The Brutalist (2024) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම. මේ වතාවේ මං සිංහල උපසිරැසි ගැන්වුයේ ඔස්කා සම්මාන තුනක් දිනාගත් විශිෂ්ඨ සිනමා පටයකට. ඒ තමයි The Brutalist (2024). The Brutalist කියන්නේ බ්රූඩි කෝබට් විසින් අධ්‍යක්ෂණය කරන ලද දැවැන්ත ඓතිහාසික නාට්‍යමය සිනමා නිර්මාණයක්. මේක නිර්මාණය වෙලා තියෙන්න…
The Brutalist (2024) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම. මේ වතාවේ මං සිංහල උපසිරැසි ගැන්වුයේ ඔස්කා සම්මාන තුනක් දිනාගත් විශිෂ්ඨ සිනමා පටයකට. ඒ තමයි The Brutalist (2024).
The Brutalist කියන්නේ බ්රූඩි කෝබට් විසින් අධ්‍යක්ෂණය කරන ලද දැවැන්ත ඓතිහාසික නාට්‍යමය සිනමා නිර්මාණයක්. මේක නිර්මාණය වෙලා තියෙන්නේ 1947දී Holocaust හෙවත් දෙවන ලෝක යුද්ධය සමයේ කෙරුණු යුරෝපීය යුදෙව්වන් සමූලඝාතනය කිරීමෙන් දිවි ගලවාගෙන එක්සත් ජනපදයට සංක්‍රමණය වූ හංගේරියානු-යුදෙව් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ලාස්ලෝ ටෝත්ගේ (László Tóth) ඇමෙරිකානු සිහිනය හඹා යමින් ඉදිරියට ගෙවන ජීවිතය පදනම් කරගනිමින්. මොකක්ද මේ ඇමරිකානු සිහිනය කියන්නේ? ඕනෑම ඇමරිකානුවෙකුට ඉහළම අභිලාෂයන් සහ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ සලසන ආකාරයේ සමානාත්මතා අවස්ථා ලබාගනිමින් දියුණු වීමේ හැකියාවක් පැවතීම පිළිබඳ සංකල්පයක්. පැය තුනකුත් මිනිත්තු 35ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය දශක තුනකට අධික කාලයක් පුරා විහිදෙනවා. ඒ වගේම මේක කම්පනය, අභිලාෂය සහ ඇමරිකානු සිහිනය ලුහුබැඳීම යන තේමාවන් ගවේෂණය මින් පශ්චාත් යුධ ඇමරිකානු සමාජයේ සංකීර්ණතා ඉස්මතු කරන නිර්මාණයක්. අතිශය තාත්වික පසුතල සහ දක්ෂ චරිත නිරූපණ ඔස්සේ ඔබට ඉතා රසබර ලෙස ජීවිතාවබෝධයක් ලබාගනිමින් නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්.
ඩොලර් මිලියන 9.6 ක නිෂ්පාදන පිරිවැයකට එදිරිව, එය ලොව පුරා ඩොලර් මිලියන 50 කට වඩා උපයා ගත් අතර, එය කෝබට්ගේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්වන්නට සමත්ව තිබෙනවා. The Brutalist චිත්‍රපටය බොහෝ ධනාත්මක සමාලෝචන ලබාගන්න සමත් වුණා. විශේෂයෙන්ම එහි අභිලාෂකාමී විෂය පථය, කැපී පෙනෙන රූප රචනය වගේම ප්‍රබල රංගනයන් වෙනුවෙන් විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්තා. විශේෂයෙන්ම ලාස්ලෝ ටෝත් ලෙසින් ඇඩ්රියන් බ්‍රෝඩි සහ හැරිසන් ලී වැන් බියුරන් ලෙසින් ගයි පියර්ස් විසින් සිදුකල තාත්වික රංගනයත් බෙහෙවින් ඇගයීමට ලක් වුණා. කලාව, වාර්ගික අනන්‍යතාවයන් සහ සංක්‍රමණික අත්දැකීම් වැනි තේමාවන් ගවේෂණය කිරීම මෙන්ම සිනමාරූපණය වගේම සංගීත නිර්මාණය වෙනුවෙන් මේ චිත්‍රපටය ප්‍රශංසාවට ලක් වුණා. ඒ වගේම IMDb අඩවියේ 7.4/10ක අගයක් ලබාගන්න සමත් වෙනවා වගේම Rotten Tomatoe වෙබ් අඩවියේ Tomatometer 93% ක අගයකුත් Popcornmeter 80% ක අගයකුත් ලබාගෙන තිබෙනවා.
