Watch Trailer

Sinners (2025) Sinhala Subtitles | පවුකාරයන්ගේ රාත්‍රිය! [සිංහල උපසිරසි] (18+)

Sinners (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ වසරේ නිකුත් වෙච්ව විශේෂිතම චිත්‍රපටයක්. මේක විශේෂ වෙනවා හේතු කාරනා කීපයක් නිසා. එකක් තමයි මේ අවුරුද්දේ නිකුත් වෙන එකම IMAX කැමරා වලින් රූගත කරපු චිත්‍රපටය වීම. මේ අවුරුද්දේ දැනට නිකුත් වුණ වැඩිම රේටින් ගත්ත චිත්‍රපටය, ඒ IMDb දර්ශකේ මනාප…

Sinners (2025) Sinhala Subtitles 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ වසරේ නිකුත් වෙච්ව විශේෂිතම චිත්‍රපටයක්. මේක විශේෂ වෙනවා හේතු කාරනා කීපයක් නිසා. එකක් තමයි මේ අවුරුද්දේ නිකුත් වෙන එකම IMAX කැමරා වලින් රූගත කරපු චිත්‍රපටය වීම. මේ අවුරුද්දේ දැනට නිකුත් වුණ වැඩිම රේටින් ගත්ත චිත්‍රපටය, ඒ IMDb දර්ශකේ මනාප 110, 500 අධික ප්‍රමානයකින් 8/10 ඉහල අගයක් ගන්න සමත් වෙලා. ඊට අමතරව letterboxd හි මනාප 1, 260, 000 අධික ප්‍රමානයකින් 4.2/5 ඉතාමත් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවේ letterboxd හි මිලියනය ඉක්මවා නරඹපු චිත්‍රපට 531 අතර 19 වෙනි තැනට එන්නත් මේක සමත් වෙලා තියෙනවා. කුණු තක්කාලි පැත්තටත් ගියොත් 97% ගුණාත්මක නැවුම් ප්‍රතිශතයකුත් මේක දිනාගෙන තියෙනවා.

ඉතින් දැන් කට්ටියට මේක ගැන හිතාගන්න පුළුවන්නේ. මේක සමහරක්ට හිතෙන්න පුළුවන් අපෝ ඕවරේටඩ්නේ කියලා. ඒත් එහෙම නෑ. මොකද මේකෙ අධ්‍යක්ෂක Ryan Coogler මහතා අපේ නෙත ලේසියෙන් නොගැටෙන දේවල් මේකට දාල තියෙනවා. ඒව තේරුම් ගන්න නම් ඇමරිකාවේ 1930 කාල පරිච්ඡේදය ගැන මනා දැනුමක් තියෙන්න ඕනෙ. මොකද ඒ කාලේ ජාති වාදය සෑහෙන්න තිබුණා. ඒ නිසා ඒ කාලේ කළු ජාතිකයන්ට නියම වුණ බ්ලූස් සංගීතෙ වගේ වෙනම පැත්තකුත් සුදු ජාතිකයන්ට වෙනම සංගීත පැත්තකුත් තිබුණා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේක සංගීතමය චිත්‍රපටයක්, ඉතින් මේකේ සංගීතය යොදද්දි කළු සුදු ජාතිකයන්ට සහ සුදු ජාතිකයන්ට ගැලපෙන පරිදි ඒ ඒ අවස්තාවලදි ගානට ඒව භාවිතා කරලා තියෙනවා. මං කියන්නේ මේකෙ තියෙන ඔක්කොම වගේ ගීත මේ චිත්‍රපටය වෙනුවෙන්ම සාදපු ගීත නමුත් ඒ කාලේ එම සංගීත වල ආභාශය අරන් ඒ විදිහට ගැලපෙන්න හදලා තියෙනවා කියලයි. කතාවෙන් ඒ උදාහරණ අරන් තවත් පැහැදිලි කරන්න පුළුවන් වුණත් ඒක මෙතන නොකර ඉන්නම් කතාව ස්පොයිල් වෙන නිසා. තවද මේකේ Ku Klux Klan කියන ජාතිවාදී සංවිධානය ගැනත් කියවෙනවා සෑහෙන්න. ඒක ඇවිල්ලා ඒ කාලේ තිබුණ තමන්ගේ හමේ පාටට වඩා අඩු ජාතිකයන්ට කෙටින්ම කිව්වොත් කලු ජාතිකයන්ට අන්ත ජරා විදිහට වද දුන්න සංවිධානයක්. ෆිල්ම් එක බලද්දි තේරෙයි ඔයාලට ඒවා ගැන.

