ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු අට වන උපසිරැසිය අරගෙන ආවා. මේ චිත්‍රපටය විතානගේ ප්‍රියන්ත සහෝදරයාගේ ඉල්ලීමක්. ඒ වගේම මට මතක විදියට තාරක කියන සහෝදරයත් වරක් මතක් කළා වගේ. කොහොම උනත් මම දැනට උපසිරසි කරන ලද චිත්‍රපට වලින් අමාරුම චිත්‍රපටයක් මේක කියුවොත් හරි. මොකද යුගල ලයින් එක්දහස් එකසියක්…

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු අට වන උපසිරැසිය අරගෙන ආවා. මේ චිත්‍රපටය විතානගේ ප්‍රියන්ත සහෝදරයාගේ ඉල්ලීමක්. ඒ වගේම මට මතක විදියට තාරක කියන සහෝදරයත් වරක් මතක් කළා වගේ. කොහොම උනත් මම දැනට උපසිරසි කරන ලද චිත්‍රපට වලින් අමාරුම චිත්‍රපටයක් මේක කියුවොත් හරි. මොකද යුගල ලයින් එක්දහස් එකසියක් විතර මේකේ තිබ්බා. ඒ කියන්නේ ලයින් දෙදහකට සමානයි. ඒ වගේම පොතේ ඉංග්‍රීසි බාසාවෙන් තමා දෙබස් තියෙන්නේ. ඒවත් වචන දහයක් පහලවක් දිගයි. ඉතින් කොහොම උනත් චිත්‍රපටයේ තියන විශේෂ බව හින්ද ඔයාලට අරගෙන ආවා.
මේ චිත්‍රපටය ඔයාල කවුරුත් දැනගත යුතු චිත්‍රපට නිර්මාණ කරුවෙක් වෙන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ නිර්මාණයක්. ඒවගේම Drama, Horror, Mystery යන කාණ්ඩයන්ට අයිති වෙන මෙම චිත්‍රපටය IMDb 7.7 තරම් ඉහල අගයක් අරන් තියනවා. ඒ වගේම පවුලේ සැමට බලන්න පුළුවන් චිත්‍රපටයක් කියුවොත් හරි.
කතාව පටන් ගන්නේ දුටු තැන ඇතිවෙන ආදර කතාවක් එක්ක. කුරුල්ලන් විකුණන කඩයක දකින තරුණයෙක් හොයාගෙන මුහුදක් අසබඩ තියෙන හුදකලා නගරයකට යන තරුණියක් මුහුණ දෙන සිද්දි මාලාවක් තමා මේ චිත්‍රපටයේ පෙන්නන්නේ. ලිහිණි, කාක්කෝ, වැහි ලිහිණි වැනි කුරුල්ලන් මිනිස්සුන්ට පහර දෙන්න යන එකත් එයින් ගැලවීමට කරනා උත්සාහයන් චිත්‍රපටයේ දක්නට තියෙනවා. ඒ හින්ද ආදර කතා වලට ආස අයට මෙන්ම ගුප්ත කතා බලන්න කැමති අයට මේ චිත්‍රපටය හොඳටම ගැලපෙනවා.
මම ඊළඟට දෙන්නේ සමන් ප්‍රසාද් සහෝදරයා කලකට කලින් මට වෙන් කරනා ලද චිත්‍රපටයක්. ඉතින් එකත් අරන් එනවා කියන ගමන් සමු ගන්නවා.
බුදු සරණයි….!
Due to copyright issues, we do not provide any torrent links.
The Birds (1963) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
201 downloadsDownload The-Birds-1963.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
27 comments
James DC
G.Umesh
Elzz...Thnks ayyee
අසිත
අර සහෝදරයෝ වගේම මමත් මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියලා කි දෙනෙක් ගෙන් ඉල්ලුවද??
තෑන්ක්ස් සහෝ
ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
ජය වේවා...!!!!Dial M for Murder (1954) (IMDB 250)
North by Northwest (1959) (IMDB 250)
Strangers on a Train (1951) (IMDB 250)
Rope (1948)
Rebecca (1940)
Frenzy (1972)ඒත් එකක්ම මේ ෆිල්ම් ටිකත් මම යෝජනා කරනවා...
Donnie Darko (2001) Time Travel Story
American Beauty (1999)
Stand by Me (1986)
Requiem for a Dream (2000)
L.A. Confidential (1997)
Unforgiven (1992)
The Princess Bride (1987)
Incendies (2010)
Casino (1995)
Raging Bull (1980)අසිත
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා....
මේවට සබ් ඉල්ලුවම දුන්නම සමහරු හිනා වෙනවා...
ඒත් ඔය එහෙම හිනා වෙන අය 12 Angry Men වගේ ෆිල්ම් එකක් මේ අවුරුද්දේ අලුතෙන් relesae කලොත් නොබලා අරිවිද??
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජය වේවා…!!!James DC
L.A Confidential ekai The Princess Bride ekai man goda dawasakata kalin site eken illagatta. Thaama bagayak wage karala iwara. Langadima e 2ka dennam.
අසිත
අම්මේ එල එල සහෝ
පට්ටWeb-බුවා
donnie darko නම් ලෙසට එකක් තමා. jake බුවා'ගේ රැඟිල්ල නම් පට්ටම තමා. මට නම් තාම පුදුමේ jake ට මොකද oscar එකක් ගියේ නැත්තේ කියලා. :(
ජය බං! :)
Web-බුවා
ඔබතුමා පට්ටෙම හරි! ගොඩක් අය මේ පැරණි සිනමා නිර්මාණවලට කුඩම්මාගේ සැලකිලි තමා දක්වන්නේ, අනික දැන් කාලේ ඒවා වගේද මේවා කීවාලු. එක මිනිත්තු 5කට හිත වෙන අතක ගියහොත්, මේ මොන මඟුලක් ද කියලා හිතෙන බුවාලත්, මෙතන ඕන තරම් ඇති. මොකද පැරණි සිනමා නිර්මාණ මිනිතුවක් මිනිතුවක් පාසා බොහෝ සියුම් ලෙස ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන්න සමත් වෙලා තියෙනවා. අද හැදෙන බහුතරයක් (ඔක්කොම එහෙම නෙමේ) මුල් මිනිත්තූ 20 බලලා අන්තිම ටික බැලුවත් තේරෙනවා, මොකක්ද සිද්ධ වුණේ කියලා.
ජය! :)
අසිත
සහතික ඇත්ත සහෝ
ඔබට ජය!!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේකට සබ් ඔයා අනිවාර්යෙන්ම දේවි කියා මම බලාපොරොත්තු වුනා. අදහස් දක්වන අයගේ ඉල්ලීම් වලට ගරු කරලා සබ් දෙන්නත් නිහතමානි කමක් තියෙන්න ඕනේ. සමහර සබ් දෙන අය දෙන්නේ ඒ අය කැමති ඒවාට විතරයි. ඔයා එහෙම නොවී අපේ ඉල්ලීමට ගරු කරමින් එය ඉටු කලා. ඉදිරියටත් මේ වගේ එකිනෙකට වෙනස් හොඳ ලස්සන චිත්‍රපටි වලට ඔබෙන් සබ් ලැබේවියැයි මම බලාපොරොත්තු වෙනවා.
ඔබටත්, බයිස්කෝප් වෙබ් අඩවියටත් ජයෙන් ජයම පතමි.
බුදු සරණයි!Web-බුවා
අන්න ඔය හේතුව නිසා තමයි, අසංක සහෝ මගේ ප්‍රියතම සබ් නිර්මාණ කරුවන්ගේ top 10 අතරේ ඉන්නේ, :D
ජය! :)
:) :) Udara Damith B/K :) :)
ගොඩාක් ස්තූතියි.
