................
Asanga kb
thank you wewa.. aragalayata jaya.
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
සුපිරියක් ගෙනැල්ලා
Chamikara Vidanage
මම කරන්න හිටපු sub එකක් ඔයා කරාම නොබලා කොහොම ද? Thanks bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Firestarter - 2022 ෆිල්ම් එකටත් හැකිනම් සබ් දෙන්න.
Roshan
Tnx bro...Great job...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
indika 75
thanks..
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
sahangayantha
thanks a lot saho sub ekata
Sandeep
Supiri macho.. tnx sub ekata..
Mahesh
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..
අරගලයට ජය !!!Udaya Fdo
Thank you
Thenuka Nawan
Senior Year 2022
The Essex Serpent 2022පුලුවන්නම් කවුරුහරි මේ දෙකටත් සබ් දෙන්නකො
Udara Damith
mareeeeeeeeeeeeee marrrruuuuuuuuuuu
Lakshan
Thanks
Lahiru Lakshan
thanks machn....
Anonymous
බොහෝම ස්තූතියි.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
I am not a Robot
Everything Everywhere All at Once (2022) movie එකට subtitles දෙන්නකෝ...
Dark lord
Everything Everywhere All at Once movie 1t sub denwad
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥d
supun
tz sub ekata.
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Madushan
thanks sub akta
Malith samarawickrama
Thanks bro sub ekata
ශසිත් සඳරුවන්
සබට තුති වෙවා මචෝ...
දිගටම සබ් දෙමු ආ...
ජය!Chinthaka
තැන්කූ සබ් එකට. ඔබගේ සියලු වැඩ සාර්තක වේවා අපිව මෙ එන්ටටේට් කරන්න දෙන සප් එකට තැන්ක්ස්
Harindu Anujitha
Bro men 2022 English movie eketa sinhala sub eke dennko
Nishan
Thanx bro
Dilshan
Bluray awith thiyenawa den ekata sub eka danna
Chämàrá Sâmpáth
සබට තුති ආ!!
Anonymous
tnx
Dewadithya
Thanks for Sub!
Mathew sheron
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
samitha
thanks sahodaraya
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks.