The Boy and the Heron (2023) Sinhala Subtitles මහිතෝ මකී කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ ටෝකියෝවෙ ජීවත්වුණු පිරිමි ළමයෙක්. ඉතාමත් අඩු වයසකදි යුද්ධයේ බිහිසුණුකාරීබව සහ වේදනාකාරීබව ඔහුටත් අත්විඳින්න ලැබෙනවා. ඔහුගේ මව මියයන්නෙත් මේ යුද්ධය නිසාම තමයි. මේ විදිහට නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාරවලට ලක්වෙන නිසා, ටෝකි…
The Boy and the Heron (2023) Sinhala Subtitles
මහිතෝ මකී කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ ටෝකියෝවෙ ජීවත්වුණු පිරිමි ළමයෙක්. ඉතාමත් අඩු වයසකදි යුද්ධයේ බිහිසුණුකාරීබව සහ වේදනාකාරීබව ඔහුටත් අත්විඳින්න ලැබෙනවා. ඔහුගේ මව මියයන්නෙත් මේ යුද්ධය නිසාම තමයි. මේ විදිහට නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාරවලට ලක්වෙන නිසා, ටෝකියෝව කියන්නෙ තවදුරටත් ආරක්ෂිත තැනක් නෙමෙයි. විශේෂයෙන්ම මහිතෝ වගේ ළමයින්ට… ඒ නිසා මහිතෝගෙ පියා, ඔහුගෙ අලුත්ම බිරිඳ; මහිතෝගෙ මවගෙ නැඟණිය වෙන “නත්සුකෝ” ජීවත්වෙන ග්‍රාමීය ප්‍රදේශයට මහිතෝ සමඟම පිටත්වෙනවා.
The Boy and the Heron (2023) Sinhala Subtitlesටෝකියෝවේ කාර්යබහුල පරිසරයක හැඳීවැඩුණු මහිතෝට නිස්කලංක ග්‍රාමීය පරිසරය ටිකක් නුහුරු තැනක්. අනිත් දේ තමයි ඔහු ඇවිල්ලා ලොකු කුතුහලයක් තියෙන දරුවෙක්. ඒ නිසා ඔහු හරිම උනන්දුයි මේ අලුත් පරිසරයෙ තමා අවට සිදුවෙන දේවල් පිළිබඳව. මහිතෝගෙ අවධානය ගොඩක්ම දිනාගන්න සමත්වෙන්නෙ ඔහුගෙ අලුත් ගෙදරට නුදුරින් තියෙන විශේෂ ගොඩනැගිල්ලක්. ඔහුගෙ පුරාතනයෙක් ගොඩනැගුවා කියන මේ ගොඩනැගිල්ල, මහා රහස් ගොන්නක් සඟවන් ඉන්න තැනක්. මේ වගේ අත්භූත තැනක හරි අපූරු වික්‍රමාන්විත චාරිකාවකට තමයි මහිතෝ එකතුවෙන්න යන්නෙ. ඒ විශේෂ මඟපෙන්වන්නෙකුගෙ සහයත් ඇතිවයි. ඔව්, ඒ තමයි “අලුකොකා.” තමන්ව දැන් බලාකියාගන්න, තමන්ගෙ දෙවෙනි අම්මා වෙන නත්සුකෝව බේරගන්න තමයි මහිතෝ මේ චාරිකාව අරඹන්නෙ.
The Boy and the Heron (2023) Sinhala Subtitlesඉතින් නත්සුකෝ මොන විදිහෙ කරදරයකටද මුහුණපාලා තියෙන්නෙ? මේ කියන ගොඩනැගිල්ල සඟවන් ඉන්න රහස් මොනාද කියල දැනගන්න නම්, ඔයාට මේක දැන් බලන්නම වෙනවා.
ඇනිමේ රසිකයො බලාපොරොත්තුවෙ දෑස් දල්වගෙන හිටපු, අසහාය සිනමාකරු “හයාඕ මියසාකී” සෙන්සෙයිගෙ අලුත්ම ඇනිමේ චිත්‍රපටය වෙන The Boy and The Heron වෙනුවෙනුයි මේ සිංහල උපසිරසි ලබාදෙන්නෙ. මේකලු ඔහුගෙ අවසන් සිනමා කෘතිය වෙන්නෙත්… ඉතින් ඒ අනුව බලනකොට මේ චිත්‍රපටයෙන් ඇනිමේ කලාවෙ තවත් යුගයක අවසානයක් සනිටුහන් වෙනවා කියල අපිට කියන්න පුලුවන්.