මොකක්ද මේ The Brutalist කියන නමේ තේරුම? මේ සිනමාපටය ගෙතෙන්නෙ හංගේරියානු යුදෙව් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ලාස්ලෝ ටෝත් වටා බව ඔබ දන්නවා. එතැනදී ඔහු අනුගමනය කරන ගෘහනිර්මාණ ශෛලිය තමයි ‘ බෲටලවාදය’ එහෙම නැතිනම් ‘බෲටලවාදී ගෘහනිර්මාණ ශිල්පය’ (Brutalism / Brutalist architecture). බෲටලවාදය කියන්නේ 1950 ගණන් වල එක්සත් ජනපදයේ පශ්චාද් යුධ කාලය තුළ කෙරුණු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වලදී අලුතින් නිර්මාණය වුණු ගෘහ නිර්මාණ ශෛලියක්. මේකේ විශේෂත්වය තමයි සාමාන්‍ය ගෘහනිර්මාණ කරණයේදී යොදාගන්න විධියට මතුපිට අලංකරණ වලින් ව්‍යුහාත්මක ගොඩනැඟිලි අමුද්‍රව්‍ය වසා දමන්නේ නැතිව ව්‍යුහාත්මක අමුද්‍රව්‍ය එළියට ප්‍රදර්ශනය වෙන අන්දමින් ගෘහ නිර්මාණ ඉදි කිරීම. මෙතැනදී මතුපිට සුන්දරත්වයට වඩා ව්‍යුහාත්මක ක්‍රියාකාරීත්වයටයි අවධානය යොමු කරන්නේ. බොහෝ විට කොන්ක්‍රීට් හෝ ගඩොල් එළියට නිරාවරණය වන අන්දමින් මෙහිදී යොදා ගැනෙනවා. දෙවන ලෝක යුද්ධයේ වින්දිතයෙක් වුණු ලාස්ලෝ ටොත්ගේ කම්පනය සඳහා රූපකයක් ලෙස ඔහුගේ නිර්මාණ තුළින් බෲටලවාදය ඉස්මතු කිරීමක් මේ චිත්‍රපටයේදී අපට දකින්න පුළුවන්. ඒ වගේම බෲටලවාදය නිර්මාණය වීමේ කාලයට මේ සිනමා පටයට පසුබිම් වන කාලය සමපාත වෙනවා.
