Watch Trailer

The Body (2019) Sinhala Subtitles | පළිගැනීමේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ…

මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ වදාළ සේක. එහෙත් මේ වෛරයක් නිසා ඇතිවන පළිගැනීම හේතු කොටගෙන නොයෙකුත් සිද්දීන් රැසක් විය හැක. පළිගැනීමට තවත් නිදසුනක් විදියට මෙන්න මේ චිත්‍රපටය අපිට හදුන්වලා දෙන්න පුළුවන්. මන් එහෙම කිව්වේ මේකෙත් තියෙන්නේ පළිගැනීමක් ගැන තමයි. The Body (මළකඳ) කියන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජීතු ජෝසෙප් විසින්. Viacom18 Motion Pictures ආයතනයෙන් හා සුනීර් කෙටර්පාල් විසින් නිෂ්පාදනය කරලා තියෙන මෙම සිනමාපටයට ඉම්රාන් හශ්මි, රිශී කපූර්, සෝබිතා දුලිපාලා වගේ ප්‍රවීණ නළු නිළියන් සමඟ රසවත් වී ඇත.ඇත්තටම මේක 2012 නිකුත් වුණු ස්පාඤ්ඤ සිනමාපටයක රීමේක් එකක්. ඒකේ නමත් The Body.

-The Body – 2012 (Spanish Movie)-

 

1979 මාර්තු 24 වෙනි දින මුම්බාහි උපත ලබන ඉම්රාන් හශ්මී නැත්තම් භාරතීය සිනමාවේ ප්‍රේම කුමාරයා තමයි මේකේ ලීඩින් චරිතේ විදියට කරන්නේ. 2002 වර්ශයේ ආපු Raaz මූවී එක ඔයාලා බලලා ඇති නෙහ්. ඒ මූවී එකේ රඟපාන්න කලින් එයා ඒකේ සහය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. එතනින් එයාගේ සිනමා ජීවිතය අරඹන කොට හින්දි සිනමාවට නැතුවම බැරි චරිතයක් වෙනවා මේ ඉම්රාන් හශ්මිව. ඉතින් අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. පෝසත් කෙල්ලෙක් ඉන්නවා. එයාගේ නම මායා. එයාටම කියල අයන් කාර්මාන්ත කියල කම්පැනි එකක් තියෙනවා. අජේ කියන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ. මේ අජේ කියන කෙනා මායා එක්ක යාලුවෙලා එයාව කසාද බදිනවා. මුලදී ආදරය නිසා එයා කසාද බැන්දත් එපාර ටිකෙන් ටික මායා ළග තියෙන සල්ලි වලට ආශා කරන්න ගන්නවා. ඒ අතරේ රිතූ කියල කෙල්ලෙක්ට අජේගේ හිත යනවා. එයා ඒ රිතූ එක්ක යාලුවෙලා මායාව මරලා දාන්න හදනවා. මායා මැරුණම එයාගේ මිනිය මෝචරියෙදී නැති වෙනවා. ඊටපස්සේ තමයි කතාව පටන් ගන්නේ. රිශී කපූර් පොලිස් නිලධාරියෙක් විදියට මෙහි රගපාන අතර එයා තමයි මේ මිනිය නැති වුණු කේස් එක බාරව ඉන්නේ. ඔහොම අජේ ගෙන්නලා ප්‍රශ්න කරලා, මායා මැරිලත් නෑ රිතූ කියල කෙල්ලෙක් ඉදලත් නෑ… කොහොමහරි අවසානෙදී මුලු ෆිල්ම් එකම කණ්පිට පෙරලනවා. ඒක නම් කියලා ස්පොයිල් කරන්න යන්නේ නෑ ඒකට ෆිලුම් බලලම ඉන්නකෝ.😋

IMDb Rate – 5.9/10
Genre – Mystery | Thriller
Directed by – Jeethu Joseph
Produced by – Viacom18 Motion Pictures, Sunir Kheterpal
Release date – 13 December 2019
Country – India
Language – Hindi
Box office – $93,949

-The Body – 2019 (Hindi Movie)-

ඉම්රාන් හශ්මිගේ රසිකයන්ට මේවගේ ෆිල්ම් එච්චර අමුතු දෙයක් නෙවෙයි නෙහ්. මොකද Horror කියන්නේ ඉම්රාන් හශ්මිගේ කැටගරි එක නිසා එයාගේ හැම ෆිලුමක්ම මේවගේ. ලස්සන අත්භූත කතාවක් තියෙන ෆිල්ම් එකක්. එහෙනම් තවත් ලස්සන සිනමා පටයකට උපසිරැසක් අරන් එන්නම් කියන වචනෙත් එක්කම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.

16,106 downloadsDownload The-Body-2019.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

16,106 downloadsDownload Subtitles38 KB

27 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi bro .

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
    ජය වේවා.!

  3. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..!!

  4. Uvindu nimsara

    100 kadhal eke sub dennko

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. 0718901293

    ෆිලුම බැලුවෝ...... sub එකට thanx සහෝ...

  7. Achi

    තැන්ක්ස් බොක්ක සබ් එකට ආදරේයි

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  9. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-
    කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    තෙරැවන් සරණයි-

  10. gihan perera

    ස්තුතියි සහෝ.... නියමයි... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා....

  11. Suranjan

    Thanks jayawewa......!

  12. arawindasunimal

    thanks sub ekata (pasidu madumal) jayawewa..........

  13. Dina

    The Body (2012) Spanish Film එකේ සම්පුර්ණ හින්දි කොපියක්

  14. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  15. Pramukmili

    Thanxxxxxxx bro........

  16. Saranga J. Liyanagama

    Thanks

  17. mindika

    Thanks !!!

  18. sahangayantha

    thanks a lot saho sub ekata

  19. shanedesilva

    Thanks a lot for the subtitle. Keep it up the good work.

  20. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ ජයවේවා....!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. punsara

    tnx sahoo supiriyak dunnata

  23. melinda

    thank you

  24. Anonymous

    Thanks brother

  25. Anonymous

    thank for sub

  26. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!