වෙනසකටත් එක්ක අපි අද ආදරණිය සුරංගනා කතාවක් බලමුද? දැන් ගොඩක් අයට හිතෙනවා ඇති නේද කුමාරයෙකුයි කුමාරිකාවකුයි ඉන්නවා තව දුෂ්ටයෙකුත් ඉන්නවා, ඊට පස්සේ කුමාරයාගෙයි කුමාරිකාවගෙයි ආදරයට දුෂ්ටයා හරස් වෙනවා, අර සෙල්ලම් මේ සෙල්ලම් දාලා කොහොම හරි අන්තිමේට කුමාරයා දුෂ්ටයාව පරද්දලා එයාලගේ ආදරය දිනාගන්නවා කියලා.…

වෙනසකටත් එක්ක අපි අද ආදරණිය සුරංගනා කතාවක් බලමුද? දැන් ගොඩක් අයට හිතෙනවා ඇති නේද කුමාරයෙකුයි කුමාරිකාවකුයි ඉන්නවා තව දුෂ්ටයෙකුත් ඉන්නවා, ඊට පස්සේ කුමාරයාගෙයි කුමාරිකාවගෙයි ආදරයට දුෂ්ටයා හරස් වෙනවා, අර සෙල්ලම් මේ සෙල්ලම් දාලා කොහොම හරි අන්තිමේට කුමාරයා දුෂ්ටයාව පරද්දලා එයාලගේ ආදරය දිනාගන්නවා කියලා. හැබැයි මේ කතාවේදි නම් එහෙම නෙවෙයි වෙන්නේ. මම මේ චිත්‍රපටිය ගැන මෙහෙම කියන්නම්කෝ… . .
මෙක්සිකෝවේ ‘සන් එන්හැල්’ කියන ගමේ ඉන්න හොදම යාලුවෝ වුන ‘මනෝලෝ’ සහ ‘ඔකින්’ කියන පුංචි ආදරවන්තයෝ දෙන්නා ‘මරියා’ කියන ලස්සන ගැහුණු ළමයට හිතින් ආදරේ කරනවා. ඒත් මේ දෙන්නගේ අවාසනාටද කොහෙදෝ එන්හැල් ගමේ හිටපු මරියාගේ තාත්තා මරියාගේ දග වැඩ නිසා එයාව ස්පාඤ්ඤයට යවනවා. මේ අතරේ කවුරුවත් හිතපු නැති විදියට මේ ගමේ අනාගතය මරියා විවාහ වෙන්න කැමති වෙන කෙනාගෙන් තිරණය වෙන්න යනවා. ඒ කොහොමද?
මෙහෙමයි අපේ දිව්‍ය ලෝකයයි අපායයි කියලා තැන් දෙකක් තියෙනවා වගේ මේ අයගේ ‘මතක ලන්තය’ සහ ‘අමතක ලන්තය’ කියලා ලෝක දෙකක් තියෙනවා. කෙනෙක් මැරුණාම එයාව ජිවත්වෙලා ඉන්න අයට මතකයි නම් එයා මතක ලන්තයේ සතුටින් ජිවත් වෙනවා. හැබැයි මැරුණ කෙනා ගැන ජිවත් වෙලා ඉන්න කාටවත්ම මතක නැත්නම්… . . එයා අමතක ලන්තයට ගිහින් සදහටම නැති වෙනවා. ගමේ දේවල් ඒ විදියට වෙද්දි මතක ලන්තයේ සහ අමතක ලන්තයේ පාලකයෝ වුන ‘ලා මොරේටේ’ සහ ‘සිබයිබා’ මරියා විවාහ වෙන්නේ මනෝලද ඔකින්ද කියලා ඔට්ටුවක් දානවා. දිනින කෙනාට අනිත් ලෝකය පාලනය කරන්න අයිතිය ලැබෙන්න තමයි මේ ඔට්ටුව දාන්නේ. හැබැයි මේ ඔට්ටුව සිබයිබා දින්නොතින් නම් වෙන්නේ ලොකු විනාශයක්. කොහොම හරි දිනින්න බලාගෙන ලා මොරේටේට හොරෙන් සිබයිබා පොඩි හොරයක් කරනවා. ඉතින් ඒකෙන් මේකෙන් කාලය ගත වෙලා මනෝලා සහ ඔකින් ඇගපත තියෙන ලොකු කොල්ලෝ දෙන්නෙක් වෙලා. ඒ වගේම මරියත් ස්පාඥ්ඥයේ ඉදන් ආපහු එන්හැල් ගමට එනවා. මේ කොල්ලො දෙන්නා මරියාගේ හිත දිනාගන්න කරන දේවල් ගැන මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑ නේද? 🙂 ඒත්….