චිත්‍රපටයේ පෙන්වන නූතනවාදී පෙනුමක් ඇති දැවැන්ත කොන්ක්‍රීට් ව්‍යුහයක් වන වැන් බියුරන් ආයතනය, බෲටලවාදී ගෘහ නිර්මාණවේදය ඇසුරින් ගොඩනඟා තිබෙන අතර සැලකිය යුතු පසුතල නිර්මාණයක් ලෙස කැපී පෙනෙනවා. චිත්‍රපටය සඳහා එය නිර්මාණය කරන ලද්දේ බුඩාපෙස්ට්හි ජොසෙෆ් ගෲබර් ජලාශය ඇතුළු ආකෘති, පසුතල සහ සැබෑ ජීවිත ස්ථානවල සංයෝජනයක් භාවිතා කරගනිමින්. මේ සැලසුමේදී ඉහත සඳහන් කළ බෲටලවාදී ගෘහ නිර්මාණ ශිල්පයෙන් සහ දෙවන ලෝක යුද්ධයේ ගාල් කඳවුරුවල පිරිසැලසුමෙන් ද ආභාෂය ලබා ගෙන තිබෙනවා. The Brutalist චිත්‍රපටය ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය, විශේෂයෙන් ෆිලඩෙල්ෆියා සහ පෙන්සිල්වේනියාව කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබෙනවා, නමුත් එය සම්පූර්ණයෙන්ම පාහේ හංගේරියාවේ රූගත කර ඇති අතර සමහර දර්ශන ඉතාලියේ කැරරා හි ද රූගත කර තිබෙනවා. කොටස් වශයෙන් සහ පරිමාණ ආකෘතියක් ලෙස පමණක් ඉදිකරන ලද වැන් බියුරන් ආයතනය, තිර රචනයේ එහි ලක්ෂණ පිළිබඳව හැකි තරම් විස්තර කිරීමට උත්සාහ කළ ෆාස්ට්වෝල්ඩ් සහ කෝබට්ගේ සටහන් මත පදනම්ව නිෂ්පාදන නිර්මාණකරු ජූඩි බෙකර් විසින් නිර්මාණය කරනු ලැබුවා. පුහුණුවෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු නොවූ බෙකර්, ගාල් කඳවුරුවල සැලසුම්, සැබෑ ජීවිතයේ බෲටලවාදී ගොඩනැගිලි, මාසෙල් බෲයර් සහ ටැඩාඕ ඇන්ඩෝගේ නිර්මාණ, ලුවී කාන්ගේ සල්ක් ආයතනය සහ ෆ්‍රෑන්ක් ලොයිඩ් රයිට්ගේ ජොන්සන් ඉටි මූලස්ථානය ආදී නිර්මාණ අධ්‍යයනය කරමින් පසුතල නිර්මාණය කිරීමට ආභාසය ලබාගෙන තිබුණා.
IMDb වෙබ් අඩවියේ සඳහන් වන අන්දමින් මේ සිනමාපටය විවිධ සිනමා උළෙල වලදී සම්මාන 136 ක් දිනාගෙන තිබෙන අතර සම්මාන වෙනුවෙන් නිර්දේශ වීම් 344 ලබාගෙන තිබෙනවා. පහතින් සඳහන් වෙන්නේ ඒවගෙන් කිහිපයක්.
97th Academy Awards (2025)
- Best Leading Actor (Adrien Brody)
- Best Cinematography (Lol Crawley)
- Best Music (Score) (Daniel Blumberg)
82 Golden Globes Awards (2025) – Movies from 2024
- Best Picture – Drama
- Best Director (Brady Corbet)
- Best Leading Actor Drama (Adrien Brody)
BAFTA 2025
- Best Director (Brady Corbet)
- Best Leading Actor (Adrien Brody)
- Best Cinematographer (Lol Crawley)
- Best Music Score (Daniel Blumberg)
81 Venecia Film Festival 2024
- Silver Lion – Best Director (Brady Corbet)
- FIPRESCI – International Critics’ Jury
