Watch Trailer

The Boogeyman (2023) Sinhala Subtitles | දරුවන් බිලිගන්නා බුගීමෑන්! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මං ඔයාලට කාලෙකට පස්සෙ සුපිරි හොරර් ෆිල්ම් එකක් අරගෙන ආවා. ෆිල්ම් එක මොකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ හොරර් ෆිල්ම් බලන අය නම් මේක ගැන දන්නවා ඇති. මොකද කිව්වොත් මේ ෆිල්ම් එක පාදක කරගෙන තියෙන්නේ කිං ඔෆ් හොරර් ලෙස සැලකෙන ස්ටීවන් කිං මහතාගෙ ද බුගීමෑන් පොත. ස්ටීවන් කිං කිව්වහම නොද…

ඔන්න එහෙනම් මං ඔයාලට කාලෙකට පස්සෙ සුපිරි හොරර් ෆිල්ම් එකක් අරගෙන ආවා. ෆිල්ම් එක මොකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ හොරර් ෆිල්ම් බලන අය නම් මේක ගැන දන්නවා ඇති. මොකද කිව්වොත් මේ ෆිල්ම් එක පාදක කරගෙන තියෙන්නේ කිං ඔෆ් හොරර් ලෙස සැලකෙන ස්ටීවන් කිං මහතාගෙ ද බුගීමෑන් පොත. ස්ටීවන් කිං කිව්වහම නොදන්න කෙනෙක් නෑනෙ ඔහු තමයි ලෝකප්‍රකට හොල්මන් ප්‍රබන්ද පොත් රාශ්‍රියක් රචනා කළේ. ඒ පොත් ආශ්‍රයෙනුත් ප්‍රසිද්ධ හොරර් චිත්‍රපට ගනනාවක් නිශ්පාදනය වෙලත් තියෙනවා, ඒවාගෙන් කීපයක් කිව්වොත්, IT, The Shining, The Mist, 1408, Misery, Carrie වැනි පනප්‍රිය කෘති ගන්න පුළුවන්.

මේ ෆිල්ම් එක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ 2023 ජූනි දෙවෙනිදා 20th Century Studios හරහා. සිනමාශාලාවල් වලට නිකුත් වෙලා මාස දෙකකටත් වැඩි ප්‍රමානයක් ගියාට පස්සෙ තමයි මේකෙ වෙබ් රිලීස් කළේ, එනම් අගෝස්තු 28 වෙනිදා. ඒ අනුව මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 35 යොදා නිෂ්පාදනය කරලා ඩොලර් මිලියන 82 වැඩි ප්‍රමානයක් උපයගන්න හැකිවුණා. මේක අධ්‍යක්ෂණය කළේ Rob Savage මහතා සහ රංඟනයෙන් දායක වුණා Sophie Thatcher, Vivien Lyra Blair, Chris Messina, David Dastmalchian, Madison Hu, Marin Ireland වැනි අය. ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කලොත් මේ වන විට මනාප 13,400කට අධික ප්‍රමානයකින් IMDb 6.1 හොඳ අගයකුත් කුණු තක්කාලි 62%කුත් ගන්න හැකිවෙලා තියෙනවා. එහෙනම් දැං අපි කතාව පැත්තට හැරෙමු,

මේ කතාවට අනුව බුගීමෑන් කියන්නේ ළමයින්ව බිලිගන්න එන රාක්ෂයෙක්ට. ඌ දුර්වල ඉක්මනි බයට පත්වෙන ළමයින් ඉලක්ක කරලා ඔවුන්ගෙ පස්සෙන් එනවා. අන්ධකාරයේ ඉදන් තමා ළමයින්ව බිලිගන්නේ උගේ ඇස් ගැටුනොත් ආයෙ බේරීමක් නම් නෑ කියල තමා කියන්නේ. එහෙනම් දැං අපි මේ කතාවේ ප්‍රධාන චරිත පැත්තට හැරෙමු. සේඩී කියන්නේ මෑතකදී එයාගෙ අම්මා නැතිවුණ නිසා ඒකෙ පීඩනෙන් ඉන්න තරුණියක්. ඒ අහිමි වීම ඇයට වගේම ඇගේ නංගිටත් තාත්තාටත් තදින්ම බලපාලයි තියෙන්නේ. මෙයාලගෙ මේ දුක් කරදර දෙගුණ තෙගුණ වෙන්නේ නාදුනන අමුතු මනුස්සයෙක් හදිසියේ ඔවුන්ගේ ගෙදරට කඩා පැනීමෙන් පසුවයි. ඉතිං කවුද මේ මනුස්සයා? මේ පවුලට බුගීමෑන්ගේ ඇස ගැටෙන්නේ කොහොමද? මෙයාලට මේකෙන් බේරෙන්න හැකිවෙයිද? මේවාට උත්තර මේක බලලාම දැනගන්න පුළුවන්.

ඉතිං මේ වැසි සමයෙ කාට හරි හොල්මන් ෆිල්ම් එකක් බලන්න ඕන්නම් මේක බලන්න කියලා කිසිම බයක් නැතුව නිර්දේශ කරන්න පුළුවන්. මොකද මේක කාලෙකට පස්සෙ ආපු එක තැනකට විතරක් කොටු නොවුන හොල්මන් ෆිල්ම් එකක්. එහෙනම් මීට වඩා මුකුත් කියන්න අදහසක් නෑ තවත් උපසිරැසියකින් හමුවෙනකල් මා සමුගන්නවා. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

14,398 downloadsDownload The.Boogeyman-2023.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

14,398 downloadsDownload Subtitles28 KB

18 comments

  1. bimsara

    thanks boza

  2. Ravindra

    Thanks sub ekata

  3. යුරාන් ධනුක (දනුවා)

    ඔයාගේ රෙකමන්ඩ් එක සුපිරි
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Risith Sasmitha

    thanks for the sub

  6. Anonymous

    tq.

  7. Kesara Withanage

    සිංහල උපසිරසියට තුති!'
    ඔබට සුබපැතුම්!

  8. Sujith

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ..

  9. Sahan Gayantha

    thanks wewa saho sub ekata

  10. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. දහරා මුතු අමා

    බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට...

  12. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  14. lakshan

    thanks ................

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  17. Dewadithya

    Thanks for Sub!

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..