The Boy and the Heron (2023) Sinhala Subtitles
හයාඕ මියසාකි සෙන්සෙයි
2023 ජූලී 14 වෙනිදා තිරගත වීම ඇරඹුණු The Boy and The Heron, මේ ඇනිමේ චිත්‍රපටය, 1937 දී එළිදැක්වුණු “ගෙන්සබුරෝ යොෂිනො” ගෙ නවකතාවක් වෙන “How Do You Live?” හී අභාෂය ලබාගෙන නිර්මාණය වෙන්නක්. ඒ පොතේම තවත් එක පිටපතක් විදිහට නැතුව එහි අභාෂය ලබමින් අලුත්ම කතාවක් විදිහටයි චිත්‍රපටය දොරට වඩින්නෙ.

How Do You Live? නවකතාව
Isekai ( වෙනත් ලොවකට සංක්‍රමණය වීම ) කියන තේමාව යටතේ The Boy and The Heron චිත්‍රපටය, Adventure, Drama, Fantasy කියන ශානරවලට අයත්වෙනවා. පැය 2යි විනාඩි 3ක ධාවන කාලයක් තියෙන The Boy and The Heron, ප්‍රේක්ෂකයව වෙනම ලෝකෙක තමයි අතරමං කරන්නෙ. ඒක නම් ඔයාලම බලන්න ඕනෙ එකක්… කොහොමත් Ghibli ඇනිමේ කියන්නෙ ආයෙ වෙනම මාතෘකාවක් තමයි. ✨️
ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL තුළින් 7.6ක අගයක්, Imdb 7.5ක අගයක් සහ Rotten Tomatoes හී 97%ක ප්‍රතිශතයක් හිමිකරගන්න මේ චිත්‍රපටය 96 වෙනි Academy Awards හීදිත්, 76වෙනි Brithish Academy Film Awards හීදිත් “Best Animated Feature” ලෙසත්, 2024 ජනවාරි 7වෙනිදා පැවති Golden Globe Awards හිදිත් “Best Animated Feature Film” ලෙසත් ඉමහත් ගෞරව සම්මානවලට පාත්‍රවෙනවා. ඒ විතරක් නෙමෙයි… Outstanding Achievement for Storyboarding in a Feature Production සහ Outstanding Achievement for Character Animation in an Animated Feature Production යටතේ Annie සම්මාන දෙකකුත් දිනාගන්න The Boy and The Heron සමත්වෙනවා. ✨️
The Boy and the Heron (2023) Sinhala Subtitlesචිත්‍රපටය මේ වෙනකොට ඇ.ඩො. මිලියන 294.2ක ආදායමක් උපයමින්, වැඩිම ආදායමක් ඉපයූ ජපන් චිත්‍රපට ලයිස්තුවෙ 5වෙනි ස්ථානයෙයි ඉන්නෙ. මෙහි නිෂ්පාදකයා වෙන, ඒ වගේම Studio Ghibli හි පුරෝගාමියෙකුද වෙන “තොෂියෝ සුසුකි” සෙන්සෙයි කියන විදිහට නම් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු ඇනිමේ චිත්‍රපටය මේ The Boy and The Heron ලු…
The Boy and the Heron (2023) Sinhala Subtitles
තොෂියෝ සුසුකි සෙන්සෙයි
මේ චිත්‍රපටයෙ මහිතෝ තුළින් මියසාකි සෙන්සෙයිගෙ ළමා කාලය නිරූපණය කරන බව තමයි සදහන් කරලා තියෙන්නෙ. මියසාකි සෙන්සෙයිත් කුඩා කලදි දෙවෙනි ලෝක යුද්ධයෙ කටුක බව අත්විදපු කෙනෙක්. ඉතින් ඔහුගෙ ළමා කාලයෙ අත්දැකීම් මහිතෝ තුළින් අපිට දැකගන්න ලැබෙනවා කියල කියනවා. ඒ වගේම මෙහි “අලුකොකා” තොෂියෝ සුසුකි සෙන්සෙයිව නිරූපණය කරනවා කියල කියනවා. ඉතින් මේ මහිතෝ සහ අලුකොකා තුළින් මියසාකි සෙන්සෙයි සහ සුසුකි සෙන්සෙයි අතර තියෙන බැඳීම ප්‍රේක්ෂකයට නිරූපණය කරනවා කියල තමයි කියවෙන්නෙ.