New York Film Critics Circle – Year 2024
- Best Picture
- Best Actor (Adrien Brody)
Los Angeles Film Critics Awards (LAFCA 2024)
- Best Production Design (Judy Becker)
30 Critics Choice Awards – Ceremony February 07, 2025
- Best Actor (Adrien Brody)
Chicago Film Critics Awards 2024
- Best Picture
- Best Actor (Adrien Brody)
Boston Society of Film Critics 2024
- Best Cinematography (Lol Crawley)
- Best Original Score (Daniel Blumberg)
29 Satellite Awards (International Press Academy)
- Motion Picture, Drama
- Best Director (Brady Corbet)
- Actor in a Supporting Role (Guy Pearce)
අපි චිත්‍රපටයේ කතාව වෙත යොමුවෙමු. දෙවන ලෝක සංග්‍රාමයේ යුදෙව් ජනතාව ඝාතනයෙන් දිවි ගලවා ගැනීමෙන් පසු, හංගේරියානු-යුදෙව් ගෘහ නිර්මාණ ශිල්පී ලාස්ලෝ ටෝත් (Adrien Brody) දෙවන ලෝක යුද්ධ සමයේදී බුඩාපෙස්ට් හි ඔහුගේ බිරිඳ වන අර්සබෙත් (Felicity Jones) සහ ලේලිය වන සොෆියාගෙන් (Raffey Cassidy) බලහත්කාරයෙන් වෙන් කෙරෙනවා. ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වෙන්නේ ජීවිතය මුල ඉඳන් අලුතෙන් ආරම්භ කරන්න. ඔහු ෆිලඩෙල්ෆියාවට යන අතර, එහිදී රැකියාවක් සොයන අතරතුර ඔහුගේ සංක්‍රමණික ඥාති සහෝදරයා වන ඇටිලා (Alessandro Nivola ) සහ ඔහුගේ ඇමරිකානු බිරිඳ ඕඩ්‍රි (Emma Laird) සමඟ රැඳී සිටීමට අවස්ථාවක් ලැබෙනවා. හදිසියේම ලාස්ලෝ දැනගන්නවා සිය භාර්යාව ඒ වනවිටත් ජීවතුන් අතර ඇති බව. ලාස්ලෝ ඔහුගේ ගෘහ භාණ්ඩ ව්‍යාපාරයට සහාය වෙනවා. හැරිසන් ලී වැන් බියුරන් (Guy Pearce)ගේ පුත් හැරී (Joe Alwyn) තම පියා ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යන අතරතුර ඔහුගෙන් සහ ඇටිලාගෙන් ධනවත් කර්මාන්තකරුවෙකු වන අධ්‍යයනය සහ පුස්තකාලය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලන්නේ ඔහුගේ පියා ආපහු එද්දී ඔහුව පුදුමයට පත් කරන්න. ලාස්ලෝ ඇතුළු කණ්ඩායම ඒ කාර්යය අවසන් කරන්න කළින් නිවසට ආපහු එන හැරිසන් මේ කළ ප්‍රතිසංස්කරණය ගැන බොහොම කලබල වෙලා පිටව යන්න කියලා ලාස්ලෝ සහ ඇටිලාට කියනවා. පසුව ඔහු දන්වන්නේ ඔවුන් කළ කාර්යය සඳහා මුදල් ලබාදිය නොහැකි බවයි. මේ ගැන ලාස්ලෝට ඇටිලා දෝෂාරෝපණය කරනවා. ඒ වගේම ඇටිලාගේ බිරිඳ ඕඩ්‍රි ලාස්ලෝ තමන්ට අතවර කරන්නට උත්සාහ කළ බවට චෝදනා කරන නිසා, ඇටිලා කනගාටුවෙන් තම නිවසින් පිටවෙන්න කියලා ලාස්ලෝට කියනවා. ලාස්ලෝ රැකියාවක් සොයමින් නිවසින් පිටව යනවා.
