Ultraman: Rising (2024) Sinhala Subtitles තාවකාලික නිහැඩියාවකින් පසු නැවතත් බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව මුණ ගැහෙන්නයි මේ සූදානම. ඉතිං සුපුරුදු පරිදි හැමෝටම ආයුබෝවන් කියලම පටන් ගන්නම්. මුලින්ම trailer එක නිකුත් වුණ දවසේ ඉඳලම බොහොම ආසාවෙන් උපසිරැසි ගන්වන්න හිටපු චිත්‍රපටයකට උපසිරැසි තමයි අද ඔයාලට මේ…

තාවකාලික නිහැඩියාවකින් පසු නැවතත් බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව මුණ ගැහෙන්නයි මේ සූදානම. ඉතිං සුපුරුදු පරිදි හැමෝටම ආයුබෝවන් කියලම පටන් ගන්නම්. මුලින්ම trailer එක නිකුත් වුණ දවසේ ඉඳලම බොහොම ආසාවෙන් උපසිරැසි ගන්වන්න හිටපු චිත්‍රපටයකට උපසිරැසි තමයි අද ඔයාලට මේ අරගෙන ඇවිත් තියෙන්නෙ. ඒකත් මං කැමතිම වර්ගයේ එකක්, 3D ඇනිමේෂන් චිත්‍රපටයක්. කවර් ෆොටෝ එක දැකපු ඔයාලා මේ වෙද්දිත් ඒ මොකක්ද කියලා දන්නවා. ඔව්, ඒ තමයි ඉතාම මෑතකදී Netflix ඔස්සේ නිකුත් වුණු Ultraman: Rising (2024) කියන චිත්‍රපටය. මේකට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු රවිඳු නවීන් සහෝවත් ආදරෙන් මතක් කරනවා.
Ultraman: Rising (2024) Sinhala Subtitlesඅල්ට්‍රාමෑන් කිව්වම දන්න පිරිසක් වගේම නොදන්න පිරිසකුත් ඇති. ඒත් අල්ට්‍රාමෑන් කියන චරිතය නොදන්න අයගේ ප්‍රවණතාවය නම් බොහොම අඩු එකක් වෙන්නැති කියලයි මං විස්වාස කරන්නෙ. මොකද මං වුණත් මේ අල්ට්‍රාමෑන් කියන චරිතය කීපවතාවක්ම දැකල තිබුණත් අල්ට්‍රාමෑන්ගේ චිත්‍රපටයක් බලපු පලවෙනි අවස්ථාව තමයි මේක. ඒකට කාරණයත් මං ලිපිය ඉදිරියේදී කියන්නම්. සරල පැහැදිලි කිරීමක් කළොත් අල්ට්‍රාමෑන් කියන්නෙ අඩි 131 එකක් පමණ උස ඇති දැවැත්ත සුපිරි වීර චරිතයක්. මනුෂ්‍යයෙක් තමයි මේ සුපිරි වීරයා බවට හැරන්නෙ එහෙමත් නැත්තම් පත්වෙන්නෙ. මේ අල්ට්‍රාමෑන්ලත් කීපදෙනෙක්ම ඉන්නවා. මං ඒ පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කරන්න යන්නෙ නෑ, මොකද මේ ලිපියත් ඉතාමත් හදිසියේ ලියන එකක් නිසා. ඉතිං ලිපියේ අඩුපාඩු තිබුනොත් නොසලකා හරින්න කියලත් මතක් කරනවා.
මොකද චිත්‍රපටය ආපු දවස්වලම උපසිරැසි කරලා තිබුණත් ඒකට අදාල ලිපියක් ලියන්න තරම්වත් කාල වේලාවක් ලැබුණේ නෑ, සහ උපසිරැසිය ගේන්න ටිකක් ප්‍රමාද වුණ එක ගැන නම් සමාවෙන්න ඕන.
Ultraman: Rising (2024) Sinhala Subtitlesඉතිං මේ Action/Sci-fi ඛාණ්ඩයට අයත්වෙන Ultraman : Rising (2024) චිත්‍රපටය පැය 1 කුත් මිනිත්තු 57 ක කාලයට සීමා වෙනවා. මං කලිනුත් සඳහන් කළා වගේම මේක Netflix ඔස්සේ තමයි නිකුත් වෙන්නෙ. ඒ වගේම IMDb දර්ශකයේ 7/10 ක් ද මේ වෙද්දි ලබාගන්න සමත් වෙද්දී Rotten Tomatoes අගය 83% ක අගයකුත් මේ අල්ට්‍රාමෑන් චිත්‍රපටය ලබාගෙන තිබෙනවා.
ඉතිං කතාව ගැන යමක් සඳහන් කළොත්…,
ටයිටන්ලා, කයිජුලා ඔක්කොගෙම අයිතිය තියෙන ජපානෙට තමා මේ අල්ට්‍රාමෑන් කියන චරිතයත් අයත් වෙන්නෙ. ඉතිං කයිජුලගේ වංසගතයට එරෙහිව මිනිස්සුන්ව ආරක්ෂා කරන්න තමයි අල්ට්‍රාමෑන් හට හුඟක් වෙලාවට තියෙන රාජකාරිය වෙන්නෙ. මේ අල්ට්‍රාමෑන් කතාව අනිකුත් කතාවන්ට කිසිඳු සබැදියක් නැති නිසා කිසිම අවුලක් නැතුව මේක බලලා අල්ට්‍රාමෑන් රසිකයෙක් වෙන්න ඔයාලට ඔන්න අවස්ථාවක් තියෙනවා. කයිජුලගේ වංසගතයෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරන යුතුකමක් තියෙන මේ අල්ට්‍රාමෑන්ට සිද්ධ වෙනවා නොහිතපු විදිහේ වගකීමකට කරගහන්න.
ඉතිං මීටවඩා නම් කතාව ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. ඔයාලටම බලලා රසවිඳින්න භාර කරලා තවත් උපසිරැසියකින් හමුවෙනකන් අදට ගිහින් එන්නම්.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
Ultraman: Rising (2024) Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,625 downloadsDownload Ultraman-Rising-2024-Sinhala-Subtitles.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Artt Butler
- #Christopher Sean
- #François Chau
- #Frank Buckley
- #Gedde Watanabe
- #Hiro Nakamura
- #John Aoshima
- #Jonathan Ohye
- #Julia Harriman
- #Karen Maruyama
- #Keone Young
- #MaxxA
- #Mayumi Yoshida
- #Mila O'Malley
- #Rob Fukuzaki
- #Robert Yasumura
- #Shannon Tindle
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Tamlyn Tomita
- #Ultraman
- #Ultraman: Rising
- #Ultraman: Rising (2024)
- #Ultraman: Rising (2024) Sinhala Sub
- #Ultraman: Rising (2024) Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Buddhika Lakmal
Kavindu Nethmina
Sub Ekata Thanks Bro
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රුකා...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Nimesh Lakshan
මචන් රුකා.පුලුවන්නම් the vampire diaries එකෙ sinhala sub එක දෙන්නකො S7/8 දෙකේ.
Asela chathuranga
බොහොම ස්තුතියි මහත්තයා, උපසිරැසියට, බුදු සරණයි
Pramod
Thanks bro , jaya weva.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ultraman: Rising (2024) Sinhala Subtitles | ” යුතුකමකට එහා ගිය වගකීම ” [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/07/Ultraman-Rising-2024-Cover-02.jpg)

ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට...........
ජයවේවා............