සිබයිබා තවත් ලොකු හොරයක් කරනවා. එයා සර්පයෙක් යවලා මනෝලෝට දෂ්ට කරවලා එයාව මරලා දානවා. (කලින් මේක වෙනස් කතාවක් කිවට වෙනස් නෑනේ. දුෂ්ටයා කොල්ලව මරනවා. ඊට පස්සේ අනිත් කොල්ලා කෙල්ලව කසාද බදිනවා, ඒ නිසා දුෂ්ටයා ඔට්ටුව දිනනවා කියලා හිතිලා), එතනින් කතාව ඉවරයි කියලා හිතුනා නේද? නෑ මෙතනින් තමයි මේ ආදර කතාව කතාව පටන්ගන්නේ. මැරුණ මනෝලාගේ ආත්මය මතක ලන්තයට යනවා. එතනට ගියාට එයාගේ හිතේ මරියා වෙනුවෙන් තිබුන ආදරය නම් මැරිලා නෑ. මෙයා කොහොම හරි ආයෙත් මරියාගේ හිත දිනාගන්න තමයි උත්සහ කරන්නේ. මලවුන්ගේ ලෝකයේ ඉදන් එයාට මේක කරන්න පුලුවන් වෙයිද? ඒ ගැන දැනගන්න නම් ඔයාලට මේ ලස්සම ලස්සන පුංචි ආදර කතාව බලන්න වෙනවා.
ඔන්න අද කලින්ම චිත්‍රපටියේ වෙන දේ කිවානේ. දැන් ඉතින් ටිකක් පදුර වටේ තලමු. 🙂 මේ BOOK of LIFEකියන ඇනිමේෂන් චිත්‍රපටිය නිකුත් වුනේ 2014 ඔක්තොම්බර් මාසයේ 17 වෙනිදයි. ඇත්තම කිවොත් මේක 2007 දි DreamWorks Animation විසින් හදන්න පටන් ගත්තත් ඒක නැවතිලා තිබිලා ආයෙත් 2012 දි වැඩ පටන්ගෙන 2013 ඔක්තොම්බර් 16 වෙනිදා තිරගත වෙන්න තිබුන කතාවක්. මෙච්චර පරක්කුවුනේ මොකද කියලා හිතෙනවා නේද? පොඩි පොඩි ප්‍රශ්න නිසා තමයි ඉතින්. අපිටත් මෙච්චර ප්‍රශ්න තියෙන එකේ චිත්‍රපට නිෂ්පාදක කණ්ඩාමට ප්‍රශ්න එන එක අහන්නත් දෙයක්ද. 😀 Jorge Gutierrez විසින් අධ්‍යක්ෂණය කරලා Reel FX Creative Studios ආයතනය විසින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය 20th Century Foxආයතනය තමයි බෙදාහරින්නේ.
