ආයුබෝවන්! ”the long way home” කතාවට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අරන් ආවෙත් 2015 දෙසැම්බර් 17 තිරගත වුණ drama/thriller ගණයට අයත් වෙන imdb 7.3 ක අගයක් ගත්තු සුපිරිම කොරියානුචිත්‍රපටියක්. පැය දෙකයි විනාඩි 19 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පවුලෙ හැමෝටම බලන්න පුළුවන්. චිත්‍රපටියෙනම දැක්…
ආයුබෝවන්!
”the long way home” කතාවට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අරන් ආවෙත් 2015 දෙසැම්බර් 17 තිරගත වුණ drama/thriller ගණයට අයත් වෙන imdb 7.3 ක අගයක් ගත්තු සුපිරිම කොරියානුචිත්‍රපටියක්. පැය දෙකයි විනාඩි 19 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පවුලෙ හැමෝටම බලන්න පුළුවන්. චිත්‍රපටියෙනම දැක්කම චිත්‍රපටිය කා ගැනද තියෙන්නෙ කියල තේරෙණවනෙ නේද? ඒ නිසා වැඩි දෙයක් නැතුව කතාවකියන්නම් ටිකක්.
1925 කොරියාවෙ ජපන් පාලන සමයේ. ජිරිසන් කියන කන්ද ලඟ මඩුවක චුන් මන්-දුක්(Choi Min‑sik) කියනදක්ෂ දඩයක්කාරයෙක් එයාගෙ වයස 16ක තරුණ පුතත් එක්ක ජීවත් වෙනවා. ඒත් මේ දඩයක්කාරයා එයාගෙ බිරිඳ මැරුණට පස්සේ තුවක්කුවට විශ්‍රාම දීලයි තියෙන්නෙ. ඒ කියන්නෙ තවත් දඩයම් කරන්නෙ නෑ. (බිරිඳ මැරෙන්නෙත්විශේෂ විදියකට). දඩයම් නොකරන මෙයා කරන්නෙ කන්දෙන් බෙහෙත් පැළ හොයලා විකුණන එක.
මේ පළාත පාලනය කරන ජපන් ආණ්ඩුකාරයගෙ විනෝදාංශෙ තමයි කොටි හම් එකතු කරන එක.ඒ වගේම තමයි කොරියාවෙ ඉන්න කොටි සේරම මැරුවත් මේ ජිරි කන්දෙ ඉන්න තනි ඇහැක් තියෙන විශාල කොටියව මරන්නවිදියක් නෑ. මේ කොටිය තමයි කොරියාවෙ ඉතුරු වෙලා ඉන්න අන්තිම කොටියා. මේ කොටියව මරන්න උත්සහකරපු දඩයක්කාරයො සේරම මැරුම් කාල තමයි නැවතිලා තියෙන්නෙ. මිනිස්සු මේ කොටියට කියන්නෙ කන්දෙ අධිපති කියලා. මූව මැරුවොත් වෘකයොයි වළස්සුයි එයි කියල බයේ තමයි මිනිස්සු ඉන්නෙ.
ගු-ක්යුන්ග්(Jung Man‑sik) කියන්නෙ දඩයම්කරුවන් කණ්ඩායමක නිර්භීත නමුත් අනුකම්පාවක් නැති දඩයක්කාරනායකයෙක්. මෙයා උත්සහ කරල කරලා කන්දෙ අධිපතිගෙ ඒ කියන්නෙ මහ කොටියගෙ සහාකාරියි පැටව්දෙන්නවයි මරණවා. ඒ කරලා පැට්ව්න්ව ඇමට දාලා මහ කොටියව අල්ලන්න තමයි හදන්නෙ. ඒ වගේම තමයි මේ ගූ-ක්යුන්ග් සහ කන්දෙ අධිපතියි එක්කත් අතීත සිදුවීමක් තියෙනවා. දඩයමේ යද්දි මෙයාගෙ සහෝදරයව මරලතියෙන්නෙ මේ කොටියා. පැටව්න්ව ඇමට දැම්මත් මේ කොටියා උගුල් වලටවත් අහු වෙන්නෙ නැති තරමටදක්ෂයි. කොටියව අල්ලන්න බැරිම තැන මෙයාලා ගිහින් මන්-දුක්ගෙන් අහනවා දඩයමට එකතු වෙන්න කියලා. ඒත්මෙයා හැමදාම වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා.
එතකොට මන්-දුක්ගෙ පුතා ”සොක්” නගරෙ ඉන්න ගෑණු ළමයෙක්ට කැමැත්තෙන් ඉන්නෙ. ඒත් කෙල්ලගෙ අම්මලා කෙල්ලව වෙන කෙනෙක්ට බන්දලා දෙන්නයි යන්නෙ. ඒ නිසා ඊට කලින් සල්ලි හොයාගෙන නගරෙන් ගෙයක්ගන්න හිතාගෙන මේ කොල්ලා තාත්තත් එක්ක තරහින් ගිහින් දඩයක්කාරයින් එක්ක එකතු වෙනවා. ඒත් කොහොමහරි මේ දඩයම අතරතුරදී සොක්ට කොටියගෙන් පාර වැදිලා හොඳටම තුවාල වෙනවා. ඒ වගේම තමයි කොටියත්තුවාල වෙනවා. ඒත් මේ කොටියා ලේසියෙන් මැරෙන්නෙ නම් නෑ. බැරිම තැන දඩයක්කාරයෝ ජපන් හමුදාවත් එක්කරගෙන කැලෑවට යනවා කොටි දඩයමේ. කොටියා මේ සේරම මරණවා. ඒත් කල් යද්දී උටත් හොඳටම අමාරු වෙනවා.