The Boy and the Heron (2023) Sinhala Subtitlesලාංකේය අපිට නම් Studio Ghibli කියන්නෙ ළමා කාලය හා බැදුණු නමක් නෙ… ඉතින් Studio Ghibli වෙතින් එළිදක්වපු බොහොමයක් ඇනිමේ චිත්‍රපට සඳහා සිංහල උපසිරසි බයිස්කෝප් වෙබ් අඩවිය තුළ පවතිනවා. ඒවත් නරඹන ලෙස මතක් කිරීමක් කරනවා ඔන්න…
ස්තූතිවන්න වෙන්නෙ අශාන් විමුක්ති අයියට මේක මටම වෙන්කරලා දීපු එක ගැන. උපසිරසිය නම් ටිකක් ප්‍රමාදයි තමා. අවස්ථා කීපෙකදිම මේකට උපසිරසි කරන්න කියල බයිස්කෝප් වෙබ් අඩවියෙන් දැනුම් දුන්නත් හොඳ කොපියක් එනතුරුම උපසිරසි ගැන්වුමෙන් වැලකීහිටියා. මොකද බලන පළමු වතාවෙම මේක හොඳ කොපියකින් බලන්න මට දරුණු උවමනාවක් තිබුණු නිසා. ඉතින් තියෙන හොඳම පිටපතක් ඉලක්ක කරලා ඔන්න උපසිරසිය අහවරක් කරලා දැම්මා. එහෙනම් ඔබට භාරයි මේ අපූරු නිර්මාණය රසවිඳීම. තවත් දවසක අලුත් ඇනිමේ එකක් හා හමුවීම බලාපොරොත්තුවෙන් සමුගන්නම්…
The Boy and the Heron (2023) Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,210 downloadsDownload The-Boy-and-the-Heron-2023-Sinhala-Subtitles.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Boy and the Heron (2023) Sinhala SubtitlesSubtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2023
- #Aimyon
- #Andrew Kishino
- #BAFTA Nominated
- #BAFTA Winner
- #Barbara Goodson
- #Barbara Rosenblat
- #Christian Bale
- #Dan Stevens
- #Dave Bautista
- #Debi Derryberry
- #Denise Pickering
- #Florence Pugh
- #Gemma Chan
- #Golden Globe Nominated
- #Golden Globe Winner
- #Hayao Miyazaki
- #Jun Fubuki
- #Jun Kunimura
- #Kaoru Kobayashi
- #Karen Fukuhara
- #Karen Takizawa
- #Keiko Takeshita
- #Keone Young
- #Kiyoko Nishimura
- #Ko Shibasaki
- #Luca Padovan
- #Mamoudou Athie
- #Mark Hamill
- #Masaki Suda
- #MaxxA
- #Melora Harte
- #Michael Sinterniklaas
- #Must Watch
- #Nami Uehara
- #Nika Futterman
- #Oscar Nominated
- #Oscar Winner
- #Paul Nakauchi
- #Robert Pattinson
- #Ryunosuke Watanuki
- #Sawako Agawa
- #Shinobu Ôtake
- #Shohei Hino
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Soma Santoki
- #Sub
- #subtitle
- #Subtitles
- #Takuya Kimura
- #Takuya Yagyu
- #The Boy and the Heron
- #The Boy and the Heron (2023)
- #The Boy and the Heron (2023) Sinhala Sub
- #The Boy and the Heron (2023) Sinhala Subtitles
- #Tony Revolori
- #Willem Dafoe
- #Yoshino Kimura
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Buddhika Lakmal
Kavindu Nethmina
Sub Ekata Thanks Bro
Ishan Madusha
නියමයි.බොහෝම ස්තූතියි...
Sand Land: The Series (2024) පුළුවන්නම් උපසිරැසි දෙන්නlakmal
sub ekta godak thanks
Gagan pabasara
The Imaginary (Yaneura no Raja) (2023) මෙකත් කරන ලා දෙන්න සුපිරි යක් බොහොමත් ස්තුතියි
Gagan pabasara
The Imaginary (Yaneura no Raja) (2023) මේකත් කරලා දෙන්න සහෝ බොහොම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lahru
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


ස්තූතියි පවිත් සහෝ පට්ටම මූවි එහෙකට සබ් ගෙනාවට