පරක්කු වෙලා, කල් ගිහිල්ලා මේ චිත්‍රපටිය නිකුත් වුනත් කවුරුවත් නොහිතපු විදියට මේ චිත්‍රපටිය ජනප්‍රිය වුනා. 2014 වර්ෂය වෙනුවෙන් පැවැත්විම නියමිත 42nd Annual Annie Awards සම්මාන උළෙලේ
- හොදම ඇනිමේෂන් විශේෂාංගය
- ඇනිමේෂන් නිර්මාණයක හොදම ඇනිමේෂන් ප්‍රයෝග
- ඇනිමේෂන් නිර්මාණයක හොදම චරිත නිර්මාණය
- ඇනිමේෂන් නිර්මාණය හොදම අධ්‍යක්ෂණය
- ඇනිමේෂන් නිර්මාණය හොදම නිෂ්පාදන සැලැස්ම
කියන සම්මාන 5ට මේ චිත්‍රපටය නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම කියන්නම ඕනි මේ ඇනිමේෂන් චිත්‍රපටියේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි 15ක් විතර තියෙනවා. මෙක්සිකානු ආභාෂය තියෙන මේ සින්දු ඇහුවොත් ඔයාලා පුදුම වේවි. ඒවා ඒ තරමටම ලස්සනයි.
ගොඩක් විස්තර කීවා නේද? එහෙනම් මේ ලස්සන ඇනිමේෂන් නිර්මාණය බාගෙන රසවිදින්නකෝ. ලස්සනම ලස්සන ආදරය පිරුණු අමුතුම කතාවක්. මම නෙවෙයි කියන්නේ අනිත් රටවල්වල බලපු අය තමයි එහෙම කියන්නේ. එහෙනම් ඉක්මනින්ම තවත් පුදුම හිතෙන උපසිරසියකින් හමුවෙමු.. . . ^_^
හැමදාම baiscopelk එක්ක ඉන්න ඔයාලා හැමෝටම ලබන්නාවු 2015 අවුරුද්ද, චිත්‍රපටිවලින් පිරුනු නව වසරක් වේවා… . . !
334 MB (HD) කොපිය මෙතනින් බාගන්න F57836B91FF4A234DB309CF461C8405F1C2FE758 750 MB (WEB) කොපිය මෙතනින් බාගන්න 79DA2F51619631A5EDF48036D5295E87C23A0581 1.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න B112FC142F4459E686F8C1072E0F401D8E014DA7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 750 MB (WEB) කොපිය මෙතනින් බාගන්න (Direct Link)
4,716 downloadsDownload The-Book-of-Life-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Kavidu-Gimhana-e1419784887885.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
50 comments
chamuditha
chamuditha
ARROW AYYATA THANX KAWADADA ARROW ENNE
කවිඳු ගිම්හාන් (පැතුම්)
ජනවාරි 22වෙනිදා වෙනකන් ඉවසගෙන ඉන්න වෙනවා සහෝ.. . . :)
kalana
patta machan
nimal
txxxxx gr8
අමුතු
niiyama film ekak. thanks sub ekata.
යශෝධ
නියම වැඩක් කවිඳු... ලිපිය පට්ට.... කතාව බලනම තැනට ලිපිය ලියලා...... අනිවා බලනවා. බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයම වේවා...!
shiran
thanks saho.niyamai ayeth ekak puluwan ikkmanata dennda.thanks+
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සින්දුත් තියෙනවම් කතාවත් ලස්සනම් නොබලා කොහොමද?
අනිවා බලන්වා.
ජය වේවා. !Anushka
එළකිරි ෆිල්ම් එකත් ඩවුන්ලෝඩ් කරලා තියන් හිටියේ,
බොහොම ස්තුති සහෝ සබ් එකටSach
සබට තුති සහෝ !!!!
නලින්
ස්තුතියි කවිදු සහෝ!.. මෙකේ නම් බ්ලු රේ එකක් ම බලන්න ඕනේ..
ජය වේවා!
D.chamara
thanks sahooo niyamai.... :D
ela buwa
ela machn.thanxxx....
kalinga
thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sajith Anthony
අනිවා බලන්වා.
බොහෝම ස්තුතියි.!!!
ජය වේවා. !කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මම නම් ඇනිමේශන්, රහස් පරීක්ශක, විද්‍යා ප්‍රබන්ධ කතා අතාරින පොරක් නෙමෙයි.
ලොවෙත් බලනවාම තමයි.
දැනට අවුල තියෙන්නේ බාගන්න තියෙන පැකේජ් එක තමයි.