ඊට අමතරව මේකේ නිවුන්නු දෙන්නෙක් ඉන්නේ, එයාලා එකට සම්බන්ධ වෙන දර්ශන වැඩී මේකේ. හැබැයි ඒවා හරිම තාත්වික විදිහට අරන් තියෙනවා. ඒකට මෙයාලා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා කියලයි ආරංචිය. මේකේ ඒ නිවුන්නු දෙන්නා පෙන්නන පලවෙනි සීන් එකේදී සිගරට් එකක් මාරු කරගන්න සීන් එකක් පෙන්නනවා, ඒ දර්ශනය මෙයාල ගන්න ශොට් 17 අරන් තියෙනවාලු, ඒ විදිහට පේන්න ගන්න. ඒ චරිත දෙක Michael B. Jordan අකුරටම නිරූපණය කරා. ඔයාලත් මේක බැලුවාම ඒ දේ පිළිගනී.

හොඳයි එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු, පලවෙනි ලෝක යුද්ධයේ යුධ වීරයන් වුණ ස්මෝක් සහ ස්ටැක් දෙන්නා තම ගම වුණ මිසිසිපි දාලා චිකාගෝවට ගිහින් Al Capone ට වැඩ කරලා එහෙන් ලොකු රොබරියක් දීල ලොකු සල්ලි ගොඩකුයි, මත් පැන් අවි ආයුධත් එක්ක මෙයාලා ආයෙත් මිසිසිපි වලට එනවා ජුක් ජොයින්ට් එකක් දාගන්න. ජුක් ජොයින්ට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් කලු ජාතිකයෝ එක් රැස් වෙන බාර් එකක් වගේ එකක්. ඔවුන්ට නටලා බීලා සූදුවක් කෙලලා යන්න පුළුවන් තැනක්. කොහොම හරි මේ නිවුන් සහෝදරයෝ දෙන්නා මේ වැඩේට සුද්දන්ගෙන් ලී මෝලක් ගන්නවා සල්ලි වලට. මෙයාලා මේ ලී මෝල ගද්දි බිම හොඳට හෝදලා තියෙනවා දකිනවා. ඒ ඇයි කියලා ඇහුවාම සුද්දෝ හරියට උත්තරයක් දෙන්නෑ. ඇත්තටම ඒ බිම මොනාද තිබ්බේ කියන එක ඔයාලට දැනගන්න පුළුවන් හරි අවදානෙන් ෆිල්ම් එක බැලුවොත්. එහෙම මෙයාලා ඒ ලීමෝලත් අරන් මෙයාලගේ ජුක් ජොයින්ට් එක එහෙමත් නැත්තම් සංගීත පොට් එක සුපිරියට පටන් ගන්න ගහන ගේමක් සහ එහි ආරම්භක ලොකූ රාත්‍රියක් අපිට මේකෙන් බලාගන්න හැකි වෙනවා. හොල්මන් ක්‍රියාදාම වලින් වට වුණ.

ඊට අමතරව තව දෙයක් තියෙනවා, ඔයාලා නිවුන්නු දෙන්නව වෙන් කරලා හදුනා ගන්න එයාලගේ මූනු බලනවා වෙනුවට මේකෙදී වෙනස් දේකට අවදානේ යොමු කරයි. ඒක මේකේ අධ්‍යක්ෂකවරයා යොදපු තවත් එක් උපක්‍රමයක්.