මං වැඩි දෙයක් නොකියා ඉන්නම් කතාවෙ අගේ නැති වෙන නිසා. අන්තිමේට මේ දඩයක්කාරයින්ට කොටියව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා බලන්න. චිත්‍රපටිය නම් හොඳටම හොඳයි ඒ ගැන කියන්න දෙයක් නෑ. අදට ගිහින්එන්නම්. හැමදෙනාගෙම ප්‍රතිචාර වලට ස්තූතියි. මම චාමල් කැලුම් අතපත්තු.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The.Tiger.An.Old.Hunters.Tale.2015.BluRay.720p.950MB.Ganool.cc.mkv
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,824 downloadsDownload The-Tiger-An-Old-Hunters-Tale-2015.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
35 comments
ඉෂාන් මදුෂ
gayan
woow..express denavane.supiri mr.korean
Kithmal
Cannibal Holocaust 1980 මූවි එකට සබ් එක දෙන්නකෝ..
Sameera Lakshan
niyamai mcn ..thanks...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.සමන් කුමාර
පව් කොටියා
chamalkalum
මාත් හිතුවෙ නෑ මේක මෙච්චර ඉක්මනට පල වෙයි කියලා.. ඔයාල බලන්න එහෙනම්..
අසිත
අප්පට
පට්ට කතාවක්හො වගේ හොදේ
තෑන්ක්ස් සහෝchamalkalum
බලලම කියන්නකො
Kulanjana Maduranga
niayamai…patta filumak neee...bamak thama.thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamalkalum
එලස්ස්...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Susitha
Thx bro. Jaya wawa!!
Kalum Gunasekara
වැඩි දෙයක් නොකිව්වට සෑහෙන්න ටිකක් කියලා තියනවා. ස්තුතියි උපසිරැසියට.
chamalkalum
Hikxz
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…….!
mithun
මචන් උම්බට පිං අයිතිවෙන්න සුපිරි ෆිල්ම් ටිකක් බැලුව කොරියානු කියන්න වචන නෑ සයිඩ් එකෙ කොරියානු චිත්‍රපට උපසිරැසි ගන්වන්න ඔයා වගෙ උපසිරැසි කරුවෙක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි මෙ වැඩේ නම් නවත්වන්න එපා සහෝ මිට කලි දුන්න ෆිල්ම් එකත් සුපිරි එකෙ හොදම කොලිටින් එකක් අයෙ බෑව තියාගන්න කියල මෙකත් සුපිරි කතාව ගගොඩක් ස්තුතියි සහෝ ඔයාට ,,, සිංහල සබ් නම් සුපිරිම විදියට ඔයා දානව දැනෙන්නම එක හැමොටම කියල නෑ සහෝ දිගටම හොදම එව දෙමු ආපූ ශෙනික සුපිරි කොරියානු එව.. ඔබට ජය..
mithun
මිට කලින් මෙ ෆිල්ම් එක හම්බවුණා ,මොකක් හරි මිස් එකකින් මගඇරුන ඔයා නිස අයේ බැලුව ෆට්ට මෙක නම්
chamalkalum
Thank you mithun bro.. oya wage anith hamomath ehema hithanawanam,man dena film balala sathutak labenAwanam ee sathuta thamai mageth sathuta..
දිලාන්
ගොඩාක් ගොඩාක් ස්තුතියි යාළුවා.
chamalkalum
ela..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
මචෝ මේකේ සබ් එක අප් කරලා දාපන්කෝ ලොකු උදව්වක්
Hiruni Himasha
ayyaaa godaaaaaaaaaaaaaaaaaak tnqqqqqqqqqq hodeeee..... :-)
chamalkalum
Aniwaryenma
චින්තක
නියමයි බ්‍රෝ පට්ට ෆිල්ම් එකක් වගේ , පුළුවන් නම් මට මේකේ ටොරේන්ට් ලින්ක් එක දෙනවදෝ ....
nimal dissanayake
විනාඩි 139 ක් ගතවුණා දැනුනේවත් නෑ.
ඊළඟට මොකද වෙන්නේ කියන එක විතරමයි හිතුණේ.
මරු! ෆිල්ම් එක නියමයි!
චාමල්, ඔයාගේ තෝරාගැනීම් මරේ-මරු!
Tunnel, The Himalayas, Pandora, The Long Way Home වගේ
ඔයා සබ් කළ ෆිල්ම්ස්වලින් මම දැනට බලලා තියෙන ඒවා
එකකට එකක් වෙනස්.
ඒත් නියමයි.
බාගත්ත ඒවා කීපෙකුත් තියෙනවා බලන්න.
තව හොඳ-හොඳ ෆිල්ම්ස්වලට සබ්ස් දීලා
මම වගේ අයගේ කාලය හොඳටම සොරාගන්න!
මේ ස්තුතිය ඒකටයි!Anonymous
Kohomada film eka gaththa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ricadodamien
Thank u very much Chamal & baiscope team for the sub, it was a amazing movie, all the best to baiscope team............
Anonymous
Sub එක පොඩ්ඩක් අප්ඩෙට් කරානම් ගොඩක් වටිනවා ❤
Arawinda
thanks yaalu
Arawinda Sunimal
thanks sub ekata jayawewa..........
Wasantha
Me movie eke subtite yanne pahu wela erkata mokak hari karala dennako
Sadeya
Me movie eke subtite yanne pahu wela erkata mokak hari karala dennako
Advertisement

නියමයි.බොහෝම ස්තුතියි සහෝ
ජය වේවා!