නැතිනම් මේක බාගෙන බලලාම තමයි කමෙන්ට් එකක් දාන්නේ.
උපසිරැසියට ස්තුතියි සහෝ.ආයු -බෝ -වේවා !!!
ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා !!!
darshi
thanks
Dhana
Thanks..... Bro.
Patta film ekak wage..... Ela
#YasmikaSH
ආ.. උඹ එහෙනම් ඇනිමේෂන් වලටත් දෙනවද? එළ එළ මේක අන්තර්ජංජාලේ නම් මම දැක්කා. හිතුවේ නෑ මේතරම් ඉක්මණටම සබ ගෙනෙයි කියලා.. බෝම ස්තූතියි කිව්වා ඕං..
Sameera
Direct link 1k laba diima gana GODAAAAAAAAAAAAAAAAk STHUUTHIIIII
Thank You Very Much Brooo........ANJANA
Thanks...
shehan
vadenam niyamai
Kulanjana Maduranga
pattai mcn... lipiyath hodatama liyala ela...meka nm aniwa balanawa.subata thanks KAVINDU saho.digatama sub demu.......jaya wewa........
Romesh Sachintha
22 wenakal inna eka thamai amaruma wade.........
Jack
පට්ටයි මචෝ.
ස්තුතියි සබ් එකට.
ජය.Malshan
ගොඩාරියක් තෑන්ක්ස් සබට. ආසවෙන් හිටියෙ ඇනිමේෂන් එකක් බලන්න. එහෙනම් සෙට් එකටම 2015 වැඩි වැඩියෙන් සබ් දෙන්න පුලුවන් වෙන අත ගහන හැම වැඩේම සාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා……! ජයවේවා.....!
මෙන්න ඕනනම් 700MB-720P-WEB-DL එකේ direct link එක. ඕකෙ උඩින්ම තියෙන download button එක click කරන්න එපා. යට තියෙන වචනෙ type කරල enter කරන්න. ඊට පස්සෙ යන page එකේ උඩහින් තියෙන Download using download accelerator කියන එකෙන් tick එක අයින් කරල download button එක click කරන්න. වැඩේ හලි එතකොට.
වරුණ රංගජිත් (වරූ)
නියමයි කවිදු සහෝ...
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා...!!!fernando
direct link එක දෙන එකනම් ගොඩක් ලොකු දෙයක් ඉදිරියටත් ඔහොමම දිගටම යන්න ශක්තිය ලැබේවා.
fernando
සබට thnkz
kanchana
sthutiy .. suba nawa wasarak wewa
“චූටී මල්ලි”
එල මචන්
මාත් බලන්නයි හිතන් ඉන්නෙ
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුරංග තේනුවර
ස්තූතියි !! ඔබ සියලු දෙනා සිදුකරන්නේ අසාමාන්‍ය මෙහෙවරක්.
chathura
thanks bro :D !
දමිත්
ස්තුතියි සහෝ ..
සුබ අලුත් අවුරුද්දක් වේවා..
සියලු වැඩ සාර්ථක වේවා..
ජයෙන් ජය…Imankar
isthuthie
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sujith lasantha
thanks
Sewwandi
Thanks for the film :)
ashan lankanath
thanks
saji
onna mamath dwnloard kala. thanks hode
tharindu
the.book.of.life.720p.web.dl.x265.hevc.325mb.mmkv
(325MB)
https://kickass.so/the-book-of-life-720p-web-dl-x265-hevc-3…
අසිත
ගොඩක් ලස්සනයි.සත්‍ය ආදරයේ වටිනාකම කියලා දෙන සංවේදී කතාවක්.2007 දී DreamWorks Animation ලාට මේ නිර්මාණයේ ඇති වෙනස් කම් වලට එහා යන්න හැකියාවක් නැති නිසයි කල් දාල තියෙන්නේ.සබට බොහොම පින්.
osmen gallantin
It's real cool thanks lot
Sayuru Tharanga Lakmal
niyama wadak sahoo........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama 1 ada dawasata 2 weni watawata 1st una