Watch Trailer

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් ආවා. නම දැක්කම තේරෙන්න ඇතිනේ මේක මොකක් සම්බන්ධ ෆිල්ම් එකක්ද කියලා. ඔයාලා The Meg (2018) , Jaws (1975) , Deep Blue Sea (1999) , Bait (2012) , Shark Night 3D (2011) වගේ චිත්‍රපටි ආසාවෙන් බලපු කෙනෙ…

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් ආවා. නම දැක්කම තේරෙන්න ඇතිනේ මේක මොකක් සම්බන්ධ ෆිල්ම් එකක්ද කියලා. ඔයාලා The Meg (2018) , Jaws (1975) , Deep Blue Sea (1999) , Bait (2012) , Shark Night 3D (2011) වගේ චිත්‍රපටි ආසාවෙන් බලපු කෙනෙක්නම් මේකටත් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මේ මාසේ 13 වෙනිදා තමයි නිකුත් උනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ James Nunn විසින්. ඔයාලා දැකලා ඇති මේ මෝරුන්, සර්පයන් සහ වෙනත් සත්තු ඉන්න ගොඩක් චිත්‍රපටවල ලොකුම අඩු පාඩුව තමයි පරිඝනක සජීවිකරණය. ඉතිං මේ චිත්‍රපටයේ මේ අඩු පාඩුව බොහෝදුරට මඟ හරව ගන්න අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියෙනවා කියලා මතක් කරන්න ඕන. මේ වනවිට IMDb 4.6ක අගයක් සහ ගූගල් මනාප 74% ලබා ගන්න සමත් උන මෙහි රංගනයෙන් දායක වෙන්නේ Holly Earl, Jack Trueman, Catharine Hannay, Thomas Flynn, Malachi Pullar- Latchman කියන බ්‍රිතාන්‍ය නළු නිළි කැල තමයි.

වසන්ත නිවාඩුව ගත කරන්න මෙක්සිකෝවට එන නැට්, ටොම්, මිලී, ටයිලර් සහ ග්‍රෙග් කියන යාළුවෝ පස් දෙනා වටා තමයි කතාව ගෙතෙන්නේ. මේ කට්ටියගෙන් නැට් හැරෙන්න අනිත් හතරදෙනා එක වල්ලේ පොල් කියන්න පුළුවන් එච්චරට පිස්සු. ඉතිං මෙයාලගේ නිවාඩුවේ අන්තිම දවස වෙරළෙ ගත කරද්දි කුලියට පදින්න දෙන ජෙට් ස්කි දෙකක් දකිනවා. ඉතිං මේ පිස්සෝ හතර දෙනා මේ ජෙට් ස්කි දෙකේ යතුරු හොරකම් කරන් අසරණ නැට් බෑ කියද්දි එයාවත් දාගෙන මුහුදේ රේස් එකක් යනවා. මොන සෙල්ලම් දැම්මත් නොසැලකිලිමත්කම නිසා අමාරුවේ වැටෙනවා කියන එක සනාථ කරමින් මෙයාලා මුහුද මැද ලොකු අකරතැබ්බයකට මුහුන දෙනවා. ඒත් මෙයාලා හිතන දේට වඩා වඩා භයානක දෙයක් මේ කට්ටිය වටේ කැරකෙනවා. සාගරයේ ඉන්න භයානකම විලෝපිකයා ගොදුරු හොයාගෙන ලුහුබදිනවා කියලා දැනගද්දි මෙයාලා පරක්කු වැඩියි. ඔයාලා මෝරුන් ගැන විස්තර දැනගන්න කැමතිනම් The Reef (2010) ෆිල්ම් එකේ මම විස්තරයක් දීලා තියෙනවා කැමතිනම් කියවලා බලන්න. ඒ වගේම මේක කලින් කරන්න ඉඳලා තියෙන්නේ අපේ සොහාන් මල්ලි කියලත් මතක් කරන්න ඕන. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.

හැමෝටම සුබ අරගලයක් වේවා !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,318 downloadsDownload Shark.Bait_.2022.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,318 downloadsDownload Subtitles24 KB

18 comments

  1. Anonymous

    එලකිරි බ්‍රෝ ✌️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Kushan

    Sub akta thanks

  4. Nishan Randika

    සබ් එකට ස්තූති අයියෙ... දිගටම සබ් දෙන්න පුලුවන් වෙන්න කියල කියනවා ප්‍රාර්තනා කරනවා...
    ( Firestarter )
    මේ ෆිල්ම් එකටත් සබ් ඕනෙ....ඉක්මනටම..

  5. chaminda

    thanks bro sub 1ta

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. indika 75

    thanks..

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. Naveen

    උපසිරසියට තුති

  11. Anonymous

    Thanks for sub

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  13. Anonymous

    Patta

  14. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Malith samarawickrama

    Thanks bro sub ekata.

  16. Nishan

    Thanx bro

  17. Dewadithya

    Thanks for Sub!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P