හැමෝටම සුබ දවසක්. මම මේ වතාවේ සිංහල උපසිරැසි ගැන්වුයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩාමය චිත්‍රපටයකට. Streamline (2021) කියන්නේ පවුල් ආරවුල් ප්‍රශ්න මැද උත්සාහයෙන් ඔලිම්පික් ක්‍රීඩකයෙක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට තම ඉලක්ක හඹා ගිය පහළොස් හැවිරිදි පිහිණුම් ක්‍රීඩකයෙක් වටා ගෙතුණු සුන්දර ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක…

හැමෝටම සුබ දවසක්. මම මේ වතාවේ සිංහල උපසිරැසි ගැන්වුයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩාමය චිත්‍රපටයකට. Streamline (2021) කියන්නේ පවුල් ආරවුල් ප්‍රශ්න මැද උත්සාහයෙන් ඔලිම්පික් ක්‍රීඩකයෙක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට තම ඉලක්ක හඹා ගිය පහළොස් හැවිරිදි පිහිණුම් ක්‍රීඩකයෙක් වටා ගෙතුණු සුන්දර ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන බෙන්ජමින් ලේන් චරිතයට පණ පොවන්නේ Pan (2015) චිත්‍රපටයේ පීටර් පෑන් චරිතය නිරුපණය කළ හුරුබුහුටි කුඩා ළමා නළුවා වන, Levi Miller විසින්. ඒ චරිතය සාර්ථකව නිරූපණය කරන්නට ඔහුට ලොව සුපතල ඕස්ට්‍රේලියානු ඔලිම්පික් පිහිණුම් ක්‍රීඩක ඉයන් තෝප් මඟපෙන්වා තියෙනවා.Tyson Wade Johnston විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ, ඉයන් තෝප් විධායක නිෂ්පාදක ලෙසද ක්‍රියා කර තිබෙනවා.
මේ චිත්‍රපටය නොමඳව විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. The Guardian පුවත්පතේ Luke Buckmaster මේ සිනමාපටය හැඳින්වුයේ “ගතානුගතික ක්‍රීඩා සිනමා අච්චුව බිඳ හෙළන, භාවාත්මකව ග්‍රහණය කරගන්නා සුළු පිහිණුම් ක්‍රීඩාව හා බැඳුණු සිනමාපටයක්” ලෙසයි. The Curb වෙනුවෙන් , Andrew F. Peirce විසින් කළ විචාරයේදී ඔහු සඳහන් කළේ, “Streamline සිනමාපටය Tyson Wade Johnstonගේ ආකර්ෂණිය, උච්චතම නිර්මාණයක් වන අතර, විශේෂයෙන්ම මෙය ලුවී මිලර්ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකියි. ඒ මෙය ඔහු වෙත වඩාත් පරිණත රංගනයන් ආකර්ෂණය කරවිය හැකි හැරවුම් ලක්ෂයක් වන නිසා” බවයි. The Jam Report පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවෙඩි Doug Jamieson ප්‍රකාශ කළේ, ” මෙය මේ වසරේ විශිෂ්ඨතම ඕස්ට්‍රේලියානු සිනමා පටයන්ගෙන් එකක් වන බවයි.
මෙහි චරිත නිරූපණය කරන්නේ පහත නළු නිලියන්
• Levi Miller as Benjamin Lane
• Jason Isaacs as Rob Bush
• Robert Morgan as Coach Clarke
• Laura Gordon as Kim Lane
• Jake Ryan as Dave Bush
• Hunter Page-Lochard as Josh Hill
• Steve Bastoni as Glenn Goodman
• Tasia Zalar as Patti Hill
• Sam Parsonson as Nick Bush
මෙහි උපසිරැසි යොදවා ඇත්තේ, S t r e a m l i n e . 2 0 2 1 . 7 2 0 p . W E B R i p . x 2 6 4 . A A C – [ Y T S . M X ] පිටපතටයි. එහෙමනම් ඔබට මේ සිනමාපටය සිංහල උපසිරසියෙන් රසවිඳින්න අවස්තාව ලබාදෙමින් මම මේ කෙටි ලිපිය අවසන් කරනවා. නැවතත් උපසිරසියකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා ලබා දී ඇත.
1,370 downloadsDownload Streamline-2021.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
7 comments
Bimsara Yashan(ඔලිව)
Achintha Udayanga
ක්‍රිස්ගෙ මිනි වර්ෂන් එක පොඩි එකා
බොහොම ස්තූතියි මචන් සබ් එකට.ක්‍රින්ජි මයුර
අම්මෝ කාලෙකට පස්සෙනේ ප්‍රභු... සබට තුති වේවා..!!!
Kesara Withanage
ලඟදි උපසිරැසි කිහිපයක් කළා!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි කේසර සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!