කතාව ගැන නම් මං එච්චරයි කියන්නේ ඔයාලා අවදානෙන් මේක බැලුවොත් මේකෙ වැඩිය නොකියවෙන පොඩි පොඩි කරුණු වගේ දේවල් බලාගන්න හැකිවෙයි. ඒ අනුව මේක අධ්‍යක්ෂණය කරන්නෙ මං කලින් කිව්වා වගේම Black Panther, Black Panther 2, Creed වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ Ryan Coogler විසින්. ඒ වගේම ඔහු මේ අධ්‍යක්ෂණය කෙරූ චිත්‍රපට ගොඩකම ප්‍රධාන චරිතයෙන් Michael B. Jordan ඉන්නවා, ඉතින් Michael ගේ දක්ශතා හදුනාගෙන ඔහුට ඉදිරියට යන්න ලොකු සහායක් දුන්න අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් Ryan Coogler ව හදුන්වන්න පුළුවන්. තව මේකේ රංගනයෙන් දායක වෙනවා කාගෙත් සිත්ගත් Hailee Steinfeld ඇතුලුව Michael B. Jordan / Miles Caton / Jack O’Connell / Wunmi Mosaku / Jayme Lawson / Omar Miller / Delroy Lindo වැනි ඉතා දක්ශ රංගන ශිල්පීන්. තවද මේකේ සැමීගේ චරිතය නිරූපනය කරන Miles Caton ගේ පලවෙනි සිනමා සිත්තම තමයි මේක. හැබැයි රංගනය නම් අකුරටම තියෙනවා. මේකේ ඔහු කියන සින්දු ඇත්තටම ඔහුම තමයි ගායනය කරලත් තියෙන්නේ.

මේකේ ආදායම් වාර්තා ගැන කිව්වොත්, ඩොලර් මිලියන 90 මෙහි නිර්මාණ කටයුතු වලට සහ ප්‍රචාරණ කටයුතු වලට ගිහින් තියෙනවා, ඩොලර් මිලියන 340 මෙයින් උපයා ගන්න හැකි වෙලා තියෙනවා. මුලින්ම මේකේ ඩිජිටල් රිලීස් කරන්න නියම වෙලා තිබ්බේ මැයි 23 වුණත්, දැඩි ප්‍රේක්ශක ඉල්ලීම මත ආයේ IMAX තියටර් වලට මේක නිකුත් කරලා ඩිජිටල් ‍රිලීස් වෙන දිනේ පහු කරලා තියෙනවා. ඒ අනුව ඔන්න හොඳ වෙබ් පිටපතක් ආව සැනින් උපසිරැසින් ඔයාලට අරගෙන ආවා.

එහෙනම් ඔච්චරයි කියන්න තියෙන්නෙ චිත්‍රපටය ගැන. හොඳ වෙබ් පිටපතක් ආව සැනින් මතක් කරපු අපේ රුක්ශාන් සහෝදරයටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

Sinners (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි iNTERNAL WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,821 downloadsDownload Sinners-2025-baiscopelk-sinhala-subtitle-1.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sinners (2025) Sinhala Subtitles

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

8,821 downloadsDownload Subtitles55 KB

14 comments

  1. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි සහෝ, ෆිල්ම් එක ආපු ගමන්ම උපසිරැසිය දුන්නට! දෙනකන්ම බලන් හිටපු එකක්! ජයවේවා සහෝ! ❤️

  2. Dasun

    Thank you so much❤️

  3. Buddhika laKMal

    ස්තූතියි බිම්සර සහෝ ආපුගමන්ම සිංහල සබ දුන්නට

  4. dilhara

    nice

  5. Thisara Dilshan

    Thanx kollo

  6. Udara Damith

    එල

  7. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  8. යුරාන් ධනුක

    ලයින් ලොකු ගාණක් ගහනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි
    ඒ වගේම ආපු ඉක්මනටම දුන්නත් එක්ක. උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
    ජය වේවා ඔලිව සහෝ!!!

  9. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝරයා දිගටම දෙන්න

  10. Nishan

    Thanx bro

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති.

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  13. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

  14. Lahiru

    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තුතියි