Udara Damith B/K
සිංහල උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
mahesh
wenasakatath ekka ehenam meka balanna ona.
bohoma sthuthi wenas widiye films walata sub karanawata.
jayama wewa...!!!Web-බුවා
ආදර කතා නම් මෙහෙම තියෙන්න එපෑයෑ බං. මේවාට තමා කියන්නේ සැබෑ ආදරය කියලා lol. මං හිතන්නේ,
හොටු පෙරන් අඬන කොරියානූ කතා නම්, අනේ නොදකින් bro, මේවා කාලයකින් හැදෙන, සමහරවිට ආයේ reboot කරොත්,කෙළවෙලා යන අන්දමේ විරල සිනමා නිර්මාණ, අන්න ඒකයි කිසි එකෙක් මේවා reboot කරන්න නොයන්නේ, එහෙම කලොත් උන්ම දැනගන්නවා "විහිං කෙලවාගැනීම" යන්නෙහි සැබෑ අර්ථය. ben -hur එක reboot කරපු බුවාලා නම් ඒක යසට අකුරු ගලපලම දැනගත්තනේ.මේ වගේ සුපිරි කතා අරං එන අසංක ලොක්කට ජයෙන් ජයම වේවා! :)
Chalana Rukshan
thnx bro...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Withanage Priyantha Dayakeerthi
අසංක සොයුර,
අප කීපදෙනෙකුගේම විශේෂ ඉල්ලීමක් වූ The Birds සිනමාපටයට සිංහල උපසිරසි සැපයීම පිළිබඳව අතිමහත් ස්තුතිය මුලින්ම පුදකර සිටින්නෙමු! එමෙන්ම කමෙන්ටුව දැමීමට ප්‍රමාද වීම ගැන ඇත්තෙන්ම පසුතැවෙන්නෙමි. ලොව අතිශය ජනප්‍රිය සිනමාපට ගොනුවේ ඉහළින්ම පසුවන මෙම සිනමාපටය නරඹන ලෙස මා විසින්ද මෙම පිටුවට පැමිණෙන සොයුරු සොයුරියන්ට යෝජනා කිරීමට කැමැත්තෙමි.
දැනට මෙම වෙබ් අඩවිය තුළ ලොව මහා සිනමාකරු ඇල්ෆඩ් හිච්කොක්ගේ තවත් සුවිශේෂී සිනමා නිර්මාණ දෙකක්වන Psycho, Rear Window සිනමාපට දෙක සඳහාද සිංහල උපසිරසි නිර්මාණය වී ඇත. ඒ අතරින් මා Psycho සිනමාපටය කීපවතාවක්ම නරඹා ඇත්තෙමි. මා ළඟ දැනට බයිස්කෝප් වෙබ් එක තුළින් ලබාගෙන සුරක්ෂිතව තබාගත් සිංහල උපසිරසි සහිත ගොණුවක් තිබෙනවා. එයට අනිවාර්යයෙන්ම The Birds එකතු වෙනවා. අප වෙනුවෙන් ඔබගේ වටිනාවූ කාලය වැය කරමින් කරන්නාවූ මේ මහඟු සේවයට අවංක ප්‍රණාමය නැවතත් පුදකර සිටිනවා!!! ස්තුතියි! ඔබට ජය!වජිර රත්නායක
හිතවත් අසංක,
ඔබගේ උපසිරැසිය මම දුටු වේ ගොඩක් පහුවෙලා. ඒත් ඔබ තෝරාගෙන තිබෙන්ගේ ඉතාමත් ම විශිෂ්ට චිත්‍රපටයක්. අනිවාර්යයෙන් ම නරඹනවා. ඉදිරියේදීත් මෙවැනි චිත්‍රපටවලට උපසිරැසි ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. උපසිරැසියට ස්තුතියි.tharanga
සොයුර, ලෝකයේ හොදම film එක ලෙස සැලකෙන Citizen Kane චිත්‍රපටයට subtitle දෙන්න.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!hasan karunarathna
thanx machan supiri nirmaana walata dhayaka welaa apita rasawidinna upakara karanawata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සහෝ! මේක හොඳ චිත්‍රපටයක්. තෑන්ක්ස් සබ් එකට.