වසර ගණනාවකට පස්සේ, පල්ලියක පුණ්‍යායතනයක පදිංචිව සිටින අතරතුර නැව් අංගනයක අවදානම් සහගත රැකියාවක් ඔහු අසීරුවෙන් සොයාගන්නවා. ලාස්ලෝ තමන්ගේ කුඩා පුතාව ඇති දැඩි කිරීමට අපහසු තරමට දුප්පත් අප්‍රිකානු-ඇමරිකානු පියෙකු වන ගෝර්ඩන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්නවා. ලාස්ලෝ රහසිගතව හෙරොයින් දුම් පානය කරන බව ගෝර්ඩන් දැන ගන්නවා. මේ අතර දිනක් හදිසියේම නැව් අංගනයට පැමිණෙන හැරිසන් ලී වැන් බියුරන් ලාස්ලෝට ප්‍රශංසා කරනවා තමන් වෙනුවෙන් ඉදි කරදුන් පුස්තකාල කාමරය ගැන. හේතුව ගෘහ නිර්මාණ ප්‍රජාව පුවත්පත් මාධ්‍යය ඔස්සේ ඔහුගේ අති නවීන පුස්තකාලය අගය කරමින් එහි හිමිකරුටත් ප්‍රශංසා කරමින් සඟරා පළ කළ නිසා. හැරිසන් ලාස්ලෝට සාදයකට ආරාධනා කරනවා, එහිදී ලාස්ලෝව කීර්තිමත් අමුත්තෙකු ලෙස පිළිගැනුණත්, ඔහු ඇතැමුන්ගේ සියුම් සරදමටද ලක් වෙනවා. යුරෝපයේ සාර්ථක ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ඔහුගේ පසුබිම සහ කල් පවතින උරුමයක් ඉතිරි කිරීමට ඇති ඔහුගේ ආශාව ගැන දැනගත් පසු, ඔහුගේ නැසීගිය මවට ගෞරවයක් වශයෙන් පුස්තකාලයක්, රංග ශාලාවක්, ව්‍යායාම ශාලාවක් සහ දේවස්ථානයක් ඇතුළත් ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට හැරිසන් ලාස්ලෝට පවරනවා. මේ මධ්‍යස්ථානය ඉදි කරගෙන යද්දී වැන් බියුරන්ගේ පුතු හැරී ලාස්ලෝට එරෙහිව ක්‍රියා කරන්නේ සිය පියාගේ සෞන්දර්යාත්මක අදහස් මූල්‍යමය වශයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබීම ගැන විරෝධය පළ කරමින්. ඔහුගේ බාධක මැද ලාස්ලොට මේ දැවැන්ත නිර්මාණය මුළුමනින්ම ගොඩනැඟිය හැකිවනු ඇතිද? වන් බියුරන්ගේ සහයෙන් ලාස්ලෝට සිය බිරිඳ ඇමරිකාවට ගෙනවාගත හැකි වනු ඇතිද? චිත්‍රපටයෙන් අපි ඒක දැනගනිමු.
නිරුවත් දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
මට මේක අවසන් කරන්න තරමක කාලයක් ගතවුනේ පේළි 2300කට අධික දීර්ඝ උපසිරැසියක් වුණු මෙහි ඉංග්‍රීසි, හීබෘ, හංගේරියානු සහ ඉතාලි යන භාෂාවන් හතරෙන්ම දෙබස් අඩංගු වෙන නිසායි. කොහොමහරි ඒක අවසන් කරන්න හැකි වුණා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
The Brutalist (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත සඳහා අදාළ වේ.
1,483 downloadsDownload The-Brutalist-2024-baiscopelk-sinhala-subtitle.zip90 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Brutalist (2024) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
10 comments
Buddhika laKMal
Vimal
Thanks me wage film ekakata dunnata
Kavindu Nethmina
Sub Ekata Thanks Bro..
lakmal
godak thanks bro sub ekta
Hasitha Madhushan
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
syd
thank you brother
a windows game 2025 sub pleasesyd
sorry
a widows game 2025
Dilanka
Thank you bro sub ekata
Bandara
සිනමා රසිකයින් උදෙසා විශාල වෙහෙසක් දරා මේ උපසිරස සකස් කල කේසර විතානගේ සොයුරාට අපගේ හදපිරි ප්‍රණාමය..
Nishan
Thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Brutalist (2024) Sinhala Subtitles | අභියෝග මැදින් සිහිනය සොයා…. [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/The-Brutalist-2.jpg)
ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ මේ වගේ විශිෂ්ඨ සිනමාකෘතියකට ඔයාගේ වටිනා කාලය කැපකරල සිංහල උපසිරැසිය දුන්නට.........
ඒවගේම තමයි සෑහෙන්න කරුණුහොයල ලියල තියෙන ලිපියටත් බොහෝමත්ම ස්තූතියි.........